පොල්ගස්ඕවිට හල්පිට ගෙදරකට ආ එක් දරු මවක වැසිකිළි වළට වැටී මරුමුවට පත් වුවාය.
පිළියන්දල මිරිස්වත්තේ සිට ඇය එහි එන විට ඉදිරිපස දොර වසා තිබිණි . ගෙයි පිටුපසට යද්දී ඇය මේ අනතුරට ලක් වුවාය.
ගෙහිමි කත ඒ වන විට වැසිකිළි වළේ අලුත්වැඩියාවට බාස් කෙනකු සොයා ගොස් සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසේල, නොදන්නා දේ කියන්න එපා. ලංකාවේ හොද බාස්ලා ඉන්නවා. මේ මනුස්සයා දවසට 1500 ක් අරගෙනත් හොරට වැඩ කරලා තියෙන්නේ. ඒකයි මාසෙකින් ගේ කඩා වැටුනේ.(නදී)
කතාවට අදාල නොවුනත් මටත් නම් බාස්ලා ගැන කියන්න එපා. සනුහරේම නැතිකරන්න හිතෙනවා. මම පිට රට ගියා නිවාඩුවකට ඇවිත් ඉද්දි විභාගයකට. එවිට දෙවෙනි ගෙට කොන්ක්‍රීට් ස්ලැබ් එකට සුදානම් වෙද්දී මම සතියකට ගියා. සතියෙන් එන විට කුස්සියේ පෝරණුව වහලා කොන්ක්‍රීට් දමලා, යකඩ දමන්නෙ නැතිව , කොන්ක්‍රීට් දමලා ගෙට. යකඩ හොරෙන් විකුණගෙන...? (නි)
චමීට ආසිරි පතමි. අත් වැඩ දීලා අද බී.එම්.ඩබ්ලිව්. එකෙන් යන එක ගැන සතුටයි. බාස් කෙනෙක් එහෙම උනා නම් එහෙම මොකෙන් යයිද කියලා අදහා ගන්නත් අමාරුයි. උත්සාහ වන්තයෙක් වීම ගැන සුභ පැතුම්!(නදී)
බාස් තමයි නියම බාස්. අහලා බලන්න ඕනෑම කෙනෙක් දන්නවා (නි)
බාස්ලා ගැන නම් මතක් කරන්න එපා.මට ලංකාවේ බාස්ලා කියන්නේ නයාට අඳු කොළ වගේ.අවුරුදු ගණනක් දුක් විඳලා හම්බු කරපු සල්ලි වියදන් කරේ ගේ හදන්න.ලංකාවට ඇවිල්ල ගේ හදලා තියෙන හැටි දැක්කහම බාස්ගේ සන්වරේම නැති කරන්න හිතුනා. (නි)
දිමුතු, මෙයාලා මේ ගිරව් ටික වගේ එකම දේ ගැන කියවන්නේ මේ ප්‍රවෘත්තියට දාලා තියෙන මාතෘකාව දැක්ක ගමන් හිත ඒ පැත්තට හැරෙන නිසා. (නි)
"ගෙහිමි කත ඒ වන විට වැසිකිළි වළේ අලුත්වැඩියාවට බාස් කෙනකු සොයා ගොස් සිටියාය" - මේක කියවන්න බැරි අය ඉන්නවා වගේ මෙතන බාස් කෙනෙකුගේ වරදක් ගැන කියලා තියනවද? වැසිකිළි වලක් හදන එකෙයි අනුරාධපුර ඓතිහාසික ගල් කැටයම් වලයි වෙනස තේරෙන්නේ නැති තමුන්ගේ දේටම ගරහන මිනිස්සු වැසිකිළි වල වගේ තමා.(නදී)
ගාමිණී සිරි අම්මට සිරි, දන්නා දේවල්. 999 දිත් බාස් කෙනෙක්ගේ පඩිය රුපියල් 250, මමත් ඒ කාලේ ගෝලයෙක්, දැන් බී.එම්.ඩබ්ල්වි වල ගියාට.(නදී)
නීල් රිනා දාන යෝජනා අදහස් රටක් වශයෙන් අපට ව්‍යාකූල වෙන්න නම් හොදයි. රට ගැන වපර ඇසින් බලන රාජ්‍ය නොවන සමාගමක ව්‍යාප්ති පැවරුම් වගේ අදහස්. (නි)
මේවට ප්‍රතිචාර කර කර ඉන්න ඔයාලට වෙන වැඩ නැද්ද? කාලය කා දමන්න්නෝ.(නදී)
තුට්ටුවට දෙකට වැඩ කරපු බාස්ලාට ,හොඳ වැටුපක් ලැබුනේ ගම් උදාවෙන් පස්සේ.අද අවම දෛනික වැටුප 1200/= - 1500/= අතර. හැම තැනම වැඩ බාරගන්නවා.නියමිත දිනයට එන්නෙත් නැහැ.වැඩේ මවා ගන්නවා. හරියට කරන්නෙත් නැහැ.හදිසියට වැසිකිලියට ගිය ගැබිණි මවට වෙච්චදේ පෙනෙනවා නේද ?මෙයට දඬුවම ලැබිය යුත්තා බාස් කොලුවාමයි...(අ)
මොකද මේ හැමෝම බාස්ලට බැනලා අදහස් දාන්නේ ? මේ මනුස්සයා වලට වැටිච්ච එකට බාස්ලා මක් කරන්න ද? (නි)
ලංකාවේ ඉන්න හුගක් බාසුන්නැහැලා ස්වඋත්සාහයෙන් ආපු අය. මේ අයට හොද පුහුණුවක් ලබාදිය යුතුයි. පාසලේ 8- 9 පන්තිවලදී අධ්‍යාපනයට දුර්වල අය වෘත්තිය පුහුණුවට යොමුකළ යුතුයි. මොකද මේ අයට පැයට රු. 2000.00 ගන්නේ. ගුරුවරු ගෙදරට ගෙනවිත් ඉගැන්නුවත් වැඩක් නැත. මෙම අධ්‍යාපනය හුදෙක් බාස් වැඩට සිමා නොවී සරල ගණිතය (බිත්තියකට යන ගඩොල්, ලී අඩි ගණන, සිමෙන්ති, වේලි ගණනය කිරීමට) මෙන්ම ඒ සදහා අවශ්‍ය කළමනාකරණය ඉගැන්විය යුතුයි. (නි)
නීල් රණා හරි (නි)
අසේල මල්ලී ,අද කොළඹ දිස්ත්‍රික්කයේ ඇති හින්දු කෝවිල් වගේම,කුරුණෑගල ,රම්බඩගල්ල අඩි 67,1/2 උස වැඩ අවසන් කරමින් ඉතාමත් ලක්ෂණ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිකරන ගල් පිළිමය නැරඹීමට දෙස් විදේශ සැදැහැවත් පිරිස වැල නොකැඩී යනවා. 2001 සිට වැඩ නිම කරන්නේ ඉන්දියානු කලාකරුවන්.අපේ බාස්ලා බලන්නේ වැඩේ කොහොම වුනත් දවසේ ගතමනාව අරන් මාරු වෙන්න.නීල් - රණා මල්ලීගේ කියමනත් හරි එක අතකට. (නි)
මෑත කාලයේදී කොළඹ ගංගාරාමයේ සිදුකල ගල් කැටයම් ඇතුලත්ව හැමෝම අපේ හපන්කම් කියා පම්පෝරි ගහන අනුරාධපුරයේ ගල් කණු සහිත ගොඩනැගිලි දක්වා සියලු ඉදිකිරීම්වලට ඉන්දියානු බාස්ලා ගේ දායකත්වය ලැබුණා. ඒ නිසා අනාගතයේත් ඔවුන්ගේ සහභාගිත්වය අවශ්‍යයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී ලෝකයේ බොහෝ රටවල බාස්ලා වැඩකරන ආකාරය ගැන මට අත්දැකීම් තිබෙනවා. ව්‍යපෘති සාර්ථක වීමටනම් තරගකාරී ශ්‍රම බලකායක් අත්‍යවශ්‍යයි. (දී)
ලංකාවේ වැඩ හරියට දන්නා බාස්ලා නැහැ... ඉන්නේ අද ගෝලය වැඩේ කරලා හෙට බාස් කෙනෙක් වෙන්න හදන අය. වැඩ කරනවා නෙවේ වැඩ කනවා. අනික 8:30 ට ඇවිත් 3:30 ට යනවා 1500 දෙන්නත් ඕනේ කරන වැඩකුත් නැහැ. අදාළ බලදාරීන් මේවට නිසි පියවර ගන්න. (දී)
නීල් රණ ..ඔය කොහේ ඉන්න කෙනෙක්ද කියල මම දන්නේ නැහැ.එත් දෙයක් කියනකොට මොලේ පාවිච්චි කරලා කියන්න.තමන්ගේ දනුම්මට්ටම හැම වෙලාවේම පෙන්නන්න හදන්න එපා.(අ)
ලංකාවේ බාස්ලගෙන් මේරට ගොඩනගන්න බැහැ. ඉන්දියාවෙන් බාස්ලා ගෙන්වීමටත් ඔවුන් කොන්ත්‍රාත් සේවයෙන් පසු ආපසු සියරට යැවීමටත් නීති සම්පාදනය කලයුතුයි.(අ)