ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ (2012) මේසපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත් බස්නාහිර පළාත් කණ්ඩායමේ ක‍්‍රීඩක නාමලේඛනයෙන් තමන්ගේ නම ඉවත්ව තිබීම සම්බන්‍ධව පරීක්‍ෂණයක් පවත්වන ලෙස ප‍්‍රවීණ මේසපන්දු ක‍්‍රීඩකයකු වන ඉන්දික ප‍්‍රසාද් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. මෙවර ක‍්‍රීඩා උළෙලේ මේසපන්දු තරගාවලියේ දිස්ත‍්‍රික් වටයේදී ගම්පහ දිස්ත‍්‍රික් පිල පරදවා කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම ජය ලැබීය. එහිදී තරග දෙකම ජය ගනිමින් ඉන්දික කොළඹ දිස්ත‍්‍රික් පිලේ ජයග‍්‍රාහී නියමුවෙකු බවට ද පත්විය. ජයග‍්‍රාහී කොළඹ දිස්ත‍්‍රික් පිල නියෝජනය කළ ක‍්‍රීඩකයෝ ජාතික වටයේදී බස්නාහිර පළාත් පිලට ක‍්‍රීඩා කළහ. බස්නාහිර පළාත් පිලේ ක‍්‍රීඩකයන් ලියාපදිංචි කිරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයට පැමිණෙන ලෙෂ කළ දැනුම්දීමට අනුව තමන් එහි ගිය විට තමන්ගේ නම කපා දමා වෙනත් ක‍්‍රීඩකයන් දෙදෙනකුගේ නම් සටහන් කර තිබු බවත් ඔහු පවසයි. බස්නාහිර පළාත් ක‍්‍රීඩා භාර නිලධාරීනියගෙන් තමන් මේ ගැන විමසු අවස්ථාවේදී අතපසුවීමකින් නාමලේඛනය නැතිවී ඇති බවත්, කිසිවක් කිරීමට දැන් නොහැකි බවත් ඇය පැවසු බවත් ඉන්දික පවසයි. ‘‘රොහාන් සිරිසේන, දිනේෂ් දේශප‍්‍රිය, මිලින්ද ලක්‍ෂිත, මම සහ බුද්ධික වලගම්පොළගේ නම් මෙවර බස්නාහිර පළාත් පිලට ඇතුළත්විය යුත්තේ. බුද්ධික සහ මගේ නම වෙනුවට පසුගිය වසරේ ක‍්‍රීඩා කළ සජිත් කාවින්ද සහ කුලනක හෙන්දහේව ක‍්‍රීඩකයන් දෙදෙනාගේ නම් නාම ලේඛනයට ඇතුළත්වී තිබුණා. මෙය වැරදීමකින් සිදු වුවක් බව දැනගෙන කුලනක ආවේ නැතැයි’ ඔහු පැවසීය. සිවු වසරකට පසුව බස්නාහිර පළාත් කණ්ඩායමට සුදුසුකම් ලබාගත් තමන් දස්කම් අතර සිටියදී අවසන් තරගයට ක‍්‍රීඩා කිරීමට නොහැකි වුයේ බලධාරීන්ගේ වරදින් බවද ඔහු පැවසීය. ඔහු මේ වන විට බස්නාහිර පළාත් සභා ක‍්‍රීඩා ඇමැතිට, එහි ලේකම්ට, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරියට මෙන්ම බස්නාහිර පළාත් මේසපන්දු සංගමයේ ලේකම්වරයාට ද ලිපියක් මගින් තමන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව දැනුම්වත් කර තිබේ. සාග් ක‍්‍රීඩා රිදී පදක්කම් ලාභියකු ද වන 37 හැවිරිදි ඉන්දික, වත්මන් මේසපන්දු ජාතික සංචිතයට ඇතුළත්ව සිටින අතර ජාතික තරගාවලියේ වසර අටක්ම අනුශූරයා ලෙස දස්කම් දක්වා තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත‍්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බස්නාහිර ක‍්‍රීඩකයන්ගේ ලේඛනයෙන් මේසපන්දු ක‍්‍රීඩක ඉන්දික කපා දමලා
වරුණ Friday, 17 August 2012 01:05 PM
ඕවා මොනවද මල්ලී? මේක ලංකාවනේ. හිත හදාගන්න. (නි)