(යොහාන් භාසුර)
බාලදක්ෂ ව්‍යාපාරයේ සමාජිකත්වය 150,000 දක්වා වර්ධනය කරගැනීම මේ වසරේ ඉලක්කය බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවැසීය.
විනිවිදභාවය, එකමුතුකම සහ විවිධත්වය යන්න තේමා කරගනිමින් නව වසර සඳහා රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
එම කාර්ය සාර්ථක කරගැනීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය හා එක්ව සිටින සියලුදෙනා කැපවෙන්නැයි ඉල්ලා සිටින බව ප්‍රධාන කොමසාරිස්වරයා කීවේය. පසුගිය කාලයේ බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම ඉහළට ගෙන ඒමට හැකි වූයේ ව්‍යාපාරය හා සම්බන්ධ සියලුදෙනාගේ කැපවීම හා උනන්දුව නිසා බව පැවැසූ ඒ මහතා එම සහය ඉදිරියටත් ලබාදෙන්නැයි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින බව පැවසීය.
ප්‍රධාන කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. අද වන විට බාලදක්ෂ දිස්ත්‍රික්ක සියල්ලෙහිම බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම ප්‍රචලිත වෙමින් තිබෙනවා. දවසින් දවස බොහෝදෙනා අපි සමඟ එක්වෙමින් සිටිනවා. අපිට මේ වසරේ ජයගත යුතු ඉලක්ක කිහිපයක් තිබෙනවා. ඒ අතර සමාජිකත්වය ප්‍රවර්ධනය කරගැනීම, ගුණාත්මක භාවය රැක ගැනීම වගේම මේ වසරේ පැවැත්වෙන ජාතික ජම්බෝරිය සාර්ථකව පවත්වා ගැනීම වැනි කාරණා රාශියක් තිබෙනවා. ජාතික ජම්බෝරිය හරහා සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට වගේම රටට අත්කරගත හැකියි.
කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට වසර 110ක් සැපිරීම නිමත්තෙන් සකස් කළ ලාංජනය එම සංගමය විසින් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාට ඇතුළු සහය ප්‍රධාන කොමසාරිස්වරු සහ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන්ට පැලැන්දුහ. මේ අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස් මුහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, කර්නල් පද්මලාල් පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි මහත්වරු ඇතුළු, සහය මූලස්ථාන කොමසාරිස්, මූලස්ථාන කොමසාරිස්වරුන්, සහය මූලස්ථාන කොමසාරිස්වරුන් ඇතුළු බාලදක්ෂ නායකයන්, කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බාලදක්ෂ සමාජිකත්වය වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්