සුදු හැඳගත් වැඩිහිටි මාතාවන් තිදෙනකු හංවැල්ල වේවැල්පනාව පහත්ගම මාර්ගයේ අද අලුයම ගමන් කරමින් සිටියදී යතුරුපැදි කරුවෙක් බල්ලකුගේ ඇඟේ හැපී ඇද වැටී තුවාල ලැබීය.
බල්ලාගේ ඇඟේ හැපුණු මාතාවක ඇද වැටී තුවාල ලබා රෝහලට ඇතුළු කළ නමුත් මරුමුවට පත්වූවාය.
සුදු හැඳගත් වැඩිහිටි මාතාවන් තිදෙනකු හංවැල්ල වේවැල්පනාව පහත්ගම මාර්ගයේ අද අලුයම ගමන් කරමින් සිටියදී යතුරුපැදි කරුවෙක් බල්ලකුගේ ඇඟේ හැපී ඇද වැටී තුවාල ලැබීය.
බල්ලාගේ ඇඟේ හැපුණු මාතාවක ඇද වැටී තුවාල ලබා රෝහලට ඇතුළු කළ නමුත් මරුමුවට පත්වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බලු ප්‍රශ්ණයක් වුණාට අන්තිමට නීල් රානාට ප්‍රශ්ණයක් වෙලා වගේ.. (නි)
මෙතන ගොඩක් වැදගත් අදහස් දාලා තියනවා. කොහොම උනත් පාලනය කරගන්න පුළුවන් වේගයකින් යනවා නම් අනතුරු අවම කරගන්න පුළුවන්. ඉන්ධන පිරිමැස්ම වැඩි කරගන්න ඉන්දියානු වාහන හදන්නේ හුඟක් සැහැල්ලුවට. ඉතින් පාලනය කරගන්න පහසු නෑ. (ස)
උපාලි, මම කියා තිබෙන්නේ ලෝකයේ සෑම දියුණු රටකම සිදුකරන එකම ප්‍රායෝගික විසඳුම ගැනයි. ලේනෙක් වැනි කුඩා සතෙක් හදිසියේ පාරට පැන්නොත් තිරිංග තදකර පිටුපස වාහනත් අනතුරට පත් කරන්නේ මෝඩයෙක්. මහජනතාව අනතුරට පත්කරමින් ගෙදර සතුන් පොදු පාරට පැන්නොත් උන්ගේ අයිතිකරුවන්ට දැඩි දඬුවම් නියමකර සිදුවූ අලාබයට වන්දි මුදල් අයකරගත යුතුයි. (නි)
නීල් රානා, "අනතුරු කොහොමත් සිදුවන්නේ හදිසියේ නිසා ඒවා අවම කිරීම" කියා ඔබ සත්‍යය පිළිගත් එක බොහොම හොඳයි. "අවම කිරීම" තමයි අපට කල හැක්කේ. වලක්වන්න බැහැ. හැබැයි ඔබේ "එකම විසඳුම" නම් ප්‍රයෝගික නැහැ. රටපුරා ගුවන් පාලම් හදන්න? බල්ලෝ බළල්ලු හරක් ගැට ගහල තියන්න? ගෙදරක ඇති කරන බල්ලෙක්, පුසෙක් "හදිසියේ" පාරට දුවගෙන එන එක වලක්වන්න පුලුවන්ද? වැඩි දෙයක් එපා. ලේනෙක් පාර හරහා දිව්වත් රියදුරුට බ්රේක් ගැහෙනවා ඉබේම. ලේන්නු පනින එක වළක්වන්නත් ඔබට විසඳුමක් තියෙනවද?එතන ලිස්සන තැනක් නම්, පිටුපසින් වේගයෙන් වාහනයක් ආවා නම්, මොකද වෙන්නේ? ඕනෑම දෙයක් අපට පාලනය කල හැකි සීමාවක් තියෙනවා. ගුවන් යානයක සියලු යන්ත්‍ර මනාව පරීකෂා කල හැකියි. නමුත් ගුවනේ තිබෙන 'එයා පොකට්' පාලනය කල හැකිද? ඔබේ 'ප්‍රායෝගික මොලය' ගැන මේ අදහස් කියවන අය තේරුම් ගනියි. (ස)
උපාලි, ලොකයේ දැනට සිදු වෙන්නේ මාතෘ, ළමා මරණ අවම කිරීම, අනතුරු කොහොමත් සිදුවන්නේ හදිසියේ නිසා ඒවා අවම කිරීම, අකල් මරණ අවම කිරීම, බල්ලන්-හරකුන් මෙන්ම වන සතුන් මහා මාර්ග වලට පිවිසීම අවම කිරීම වැනි ප්‍රායෝගික ක්‍රම වේදයක් පමණයි. ඔබ බඹා කොටා ලබා උපන් හැටියට ඔහේ වැනෙන නිසා එවැනි ජීවන ක්‍රමයකට අනුගත වෙන්න අපහසු කෙනෙක්. මෙයට තිබෙන එකම විසඳුම බල්ලන්, බළලුන් මෙන්ම හරකුන්ද අයාලේ යැවීම නැවැත්වීමට කටයුතු කිරීම සහ වන සතුන්ට දුම්රිය හා මහා මාර්ග හරහා යාමට වනගත ප්‍රදේශ වලදී ගුවන් පාලම් සෑදීමයි. ඊයේ ලංඩනයේ දුම් රිය මාර්ගයකත් හරකෙක් ඉඳලා පැය දෙකක් දුම්රිය ගමන නැවතුනා. කොහෙත් එවැනිදේ ඉඳහිට සිදුවෙනවා. (ස)
අපේ රට බෞද්ධ රටක්. අයාලේ යන සතුන් වෙනුවෙන් සත්ව අනාථාගාර පිහිටුවීමට සැලසුමක් තිබුනා නම් හරි. පිනට ලැදි සත්ව කරුණාව තියෙන අය කොපමණ ඉන්නවද? ලංකාවට යන සෑම වතාවකම මේ ගැන අපි හිතනවා. (ස)
නීල්-රානා, චින්තක පෙරේරා, ඔබට පුලුවන්ද පැහැදිලි කරන්න මේ අනතුර සිදුනොවෙන්නේ කොහොමද කියලා? ලංකාවේ ඉන්න ඔක්කොම දඩාවතේ යන බල්ලෝ මැරුවොත්ද? සියලුම අම්මලාට පාරේ යාම තහනම් කලොත්ද? සියලුම මෝටර් සයිකල් පාරෙන් ඉවත් කලොත්ද? ඒවා එකක්වත් ප්‍රායෝගික නැහැ. ඉතාම දියුණු පාරවල් තිබෙන, උගත් පදිකයන් ඉන්න, ඉතාම දියුණු මාර්ග සංඥා තිබෙන රටවලත් "හදිසි අනතුරු" සිදුවෙනවා. එවැනි දේ දියුණු කිරීමෙන් හදිසි අනතුරු සිදුවීමේ ඉඩකඩ අපටත් අවම කල හැකියි, නමුත් "හදිසි අනතුරු" වැළක්විය නොහැකියි. "අනතුර' සහ 'හදිසි අනතුර' යන දෙකේ වෙනස තේරුම් ගන්න. ඉතාම දැඩි තත්ත්ව පරීක්ෂාවකින් පසු ගුවන් ගතකරන ගුවන් යානා කඩා වැටෙන්නේ ඇයි? (නදී)
දැන් අයාලේ යන බල්ලෝ නිසා ලංකාවේ පාරක පයින් යන්න බැහැ. බයිසිකලයකට වගේ වාහනයකට ඉඩ දෙන්නේ නැහැ. පයින් යන අයව හපා කනවා. පාරවල් වල යන්න බැහැ ජරා ගොඩවල්. පොදු ස්ථාන වල බලු රංචු. පාසල් ළමයි විශාල අපහසුතා වලට ලක් වෙනවා. ඉස්සර නම් අයාලේ යන බල්ලන්ව විනාශ කළා.දැන් ඒක කෙරෙන්නේ නැහැ.බල්ලන්ට වැඩිය තැනක් සමාජයේ මිනිස්සුන්ට තිබිය යුතුයි. (නි)
ඇත්තම කිව්වොත් හැබැයි මට හිතෙන විදිහට අද බල්ලන්ගෙයි හරකුන්ගෙයි ජීවිත මිනිස්සුන්ගේ ජීවිත වලට වඩා ආරක්ෂිතයි.(නදී)
අර ජාතිවාදී අය මෙතනටත් ඇවිත් මෝඩ අදහස් දානාවා. මම කිව්වේ අර චින්තක පෙරේරා කියන කෙනාටයි.(නදී)
සනත්, හැමදේම දෙස මධ්‍යස්ථව බලන්න (නි)
බලු ප්‍රශ්නය,අයාලේ යන හරක් ප්‍රශ්නය දැන් වැඩියි.අනෙක් රටවල අයාලේ යන බල්ලෝ අල්ලාගෙන ගිහින් කැලෑබද ප්‍රදෙශයකට ගිහින් දානවා (අ)
අම්මේ, ඔබට නිවන් සුව පතමි (නි)
නීල් -රානා කියන දේ ඉතාම වැදගත්. අපි අනතුරු වෙන්න කලින් වළක්වා ගන්න කිසිම උත්සාහයක් ගන්නේ නැතුව වුණාට පස්සේ වෙන මනස්ගාත දොඩවනවා. මෙහෙම දෙයකටවත් අපේ මිනිස්සුන්ගේ තාර්කික අදහසක් නැති එක ගැන පුදුමයි. (නි)
බලු ප්‍රශ්නය,අයාලේ යන හරක් ප්‍රශ්නය දැන් වැඩියි. (නි)
තරින්ද කියපු අදහසත් මම ලියන්න හදලා නිකම් හිටියා. ඒ අදහසට අමතරව මේ රටේ සමහරක් කියයි 'කරුමෙක හැටි, සිල් ගන්න පංසලටවත් යාගන්න බැරිවුණා' කියලා. (නදී)
ඒ අම්මා ධර්මය ගැනම කල්පනා කරමින්ම මියගියානම් බොහොම වාසනාවන්ත තැනක ඉපදෙන්න ඇති.(නදී)
මෙහි දමා ඇති අදහස් දකින විට, ඉතා පහසුවෙන් වළක්වාගත හැකි, අනවශ්‍ය අණතුරුදායක සිදුවීම් වලිනුත් ලංකාවේ මිනිසුන් මිය යන්නේ කුමක් නිසාද කියා ඕනෑම කෙනෙකුට වැටහෙනවා. අරාබියේ ඉන්න කෙනාට සිහිවෙන්නේ දෙවියන්, උපාලි ජීවිතේට මුහුන දෙන්නේ ලබා උපන් හැටියට වෙන දෙයක් වෙද්දෙන් කියලා, ඇඹිලිපිටියේ කෙනා ජපානයෙන් බයිසිකල් ගෙනා එකත් වැරදියි වගේම බල්ලන්ට තවත් පුහුණුවෙන්න කාලය අවශ්යයයි හිතනවා, කුමාරි කියන්නේ ලෝකය දුකක් නිසා නිවන් යා යුතුයි කියායි, නමුත් අබ්දුල් දන්නවා අයාලේ යන බල්ලන් වැඩි නිසා අණතුරුත් වැඩි බව. ඒත් බල්ලන් අයාලේ යවන්න එපා කියන්න බයයි බෞද්ධයො විරුද්ධ වෙයි කියලා.
මෙහි දමා ඇති අදහස් දකින විට, ඉතා පහසුවෙන් වළක්වාගත හැකි, අනවශ්‍ය අණතුරුදායක සිදුවීම් වලිනුත් ලංකාවේ මිනිසුන් මියයන්නේ කුමක් නිසාද කියා ඕනෑම කෙනෙකුට වැටහෙනවා. අරාබියේ ඉන්න කෙනාට සිහිවෙන්නේ දෙවියන්, උපාලි ජීවිතේට මුහුන දෙන්නේ ලබා උපන් හැටියට වෙන දෙයක් වෙද්දෙන් කියලා, ඇඹිලිපිටියේ කෙනා ජපානයෙන් බයිසිකල් ගෙනා එකත් වැරදියි වගේම බල්ලන්ට තවත් පුහුණුවෙන්න කාලය අවශ්‍යයි හිතනවා. කුමාරි කියන්නේ ලෝකය දුකක් නිසා නිවන් යා යුතුයි කියායි, නමුත් අබ්දුල් දන්නවා අයාලේ යන බල්ලන් වැඩි නිසා අණතුරුත් වැඩි බව. ඒත් බල්ලන් අයාලේ යවන්න එපා කියන්න බයයි බෞද්ධයො විරුද්ධ වෙයි කියලා. (නදී)
හදිසි අනතුරු වැළක්විය නොහැකියි. මරණය මේ මාතාව වෙත ආ හැටි. අපේ වැඩිහිටියෝ කියනවා වගේ ආයුෂ ඉවර වුනාම මාරයා ඕනෑම වේශයකින් අපව හොයාගෙන එනවා. (නදී)
අනේ දෙවියනේ! ඔබට නිවන් සුව ලැබ්වා අම්මේ.(නදී)
අසූව දසකයේ තමයි ජපානෙන් බයිසිකල් එන්න පටන් ගත්තේ. ඒ කාලෙ හිටපු බල්ලන්ට බයිසිකලේ ශබ්දෙ අහල පුරුදු නැති හන්ද බයිසිකල් පස්සෙන් පන්නගෙන එනවා. ඒ හන්ද ඒ කාලෙ සෑහෙන්න අනතුරු උනා. ගොඩක් තරුණයෝ මිය ගියා. ඒ කාලේදී රෝහල් වල අනතුරු වාට්ටුවලට කිව්වෙත් හොන්ඩ වාට්ටුව කියල. (අ)
ඔය පළාතේ සෑහෙන්න බල්ලෝ නිසා වැඩියෙන් රිය අනතුරු සිදුවෙනවා.(නදී)