ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සෑම උදෑසනකම මතුගම නගරයේ අඩුපාඩු සොයා බලමින් නගරය අලංකාරව තබා ගැනීමට උනන්දුවක් දැක්වයි.
සිකුරාදා (19) උදෑසන පෞද්ගලික බස් රථයක් රථගාලයේදී පණ ගැන්වීමට නොහැකිව තිබියදී අමාත්‍යවරයා රථය තල්ලු කරන්නට උදව් දුන්නේය.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සෑම උදෑසනකම මතුගම නගරයේ අඩුපාඩු සොයා බලමින් නගරය අලංකාරව තබා ගැනීමට උනන්දුවක් දැක්වයි.
සිකුරාදා (19) උදෑසන පෞද්ගලික බස් රථයක් රථගාලයේදී පණ ගැන්වීමට නොහැකිව තිබියදී අමාත්‍යවරයා රථය තල්ලු කරන්නට උදව් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොද ඇමති තුමෝ ඔය ගමන්ම බලන්න මතුගම අවට පාරවල් කියක්නම් අබලන්ද කියල. මිනිස්සුන්ට යන්න බැරි තත්වයේ තියෙන පාරවල් ටික හදල දෙන්නකෝ. ගොඩක් පින් සිද්ද වෙනවා. (දී)
මුලින්ම ලංගමයේ සිදුවන දුෂණය නැති කළ යුතුයි. සමහර බස්වල ටිකට් දෙන්නේ නැහැ. කොහොමද ඉතින් ලාබ ලබන්නේ? නිතරම මේවා පරීක්ෂා කළ යුතුයි. ජනතාවට හොද සේවයක් වගේම මේ බස් සමාගම දියුනු කරන්න කටයුතු කළ යුතුයි. හොරකම නැතිකළ යුතුයි (නි)
ලංකවේ මිනිස්සු කම්මැලියි. නිකන් ඉදන් හැමදේම කරන්න බලන්නේ. මහන්සිවෙලා වැඩකරන්න කාටවත් ඕනෑකමක් නැහැ. එකමුතුවෙන් එකා වගේ වැඩ කරනවා නම් මේ රට හොදට දියුනු කරන්න පුලුවන් (නි)
මුලි කමදේ මහන්සිවෙලා වැඩ කිරීමයි පඩිය ගන හිතන්න එපා වැඩ ගැන හිතන්න එක තමයි දුනුවේ රහස අවංක වෙන්න තමාට (අ)
අවංක චේතනාවකින් වැඩක් කරනවා නම් අපිත් ඒ පැත්තේ (නි)
මෙයා තල්ලු කරන්නේ කෝච්චි විතරක් නෙවෙයි (අ)
කාගෙද දන්නෙ නැහැ බස් එක. නේද? (නි)
ඔය පැත්තේ මගේ යාළුවෝ ඉන්නවා. ඔවුන් වුනත් කියන්නේ එතුමා හොද කෙනෙක් කියලයි (නි)
මේක ඔබතුමාගේ එකක්ද ඔය උත්සාහය ලංගමටත් ටිකක් හරි දුන්නනම් කොච්චර වටිනවද? (අ)
සිල්වා, මම ඔයාගේ කීමට එකගයි, අපේ මිනිස්සු මහන්සි වෙන්න කැමති නැහැ ඇඟත් බේරන්, ජානුත් බේරන්,ගොඩින් එකේ වැඩ ටික කර ගන්නේ (අ)
ලංගම,කියන්නේ දේසපාලන පක්ෂ වලට පෝස්ටර් අලවපු ගෝලයන්ගෙන් පිරිණු ආයතනයක්.වැඩිපුර ඉන්න සේවකයන් අයින් කල යුතුයි.මුලු රටේම බස් ඩිපෝ එකවරට බදාගෙන වැරදි පරීක්ෂා කරන්න බැහැ.හැම මස තුනකටම සැරයක්,එක ඩිපෝවක් ගානේ එය කල යුතයි.පුද්ගලික බස් රථවල "කොන්දා " යන මාර්ගය, නවතන නගර මහා හඩින් කෑගහලා ටිකට් විකුනනවා.ලංගම සේවකයා එයම නොකරන්නේ මොකද කියාලා සොයා බැලිය යුතයි.මා මෙයින් අදහස් කරන්නේ,ලංගම කොන්දොස්තරත් එයම කලයුතු කියන එක නොවේ.එයින ඔප්පු වෙන්නේ සේවකයා, ආයතනයට කොපමණ හිතවත්ද යන්නය.දේසපාලන ගැත්තන්ට හා යුනියන් වලට බයේ, ලංගම කවදාවත් නගා සිටුවීමට බැරිය.පව් මහජන සල්ලි.(අ)
සිල්ලර වැඩත් කරනවා ..(අ)
හොද වැඩක් .කෙලින් කතා කරන කෙලින් වැඩ කරන ඇමතිවරයෙක්. (අ)
හුගක් අය පලකරන අදහසක් තමයි, අපේ ජනතාව හරි කම්මැලි ජාතියක් කියලා.ලෝකේ ඕනෙම රටක සාමාන්‍ය මිනිහෙක් මහන්සිවෙලා වැඩකරන්න කැමති නැත. එම රටවල,කළමණාකරන අය සේවකයාගෙන්, පඩියට සරිලන උපරිම ලෙස වැඩ ගන්න දන්නවාය.ඒ උසස් නිලදාරීන්, එම විෂයන් හදාරා,පරිපුරන පළපුරුදු අයයි.අපේ ලාබ නොලබන ආයතන සදහා දියුණු රටවලින් ඒ විෂය බාර දැනුවත් නිලදාරීන් මෙරට ගෙන්වා අපේ උසස් නිලදාරීන් හා විෂය බාර ඇමැතින් නැණවත් කල යුතුවේ.හැබයි අපේ අය එම රට වලට යවා එම දැනුම හරියාකාරව ලබාගන්න පුලූවන් කමක් නැත.එයට හේතුව නම් ,අපේ ආයතනවල ඇති දුර්වලතා එම උගත් අය විසින්ම අවබෝදකරගෙන එයට පිළියම් යෝජනා කලයුතුය.එම යෝජනා සම්බන්දව සාකච්චා කල යුත්තේ ඒ විෂය බාර ඇමතිවරයා සමගය.(දී)
මේ තල්ලු කරන්නේ කාගේ බස් එකක්ද? බස් එක නැවතුනාම තල්ලු කරන්න කිසිවෙක් හිටියේ නැද්ද? කව්රු හරි පණිවිඩයක්වත් යවලද? (නදී)
ෆොටෝ ගත්තේ කාගේ ගෝලයෙක්ද ?(නදී)
"අවංක චේතනාවකින් වැඩක් කරනවා නම් අපිත් ඒ පැත්තේ" ඒ කියන්නේ බස් තල්ලු කරන පැත්තේද? (නදී)
අපෝ ඔය තල්ලු අපි ඕනා තරම් දැකලා තියනවා. බස් තල්ලු කලාට පාඩු නැහැ. එයින් එන ආදායමත් තල්ලු වෙන එක තමයි දුක.(නදී)
මම නම් මේ දේවල් වලට කැමති නැහැ (නි)
කලිසමක් ඇදගෙන උන්නා නම් තමයි අද කාලේ අපේ කෙල්ලෝ වුනත් ලඟට ඇවිත් උදවුවක් දෙන්නේ. මොනවා වුනත්, ලංකාවේ ඇමති කෙනෙක් බස් එකක් තල්ලු කළා කියලා හිතන්නවත් පුලුවන්ද, මෙහෙම ඇහින්ම නොදැක්කා නම්? (නි)
වෙල්ගම ඇමතිතුමා නිතරම ඉන්නේ සාමන්‍ය ජනතාවත් එක්ක (නි)
මෙවැනි ආදර්ශ ඉතාමත් අගය කළ යුතුයි. එලෙසම අනිත් දේශපාලයනය කරන මැතිතුමාලත් අනුගමනය කළ යුතුයි. දේශපාලනය යනු රටට සේවයක් කරනු විනා මැරකම් ජඩකම් සල්ලි හම්බුකරගෙන ජීවිත ගොඩ නගාගන්නා දෙයක් නොවේ. ඉසසර අපේ රජතුමාලත් වෙස්වලාගෙන රට ඇතුලට ගියේ මහජනයාගේ දුක සැප බැලීමට හා ඔවුන් තමන් ගැන කුමන ආකල්පයකින් බලනවද කියා පිරික්සිමටයි. (නි)
මෙයා තල්ලුවට දක්ෂයා.(නදී)
අගය කල යුත්ත අගය කරන්න ඕනේ. ආන්ඩුවේ දේශපාලුවන් වැඩි පිරිසක් කරනුයේ ඒ.සී කාමර වලට වෙලා පුටුව රත් කරන එකයි. ඒ දේසපාලුවන් නිසා ආණ්ඩුව මෙන්ම රටේ ජනාධිපතිවරයා පවා මහත් අපහසුතාවයන්ට මුහුන දෙනවා. එවැනි දේශපාලුවන් අතර මෙවැනි රටට වැඩදායි මහත්වරු පිරිසකුත් ඉන්නවා. රටට වැඩක් කල යුතුයි කියන ආකල්පයේ කටින් නැතිව තමාම කරලා පෙන්වන මෙවැනි ඇමතිවරු රටට සමිපතක්. මම දැකලා තියෙනවා පොදු බස් රථයේ සහ දුම්රියේ මෙම ඇමතිවරයා ගමන් කරනවා. ඔබ වැනි තව ඇමතිවරු ලක්මවට තවත් බිහි වෙන්න කියා පතනවා.(නදී)
කුමාර වෙල්ගම කියන්නේ හොඳ ඇමතිවරයෙක්. අනික් අය වගේ නෙමෙයි. ඔහුව අගය කල යුතුයි.(නදී)
මෙවන් අය අගය කළ යුතුය. (දී)
හිතාගන්න පුළුවන් නේද පුද්ගලික බස් වල තත්ත්වය? (දී)
ඔහු හිත හොද පුද්ගලයෙකි. (දී)
ඇමතිතුමා,ඔහොම නම් බැහැ හොදේ. ටිකක් බර දාලා අල්ලන්න වෙයි ඔය පරණ බස් (දී)
හොද ආදර්ශයක් (දී)
ඇමතිතුමා චීනෙන් හරි බස් ටිකක් ගෙනල්ලා ලංගමට තල්ලුවක් දුන්නා නම් තමා හොඳ. ඔබතුමාගේ වැඩේ හොදයි. අපි බලපොරොත්තු වෙන්නේ යුරෝපේ නගරයක් වගේ වතුර මල්,උද්‍යාන වලින්,මලින් පිරුණු ලස්සන නගරයක්. (දී)
ඇමතිතුමාත් තල්ලු කරන එකේ බලන්නකෝ සමහරු නිකන් බලාගෙන ඉන්න හැටි (දී)
උදවුවක් නොකර නිකම් බලාගෙන ඉන්නේ කවුද අර? (දී)
ඇමතිතුමා ගේ බස් එකක් ද ?(නදී)
ස්ටැන්ලි මහත්තයෝ නිකං බලාන ඉන්න කෙනෙක් නෙවේ එයත් තල්ලු කරන්න ඇති. ඡායාරූපයට ඇමතිතුමාව වැහෙන හින්දා අයින් වෙන්න ඇති.(නදී)
මේක කොළඹ මතුගම ඒ සි එකක් නේද? ඕක තල්ලු කරපු එකේ ඔකේ ඇතුලත් බැලුවනම් මොකද වෙන්නේ? ඕක මහා අබලන් බස් එකක්.(නදී)
ඔබතුමාම සහභාගි වුන එක හොදයි (දී)
ප්‍රසිද්ධියට නේද මේවා.(නදී)
ඇමති තුමාට පුළුවන් නම් ලංගමට තල්ලුවක් දෙන්න මීට වැඩ ගොඩක් වටිනවා (දී)
ඡන්දය ලගදීම තියෙනවද ? (නදී)
කොහොමත් ශක්තිමත් කොල්ලෝ ඉන්නවා ලංකාවේ. (දී)
ඇමතිවරුන් අතරින් මම සැබෑ වෙනසක් දකින ඇමතිකෙනෙක් (දී)
අපිට තියෙන්නේ තල්ලු බස්ද? මග හිටින කෝච්චිද? ඔය ණය ගන්න එකේ සුපිරි බස් ටිකක් ණය වෙලා හරි දාන්නකෝ. ජපන් බස් නම් හොදයි. (දී)
කවුද දන්නෙ නැහැ මේ වාහනේ එළවන්නේ? (දී)
දැන් අපේ ඇමතිතුමාලා, මන්ත්‍රීතුමාලා ඉස්සර වගේ නෙමෙයි. බොහොම සමාජශීලියි. සමහර කට්ටිය ගම් වලට ගිහින් අමුඩේ ඇදන් කුඹුරේ හානවා, ගොයම් කපනවා... එයාලට වුනත් පෙනෙනවා ඇති අපේ රටට වෙලා තියන වින්නැහිය. අපි අපේ ඡන්දේ එතුමන්ලා වෙනුවෙන් පාවිච්චි කරමු (දී)
මෙයා කරන්නේ මේවා ......නියම විහිළු කාරයෙක් (අ)
ඉතාමත් නිහතමානි ඇමතිවරයෙක්. ඔය වගේ ගොඩක් සමාජශීලී වැඩ කරනවා.කෝච්චි වල හිටගෙන පවා යනවා.අලුතෙන් බස් එකක් දැම්මොත් ඒක මුලින්ම එලවාගෙන යන්නෙ ඇමතිතුමායි, මිනිස්සුත් දාගෙන. (නි)
ඔය නිහතමානීකම හැමදාම තියාගන්න ඇමතිතුමනි. (නි)