ශ්‍රී ලංකාවේ තිරසාර සංහිඳියාවක් ඇති කිරීමට ගතවූ මාස දහයකදී නව රජය කළ කැපවීම අගය කළ යුතු බවත්, ශ්‍රී ලංකාවේ නව වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රජාව දැඩි උනන්දුවකින් බලාසිටින බවත් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනි සමන්තා පවර් මහත්මිය පැවසුවාය.
ඇය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද හමුවිය.
ආසියාවේ සහ අප‍්‍රිකාවේ නායකයින් බොහෝවිට බලය තමා වටා රඳවා ගැනීමට උත්සාහ දරද්දී, ශ්‍රී ලංකා ජනාධිපති බලය අතහැරීමට කටයුතු කිරීම ඉතා අගය කළ යුතු බවත්, එය අනෙකුත් ලෝක නායකයින්ට ආදර්ශයක් බවත් පවර් මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවේ කියා සිටියාය.
සංහිඳියා වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමේදී නව රජය ඉතා විශ්වාසවන්ත සහ පිළිගත හැකි යැයිද නිලධාරීන් සහ ආයතන අතර සබඳතා මීට වඩා පුළුල් කර ගත හැකිනම් යහපත් බවද ඇය කීවාය.
රජයේ නව සංශෝධන තමා ඉතා අගය කරන බවත් නව පිබිදීමක් ඇතිවී තිබෙන බවත් සඳහන් කළ පවර් මහත්මිය තවදුරටත් කියා සිටියේ එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ වලින් ආර්ථික ප‍්‍රතිලාභද ලබා ශ්‍රී ලංකාවට පහන් ටැඹක් සේ නැඟී සිටිමේ හැකියාව ලැබෙනු ඇති බවත්ය.
මේ අතර සමන්තා පවර් මහත්මිය අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත (නි)
බලය විමධ්‍ය ගත කළා වගේම රටත් විමධ්‍ය ගත කළ ලොව එකම රාජ්‍ය නායකයා , (ම)
හොරාගේ අම්මගෙන් පේන ඇසීම...(ම)
සුද්දගේ බන.
ඇමෙරිකාවේ දේශපාලනය කියන්නේ හරිම කපටි තමන්ගේ වාසියට ඕනෑම දෙයක් කරන යාන්ත්‍රණයක්. (ම)
මෙයාලා ලොවට දෙන ආදර්ශය අපි දන්නවා සුසංයෝග හවුල් වෙනවා. කරන දේවල් පේනවා. 2000 වර්ෂය අපි හොඳට ආදර්ශ ගෙන ලියන්න නම් ඕන තරම් පුළුවන් (බ)
යුද්දය නවත්තපු මහින්දටවත් අතහරින්න හිතුන නැති විධායක බලය ඇත හැරපු මෛත්‍රීගේ ක්‍රියාව උතුම්.(ම)
අපේ රටට යහපතක් වෙන ඕනෑම දෙයකට අපි සහයෝගය දෙනවා (නි)
ඇයි ආසියාවේ විතරක්? ඇමෙරිකාව අනික් රටවල බලය අල්ලාගෙන නැද්ද?? ලොව දකින ඇසට තමන් සැටි මඳක්වත් නොපෙනේලු! (නි)
වෙන රටවල නෝනලා ඇවිල්ලා ලංකාවේ දුක්විඳින අපිට අපි ගැන කියලා දෙන්න අවශ්‍ය නැහැ. අපි කන කට්ට අපි විතරයි දන්නේ. මට මතක්වෙන ඒවා මෙතන ලියන ඒක සදාචාරාත්මක නැහැ (නි)
මේ කතා අහනකොට අපිට එක එක දේවල් මතක්වෙනවා (නි)
ගහ දන්න අපට කොළ කඩා පාන්න එපා නෝනෙ! (අ)
මොනවා කළත් කමක් නැහැ, ප්‍රවේශමෙන්! (නි)
ඇමෙරිකාව දිව දෙකෙන් කතාකරන, හැඳි දෙකෙන් බෙදන රටක් බව අපේ හුඟ දෙනෙක් දන්නේ නැහැ. ඒ දවසට මම නම් ඉන්න එකක් නැහැ. (නි)
අපි මොකටද මෙයාලා කියන දේවල් අහන්නේ? ආයෙත් ඉක්මනට යන්න කියමු (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
මට නම් ලියන්න පුළුවන් රචනාවක්ම මෙතුමා ලොවට දුන් ආදර්ශ ගැන (නි)
ඇස් ඇරලා ලෝකය දිහා හොඳට බලන්න. (ර)
අපේ අය මේ චාටු කතා බහට අහුවෙවී. (ර)
බලය අත් හැරීම හොදයි. (ර)
බලය අතහැරිය කාලය අවසාන වුණාම. එතකල් සංහිදියාව කියා කියා හිටිමු.(අ)
ඔය දන්නා ගහක් කොලයක් නැ අනේ මැක්ස් (අ)