ලබන සිකුරාදා (5) වන විට නියමිත බස් ගාස්තු වැඩිවීම ලබා නොදුන්නොත් ලබ සතියේ සිට දීප ව්‍යාප්ත බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (3) තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව පසුගිය පළමු වැනිදා බස්ගාස්තු වැඩිවීම ලබා දීමට නියමිතව තිබූ බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් කාරයින්ට නම් කිසිම සහනයක් දෙන්න එපා. ඔවුන් ඉතා අසාදාරනයි. මෙවෙලේ බස් ගාස්තු වැඩි කලොත් මිනිස්සු රජයට ඡන්දෙ දෙන එකකුත් නැහැ (නි)
මහජනතාව ඉතා අසරණයි. ගැමුණුලා බස් ගාස්තු වැඩි කිරීම වසරකට කිහිපවරක්ම කරනවා. නමුත් සේවාව නම් අන්තිමයි. (නි)
සාධාරණයි නේ
දැන් කාපු ඒවා දිරවන්නේ නැතුව ඇති (අ)
මෙහෙම ගියොත් (අපිව බලා ගන්න කවුරුවත් නෑ නේ ) මාසේ අන්තිමට ගන්න පඩිය මේ අයට දීලා අත් බැදගෙන ඉමු.(නදී)
විදුලි බිල වැඩි කලේ විදුලි බිල මණ්ඩලය පාඩු නොලබා පවත්වාගෙන යාමට , ඒ වගේ පෞද්ගලික බස් ගාස්තුත් ඔවුන් වැඩි කරන්න බලන්නේ ඔවුන්ට නඩත්තු වියදම සහ තෙල් වියදම අසීමිත ලෙස ඉහල යාම නිසාය. මේ වියදම හැම කෙනෙක්ම දැරිය යුතුයි.(නදී)
වෙල්ගම මහත්තයෝ, බස් ගැමුණුගේ හුලන් බහින්නත් එක්ක අවිස්සාවේල්ල පැත්තට තව කෝච්චි දෙක තුනක් වැඩිපුර උදේට සහ හවසට දාන්න. (නි)
ඔය පුද්ගලික බස් සේවා නවත්වල ඉස්සර වගේ ලංගම බස් සේවයෙන් ගමනාගමනය කරන්න බැරිද? මේක තනිකර මාෆියාවක් වගේ නේද?(නදී)
අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකළේ කියලා වැඩිවුණ දේවල් බස් හිමියන්ටත් පොදුයි.බස් ගාස්තු වැඩි කළ යුතුයි. නඩත්තු ඉහළයි (නි)
සේවාව අන්තිමයි. ගානනම් කොහොමහරි වැඩිකරගන්නවා.(ස)
වර්ජනය කරන්න කියන්න. ලීසින්ග් එක ගෙවාගන්න බැරිව බස් එක උස්සපුවම කාටද පාඩුව? අනික ඩීසල් රුපියලකින් වැඩි උනාම බස් ගාස්තු රුපියල් 2 කින් වැඩි කරන එක සාදාරනද? (නදී)
කාන්තාවනි, බස් වර්ජන ඇති වුවහොත් එවැනි අවස්තාවලදී ඔබව අපහසු තාවයට පත්කරන අශීලචාර කාමාතුරයන්ට ඉඩ දෙන්න එපා.(ස)
ඇත්තටම තෙල් මිල ගොඩක් වෙඩි වෙලා නිසා බස් හිමියෝ ගොඩක් පාඩු ලබනවා. මහා ජනතාව ඒ ගැන හිතනවා වගේ ඒ අය ගැනත් හිතන්න. මේ බස් හිමියාගේ වරදද නැත්තම් දැන් ආණ්ඩුවේ වරදක්ද ඇත්තටම තෙල් මිල වැඩි බව දැන්නේ නෑ වගේ ආණ්ඩුවට කඩේ යන්න එපා.(නදී)