බෙන්තොට අවන්හලක දී ගුවන් හමුදා භටයකු වූ චමින්ද සම්පත්ට පිහියෙන් ඇන තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකට බලපිටිය උසාවියට පැමිණෙමින් සිටි දෙදෙනකුට මින් මද වේලාවකට පෙර වෙඩි තබා ඇතැයිද ඉන් එක් අයකු මිය ගිය බවද පොලිසිය කියයි.
අනෙක් පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළු කරනු ලැබීය.
තුවක්කුකරු බසයක නැගී පළා ගිය බව සිද්ධිය දුටුවෝ කියති.
මරා දැමුණු පුද්ගලයා කේ.ඒ.පියරත්න වශයෙන් හඳුනාගනු ලැබ සිටී.
ගුවන් භටයා මැරීමේ නඩුව සම්බන්ධයෙන් චමින්ද රසික කුමාර නම් රිදුරකු ද, තවත් දෙදෙනෙක් ද චෝදනා ලබා සිටියහ.
ඝාතකයනට නවාතැන් දුන්නැයි සැකපිට මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ද චෝදනා ලැබ සිටියි. අද එම නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබිණි. අද එම විභාගයට ඔවුහු ආහ.
නඩුව අවසන් වී යද්දී මේ ඝාතනය සිදු විය.
චමින්ද රසික කුමාර සුමිත්ත හිමියන්ගේ රියදුරුකු බව නඩුවේ සඳහන් වේ.
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මහ පාරේ දී නඩුවක සැකකරුවකු වෙඩි තබා මරා දැමූ ස්ථානය පරීක්ෂා කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මෙනවිය පැමිණියාය.
ජායාරූප - හේමන්ත ද සිල්වා
වීඩියෝ - දේමුණි සම්පත්
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බලපිටි උසාවිය ළඟ ඝාතනයක්
හේවගේ Tuesday, 16 February 2016 06:48 AM
අහිංසක යහපත් පුරවැසියන්ගේ ආරක්ෂාවට ප්‍රබල තර්ජනයකි. රජය මේ තත්වය නැති කළ යුතුය.රටේ ආරක්ෂාවක් තියනවාද? (ම)
සරත් Tuesday, 16 February 2016 07:16 AM
ඔව් දැන් හොද සහජීවනයක් තියෙනවා. (ර)
බුද්ධි Tuesday, 16 February 2016 07:24 AM
මොනවද දෙවියනේ මේ සිද්ධවෙන්නේ? (නි)
ඉසුරන්දි Tuesday, 16 February 2016 07:25 AM
මේ ක්‍රමය වෙනස් නොකළොත් ආපහු ප්‍රභාකරන්ගේ යුගයටත් වැඩිය භයානක කාලයක් රටේ උද්ගත වෙනවා.ඒක සිකුරුයි. (බ)
නුවන් Tuesday, 16 February 2016 08:04 AM
පාතාල මැරයන්ට ගිය රටක්! නීතිය වල්වැදිලාද? (නි)
රොෂාන් කුරේ Tuesday, 16 February 2016 11:22 AM
මේ ඇතිවී තිබෙන ගිනිඅවි සුලභව භාවිතා කිරීම ඉතාම පුදුමාකාරයි. ඊටත් වඩා මෙතරම් පොලිස් නිලධාරීන් ඉඳලත් කව්ද සිවිල් පුද්ගලයෙක් ටී-56 ගිනි අවියක් අතේ දරාසිටීම නොදැකීම කොපමණ පුදුමසහගත ද? මේ සිවිල් පුද්ගලයා දැන්වත් හඳුනාගැනීමට කටයුතු නොකිරීමට මේ උසස් පොලිස් නිලධාරීන්ට නොහැකි වී ඇත්තේ ඔවුන් මෙපමණටම අන්ධ නිසාද? (බ)