IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘බස් පරීක්ෂණෙන් නිදහස්‘

මැතිවරණ සමයේ දේශපාලනඥයකුට පාසල් බස් රථය දුන් බවට චෝදනා එල්ල වූ කොළඹ අශෝක විද්‍යාලයේ හිටපු විදුහල්පති නැවතත් එම තනතුරට පත් කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

මෙම විදුහල්පතිට එරෙහිව අශෝකයේ ගුරුවරුන් විරෝධය පළ කළ බවත්, ඒ අවස්ථාවේ පාසලට පැමිණි හිටපු පළාත් අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් විද්‍යාලයයේ වැඩ ආවරණය කිරීමට කොළඹ කලාපයේ අතිරේක අධ්‍යක්ෂ පත් කළ බවත්, අද (19) නැවතත් ඉවත් කළ විදුහල්පති පත් කර ඇති බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පළාත් අධ්‍යාපන ලේකම් ටී එස් කොඩිකාර මහත්වරු ඇතුළු පිරිසක් අද (19) සවස එම විද්‍යාලයට ගොස් ගුරුවරුන් පිරිසක් සමග සාකච්ඡාවක් ද පැවැත්වූහ.

ස්ටාලින් මහතා කියනුයේ එම සාකච්ඡාවට සහභාගී වූයේ ගුරුවරුන් ටික දෙනකු බවයි. හිටපු විදුහල්පති පත්කිරීමට යන බවට වූ ආරංචිය නිසා බහුතරයක් ගුරුවරුන් එම සාකච්ඡාවට නොසිට පිට වී ගිය බව ද ඔහු කියයි.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ටී එස් කොඩිකාර මහතා පැවසුවේ ගැටළුවක් මතු වූ නිසා මීට පෙර එම විදුහල්පති තාවකාලිකව වෙනස් ස්ථානයකට අනියුක්ත කළ බවයි.

ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී වරදක් ඔප්පු නොවූ නිසා නැවතත් ඔහු එම විද්‍යාලයටම පත් කළ බවත්, අද (19) ගුරුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේ දී එම විදුහල්පතිට විරෝධයක් මතු නොවූ බවත් කොඩිකාර මහතා කීවේය.

 



අදහස් (0)

‘බස් පරීක්ෂණෙන් නිදහස්‘

සත්‍යපාල Tuesday, 20 May 2014 01:24 PM

වැඩේ වැරදියි. මෙතුමාට වහාම ක්‍රියාත්මකවන පරිදි ජාතික පාසලකට උසස්වීමක් දෙන්න එපාය ! (ස)

:       0       0

ඉලේපෙරුම Tuesday, 20 May 2014 08:41 AM

චෝදනා එල්ල වුණ බව අැත්ත වුවත් චෝදනා ඔප්පු නොවුණා නම් නැවත සේවයේ පිහිටවිය යුතුයි (නි)

:       0       0

ටෙනිසන් Monday, 19 May 2014 06:58 PM

බස් එක දුන් නිසා නැවත ඔය පුටුවේ වාඩිවුණා. නැත්නම් මොනවා වෙයිද කියලා සැකයි. (නි)

:       0       0

චමල් Tuesday, 20 May 2014 10:33 AM

බස් එක දුන්නේ දේශප්‍රේමී පැත්තේ එක්කෙනෙකුට නේද? එහෙනම් කොහොමත් නිදහස්. (ස)

:       0       0

ෂෙරිෆ් Monday, 19 May 2014 09:16 PM

ටෙනිසන් අයියාගේ කතාව හරි (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 20 May 2014 11:05 AM

හොඳ වෙලාවට ආණ්ඩු පක්ෂේ දේශපාලක කෙනෙකුට බස් එක දුන්නේ. නැත්නම් විශ්‍රාම වැටුපත් අහිමි කරගෙන ගෙදරම තමයි යන්න වෙන්නේ. (ස)

:       0       0

සමන්ත Tuesday, 20 May 2014 11:27 AM

මෙතුමා ගැන කියනව නම් ගොඩක් දේවල් තියෙනවා කියන්න. මොකද හොරාගේ අම්මගෙන් නේ පේන අහල තියෙන්නේ. ඔක්කොම එකයි! අපරාදේ හොඳ ඉස්කෝල ටික... (ස)

:       0       0

අසෝක Monday, 19 May 2014 10:48 PM

හොඳම ප්‍රතිඵල තියෙන අශෝක විද්‍යාලය ජාතික පාසලක් කරන්න ඇමතිතුමා කටයුතු නොකරන්නේ ඇයිද කියලා මුළු රටමස දැන ගනීවි ලඟදීම (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3785 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2769 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3554 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3256 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 722 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1409 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36123 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24135 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site