IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බල්ලොත් එක්ක බැරි නිසා විජය නන්දසිරි ඇමෙරිකා යයි

 

මම ගල්කිස්ස දෙසට ඇවිද ගියෙමි. පාර දෙපසම නිදා හුන් බල්ලෝ මගේ ගමන වලක්වන්නට මෙන් බුරා හැලූණහ.

ෂික් විතරක්. මේ බල්ලොත් එක්ක පාරෙ බැහැල යන්නවත් බැහැනේ.

මම මටම කියාගත්තෙමි.

බල්ලන්ගෙන් ඈත් වෙමින් තවත් දුරක් ඇවිද ගිය මම අවසානයට නතර වූයේ අලංකාර දෙමහල් නිවෙසක් ඉදිරිපිටය.

කවුරුන්දෝ කතා කරන හඬක් ඇසුනෙන් මම නිහඬව සවන් දුනිමි.

මට මතකයි ඔය ආටිස් කාරයා ආවා මගේ ඡන්ද පෝස්ටරයකට පින්තූරයක් ගන්න වෙලාවෙ මට මේකප් දාන්න.  ඕකා මාව මේකප් කර කර මාව වර්ණනා කරපු හැටි මට හොඳට මතකයි. කවද හරි ඔබතුමා අගමැති වෙලා තමයි නවතින්නෙ කියලනෙ එදා  ඕකා මට කිව්වේ. අගමැති ...... අගමැති තමයි. යකෝ මම ආසනෙත් පරාදයි.

එකත් එකටම මේ නම් පරාජිත දේශපාලනඥයකුගේ ගෙදරක් විය යුතුමය.

කෝකටත් කියා මම නිවෙසේ සීනුව නාද කළෙමි.

හැබැයි හිතේ චකිතයෙනි. බල්ලන්ගෙන් ප‍්‍රවේශම් වන්න යැයි පුවරුවක් නැතත් බුරාගෙන එන බල්ලකු මගේ යටිසිත බලාපොරොත්තු වූවේය.
ටිකකින් නිවෙසේ දොර ඇරිණි. උසෙන් මහතින් අඩුවක් නැති ආරෝහ පරිනාහ දේහධාරියකු මා ඉදිරිපිට සිටගෙන සිටියේය.

”පේ‍්‍රමචන්ද්‍ර”

”මංගල ජය”

මම මුමුනන්නට වීමි.

”මහ ඇමති”

”මනමේ”

මම ඔහුගේ රූප කාය ඔස්සේ මගේ මතක පොතේ හිරවී ඇති එක් එක් පුද්ගල චරිත සිහියට නැගුවෙමි.

ඔව් ඔව් ඔව් ඔයා හරි.

ඔහු සිනාසුනේය.

”ඒ මම තමයි.”

යර්ස් බොස් නාට්‍යයේ පේ‍්‍රමචන්ද්‍ර, සිකුරුහතේ චිත‍්‍රපටියේ මංගල ජය කපු මහත්තයා, සුබ සහ යස නාට්‍යයේ මහ ඇමති, මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා, වෘෂභරාජ නාට්‍යයේ වෘෂභ රාජ මේ ආදී වශයෙන් රිදී තිරයේ, පුංචි තිරයේ, වේදිකාවේ අමරණීය චරිත රැසකට පණ දුන් ආදරණීය නළුවා ඔහුය.
විජය නන්දසිරි......

”ඉතින් විජය අයියෙ.”

මම කතා බහ අරඹමි.

”බල්ලොත් එක්ක බැරි නිසා මම ඇමරිකා යනවා...”

ඔහු කීවේ මූණ ඇඹුල් කරගෙන නොවේ, ප‍්‍රසන්න ලෙස සිනාසෙමිනි.

”ඇමරිකා යනවා.”

මම පුදුමයෙන් විමසුවෙමි.

පෝරු මස්තක වී විවාහ නොවුණත් ඇමරිකාවේත් බල්ලෝ සිටිති. බලූකිස්තානයේ තරමටම නොවුනත් එරට සිටින බල්ලන්ද අපේ රටේ සිටින බල්ලන්ට දෙවැනි නැත.

”ඔව් මල්ලි. අපි මේ හත් වෙනිදාට තමයි ලංකාවෙන් පිටත්වෙන්නේ.”

”අපි කිව්වේ?”

අපි කිව්වේ අපි. මම විජය නන්දසිරි, ගිහාන් ප‍්‍රනාන්දු, රොෂාන් පිලපිටිය, කුමාර තිරිමාදුර, ෆර්නී රෝෂිනී, එතකොට රවීන්ද්‍ර ආරියරත්න. තව නවාංජන සුචිත‍්‍ර නන්දසිරි අපි කට්ටිය ඇමරිකාවට ගිහින් 14 වැනිදා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී බල්ලොත් එක්ක බෑ නාට්‍යය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ 21 වොෂින්ටන්, 28 නිව්යෝර්ක් නගරවල නාට්‍යය පෙන්නලා ඔක්තෝම්බර් 5 වෙනිදා කැනඩාවේ මොන්ටි‍්‍රයල් නගරයෙත්, 6 වෙනිදා ටොරෙන්ටෝ නගරයෙත් දර්ශණ වාර පවත්වනවා.

විජය නන්දසිරි සිනාසෙන්නට විය. ඔහු ඇමෙරිකා යන්නේ බල්ලන්ගෙන් බේරෙන්නට නොවේ. බල්ලොත් එක්ක බෑ නාට්‍යයේ දර්ශන වාර කිහිපයකට සහභාගී වනු පිණිසය.

මේ දවස්වල ලංකාවේ තියන ජනප‍්‍රියම නාට්‍යය තමයි බල්ලොත් එක්ක බෑ.

කලා ලෝකයේදී හමුවූ කවුරුන් හෝ කෙනෙක් මෑතකදී මා සමඟ පැවසූ අයුරු මට සිහිපත් විය.

”මම ඔය ඇමෙරිකාවට යන්නෙ පළමුවෙනි වතාවටයි.”
විජය කීවේය.

මීට මාස කීපෙකට උඩදී කොහෙහරි ගියා නේද?
මම අසමි.

ඒ ගියේ  ඕස්ටේ‍්‍රලියාවටනෙ. එහෙදීත් මේ නාට්‍යය දර්ශන වාර කීපයක්ම අපි රඟ දැක්වූවා.

එහෙදී ලැබුණු ප‍්‍රතිචාර කොහොමද? හොඳද?

ප‍්‍රතිචාර කියන්නෙ අපි එහෙ යන්න මාසෙකට කලින් ප‍්‍රවේශපත‍්‍ර ඔක්කෝම විකිනිලා ඉවරයි.

විජය නන්දසිරි යනු අතිශය කාර්යබහුල නළුවෙකි. නළු රජකු කීවද වරදක් නැත. හේතුව ඔහු බොහෝ නාට්‍යවල රඟපාන්නේ රජ්ජුරුවන්ගේ චරිතය නිසාම නොවේ. ඔහු අතිශය කාර්ය බහුල වන නිසාමය.

”මේ දවස්වල වේදිකා නාට්‍ය කීපයක රඟපානවාද?”
මම අසමි

 

 

ප‍්‍රියන්ත රංජිත් ගේ රූකඩ රාජ්ජේ, ආර්.ආර්. සමරකෝන්ගේ කකුල් හතරේ ඉලන්දාරියා, සරත් කුලාංගගේ දෙයියොත් දන්නේ නෑ. මේ නාට්‍ය තුනම ලබන අවුරුද්ද වෙනතුරුම දර්ශනවාර වෙන්ස්කරලා තියෙන්නෙ. හැම සති අන්තයක්ම මට ඉන්න වෙන්නෙ ලංකාවෙ කොහේ හරි වේදිකාවක.
”මට පේන්නෙ ඔබ කතාකරන්නේ අකමැත්තෙන් වගෙයි.”
මම විජයට බාධාකරමි.

”මට මගේ නාට්‍යයක් කරගන්න වෙලාවක් නැති බව ඇත්ත. ඒත් ඉතින් පේ‍්‍රක්‍ෂකයා සතුටට පත්කරන්න ලැබෙන එක සතුටක්නේ.”

ඇත්ත
විජය නන්දසිරිගේ රඟපෑම් වලට පේ‍්‍රක්‍ෂකයෝ බඩ අල්ලාගෙන සිනාසෙති. ඔහු විහිළු කරන්නේ අපේ සමහර නළුවන් මෙන් දෙපිට කැපෙන වචන වලින් නොවේ.

පුරා වසර හතලිස් තුනක් තිස්සේ තවමත් වේදිකාවේ වැඩිම නාට්‍ය ගණනාවක ප‍්‍රධාන චරිත නිරූපණය කරන නළුවා වීමේ භාග්‍යය විජයට ලැබී තිබෙන්නේ අන්න ඒ නිසාය.

ඉතින් හතලිස් තුන් වසරක වේදිකාව ගැන කතාකරන්නට මම විජයට ඉඩ දෙමි.

”මම ඉස්සෙල්ලාම වේදිකාවට නැග්ගෙ 1966 අවුරුද්දෙ. එතකොට මම පාසල් ශිෂ්‍යයෙක්. අමරදාස ජයතුංග රාජ්‍ය නාට්‍ය උළෙලට වීදුරු දිව කියන නාට්‍යය ඉදිරිපත් කළා. මේ නාට්‍ය කරන්න මං ගොඩවුණේ ලූම්බිණි රඟහලට.
විජය සිනාසෙයි.

”ඊට පස්සේ...?”

 

 

මම තවදුරටත් ඔහුට අතීතයේ දොර කවුළු විවර කර දෙමි.

”මහාචාර්ය සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, සයිමන් නවගත්තේගම, හෙන්රි ජයසේන, ධර්මසිරි බණ්ඩාරනායක, ආර්.ආර්. සමරකෝන්, චන්ද්‍රසේන දහනායක වගේ ලංකාවේ මුල් පෙලේ නාට්‍ය කරුවන්ගේ නාට්‍යවල ප‍්‍රධාන චරිත රඟපෑවා. කොටින්ම කියනවානම් මනමේ චරිතයට අවුරුදු විසි හතක් තිස්සේ පණ දුන්නෙ මම.

මේ මනමේ කුමාරයා අදටත් සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ මහාසාර, කපුවා කපෝති වැනි නාට්‍ය වල රඟපාන බව මට මතකයි.
”මං හිතන්නෙ ඔබට තවත් වටිනා කියන දේවල් මේ වේදිකාවෙන් හමුවෙලා තියෙනවා.”
මම විජය අයියාගේ මුහුණ බලමි

ඔහුට සිනා නැගිණි.

එය මංගල ජය කපුමහත්තයාගේ දෙතොල සැරසූ මනමාල සිනාවට බොහෝ දුරට සමානය.

පේ‍්‍රමචන්ද්‍රගේ පෙම්බර හිනාවද මේ හිනාවටම කිට්ටුය.

‘ඔයා ඔය අහන්න හදන්නෙ දේවිකා ගැනද?’
විජය අසයි.

”ඔව් දේවිකා මිහිරාණි ඔබට මුණ ගැහුණෙත් වේදිකාවෙන් නේද?”

”ඔව්..... ඒ 1973 අවුරුද්දේ. සයිමන් නවගත්තේගමගෙ සුබ සහ යස නාට්‍යයේ දාසියක් විදිහට රඟපෑවේ දේවිකා. මම මහ ඇමති.....”
”ඒ කියන්නෙ මහ ඇමති දාසියකට පෙම් බැන්දා...”

”ඔව්.... එහෙම එකක් තමා වුණේ.”

රජකාලේ ඒ වගේ දේවල් අනන්තවත් සිද්ධවෙලා තියෙනව නේද?”
විජය සිනාසෙයි.

”විජය අයියා අදටත් දේවිකාට සලකන්නේ දාසියකට වගෙයි කියලා මට හිතෙනවා. ඇය දක්‍ෂ නිලියක්. පුංචිතිරේ දිමුතු මුතුව විදිහට පේ‍්‍රක්‍ෂක ආදරය දිනාගත්තා. වේදිකාවෙත් අති දක්‍ෂ නිලියක්. ඒත් ඇයට රඟපාන්නට ඉඩ නොදී ඔබ ඇයව දාසියක් විදිහට ගෙදර හිරකරගෙන ..........”
චෝදනාවක හඬින් කී මම විජය අයියාගේ මුහුණ බලමි.

‘කවදාවත් නෑ. මේ හැම පරිත්‍යාගයක්ම දේවිකා කළේ එයාගෙ කැමැත්තෙන්. එයා ආදරණීය බිරිඳක් විදිහට මාවත්, ආදරණීය මවක් විදිහට දුවත් පුතාවත් බලාගනිමින් රංගනය කැපකළා. දේවිකා ඒ කැපකිරීම නොකළා නම් විජය නන්දසිරිට වේදිකාවට නැගලා මේ සෙල්ලම් දාන්න බැරිවෙනවා.’
”ඔබ කියන්නේ දේවිකා දාසියක් නොවෙයි කියලද?”

”අපොයි ඔව්” එයා රැජිනක්.”

ඒත් ඔබ ඇයට වේදිකාවට එන්න තහනම් කරලා...”

මම තවදුරටත් දේවිකා වෙනුවෙන් පෙනී සිටිමි.

”නෑ.... මගෙ නාට්‍ය වල දේවිකා රඟපානවා. වෘෂභරාජ, කුස පබාවතී නාට්‍ය වල දේවිකා හරි ලස්සනට රඟපානවා.”

විජයගේ ඒ පිළිතුර මට තවත් ප‍්‍රශ්නයකට මඟ පෑදුවේය.

විජය නන්දසිරි අලූතින් නාට්‍යයක් නිෂ්පාදනය නොකරන්නේද යන්න ඒ පැනයයි.

”ඇත්තම කියනව නම් මමත් ඔය ගැන හිත හිතාමයි ඉන්නෙ. පිටපත් කීපෙකුත් හම්බවුණා. හොඳ නාට්‍යයක් ලබන අවුරුද්දේ කොහොම හරි කරනව කියලා තමයි මම හිතාගෙන ඉන්නෙ.

එච්චරද? වෙන ටෙලිනාට්‍ය වල චිත‍්‍රපටිවල එහෙම රඟපාන්න ගියේ නැද්ද ලඟදි.

රඟපෑවා. රඟපෑවා... සුළඟ එෆ්.එම්, එතකොට කෝ මාර්ක් නෝ මාර්ක් කියන චිත‍්‍රපටි දෙකම ඉස්සරහට එන්න තියෙනවා. කෝ මාර්ක් නෝ මාර්ක් ෂිවගුරුනාදන්ගේ වැඩක්. එයාගෙ කිං හන්තර්, නෝනාවරුනි මහත්වරුනි වගේම මේකත් හොඳ හාස්‍යෝත්පාදක වැඩක්. මම මේකෙ රඟපාන්නෙ ද්විත්ව චරිත. එකක් දේශපාලකයෙක්. අනික වෛද්‍ය රසායනාගාරයක කාර්යාල කාර්ය සහායකයෙකුගේ චරිතයක්.
එච්චරද?

බර්මින් ලයිලි ප‍්‍රනාන්දුගෙ සඳලූතලේ කුමාරියක් චිත‍්‍රපටියේත් මං රඟපානවා. මේ චිත‍්‍රපටිය අල්ලපු ගෙදර චිත‍්‍රපටියේම දිගුවක් කිව්වොත් වඩාත් හරි. ඒ පිටපත ඇසුරින් ලියපු අලූත් පිටපතක්. මම මේකෙ රඟපාන්නෙ හියුගෝ මාස්ටර් රඟපෑව සංගීතඥයකගෙ චරිතයමයි.
එච්චරද?‘‘

”නෑ.... තව එකක් තියෙනවා ඉස්සරහට. ඒක ගිරිරාජ් කෞෂල්‍යගෙ අලූත් චිත‍්‍රපටියක්. ඒක ලබන අවුරුද්දෙ පටන් ගනීවි.....”

දැන් අපේ තරු අතර හමුවට සෑහෙන කාලයක් මිඩංගු වී තිබේ. තරු අතර වැඩි කාලයක් සිටින විට දැනෙන්නේ වැඩි උණුසුමකි. හිරුද තරුවකි. එහෙත් වාසනාවකට මෙන් මේ තරු අපේ කලා ලෝකයේ පෑයූ සොඳුරු සෞම්‍ය තරුය. ඒ නිසා කාලය ගෙවී ගියද නොදැනෙයි. විශේෂයෙන් විජය සමඟ ගෙවන කාලය අතිශයින්ම විනෝදජනකය.

‘විජය අයියාට හොඳට සිංදු කියන්න පුළුවන්. ඇයි ඒ හැකියාවෙන් ප‍්‍රයෝජනයක් නොගන්නේ?’

වේදිකාවෙන් බැසගන්නටවත් කාලයක් නැති විජයට මා මේ යොමුකළේ මෝඩ ප‍්‍රශ්නයක් විය හැකිය.

”වේදිකාවේදී චරිතවලට  ඕන වුනාම සිංදු කිව්වා. ඊට අමතරව මං සිංදු ගැන හිතුවෙ නෑ.”
එපමණකි.

ඉතින් අපි සමුගත්තෙමු.

තවත් දෙමසකට අපිට විජය හමුවන්නේ නැත.
සුබ ගමන්! ඇමෙරිකාවේදී බල්ලන් හමුනොවේවා!!!”

 

 

 



අදහස් (0)

බල්ලොත් එක්ක බැරි නිසා විජය නන්දසිරි ඇමෙරිකා යයි

නිරෝෂා ද සිල්වා Monday, 23 September 2013 06:20 AM

යර්ස් බොස් ටෙලි නාට්‍යයේ විජය නන්දසිරි මහතා කරපු චරිතය මම ආසම කරපු නිර්මාණයක්. මම තාම ආසාවෙන් නරඹනවා යුටියුබ් හරහා. ගොඩක් දක්ෂ නළුවෙක්. ඒත් මට එක වේදිකා නාට්‍යයක්වත් නරඹන්න අවස්තාවක් ලැබිලා නැහැ මේ වෙනකන්. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 16 September 2013 07:31 PM

මා කැමති මිනිසෙක් ගැන මා කැමති මිනිසෙක් ලියූ රසවත් ලිපියක් (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Thursday, 12 September 2013 08:59 AM

ලොස් ඇන්ජලිස් වලදී හමුවෙමු !!! (දී)

:       0       0

සම්පත් Tuesday, 17 September 2013 03:28 PM

කුණුහරුප වලින් මිනිස්සු හිනස්සන ටෙනිසන්ට වඩා මෙය නියම මහත්මයෙක් (අ)

:       0       0

මහින්ද Thursday, 26 September 2013 10:44 PM

බල්ලොත් එකකේ බැහැ නාට්‍යය ලොස් ඇන්ජලීස් දී බැලුවා හරි ලස්සනයි.විජය නන්දසිරි දක්ෂ නිහතමානී නළුවෙක්.ඔහුට දීර්ඝායුෂ පතනවා. (නි)

:       0       0

අනිල් Friday, 13 September 2013 06:04 PM

මිනිසුන්ගේ ලේ පිරිසිදු කළ ඔබ ශ්‍රේෂ්ට, නිහතමානී කලාකරුවෙක්!ඉදිරියේදීත් මිනිසුන්ගේ ලේ පිරිසිදු කිරීමට ඔබ හට ඉඩ හසර විවර වේවා!. (නි)

:       0       0

හේරත් Saturday, 21 September 2013 07:40 PM

ඔන්න බල්ලෝ කියනවාලු අපට බැහැ මේ ඇමෙරිකන් බල්ලොත් එක්ක කියලා. (නි)

:       0       0

ගිම්හානි Sunday, 15 September 2013 03:50 PM

හොද මනුස්සයෙක් ඔබට සුබ ගමන් .දෙවි පිහිටියි (දී)

:       0       0

ප්‍රදීප් Friday, 27 September 2013 11:55 PM

සුබ ගමන් .............. (දී)

:       0       0

නිමල් Friday, 27 September 2013 02:12 AM

මම මගේ සතුටට බැලුවේ ප්‍රෙඩී සිල්වාගේ චිත්‍රපටි පමණි. දැන් ඔබ පමණි (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 17 September 2013 04:38 PM

ෆර්නී රෝෂිනී බොහොම දක්ෂ නිලියක්. බට්ටි හි කෝසලා, ස්වයංජාත හි ආරච්චි හාමිනේ මෙන්ම මුතුපලසේ හොල්මනද අපට අමතක නොවේ. (නි)

:       0       0

චාමර Thursday, 12 September 2013 11:02 AM

ඇත්තටම මිනුස්සු හිනස්සපු සබැ දක්ෂ නළුවෙක්. ඔබ අපිට ඉතාමත් වටිනවා. මගෙනම් අසම නළුවා. ඔබට සුබ අනාගතයක්.. (දී)

:       0       0

සිරිසෝම Thursday, 19 September 2013 09:04 AM

අප සිනහගන්වන මුහුණු බලන්නට 21 වනදා එකතුවන්නට සූදානමින් සිටිනවා. ස්තූතියි (නි)

:       0       0

මුබාරක් Monday, 08 August 2016 08:23 PM

ආදරණිය විජය නන්දසිරි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

ටිරල් Wednesday, 11 September 2013 04:07 PM

ඔබට සහ සැමට සුබ ගමන්! (නදී)

:       0       0

ලලිත් Wednesday, 11 September 2013 11:18 PM

හිරු බයිට් එකට අසු නොවේවා! කියා පතමි! ඔබතුමාවත් මේකට විරුද්ධව කටයුතු කරන්නකෝ. අහිංසක කළා කරුවන්ට මෙහෙම සලකන රටක් මම මේ ලෝකෙම දැකල නැහැ. මේ වගේ කළා කරුවන් අප රටට ආඩම්බරයකි. ඔබ අප හිනස්සන තරමටම ඔබට ආයු බෝ වේවා! (අ)

:       0       0

නුවන් Wednesday, 11 September 2013 04:15 PM

මම ඇත්තටම බය උනා මේ මනුස්සයා අපට නැති උනා කියලා.(නදී)

:       0       0

අසෝක පින්නදුවගේ Saturday, 14 September 2013 10:23 AM

හැබැයි කැනඩාවේදී එක බල්ලෙක් හමුවෙන්න පුළුවන් (දී)

:       0       0

උදයංග Wednesday, 11 September 2013 04:38 PM

හොද මනුස්සයෙක්.(නදී)

:       0       0

චන්දන ගංගොඩ Friday, 20 September 2013 09:34 AM

දයාබර විජය අයියා, ඔබේ ගමනට සුබ පැතුම්. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 12 September 2013 12:07 PM

ලංකාවට ගිය පසු 'බල්ලා' කවුද කියා බැලීම සඳහා නුවර සිටකොළඹ ගියෙමි. මෙවැන්නක් අපට තිලින කිරීම ගැන සම්බන්ධ අපූරු පුද්ගලයන් සියල්ලට තුති පුද කරමි. මහජනයාට කිසිදු වැඩක් නොකර දේශපාලනයෙන් රජ වන්නට පුළුවන් මේ රටේ අද ප්‍රේක්ෂක ප්‍රතිචාර නොමැතිව වුවද 'කඩේ යන්න' පුළුවන් නම් ක්ෂේත්‍රයේ ඉහලින්ම සිටිය හැක. අද සමහර 'නළුවෝ' කඩේ යනවා පමණක් නොව කඩේ පිල මත සිට 'මාෆියා' කල්ලි සාදා ගෙන ඉතිහාසය සහ හෙළ රජවරු 'පට්ට ගසති'. ඒවා බලෙන් අපේ ඇඟේද ගසති. (දී)

:       0       0

කෙවින් Thursday, 12 September 2013 05:23 PM

ඔබ දක්ෂ නළුවෙක් (නි)

:       0       0

දුම්මලසූරිය Sunday, 15 September 2013 11:02 AM

විජය නන්දසිරි ....ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නළුවෙකි...අති දක්ෂ නළුවෙකි. .දෙපිට කැපෙන වචන නොකියා රසික හැම සිනාසයුරේ ගිල්වන්නට මනා හැකියාවක් ඇතී ඔබවන් සුන්දර රංගන ශිල්පින් අපේ රටට වාසනාවකි....රසික අපේ වාසනාවකි....දිගු කලක් නිදුක් නිරෝගිව අප සිත්තුල රජකම් කරන්නට ඔබට හේතු වාසනා වේවා........... (දී)

:       0       0

සකු Tuesday, 17 September 2013 07:08 PM

බල්ලොත් එක්ක බැරි උනත් බැල්ලියෝ එක්ක නම් කමක්නෑ (අ)

:       0       0

ප්‍රදීප් Wednesday, 11 September 2013 06:03 PM

අනිත් අයව හිනස්සන්න පුලුවන් දක්ෂ නලුවෙක්. සමහර අයට ඒ හැකියාව නෑ.(නදී)

:       0       0

රුවන් Friday, 13 September 2013 11:48 AM

විජය නන්දසිරි මහත්මයා ඔබට දීර්ඝ ආයුෂ පතනවා.හොඳ නළුවෙක් ඔබ.මේ ලිපිය දැක්කම ඇසට කඳුළු ටිකක් ආවා.හොඳ නළුවෙක් වෙනුවෙන් කොටසක් වෙන් කිරීම ගැන පුවත්පතක මම මේක අගය කරනවා.මගේ අදහස නම් අපේ අනිත් ඉන්න පරණ නළුවො ගැනත් ලිපි පළ වෙනවා නම්‍ හොඳයි.අපි එයාලා අගය කල යුතුමයි. ස්තූතියි ලිපියට. (ස)

:       0       0

ප්‍රියා Thursday, 19 September 2013 07:10 PM

මම කැමතියි ඔබව මුණගැහෙන්න (නි)

:       0       0

වරුණ Thursday, 12 September 2013 08:42 AM

හොද ආදර්ශමත් ජීවිතයක් ගත කරන මහත්මයෙක්?හොද රංග ධරයෙක් ඔහුගේ රංගන දිවියේ සුපිරිම අවස්ථාවක් ලෙස සිකුරු හතේ "මංගල ජය" කපු මහතාගේ චරිතයට පණ පෙවීම ලෙස මා දකිනවා.වර්තමානයේ ප්‍රභූ පැලැන්තියේ යයි කියා ගන්නා කලාකාරයන් නොයෙක් වරදාන ලබා ගනිමින් දේසපාලකයන්ට කඩේ යමින් කටයුතු කරන යුගයක තමන්ගේ ගමන නිහඩව සාර්ථක යන විජය නන්දසිරි කලාකරුවට මගේ භක්ති ප්‍රණාමය (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1193 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 7700 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3968 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 323 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1594 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1694 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29037 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23625 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 130 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 409 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site