රුහුණ සරසවියට බලෙන් කඩා වැදුණූ පිරිස ඉවත් කළ බව පොලීසිය කියයි.සිසුවකු පහරකෑමට ලබා ඇතත් බරපතල තුවාල සිදු වී නැතැයි දැනගන්නට ඇත.සරසවියෙන් එළියට දැමු පිරිස මහ පාරේ වාඩි වී උද්ඝෝෂණයක් ඇරැඹුහ.මේ හේතුවෙන් කොළඹ කතරගම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා සිදු විය.
රුහුණ සරසවියට බලෙන් කඩා වැදුණූ පිරිස ඉවත් කළ බව පොලීසිය කියයි.සිසුවකු පහරකෑමට ලබා ඇතත් බරපතල තුවාල සිදු වී නැතැයි දැනගන්නට ඇත.සරසවියෙන් එළියට දැමු පිරිස මහ පාරේ වාඩි වී උද්ඝෝෂණයක් ඇරැඹුහ.මේ හේතුවෙන් කොළඹ කතරගම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කැම්පස් එකේ සිදුවන දේ වලට එක දේශපාලන පක්ෂයක නම නිතර කියවුණත් ඇතුලේ ඉන්න අය දන්නවා එම කියන පක්ෂයට දැන් එතරම් බලයක් අන්තරය තුල නැහැ කියලා. ඇත්තම කතාව නම් සාරති කියනවා වගේ බහුතර ශිෂ්‍යන් මෙයට විරුද්දයි හේතුව මේ නිසා මාස තුනකට විතර කැම්පස් එක වහන නිසා. ඉතින් එම ශිෂ්‍යන් තුලින් පැන නගින විරෝදතාවයන්ට අනිවාර්යෙන්ම ශිෂ්‍ය සංගම් මැදිහත් වෙනවා. මුල් වූ කාරණාව අහෝසි වුනහම ඉබේටම මෙම ශිෂ්‍ය විරොදතාවයත් අවසන් වෙනවා. ශිෂ්‍ය බහුතරය ඉතා බුද්දිමත් එහෙම හැමටම ඕන විදියට හසුරුවන්න බැහැ. (නදී)
පාට කන්නාඩි දාගෙන ඉන්න අයට මේවා තේරෙන්නේ නෑ. ආණ්ඩුව කරන විනාසේ එයාලට පෙන්නේත් නෑ. (ස)
මේ රටේ දැන් හැමදෙයක්ම කරන්නේ බලහත්කාරෙන්. එ්කයි ඇත්ත . ආණ්ඩුවේ දේශපාලනයට ඉඩදෙන්න කියල ලියන උදවිය අනික් උදවියගේ දේශපාලන මතයට පමණක් විරුද්දව ලියනවා. (නදී)
මේක මැරයින්ගේ රටක් (නදී)
අර ගොයියත් මහපාරේද? අනේ හොඳා (නදී)
සරසවිය මෙවැනි දේකට පාවිච්චි කරන්නෙත් දේශපාලන බලයක් උඩ. මේ දේට ඉඩ තියන්න එපා. රුහුණ කියන්නේ මැරයින්ගේ පාරාදීසයක්.(නදී)
හැබැයි යම් දවසක මේ සියලු දෙනා මෙහි ප්‍රතිඵල භුක්ති විඳීවී (නි)
රට සංවර්ධනය වෙනවා. ජාතිය ණය වෙනවා... (නි)
එක අතකට මේකට කැම්පස් වලට පැනල අහිංසකයින්ට ගහනවට වඩා හොදම දේ තමයි මේ අන්තරේ නායකයෝ කියා ගන්න ඔය බංකලොත් දේශපාලුවන්ගේ අතකොලු ටික අදුන ගෙන ඔය පාරතොටේ යනකොට අල්ලාගෙන මාස හත අටක් ඉස්පිරිතාලෙක ලගින්න සලස්සන එක. ඒ වැඩේ හරියට කලානම් ඔය විශ්ව විද්‍යාල වල ප්‍රශ්න සම්පුර්ණයෙන් කම්මුතුයි..තීන්දුයි,නිවාරණයි. දෙයියනේ කියල ළමයි ඊට පස්සේ නිදහසේ ඉගෙන ගනීවි.(නදී)
කුලියාපිටියේ කැම්පස් එකෙත් දැයට කිරුල තිබුණා. කෝ මොකද උනේ. (නදී)
විශ්ව විද්‍යාලේ ගියත්, නොගියත්, බොරුවට ගියා කිවත් , හේතුවක් හොයන්නේ නැතිව විස්ව විද්යාල වචනේ දැක්ක ගමන් කුලප්පු වෙන අයට කියන්න තියෙන්නේ අමතක කරන්න එපා මේ අපේ රටේ අනාගතය බව. මේ සමහර අය කියන කතා දැක්කම හිතෙන්නේ උගතුන් රට හැර යාම සාදාරන බව තමා. මොකද නිදහස් අධ්‍යාපනයේ පිහිටින් ඉහලට ආපු උගතාටත් එම ලැබුණු දෙයින් හරියට ඉගෙන නොගෙන උගතුන් ගැන වෛරයෙන් බලන අයටත් සමානව නිදහස් අධ්‍යාපනය හිමිවී තිබුනා.(නදී)
කැම්පස් ගියපු අය දන්නවා මාසෙන් 1/2 ක් පිකටින් කර කර ඉන්න පුලුවන්ද කියලා. මොන උපාධිය කරන්න ගියත් දවසට අඩුම තරමේ ලෙක්චර්ස් 4 ක් 5 ක් වත් තියෙනවා. ලෙක්චර්ස් වලට 80% පැමිණීම බලනවා. ඉතින් ඕනේම කෙනෙක්ට තේරෙනවා විශ්ව විද්‍යාල වල පිකටින් කර කර ඉන්න වෙලාවක් තියේද කියලා. මෙතන ප්‍රතිචාර කරන සමහර අය කැම්පස් ගියා කියල කිව්වට නොගියපු බව කරන කතා වලින් තේරෙනවා. කැම්පස් ගිය අය දන්නවා දැන් කාලේ කැම්පස් යන අයට දේශපාලනය කරන්න යනවද නැද්ද කියලා. දැන් කාලේ තරුණ ලමයිට දේශපාලන පිස්සු නැහැ. තියෙන එකෙක් දෙන්නෙක් කරන වැඩ වලින් මුලු කැම්පස් ලමයිම මනින්න එපා. කැම්පස් යන්නේ අපේම අහිංසක ලමයි බව හිතන්න ඔනි.(නදී)
යකාගේ ලෝකයක්නේ, මැරයෝ ඊට පස්සේ උද්ඝෝෂණයක් කරනවා ළමයින්ට ගහන්න දුන්නේ නැහැ කියලා. යකාගේ රටක්නේ මේක.(නදී)
වි විද්‍යාලෙ කානිවල් තියන්න යනවද? දේශපාලකයින්ට රටේ ජනතාව ගොනාට අැන්දුවට ඉගන ගත්තු ළමයි රවටන්න බෑ. (ස)
දැයට කිරුල හරි මොකක් හරි තියන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද ඕක සරසවියේ තියන්නේ. රාහුල විද්‍යාලේ තියන්න පුලුවනිනේ. පිට්ටනියේ තියන්න පුලුවනිනේ.(නදී)
ගාමිණී, ඇත්තටම සිසුන් අපේ අනාගතේ නම්, ඒගොල්ලන්ට ඉගෙනගන්න දෙන්න කියන්න ඔයාගේ යාලු ජේ.වී.පී අයට. ඒ ගොල්ලන්ගේ උද්ගෝෂණ වලට විශ්ව විද්‍යාල වහන කොට කිසිම ප්‍රශ්නයක් නැහැ.(නදී)
සාරතී, එතකොට ජේ.වී.පී උද්ගෝෂණ, වර්ජන, පිකටින් සහ තවත් එකී නොකී දේවල් වලට අවුරුද්දට දවස් 100 විතර වහල තිබුනට ප්‍රශ්නයක් නැහැ. මේවා ජේ.නී.පී අයගේ කුහක කම්. විශ්වවිද්‍යාලෙ හොඳට හැදුනොත් ඒගොල්ලන්ට ළමයින්ව ඒගොල්ලන්ගේ උද්ගෝෂණ වලට ගෙන්න ගන්න අමාරුයි. එ්කයි මේවා කඩාකප්පල් කරන්නේ.(නදී)
මේ හරක් හොඳ දේටයි නරක දේටයි හැමදේටම විරුද්ධ වෙනවා. මම දැක්ක ජපුරේ තොරණක් ගහල තියනවටත් විරුද්ධවෙලා. දැන්වත් මේ අන්තවාදී දේශපාලන අතකොලු තෝරලා උන්ව සරසවි වලින් එලවන්න ඕනේ. අපේ ලංකාවේ තමයි මේ නාඩගම්. පිටරටකට ගිහින් බලන්නකෝ සරසවි කියන්නේ බුද්ධිමතුන්ගේ පාරාදිස.(නදී)
මේ රට මැරයන්ට ලියලා දුන්නේ කවුද? කවදා සිටද? කරුනාකර මැරකම් වලට ඉඩ දෙන්ඩ එපා. සිසු අයිතිවාසිකම් රකිමු. සිසුන් යනු අපේ දරුවෝ. ඔවුන් අපේ අනාගතයයි.(නදී)
විශ්ව විදයාල ඇතුලේ දේශපාලන නාඩගම් තියන්න දෙන්න එපා. මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ල මැතිතුමා හිටියා නම් අද මොනා වෙයිද? මේ විශ්ව විද්යාල රුහුණේ බුද්ධි භූමියයි. දකුණේ බුද්දීමතුනි මෙයට විරුද්ද වෙන්න. මහාචාර්ය විනි විතාරණ මැති තුමෙනි මහාචාර්ය සිරිමල් රණවෙරැල්ල මැතිතුමෙනි. මහාචාර්ය දයානි අතපත්තු මහත්මයාණෙනි මේ විගඩම වෙන්න ඉඩ දෙන්න එපා. රටේ හැම අංශයක්ම දේශපාලනයට යට වෙන්න දෙන්න එපා.(නදී)
සාරති නිකන් බබා වෙන්න එපා. ඕක තිබ්බා කියලා වෙන අමුතු හානියක් නැහැ. මාසෙන් දවස් කීයක් ළමයි ඉගෙන ගන්න යනවද කියල කියනවද මට. මාසෙන් බාගයක් උද්ගෝෂණ වල. ඕක තිබ්බා නැතැයි කියා නැහැ. කොහොමත් බාගයක් අය ඕකට ගිහින් ඉගෙන ගන්න එක නෙමෙයි කරන්නේ පක්ෂ වලට කඩේ යන එක මේකට පිළිතුරු ලියයි කව්රු හරි මට කැම්පස් යන්න බැරි වුන හින්දා ඉරිසියාවට ලියලා කියා. මමත් ගිය කෙනෙක් තමයි.(නදී)
මෙ ප්‍රශ්නය ගැන හුගක් අය දැනුවත් නැහැ වගේ. ඔය කියන දැයට කිරුල ප්‍රදර්ශනය සදහා ළමයි විරුද්ද උන හේතුව තමා කැම්පස් එක වහලා දැයට කිරුල පවත්වන්න යෑම. දැයට කිරුලට විශ්ව විද්‍යාලය මාස තුනක් වහලා තියන්න හැදුවේ. මොකද ඒකෙ ප්‍රදර්ශන බූමිය හදන්න ලොකු වියදමක් කාලයක් යනවා. ළමයි බයවුනේ ඒ අයගේ උපාදිය ගන්න තව 3 මාසයක් පරක්කු වෙන නිසා. ලමයි අතර දේශපාලන අරමුනු තිබුනත් නැතත් මේකෙන් වෙන්නේ ළමයි නිකන් තව මාස ගානක් වයසට යන එක. අධ්‍යාපනය අතපසු කරල කරන්න හදන සංවර්දනය මෝඩ වැඩක්.(නදී)
එතකොට මේ මාර්ගය වහපු අයට පොලිසියෙන් ගැහුවේ නැත්ද ? (නදී)
සිසිර කුමාර, මැරයෝ නිකන් ළමයින්ට ගහන්නේ නැහැනේ. ළමයිනුත් මැරයෝ වගේ හැසිරෙන කොට තමා ඕවා වෙන්නේ. මට දුක හොදට ඉගෙනගෙන හොද රැකියාවක් කරලා සමාජයේ වැදගත් විදියට ජීවත් වෙන්න කියල හිතලා කැම්පස් එකට ආපු අහිංසක ළමයිත් අපරාදේ ගුටිකන එකට. දේශපාලන අරමුණු නැතුව එන වැදගත් ළමයින්ට මාගේ කනගාටුව. (නදී)