මැතිවරණ සමයේ දේශපාලනඥයකුට පාසල් බස් රථය දුන් බවට චෝදනා එල්ල වූ කොළඹ අශෝක විද්‍යාලයේ හිටපු විදුහල්පති නැවතත් එම තනතුරට පත් කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
මෙම විදුහල්පතිට එරෙහිව අශෝකයේ ගුරුවරුන් විරෝධය පළ කළ බවත්, ඒ අවස්ථාවේ පාසලට පැමිණි හිටපු පළාත් අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් විද්‍යාලයයේ වැඩ ආවරණය කිරීමට කොළඹ කලාපයේ අතිරේක අධ්‍යක්ෂ පත් කළ බවත්, අද (19) නැවතත් ඉවත් කළ විදුහල්පති පත් කර ඇති බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පළාත් අධ්‍යාපන ලේකම් ටී එස් කොඩිකාර මහත්වරු ඇතුළු පිරිසක් අද (19) සවස එම විද්‍යාලයට ගොස් ගුරුවරුන් පිරිසක් සමග සාකච්ඡාවක් ද පැවැත්වූහ.
ස්ටාලින් මහතා කියනුයේ එම සාකච්ඡාවට සහභාගී වූයේ ගුරුවරුන් ටික දෙනකු බවයි. හිටපු විදුහල්පති පත්කිරීමට යන බවට වූ ආරංචිය නිසා බහුතරයක් ගුරුවරුන් එම සාකච්ඡාවට නොසිට පිට වී ගිය බව ද ඔහු කියයි.
බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ටී එස් කොඩිකාර මහතා පැවසුවේ ගැටළුවක් මතු වූ නිසා මීට පෙර එම විදුහල්පති තාවකාලිකව වෙනස් ස්ථානයකට අනියුක්ත කළ බවයි.
ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී වරදක් ඔප්පු නොවූ නිසා නැවතත් ඔහු එම විද්‍යාලයටම පත් කළ බවත්, අද (19) ගුරුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේ දී එම විදුහල්පතිට විරෝධයක් මතු නොවූ බවත් කොඩිකාර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් එක දුන් නිසා නැවත ඔය පුටුවේ වාඩිවුණා. නැත්නම් මොනවා වෙයිද කියලා සැකයි. (නි)
ටෙනිසන් අයියාගේ කතාව හරි (නි)
හොඳම ප්‍රතිඵල තියෙන අශෝක විද්‍යාලය ජාතික පාසලක් කරන්න ඇමතිතුමා කටයුතු නොකරන්නේ ඇයිද කියලා මුළු රටමස දැන ගනීවි ලඟදීම (ස)
චෝදනා එල්ල වුණ බව අැත්ත වුවත් චෝදනා ඔප්පු නොවුණා නම් නැවත සේවයේ පිහිටවිය යුතුයි (නි)
බස් එක දුන්නේ දේශප්‍රේමී පැත්තේ එක්කෙනෙකුට නේද? එහෙනම් කොහොමත් නිදහස්. (ස)
හොඳ වෙලාවට ආණ්ඩු පක්ෂේ දේශපාලක කෙනෙකුට බස් එක දුන්නේ. නැත්නම් විශ්‍රාම වැටුපත් අහිමි කරගෙන ගෙදරම තමයි යන්න වෙන්නේ. (ස)
මෙතුමා ගැන කියනව නම් ගොඩක් දේවල් තියෙනවා කියන්න. මොකද හොරාගේ අම්මගෙන් නේ පේන අහල තියෙන්නේ. ඔක්කොම එකයි! අපරාදේ හොඳ ඉස්කෝල ටික... (ස)
වැඩේ වැරදියි. මෙතුමාට වහාම ක්‍රියාත්මකවන පරිදි ජාතික පාසලකට උසස්වීමක් දෙන්න එපාය ! (ස)