‘කම්කරු බලයට අකමැති බලු ගැති සේනාව රටේ ජාතික අසමගිය වපුරමින් ඉන්නවා.පර්පයින් පොළොගුන්සේ සිටින මෙවැනි පිළිල වලින් බේරීමට නම් කම්කරු ජනතාව එකමුතුව එක්සිත්ව ජාතික සමගිය වෙනුවෙන් නැඟී සිටිය යුතු කාලය එළැඹිලා ‘ යැයි ජාතික භාෂා හා ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර අද (01) ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යසේවා සංගමයේ මැයි රැලියේදී පැවසීය.
‘ජීවිත් වීමේ බරපතල අභියෝගයකට මුහුණ දී සිටින කම්කරු ජනතාව වත්මන් ආණ්ඩුවේ පැවැත්මට අවශ්‍ය වෙයි. ආණ්ඩුව පෙරැළා දැමීමට අවශ්‍ය නැති බව ඔවුන් තේරුම්ගත යුතුයි.
කළ යුත්තේ රටේ කම්කරු ජනතාවගේ බලය පෙන්වන මහා එක් දින වැඩ වර්ජනයට සුදානම් වීම යැයිද නානයක්කාර මහතා කියා සිටියේය.
එසේම විධායක ජනපති ක්‍රමය ඉවත් කැර පාර්ලිමේන්තු පාලනයට බලය හැරවීමේ ක්‍රියාමාර්ගයකටද කම්කරු ජනතාව පෙළ ගැසිය යුතු බව අමාත්‍යවරයා එහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා මොනවා කියනවද කියලා එදා ඉඳලම අපිට තේරුම් ගන්න බැහැ. කම්කරු ජනතාව බරපතල අර්බුදයකට මුහුණ දීලලු. වැඩ වර්ජනයක් ඕනෑලු. ආණ්ඩුවට විරුද්ධවද? විපක්ෂයට විරුද්ධවද? (නි)
80 වර්ජනයේදී මෙයාගේ නෝනා වර්ජන කලේ නැත. (නදී)
මෙයා ඉල්ලන් කන්න හදන්නේ. අපි අහුවෙයි ඕවට, ඒ ගොනා වික්කා. (ස)
මේ කට්ටිය ආණ්ඩුව ඇතුලේ ඉඳලත් 80 වේ වර්ජනය කරලා රැකියා අහිමි වූ අය ගැන සොයා බැලුවද ? මේ කට්ටියගේ කීම අහල අද වර්ජනය කරනයටත් කලින් අයට සිදුවුදෙය මතකනම් රැවටෙන්න එපා . (අ)
කොහොම හිනහ වෙන්නද කියල හිතාගන්නවත් බැහැ. (ස)
සමහරුන්ට මොළය තියනකොට බලය නැහැ, බලය තියනකොට මොළය නැහැ. (නි)
රටේ වගකිවයුත්තන්ගෙන් විය යුතු දේ නොවන නිසා සාමාන්‍ය මිනිස්සු නීතිය අතට අරගෙන වැඩ වර්ජන කරනවට වැඩිය හොඳ නැද්ද,රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසු මාර්ගයක් හදලා දුන්නා නම්? (නි)
වාසුදේව සහෝදරයා ඇමතිකම් දැරුවත් නැතත් සැමදා පරත්‍යාශීලී තැනක සිටින කෙනෙකි. (නදී)
ඔබ තුමා ආණ්ඩුවේ කැබිනට් ඇමති වරයෙක් , වැඩකරන ජනතාවට සේවය කරන්න කිසිම භාදකයක් නැහැ , වැඩකරන ජනතාව වර්ජනයකට ඇදල දැම්මට ඔවුන්ට ඇතිවන සුගතියක් නැහැ. පවතින ක්‍රමය හොඳ නැත්නම් බොරු සෝබන කතා කියනේ නැතුව ඇමෙති කමෙන් සහ ආණ්ඩුවෙන් ඉවත් වෙලා වැඩකරන ජනතාව සමග එකතු වෙන්න.(නදී)
කාට මොනවා කිවත් කමක් නැත ගරු ඇමතිතුමෙනි, බල්ලන් හැල්ලුවට ලක්කරනවට අපි කැමති නැත්තෙමු. (ස)
අපි නොදන්නවායැ? (නි)
ලබන මැයි දිනයට පෙර ඔබට යහපතක්ම වේවා! (නි)
එතුමාව බොහෝ මිනිස්සු දැකගන්නේ කම්කරු දිනය දවසට (නි)
කම්කරු පන්තිය පාවල දීපු නරුමයෝ කීප දෙනෙක් ඉන්නවා මේ ආණ්ඩුවේ. මිනිස්සු දන්නවා කව්ද කියල. (අ)
කාගෙවත් කතා වලට අපි අහුවෙන්නේ නැහැ. (නි)
ඔබ කම්කරු නායකයෙක්ද? (නි)
කම්කරු ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය සහ කමකරුවන්ගේ මුදල් වලින් මුට්ටි කාසි ගසා කන බොහෝ දෙනෙක් අද කම්කරුවන් සමග නොව ඉන්නේ වෙනත් අය සමග බව රටම දන්නවා (අ)
ඔන්න ඔහේ ඉල්ලන දෙයක් දීලා දාන්න (නි)
කාට මොනවා කිවත් කමක් නැහැ හැල්ලුවට ලක්කරනවාට මම නම් කැමති නැත ගරු ඇමති තුමෙනි.(නදී)
දීලා බලමුද? (නි)
මැයි දිනය කියන්නේ මොන වගේ දවසක්ද කියලා මම හොඳට දන්නවා (නි)
අපි නම් දන්නවා කාගේ කාගෙත් ජාතික හැඟීම ගැන (නි)
එයා ඉඳල හිටලා ඔහොම කථා කියනවා. ගණන් ගන්න එපා. (නි)
අහිංසක කම්කරුවන්ගේ කරපිටින් ගිහින් හරි තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න තමයි සමහරුන්ට ඕනෑ වෙලා තියෙන්නේ. ඒවට අහුවුණු කාලේ ඉවරයි. (නි)
පසුගිය පනස් වසරක් තිස්සේ ඔබතුමාගේ කතා අහලා අපේ කන්වල දැන් කරගැට ඇවිල්ලා. (ස)
බලු ගැතී සේනාව කියන එකෙන් ඔබ තුමා අදහස් කරන්නේ මොකක් ගැනද? බලු ගැති කව්ද කියලා නම් රටම දන්නවා. (ස)