ටිකට් නොදී ධාවනය කළ බව කියන ඇල්පිටිය-මාපලගම ලංගම බසයක් පරීක්ෂා කිරීමට ගිය ටිකට් පරීක්ෂකවරුන් තිදෙනකුට පහර දී බසය ද අතරමග දමා කොන්දොස්තරවරයකු හා රියදුරකු පලාගොස් ඇතැයි පොලීසිය කියයි. පහරකෑමට ලක්වූ බව ටිකට් පරීක්ෂකවරුන්ගේ පැමිණිල්ලට අනුව නාගොඩ පොලීසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගමය ඔහොමම තියෙද්දී ,තව දේශපාලනයෙන් තොර ආයතනයක් ගමනා ගමනය සඳහා හදන්න. දුම්රියටත් එවැනිම ආයතනයක් හැදුවොත් හොඳයි. (ස)
මේ වගේ අය රැකියා වලට ගත්ත අයත් මේවට වගකියන්න ඕනෑ (නි)
අද රජයේ ආයතනවල ඇතැම් ඉහල - පහල කපටියෝ රාජකාරිය පිළිබඳ රැකිය යුතු ප්‍රමිතිය පැත්තකට විසි කරලා කොමිස් ගැහිල්ලේ , පගා ගැහිල්ලේ, මහජන මුදල් වංචා කිරීමේ, අහිංසක විශ්‍රාමිකයාගේ වැටුප කොල්ල කෑමේ ආදී වූ මෙකී නොකී හැම වංචාවක්ම ඉහලම ප්‍රමිතිය ආරක්ෂා කරගනිමින් කරන්නට පෙළඹීම සාමාන්‍යකරණය වෙලා. (ස)
චමින්ද, මම නම් කවදාවත් හිතුවේ නැහැ ඔය කියන සර්ප නම තියන පරීක්ෂකවරයා කිසිදාක දුෂණයට නැඹුරු වෙයි කියලා. නමුත් ලංකාවේ සිද්ධ වෙන දේවල් වල හැටියට ඔබ කියන දේ ඇත්ත විය හැකියි. (ස)
සෑම්,පහු කාලයක මම ලංගම කොන්දොස්තර කෙනෙක්ගෙන් ඇහැව්වා ඔය සර්ප නම තියෙන ටිකට් පරීක්ෂකවරයා ගැන.කොන්දොස්තර කිව්වා,පස්සේ,පස්සේ මිනිහත් කොන්දොස්තරලාගෙන් ජරාව කන්න පුරුදු වුණා කියලා. (ස)
දෙන්න අල්ලලා උල තියන්න ඕන. (ස)
උඩ ඉඳන් පහලට එක එක මට්ටම්වලින් පුළු පුළුවන් විදිහට ගතමනාවක් ගහගන්න එක අද ලංකාවේ කොහෙද නොවෙන්නේ? (ස)
ඇසුවේ දශකයේ ලංගම ප්‍රධාන ට්කට් පරීක්ෂකවරයාව මතක් උනා. එයාව හැඳින්වුයේ විසකුරු සර්පයෙකුගේ නමින්. එයා එක්ක මේ වගේ සෙල්ලම් බැහැ. එයා යම් පළාතකට ඇවිත් ටිකට් චෙක් කරන්න පටන් ගත්තොත් මුළු පළාතේම ඉන්න ලංගම රියදුරු කොන්දොස්තර විතරක් නොවේ ඩිපෝ මැනේජර්ලා හිටන් බයවෙනවා. කොටින්ම එයා එක්ක ටිකට් චෙක් කරන්න යන අනික් පරීක්ෂක වරුන් හිටන් පුදුම සැලකිල්ලක් තමන්ගේ ලොක්කාට තියෙන්නේ. (ස)
බස් කාරයෝ ඔහොම තමයි. (ස)
පොලිසියට ගහන එකේ ඕක මොකද්ද? (ස)
ඔන්න ජනතා සේවය,...කෙලින්ම අරයගෙ ගෙදරටම ගිහින් වගේ, පරික්ශකවරු මට්ටු කරන්න,, ඉතින් ජනතා සේවය දියුණු වන්නේ කෙසේද?........(ස)
මේ රටේ හැමදාම හැම තැනම සිද්ධවන අති දැවැන්ත මූල්‍ය වංචාව වන රුපියල් 9 ටිකට් එකට රුපියල් 10 ක් ගන්නා මහා හොරකම ගැනත් බලධාරීන්ගේ ඇස් යොමු වෙවා. (ස)
ලංගමට හරි වෙලාවට පඩි නොගෙවන කොට ඔවුන්ගේ ළමයින් බඩගින්නේ ඉන්නකොට වෙන මොනවා කරන්නද ? (ස)
ඔව් මාසේ අන්තිමට වැටුප දෙන්නේ නැතිව තව මාස දෙක තුනක් ගිහිල්ල දීල හරියනවද? මිනිස්සු කන්නේ බොන්නේ නැද්ද? ගෙවල් කුලී විදුලි බිල් ඔයාද ගෙවන්නේ. (ස)
බස් කාරයෝ හදන්න කලින් බස් සමාගමේ අයට ගහන්න ඕන. අර ගැමුණු විජේරත්න බැලුවොත් බයිල ගහන්නේ. (ස)
අපේ දේශ පාලකයන් පෙන්වා දීපු විදියට අද සමාජයේ හැමෝම වැරැද්ද කරලා වැරැද්ද නවතන්න ආපු මිනිහට ගහන එකනේ කරන්නේ. (දී)
ගම්පහා රාගම මාර්යෙත් ටිකට් නොදී ධාවනය කරනු ලබයි. පාන්දර හා රාත්තිරීයේ බස් වල(දී)
බස් චෙකර් ල ඉන්නේ ටිකට් බලන්න විතරද? (ස)
ලංගම බංකොලොත් වෙන එක අහන්නත් දෙයක්ද මේ වගේ රියදුරු කොන්දොස්තර මහත්තුරුත් එක්ක ආයතනය පාලනය කරනකොට. මාසේ අන්තිමට වැටුප් ගෙව්වේ නැහැ කියල වැඩ වර්ජනයත් කරාවි. (ස)