යුද්ධය නිමවීමෙන් පසු 2010 වසරේදී තම උපන් ගමට නැවත පදිංචියට පැමිණි දිනයේ සිට දරුවකු දහම් පාසලකට යොමුකර පොහෝ දිනකදී පහනක් දල්වා මලක් පූජාකර බුදුන් වැඳීමට නොහැකිවීමෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාකනේරි ගම් වැසියො කියති.
මඩකලපුව වාකනේරියේ සිංහල පවුල් 80ක 300කට ආසන්න පිරිසක් 2010 සිට ජීවත් වෙති.
“මහත්තයෝ අපේ උපන්ගම වාකනේරියයි.යුද්ධයත් එක්ක අපි මේ ගම අතහැරලා ඥාති නිවෙස්වලටත් අනාථ කඳවුරුවල ඉඳලත් 2010 දී නැවත පදිංචියට ආවා.මේ ගමේ සිංහල පවුල් 80ක් විතර දැනට පදිංචිව සිටිනවා.මිශ්‍ර පවුල් කිහිපයකුත් ඉන්නවා.නමුත් අපට පන්සලක් නැහැ.මේ ගමේ දරුවන්ට දහම් පාසල අහිමි වෙලා.පෝය දවසටවත් පන්සලට ගිහිං මලක් පූජා කර පහනක් දල්වා ආගමික කටයුතු කරන්න අපිට තැනක් නැහැ.ආපු අලුත හමුදා කදවුරු ඇතුළේ තියෙන බුදු පීළිමයට මල් තියලා පහන් පත්තු කරලා මේ ළමයින් බුදුන් වැන්දා.දැන් හමුදා කදවුරුත් නෑ.අපි එකතු වී මෑතකදී පන්සලක් හදාගත්තා.ඒකත් අන්තවාදී පිරිසක් එක රැයකින් කඩා විනාශ කළා.ඉස්සර අපේ පන්සල් භූමියේම තමා අපි එකතු වී පන්සල හැදුවේ.දැන් ඒ පන්සල් භූමිය වටකර අන්තවාදී පිරිසක් වැටක් ගහගෙන ඒ ඉඩම බලෙන් අල්ලාගෙන.ජනාධිපතිතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ අපේ ගමට පන්සලක් හදලා දීලා අපේ දරුවන්ට දහම් මගේ යන්න අවස්ථාව දෙන්න කියලා.අපිට සිල් සමාදන් වෙන්නවත් තැනක් නැහැ“යැයි වාකනේරි ගම්මානයේ මුල් පදිංචිකරුවකු වන හත්දරු පියෙකු වන හේවා ආරියරත්න මහතා පැවසීය.
වාකනේරී ගම්මානයේ සිංහල බෞද්ධ ජනතාවගේ ඉල්ලීම පිළිබදව අප නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුයේ පන්සල ඉදිකළ භූමිය පිළිබදව පරීක්ෂණයක් කිරීමට පළාත් ඉඩම් අමාත්‍යවරිය ගොස් ඇති බවයි.පන්සලක් ඉදිකිරීම ගැන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිමිනමක් මැදිහත් වී සිටින බවත් තමන්ට මෙය අදාළ නොවන බැවින් ඒ පිළිබදව පළාත් ඉඩම් ඇමතිවරියගෙන් හෝ දිඹුලාගල විහාරස්ථානයෙන් විමසා කරුණු දැනගන්නා ලෙසත් ඔහු කීවේය.
නැගෙනහිර පළාත් ඉඩම් ඇමතිනී ආරියවතී ගලප්පත්ති මහත්මියගෙන් මේ පිළිබදව දුරකථනයෙන් තොරතුරු විමසීමට උත්සහ දැරුවද එය අසාර්ථක විය.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ලේඛකාධීකාරී දේවගල දේවාලංකාර නාහිමියෝ මෙලෙස පැවසීය.
වාකනේරී සිංහල බෞද්ධයාට අද පන්සලක් නැහැ.දරුවන්ට දහම්පාසලක් නැහැ.ආගම ඇදහීමේ නිදහස නැහැ.ප්‍රදේශයේ අන්තවාදි පිරිසක් අපි හදපු පන්සල කඩා විනාශ කරලා.දැන ඒ ඉඩම කොටු කරගෙන මේ ගැටළුව ලිහා ගන්න අපිට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමාත් ඉඩම් ඇමතිවරියක් උදව් කළා.නමුත් මේ විහාරස්ථානය ඉදිකරනවාට අන්තවාදී පිරිස් මටත් නිලධාරීන්ටත් බලපෑම්,තර්ජන කරනවා.මේවා මාධ්‍ය මගින් හෙළිදරව් කරලා ජනපතිතුමාගේ අවධානය යොමු කරවලා වාකනේරී සිංහල ජනතාවට පන්සලක් හදලා දුන්නොත් උතුම් ජාතික මෙහෙවරක්.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා උතුර දකුණ කියලා කතා කරන එක නවත්තලා මේ එකම ශ්‍රී ලංකාව කියන එක කියමු. ඕනෑ කෙනෙක් ඕනෑ තැනක තම ආගම දහම අදහගෙන එකට ජිවත්වෙමු. බැරි අය ඉන්නවා නම් ඒ අයට ඕනෑ තීරණයක් ගන්න එකයි තියෙන්නේ. ඒ වගේම කාටවත් කරදර හිරිහැර කරන්න එපා. (නි)
ඔය තමයි අපේ නව ආණ්ඩුවේ සංහිඳියාවේ බලමහිමය. (නි)
සිංහල අපි හැමෝම එකතුවෙලා මේවා රැකගනිමු (නි)
සහජීවනය මුවාවෙන් කරන කරන තිරිසන් වැඩ කවදාවත් නවතා නැහැ, නවතන්නෙත් නැහැ. මේ අහම්බෙන් එළියට එන එකක් දෙකක්. තව කොපමණ ඇද්ද මේ රටේ අසරණ වූ මිනිස්සු? මේවට රජය පැහැදිලි විසඳුමක් නුදුන්නොත් වෙන විනාශය බරපතල ප්‍රතිඵල ගෙනෙයි. වේදිකාවට නැගලා අත් අල්ලාගත් පමණට සංහිඳියාව ගොඩනැගෙන්නේ නැහැ නේද? (නි)
නිමල් ලලිත්, ඔබ හාමුදුරුවරුන් සුදානම් නැහැ කිව්වට සුදානම් හමුදුරුවරුන්ව තමයි රිමාන්ඩ් කරන්නේ. එතකොට මොකද කරන්නේ? (නි)
රාජා, ඔයාගේ කතාව මමත් අනුමත කරනවා. (නි)
රාජා මහත්තයෝ, මම මේ හාමුදුරුවෝ කිව්වේ දැනට නීතිය මඟින් සහ ක්‍රියාශීලිබව අවහිර කර සිටින හාමුදුරුවරුන්ට නොවේ. අද සිංහල රාවයේ, රාවණා බලයේ, බොදුබල සේනා හාමුදුරුවරුන්ට නීතියෙන් තහනම් නියෝග නිකුත් කරද්දී අපේ නායක හිමිවරු නිශ්ශබ්දයි. අදත් මම ඉන්නේ සිංහලයා වෙනුවෙන්,බොදු අයිතිය වෙනුවෙන් කතා කරන හාමුදුරුවරු සමඟ. ඉතිරිය හරිය සඳහන් කරන්නේ නැහැ. (නි)
අපේ ඒ කාලේ ලොක්කෙක් කොටි නායකයෙක් බලන්න කොළඹ පෞද්ගලික රෝහලකට ඇපල් මුද්දරම්පලං අරන් ගියා කියලත් අපිට ආරංචියි. හැබැයි මෙතන උතුරේ පරණ යාලුවෝ නැති නිසා "අදාළ නැහැ" කියනවා. අපටත් කියන්න වෙන්නේ අපට ඔයාලව අදාළත් නැහැ, ඔයාලගේ ගෝලයනුත් අදාළ නැහැ කියලයි. (නි)
මේ දේ දකුණේ දමිළ මිනිසුන්ට වුණා නම්? (නි)
අන්‍යාගමික හා විජාතික රජයක් බවට පත්නොවී සැබෑ සංහිඳියාව ආරක්ෂා නොකළොත් රට අරාජිකයි. (නි)
ලංකාව වටේ හැමතැනම පන්සල් වැඳ වැඳ යන මහින්ද මහත්තයාට බැරිද ඔය මිනිසුන්ට වඳින්න පන්සලක් හදලා දීලා ආරක්ෂකයෙකුත් මුරට දාලා දෙන්න? ලොකු පිනක් එහෙම වැඩක් කළොත්. (නි)
ඇයි පොලිසියට මොවුන්ව අත්අඩංගුවට ගන්න බැරි. (නි)
කොහොමහරි අවුරුදු පහ යන්න කලින් සිංහල ජාතිය බුද්ධාගම දෙකම අතුගෑවිලාම යයි (නි)
දැන් පෙනෙනවද? මේවට විසඳුම් දෙන්න ඕනෑ. මේ ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක මේ රටේ උපන් සෑම ජාතියකටම ජීවත්වීමේ අයිතිය හා නිදහස, තම ආගම් ඇදහීමේ අයිතිය තිබිය යුතුයි (නි)
"අපට පුතේ මඟක් ඇතේ, රට බාරයි ඔබට පුතේ" අපේ රටේ ඉපදුන සිංහල අපේ අයිතිය අද නැද්ද? හරියට් මැදපෙරදිග ගිය වගේනේ. බලන්න වින්සන්ට්ගේ කතාව. අගය කළයුතු මිනිසෙක්, ඇයි අනෙක් අයට එහෙම බැරි. සිංහයා දිගටම නිදාගෙන නොඉන්න බව සැවොම මතක තබා ගතයුතුයි. (නි)
කපිලගේ කතාවට මමත් එකඟයි. (නි)
සන්හිදියාවට එරෙහි අය ඉල්ලන්නේ යුද්දය ද? නීතිය අතට ගත් අන්තගාමීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලානම් ඒ ඇති. යුද්දය එපා.. එපා.. එපා.. (ර)
කට්ටිය එකතු වෙලා උදව් කරමුද මෙයාලට ? (ර)
කෝ මේ අර එන්.ජී.ඔ.වලට කඩේ ගිය..ආචාර්ය ලා මහාචාර්යල..සමහර ස්වාමින්වහන්සේලා...සහජීවනවාදී දේශපාලක තුමන්ලා...??.(හේ)
නිමල් ලලිත මහත්මයාට ස්තුතියි කළ පැහැදිලි කිරීමට. (හේ)
එක ළමයෝ ගන්න හදමු ඒක තමා විසැදුම (අ)
මේ පන්සලේ දුරකථන අංකය දන්නා කෙනෙක් මට කියනවද? (නි)
සිංහලයන්ගේ උරුමය ආරක්ෂා කරන්න දේශපාලඥයන්ට උවමනාවක් නැද්ද? (නි)
අපි උදවු කරන්න කැමතියි. මට මේ පන්සලේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද? (නි)
වෙහෙර විහාර කඩන්න පටන්ගත්තා විතරයි තව. අනේ අපේ පන්සල් වලට යන කල! (නි)
මේ දේවල් නිලධාරින්ට පේන්නේ නැද්ද?(හේ)
බලලෝභී දේශපාලනය නිසා, නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය, වැනසෙන බෞද්ධ උරුමය වෙනුවෙන් අදහස් දැක්වූ සැමට ස්තුතියි! මෙවැනි අවස්ථා වලදී දැනට සුවෙන් යහතින් වැජඹෙන පන්සල් වල බෞද්ධ භික්ෂුන් වහන්සේලා, දායක සබා සහ වෙනත් බෞද්ධ සමිති සමාගම් මේ බෞද්ධ විරෝධී විනාශකාරී වැඩ වලට විරුද්ධව, දැනට නින්දේ පසුවෙන සිංහල දේශපාලන නායකයන් සහ බුද්ධ ශාසන ඇමතිවරයා ඇතුළු නිලධාරින්ට විරෝධය දක්වා යැවිය යුතුය. එවිට ඔවුන් නින්දෙන් අවදි වෙනු ඇත. (නි)
සුළු ජාතීන්ට නිදහස ලබා දුන් සිංහල අපිට කෝ දැන් නිදහස? අපි ආගම වෙනුවෙන් කතාකළොත් ජාතිවාදය. ඔවුන් කතාකළොත් සංහිදියාව (නි)
යහපාලනේ දොරේ ගලනවා ආයුබෝවන්! (නි)
සංහිඳියාව යකුනේ සංහිඳියාව. (නි)
මිනිස්සු අරගල කළයුත්තේ මානුෂික අයිතීන් වෙනුවෙනි. පැය අටේ වැඩ දිනය ඇතුළු මානුෂික අයිතීන් දිනාගත්තේ හැමෝම එකතුව කරපු සටන් නිසයි. දැන් ඉතා පටු සටන් වලට, වර්ගය වෙනුවෙන්, ආගම වෙනුවෙන්, කුලය වෙනුවෙන්, ගෝත්‍රය වෙනුවෙන් කරන සටන් වලට යොමුවෙලා. අපේ නායකයෝ කියන අය අපිට කියන්නේ මේ වගේ පටු සටන් වලට යොමුවෙන්න කියලද. මේක ඉතාම පසුගාමී තත්වයක්. මේ විදියට ගියොත් මිනිස්සුත් ඉවරයි, සත්තුත් ඉවරයි, ලෝකෙත් ඉවරයි. (නි)
බලන් ඇස් ඇර සහජීවනය දොරේ ගලන අයුරු. තව වසර කීපයයි. ඉවසා ඉන්න (නි)
සහජීවනේ කොහොමද. සතුටුයිද දැන්? (නි)
ඒ වුණාට කොහොමද යහපාලන පම්පෝරිය? (නි)
දෙමළ අයට විතරද ලංකාවම අයිති. සිංහල ඔයාලා යන්න මුහුදේ පැලක් අටවාගන්න. අපේ ලොක්කන්ට ඕවා ගානක් නැහැ (නි)
දකුණේ සද්දෙ දාන කට්ටිය යන්නකො මෙතනට මාසෙකට... ගිහින් පන්සල හදලා කරලා එන්නකො. (නි)
උතුරු නැගෙනහිර විතරක් නොවෙයි මුළු රටෙන්ම සිංහලයා කොන්වෙන කාලය, රටිනුත් යන්න වෙන කාලය වැඩි ඈතක නැහැ. දැනටම සිංහලයා තමයි රටේ කිසිම තැනක් නැති පුරවැසියා. (නි)
ඒ වුණාට සමහර දේශපාලකයෝ ලංකාව වටේම යනවා පන්සල් ගානේ ඇවිදින්න (නි)
අනේ පවු අසරණ සිංහල මිනිසුන්. ඡන්දෙදි ගොන්කම් කළාම විඳවන්නම වෙනවා. දැනට උතුරු නැගෙනහිර සහ අනිත් පළාත්වල යම්කිසි නගර තුළ විතරයි මෙහෙම. තව අවුරුදු 10ක් යන්න කලින් මුළු රටේම ඔහොම වෙනවා වෙනවාමයි. (නි)
ලංකාදීපයට ස්තුතියි මේ ප්‍රවෘත්තිය පළකළාට. මොකද ලංකාවේ නොයෙක් පළාත්වල දිනපතා පන්සල් කඩන ඒවා කිසි මාධ්‍යයක පළවෙන්නේ නැහැ, දැන් සංහිඳියාව, සහජීවනය දොරේ ගලන නිසා. හැබැයි වෙනත් ආගමික ස්ථානයක ජනේලයක වීදුරුවක් බෝලයක් වැදී බිදුනත් ඔන්න එළියට එනවා බුරුතු පිටින් සංවිධාන, මාධ්‍ය. (නි)
කවදාද අපේ බලධාරීන් ඇස් ඇර සාධාරණයක් ඉටුකරන්නේ? (නි)
සංහිඳියාව මිනිසුනේ සංහිඳියාව.... (නි)
මේවා දකින කියවන අන්තවාදීන්ගෙන් අපි අහනවා . නුඹලට අවශ්‍ය නුඹලාගේ දේවලුත් කඩාබිද දමාගන්නද? (හේ)
මේවට අපි කතා කලොත් වැරදියි ,හැමෝම කියන්නේ ජාතිවාදීන් කියලා නමුත් සංහිදියා කතා කරන යහාපලනය නිසා තමයි උතුරු නැගෙනහිර අපේ දරුවනට බුදුන් වදින්න වත් විදිහක් නැත්තේ. (හේ)
මේ දේවල් පාලකයන්ට පේන්නේ නැද්ද?(හේ)
අපෙත් ඉවසීමේ සීමාවක් තිබෙනවා. (නි)
අපේ හාමුදුරුවනේ, සිංහලයා අවදිකරන්න උද්ඝෝෂණය කරන්න කොනක සිට පටන්ගමු. (නි)
ආණ්ඩුකාරවරයා කොහේද? බුද්ධ ශාසන ඇමති සහ මහනායක හිමිවරු මර නින්දේද? (නි)
අන්තවාදී එවුන් කියලා තියෙන්නේ කවුද. ලෝකෙ කොහේ හරි ත්‍රස්තවාදයක් තියනවානං ඒ මේ අය බොරුද කියලා බලන්න. (අ)
මම කතෝලික භක්තිකයෙක්. බුද්ධාගම රැකුනොත් තමයි අපි කාටත් නිදහසේ ආගම අදහන්න පුළුවන් වෙන්නේ. (හේ)
අරයා මේක පත්තරේකින්වත් දකිත්වා කියා පතමු. අපේ සන්හිදියාවට ජයවේවා. ඇගේ මාළු නටනවා මේක පේන කොට. (අ)
ගුණසිරි ඔබ හරි. බලධාරින් මර නින්දේ නම්, මර නින්දෙ සිටින බලධාරින්ව අවදි කරන්නට හාමුදුරුවරු සුදානම් නැත්නම් අපි එය කල යුතුය.(අ)
අපි හැමොම මෙම ස්ථානයට ගොස් මෙහි ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසමු (අ)
සිංහලයින් තොපට කොන්දක් නැද්ද අතගා බලපියව්. අනේ අනගාරික ධර්මපාල තුමාවත් හිටියානම් (අ)