කොටුව ප්‍රසිද්ධ ස්ථානයක බුලත් කෙළ ගැසීයැයි කියන පෞද්ගලික බස් රියදුරකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500ක දඩ නියම කළේය.
නිකවැරටියේ එස් එම් ගුණසිංහ නම් රියදුරා වරද පිළිගත්තේය.
කොටුව පොලිසිය අධිකරණයට දැන්වූයේ ලෝටස් පාරේ පාදික වේදිකාවේ බුතල් කෙළ ගැසීමෙන් පරිසරය අපවිත වූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියන්ත, ඔයාගේ අදහස කියවද්දී මට ඔයාගේ මුහුණ කියලා හිතාගන්න පුළුවන් පාට පාට දිළිසෙන මුහුණක් මැවි මැවී පෙනුනා. අනේ පව් ඔයා මල්ලියෝ. ටවුමේ බුලත් කෙළ හලන්නේ නැතුව ඔයා ගෙදරට වෙලා ඇති තරම් බුලත් හපන්න. උදේට අම්මා රටා තියලා අතුගාන මිදුලේ ලස්සන බුලත් මල් ඇදලා තියන්න (නි)
ඉතා හොඳ වැඩක් (නි)
හොද වැඩක් .දවසක් සාජා වලදී බන්ගලිදේස් ජාතිකයෙක් බුලත් විටක් කාල පාරට කෙල ගැහෙව්වවා මේක දැකපු නගර සබාවේ නිලදාරියෙක් වාහනයෙන් ටින් එකක් අරගෙන අර බංගලි ජාතිකයාගේ කටට මොනවදෝ දියරයක් ස්ප්‍රේ කළා. බංගලි ජාතිකයා දැඩි වේදනාවකින් දැගලුවා.(නදී)
මේක හොඳ දෙයක්. මමත් කැමතියි ඒ කළ දෙයට.... අපි අපේ රට ලස්සනට තියාගන්න ඕනෑ. (නි)
කාලෝචිත තීන්දුවක් (නි)
ප්‍රසිද්ධියේ දුම් බිම තහනම් කරපු නිතිය දැන් කෝ ඒ වගේ තමයි ඉතින් මොන නීති හැදුවත් මිනිස්සු බය නැ ටික කාලයයි මතක මොකද (දිල්)
ඉතාම හොඳයි. දඬුවමක් දුන් එක ගැන සතුටු වෙන්න පුළුවන්. ඒවගේම අර කුඩු කන්ටේනර් ගෙනා අයගේ නම ගම හෙළි කරලා දඬුවම් කළොත් මීටත් වඩා සතුටු විය හැකියි නේද? (නි)
ප්‍රියන්ත,මේක සිංහලයාගේ රට නම්,ඇයි ඔයාලා අනෙක් රටවලට රැකියා හොයාගෙන යන්නේ?මෙහෙම ඉඳගෙන බුලත් විටක් හප හපා ඉන්න පුලුවන්නේ (නි)
බුලත් කෑවට පසුව කෙළ ගසන්නේ නැතුව කෙළ ටික ගිල්ලා නම් හරිනේ... (නි)
දඬුවම හොඳයි. පොලීසියේ මහත්තුරු මීට වඩා අසාධාරණ දැක දැකත් අහක බලාගෙන යන අවස්ථා තිබෙනවා. සිගරට් බොන අය, අරක්කු බීලා පාරේ කෑගහන අය, ගෙදරක ලෙඩෙකුටවත්, පාඩම් කරන ළමයෙකුටවත් ඉන්න බැරි විදියට කන්දොස්කිරියාවෙන් කැසට් රේඩියෝ යන්ත්‍ර දාන අයටත් දුටු තැනදී දඬුවම් දෙනවා නම් හොඳයි. (නි)
පියල්, එතකොට ලොකු ලොකු ප්‍රශ්න ඉවර කරනකම් ඒවා එහෙම්මම තියෙන්න ඕනේ කියලද කියන්නේ? අනිත් එක ඒ දෙකේ සම්බන්දෙ මොකක්ද? (ස)
මම මේ ළඟදි බස් එකක් ඉස්සර කළා නිට්ටඹුව හරියේදී .බස් එකේ රියදුරු ඔලුව දාපු ගමන් කිසිම දෙයක් නොබලා ගැහැවුවා බුලත් කෙල. කාර් එක ගන්න දෙයක් නැහැ. (ස)
ඉතාම හොඳ පියවරක්. අපගේ රට යන්න ඕන ඔය තැනට තමා. දවසක් බස් කොන්දොස්තර කෙනෙක් පිළියන්දල බස් නැවතුම ඇතුලට කෙල ගැහුවා මම දැක්කා. (ස)
බුලත් විට කෑම පිළිකාවට ප්‍රධාන හේතුවක්. (ස)
ඉතා හොඳ වැඩක්. අපේ රට තවත් සිංගපුරුවක් වෙනවනම් හොඳයි. මොකද එහි පිරිසිදුකමයි, අපේ රටේ ස්වභාවක හරිත සම්පත් සමග අපිට ලොකයේ අංක එකට එන්න පුළුවන්වෙයි. (ස)
මේක ශ්‍රී ලංකාව, අපි කාගේත් රට, එක ලස්සනට තියාගන්න අපි හැමෝ ම කැප වෙන්න ඕන, හැම දේකටම ජාති වාදේ ඇදල ගන්න ඔයා වගේ අයට මොනවා කලත් පෙන්නේ වැරදියට.... (ස)
රටපුරාම ඔය නීතිය ක්‍රියාත්මක කරනවා නම් හොඳයි (නි)
අනේ මන්දා. (ස)
බුලත් කන්න බැරි නම් ඒක ලංකාව නෙමෙයි. මේක සිංහලයන්ගේ රට. ඔයගොල්ලෝ හැමෝම හරියට එන්ගලන්තේ අය වගේනේ කතාව. (නි)
ලංකාව පුරාවටම ඔය නීතිය ක්‍රියාත්මක කරන්න.ඈත්තෙන්ම පාර පුරා කෙළ ගසන මිනිසුන්ට මොළය පෑදෙනවා. කදාන දුම්රිය පොළ පාරේ රාගම බස් නෑවතුමේ බුලත් කෙළ පෙරනවා, මදිවට පදිකයන්ට ගමන් කරන්න තියෙන්නේ මහපාර මැදින්. ඒ මදිවට රෑ 8.30න් පස්සේ ඒ ළඟම තිබෙන පාලු ගුරුපාරේ හොර කල්ලි මදුවිත සප්පයම් වෙනවා. කදාන පොලීසියේ අවදානය පිණිසයි (නි)
ෂාහ් ..කාලෙකින් හොද ඇගට දැනෙන නිව්ස් එකක් කියෙව්වා ..? ඕකම තමයි මමත් බලන් හිටියේ කොයිවෙලාවේද රජයෙන් පටන් ගන්නේ කියල . අඕකනම් හොදම හොද වැඩක් ..? (ස)
බුලත් විට කන්නේ සිංහල අය විතරද ? (ස)
කුඩු එතනෝල් වගේ නෙමෙයි, කැළෑ කපන එකත් නෙමෙයි, මේක තමයි අද රටේ බරපතලම පාරිසරික හා සමාජීය ප්‍රශ්නය (නි)
යුෂ්මතා අද සිට සුවාරිස් කියන්නා ලෙස පඩික්කමක් කරේ එල්ලාගෙන යායුතුයි (නි)
බුලත්විට කන අය මින්ඉදිරියට පඩික්කමක් කරේ එල්ලාගෙන යා යුතුයි (නි)
බස් රථවල බුලත් විට කෑම තහනම් කළ යුතුය.මම දිනක් රියදුරු ආසනයට පිටුපසින් වාඩිවී සිටියදී රියදුරු විසින් ගසනලද බුලත් කෙළ පාර ස්ප්‍රේ කරන ලෙසින් මගේ ඇඟට වැදුනා (නි)
නියමයි. බුලත් කෙළ හෑමතෑනම. බස් රියදුරන්ගේ කට රතුවෙලා!!! (නි)
ආයෙත් නම් ජීවිතේට බුලත් කන එකක් නැහැ. හොඳම හොඳ වැඩේ (නි)
අන්න හරි. ඔතනට තමයි එන්න ඕනෑ (නි)
නිකවැරටිය ප්‍රද්ශයේ ඉන්න ගොඩක් අයගේ පුරුද්දක් බුලත් විට කෑම. හේනේ කුඹුරේ වැඩකරපු පුරුද්ද තමයි .... (නි)
නියමයි.අපේ රටේ මිනිස්සු හදන්න ඕනෑ මෙහෙම තමා. රජයේ වියදමින් පාරවල් හදලා රට කොච්චර දියුණු කළත් වැඩක් නැහැ. (නි)
හොඳ වැඩේ (නි)