ගලේවෙළ මාතලේ මාර්ගයේ කළුගල් ප්‍රවාහනය කළ ටිපරයක් පල්ලන්දෙණියේ දී නිවෙසක් අසලට පෙරළී කිසිවෙකුටත් තුවාල සිදු නොවූ නමුත් ගෙදර බල්ලා පැය හතක් අටක් සිරවී සිටියේය. බල්ලා තුවාල නොලබා බේරුණේය.
ගලේවෙළ මාතලේ මාර්ගයේ කළුගල් ප්‍රවාහනය කළ ටිපරයක් පල්ලන්දෙණියේ දී නිවෙසක් අසලට පෙරළී කිසිවෙකුටත් තුවාල සිදු නොවූ නමුත් ගෙදර බල්ලා පැය හතක් අටක් සිරවී සිටියේය. බල්ලා තුවාල නොලබා බේරුණේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ නෝනා , ඔය බලු පැටියට කන්න දෙන්නේ නැද්ද ?. (නදී)
අනේ! කෑම ටිකක් දෙන්න එයාට (නි)
සියලු දෙනාම අනතුරින් ගැළවීම ගැන සතුටුයි (නි)
බලන්නකෝ ඡායාරූපය දෙස හොරැහින් බලන ලස්සන.... (නි)
අම්මෝ මේක පෙරළී ඇති විදිය දුටුවහම පුදුමත් හිතුනා. ගෙදරට අලාභහානි වෙලා වගෙයි. මිනිසුන්ටත් මේ බලු රාළටත් කරදරයක් නොවීම ගැන මටත් සතුටුයි (නි)
ඔව් රොෂාන් ආඩම්බරෙන් හොරෙන් බලනවා. මාත් හරිම ආදරෙයි බල්ලන්ටයි, පුසන්ටයි. ඒ සතුන් ලග හරිම සෙනෙහසක් තියෙන්නේ. (නදී)
බල්ලා බේරුනා ඒ ඇති.(නදී)
මරණයක් සිදුවෙන්න තමන් ගෙනාපු ආයුෂ ඉවර වෙන්න ඕනා. ඕනෑම කෙනෙක් තමන් ගෙනාපු ආයුෂ ඉවර උනහම යන්නම වෙනවා.(නදී)
බල්ලා වුණත් පිනක් තිබිලා තියෙනවා. (නි)
මේ පැටියට කන්න හිගයි වගේ.උගේ කටු මතුවෙලා.බේරුණ එකනම් සතුටුයි කාටවත් කරදරයක් නොවී.පව් අහිංසක සතා දැන්වත් සත්කාර කරන්න. (ස)
මටත් දැක්ක ගමන් හිතුනේ බල්ලට කන්න දිලා නැහැ වගේ කියා. (නදී)
අනේ මිනිස්සු මැරුණත් කමක් නැහැ, බල්ල බේරුණානේ ඔබ හරි.(නදී)
බල්ලාගේ වාසනාව ගැන සහ උගේ පෙර කරන ලද පිනකට බේරුනා. (නි)
අනේ පවු! ඌට බඩගිනියි වගෙයි (නි)
හොඳට පින්කළ බල්ලෙක්. (නි)
බල්ලා පින්වන්ත පාටයි නේද? (නි)
ටිපර් කාරයෝ නම් පිස්සු බල්ලෝ වගේ තමයි යන්නේ. (ස)
කෑම ටිකක් දෙන්න එයාට (නදී)
මිනිස්සුන්ගේ වැරදි නිසා තව පොඩ්ඩෙන් ජීවිත කීයක්ද අහිංසක බල්ලා ඇතුළුව. කොහොම හරි හැමෝම බේරුණා එ්ක ගැන සන්තෝසයි. (ස)
අනේ මිනිස්සු මැරුණත් කමක් නැහැ, බල්ල බේරුණානේ,(ස)
මේ යකා නිකන් මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් වගේ ගෙටම ගිහින්. (ස)
අනේ ඔව් බල්ලා බේරුණ එක හොඳයි. (ස)
මිනිස්සු කරන තිරිසන් වැඩ දිහා බැලුවම, ඉදිරියේදී මිනිස්සුන්ට කථා කරන්න තියෙන්නේ තිරිසන් සත්තුයි උන්ගේ මිනිස් වැඩ ගැනයි තමයි. මිනිස්සු තරම් මේ ලෝකේ අමු අමුවේ අපායක් කරන ජාතියක් අනෙක් සතුන් අතර නැහැ. (ස)
සන්තෝශයි සියලුම දෙනා බේරුණාට. (ස)
මොනවා කලත් බල්ලෝ බේරෙන බව අපි දන්නවනේ (නදී)
සමහර මිනිස්සුන්ට වඩා බල්ලෝ හොඳයි. (නදී)
බල්ල කෙට්ටුයි හරියට කන්න දීල නැහැනේ (නදී)
අනේ අහිංසකයා බේරුනා ඒ ඇති.(නදී)
බලන්නකෝ ලොරිය පෙරලිලා තියෙන හැටි. ජිවිත හානියක් නොවීම ලොකු දෙයක් වගේම අසරණ සතා බේරීමත් සන්තෝසයි (නදී)
එයාගේ බැල්මෙන් නම් කියවෙන්නේ "මගේ බලු මොලේ හින්දම බේරුනා" කියල වගෙයි.(නදී)
බල්ලට හොඳට කන්න දෙන්න. බඩගිනි පාටයි.(නදී)
මොකද නෝනේ බලලගේ බඩේ කටු පේන්නේ ? පව් අහිංසක සතා. (නදී)
ඔව් අමිල මමත් හිතුවේ ඔබ හිතපු විදිහටම තමයි (නදී)
ටිපර් කාරයෝ නම් පිස්සු බල්ලෝ වගේ තමයි යන්නේ (නදී)
අම්මෝ! පුදුම සතුටක් දැනෙනවා (නි)