බලපිටිය උසාවිය අසල අද (9) දැඩි පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
බන්ධනාගාර රියකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ගැන ලැබුණු ඔත්තුවක් නිසා මේ පියවර ගෙන ඇත.
බලපිටිය උසාවිය අසල අද (9) දැඩි පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
බන්ධනාගාර රියකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ගැන ලැබුණු ඔත්තුවක් නිසා මේ පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස කන්න ආසා අය තමයි ඕවා කරන්නේ. එදා ආණ්ඩුව තමයි ඕවා කළේ. එ්ත් දැන් පාතාල කල්ලි සෙල්ලම් කරනවා. නීති හරියට ක්‍රියාත්මක නොවීමේ පලවිපාක තමයි මේ. (නි)
දැඩි ආරක්ෂාව යොදවපු එක හොදයි.(හේ)
අනුර, අපිට බය ගෙදරටම ඇවිල්ලා ඔලුවටම තියන එකට (නි)
නියම ආරක්ෂාව..දෙන්නට වෙන වෙනම කොහොමද ආරක්ෂාව සපයන්නේ..වෙපන් එකක් කෝ..අැටෑක් කළා නම් දුවන්න තමයි වෙන්නේ කට්ටියටම..මේකටද දැඩි ආරක්ෂාව කියන්නේ..(බ)
මොහාන් , අනුර මැරිලා ඉපදිලද ?(කෞ)
ආරක්ෂාව යොදවා තිබෙන එක හොදයි.(හේ)
මොහාන් ඔය කොහෙද කියලා මම දන්නේ නෑ. මොකද දැන් කතා කරන්නේ ඇදෙන් වැටිලා වගේනේ වසර 30 අපි හොදටෝම දුක් වින්දා තව නම් බෑ. (ර)
දැඩි බවක් නම් පෙන්නේ නැහැ (හේ)
පිටබැද්දර ජයා, ඔබතුමා හරි විහිලුකාරයෙක් වෙලා (නි)
මතකද එදා ජේවීපී එජාප ටයර් යුගය. ජේවීපී වෙනසක් ඉල්ලපු මල්ලිලා හැමදාම මෙරටේ අඳුරු යුග බිහිකළ අය (ම)
කිංග්ස්ලි පෙරේරා මහත්තයෝ කාගෙන්ද ප්‍රහාරය එල්ල වෙන්නේ? පාතාල අයගෙන්ද? කොටින්ගෙන්ද? පිළිතුර , කාගෙන්වත් නෙමෙයි සාක්කි නැතිකරන්න දඟලන පරණ හිටපු කට්ටියගෙන් තමයි (බ)
පිටබැද්දර ජයා , රට අවුල් කියල පෙන්නන්න දෙයක් නැහැ. දැනටමත් ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ! (බ)
පොලිසිය අතේ වෝකිටෝකි තියෙන්නේ ඒකට තමා, තුවක්කු මොකටද , ඉක්මනට පනිවිඩේ දෙනවා හමුදාවට මෙන්න වෙඩි තියනවා කියල, එතකොට උන් බයට දුවනවා.(බ)
රට අගාධයට පත් කර ජනතාව නොමග යවන පාතාලය මෙය වන කල්ලි ගැන වහාම සොයා බලා රටට එළී කළ යූතූයි?(කෞ)
ඇමතිකම් මන්ත්‍රීකම් කළ පාතාල නායකයෝ දැන් අනාථවෙලා ඉන්නේ. ඉතින් සොක්කෝ දාලා ගහනවා රට අවුල් කියලා පෙන්වන්න (නි)
ආපසු පරණ යුගය එළඹිලා වගේ පෙනෙන්නේ (නි)
මොහාන්, 77 කාලයේදී බිහිවූ පාතාල සුරතල් දරුවන් දැන් අලුගසාදා නැගිට ඇත.රතුපාට කීදෙනෙක් ටයර් මත දැවුනද.....කොටි නිසා කීදාහක් මියගියාද. කලවන් උන අපේ කීදෙනෙක් මුදල් නීසා ඔය අතර ඇද්ද...........මම හිතන්නේ සංජීවත් මෙයට එකග ඇති.(කෞ)
ඉන්දික, ඔබ හරි. මොහාන් තවම පොඩි ළමයෙක් වෙන්න ඇති. පව් (නි)
මොහාන් ඉපදිලා තියෙන්නේ 2015 විතර මම හිතන්න! 88-89 කාලේ ලක්ෂයක් විතර එජාප ආණ්ඩුවෙන් මැරුවා දන්නේ නැතුව ඇති. (බ)
මොහාන් වයස කියද මතකද ටයර් යුගය (බ)
මොහාන්, පරණ යුගය කියන්න ඇත්තේ ටයර් යුගය වෙන්න ඇති නේද? (නි)
ජයරත්න මහතාණෙනි,, මේවට නෙමේ බිය සක කියන්නේ...අහිංසක මිනිස්සු ගෙවල් වලට ඇවිල්ල සුදු වැන් වලින් ගෙනිච්ච යුගයට.(ම)
බියෙන් සැකෙන් ජීවත්වූ යුගය නැවත එලඹිලා.(කෞ)
සංජීව සහ සුමිත්‍රා මහත්ම මහත්මියනි, ඔබ පරණ යුගය යනුවෙන් අදහස් කළේ කුමක්ද? වැලිකඩ හිර ගෙදර සිරකරුවන්ට වෙඩි තියපු යුගය ගැනද? එසේත් නැත්නම් ශිෂ්‍ය ක්‍රියාකාරීන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ යුගය ගැනද? (නි)
වෙනසක් ඉල්ලපු මල්ලිලා මොකද කියන්නේ ? (නි)
මේවා පුදුමවෙන දේවල් නෙමෙයි. වෙසක් වුණා පමණයි (නි)
බන්ධනාගාර රථයට ප්‍රහාර එල්ල කරන්න එනවා ඇත්තේ අතින් පයින් වෙන්න ඇති. ඒකයි දැඩි ආරක්ෂාවට යොදවා ඉන්න පොලිස් නිලධාරීන් එක්කෙන්ගේවත්අතේ තුවක්කු තියා පොලු කෑල්ලක්වත් නැත්තේ. හරි ෂෝක්. (නි)
කාගෙන්ද ප්‍රහාරය එල්ල වෙන්නේ? පාතාල අයගෙන්ද? කොටින්ගෙන්ද?අවුරුද්දක් ඇතුළත වෙච්ච වෙනස. තුරුල්ලට අරගෙන හුරතල් කරපු විදියට දැන් යහපාලනයටත් පාලනය කරගන්න බැරි හැඩයි. (නි)
අපිට නම් පරණ යුගය එළඹිලා වගෙයි නෙමෙයි, එළඹිලා මාස ගානක් වෙනවා. (නි)