මාධ්‍ය නිසි පරිදි සත්‍ය වාර්තා නොකළහොත් ශිරාණි බණ්ඩාරනායකට වූ දේ එයාලටත් සිදුවෙතියි බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා කොට්ඨාව ධර්මපාල විදුහලේ උත්සවයකදී ප්‍රකාශ කළේය.
මෙම පාසලේ ප්‍රාථමිකය පිහිටුවීමට සුළු පරිසක් විරුද්ධයි. ඔවුනට පක්ෂව ලියන මාධ්‍යවේදීන් සත්‍ය වසන් කළා. මාධ්‍යවලට අපි කියන්නේ හරියට වාර්තා කරන්න. නැත්නම් ශිරාණි බණ්ඩාරනායකට වෙච්ච දේ එයාලටත් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඡන්දය දීපු අයට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
ඔය කියන දේවල් ගණන් ගන්න එපා (ස)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑලුනේ (ස)
මොකක් නිසාද දන්නේ නෑ (ස)
බලමු කාටද ? මොනවද ? වෙන්නේ කියලා (ස)
බස්නාහිර පළාතේ, විශේෂයෙන්ම මහරගම පැත්තේ අය දන්නවා මේ වගේ කතා ගැන. (නි)
ඇයි ශිරානි මහත්තියට මොකද වුණේ කියන්නකෝ (ස)
කොච්චර හොද ඇමති කෙනෙක්ද? (නි)
අනේ අපි මෙයාලවනේ ඡන්දය දීලා පත්කරගත්තේ... (නි)
නිකන් අමාරුවේ වැටෙන්න එපා (දී)
ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ... (නි)
අපි දැන් ජීවත් වෙන්නේ ලංකාවේ නෙමෙයි උගණ්ඩාවේ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අමිල..බලාගෙන (ස)
"සත්‍ය" කියන්නේ මොකක්ද? (ස)
එතුමා ගැන කවර කතාද? (නි)
බඩුම තමා ??? (ස)
අපිට අහන්න ලැබෙන්නේ මෙහෙම කතාමනේ. (නි)
මාධ්‍යයට එහෙම කියන එක හරි නෑ නේද ? (ස)
ඇහුණා නේද? කියන විදියට නොකළොත් ඉදලා හමාරයි. (නි)
හොද වැඩේ. (නි)
මාධ්‍යට තර්ජනය කරන්න කාටවත් බැහැ (දී)
මේ අප ගෙවා දමන්නේ කුමණ හෝරාවක් ද? (ත)
පාසලක් වගේ වැදගත් තැනක කවුද මේවා කියන්නේ ? (ත)
මෙතුමන්ලා හිතන් ඉන්නේ ඔක්කොම මෙතුමන්ලාගේ කියලද? (ත)
ජනමාධ්‍යයේ වුණත් යම් සීමා තිබිය යුතුයි. ඒත් මාධ්‍ය එක එක්කෙනාට අවශ්‍ය ලෙස හැසිරිය යුතු නැහැ. (නි)
හැප්පෙන්නට ආසානම් මාධ්‍ය සමග හැප්පුණාට කම් නැත. නමුත් මෙරට දේශපාලනඥයින් නිසි පාඩම ඉගෙන ගන්නේ එදා බව කිව යුතුමය. (නි)
ඔහොම තමයි යාලුවනේ...රටකට ගිය කලක් (ස)
අනේ අනේ ඕවද ඉගෙන ගන්න දරුවන්ට දෙන ආදර්ශ ! (ස)
ගුරුතුමා මෙහෙම කියද්දි ගෝලයෝ කොහොම කියයිද ?(ස)
කමක් නැහැ. අපි ලබන පාරත් ඡන්දය දෙමු. (නි)
ලංකාවේ ඉන්න තාලේ දේශපාලකයින් ලෝකයේ කොහේවත් නැහැ. (නි)
සුරංගනාවියෝ අඩිය තියන්න බය තැන මෝඩයෝ පිනුම් ගහනවලු. (නි)
මාධ්‍ය කවදාවත් අසත්‍ය දාන්නේ නැහැ (දී)
ඒ පාසලෙත් දැන් ලොකු ප්‍රශ්නයක් නේද (දී)
මාධ්‍ය හැම විටම පක්ෂග්‍රාහී නොවී සාධාරණව වැඩ කළ යුතුයි. (ත)
ගොඩක් හොඳයි (ස)
ගිය උඩ.
මේක අනුවන කතාවක් කියලයි මට කියන්න තියෙන්නේ. (ත)
හා හා හා හෝ හෝ හෝ.... (නි)
පේනවා නේද ඡන්ද කාලෙට එන අයගෙයි දැන් ඉන්න අයගෙයි වෙනස? (නි)
තව පටන් ගත්තා විතරයි. (ත)
කැලණියේ සංවිධායක කරන්න හොදයි වගේ. (ත)
ඔක්කොම දඩයම් කරන්න ආරම්භ කළාද? (ත)
බල්ලන් බිරුවත් ගැල පෙරට යති.(කැමති කෙනෙක් තොප්පිය දාගන්නකෝ) (නි)
අර රූපවාහිනී නාලිකා කිහිපයටත් මේ තර්ජනය අදාලද? (නි)
හෙ හේ .. නොදන්නා වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් සුඟක් ඕනෙයි කිව්වලු. ම(ත)
මාධ්‍ය නිදහස නැතිකළා කියල උද්ගෝෂණය කරයි (දී)
මමනම් හිතන්නේ නැහැ මාධ්‍ය අසත්‍ය කියනවා කියලා (දී)
ජනතා ඡන්දෙන් නේද ආවේ? (ත)
මේ වගේ අයගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු නොවන්න.අනුකම්පා කරන්න. ඉදිරියේදී තීරණයක් ගන්න (ස)
ශිරාණිට නම් අගවිනිසුරු පට්ටමක් හරි තිබුණා. මේ මිනිස්සුට රජයේ රැකියා නැහැ. එලවන්න වෙන්නේ මෙලොවින් එලොවට තමයි. (නි)
ඔබතුමාට මුල අමතකයි වගෙයි පෙනෙන්නේ. (නි)
කැළණියේ සංවිධායක ධූරයට මෙතුමා හොද නැද්ද? (නි)
මින් පිළිබිඹු වන්නේ කුමක්ද? (නි)
පෙනෙන හැටියට ගෝඨාභය මහත්තයාට මුලින්ම නැතිකරන්න වෙන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න පාතාලය තමයි. (නි)
ඒකියන්නෙ ශිරාණි මැතිනියගෙන් පලිගත්ත කියන එකද? (ත)
වර්තමාන ලංකාවේ චණ්ඩි දේශපාලන ගමන කවදා නතර වේවිද ?(ස)
අනේ මෙහෙම තණ්හාවක්? (නි)
නියමයි නියමයි... (නි)
විහිළුකාරයි (ස)
මේක අනතුරු ඇඟවීමක් නොවෙයි. මේක තර්ජනයක්. (ස)
අපි මොන තරම් වාසනාවන්ත ජාතියක්ද? (ස)
මාධ්‍යට කෙවිටිලි කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා (දී)