පළාත් පාලන ඡන්දයේ සම්මුඛ පරීක්‍ෂණයට එන ලෙස ශ්‍රීලනිපයෙන් යැවූ ලිපි මාධ්‍ය ඉදිරිපිටදී ගිනි තැබූ කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පළාත් පාලන නියෝජිතයින්ගෙන් සමහරු පසුව සම්මුඛ පරීක්‍ෂණ සඳහා එම ලිපිද රැගෙන පැමිණි බව බස්නාහිර මහ අමැති ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.
එම ලිපි මාධ්‍ය ඉදිරියේදී ගිනිතබන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් ප‍්‍රබලයෙකු දී කළ බලපෑමක් අනුව ලඟ තබාගත් පිටපත් රැගෙන ඇති බව පෙනෙන්නේ යැයි ද කොළඹ 7, ශ‍්‍රාවස්ති මන්දිරයේ දී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හේ කීවේය.
ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින පිරිසක් ඉදිරියේදී පක්‍ෂ නායකත්වය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ද ඉසුර දේවප‍්‍රිය මහතා කීවේය.
ඒකාබද්ධ විපක්‍ෂයෙන් කිසිවෙක් යන්නේ නැතැයි ඩලස් අලහප්පෙරුම මහතා කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ “ඩලස් ඇමතිතුමාත් ඒ එන ගොඬේ ඉන්න පුළුවන්. එතුමා එනවාද කියා මට දැන්ම කියන්න බැහැ. එතුමාත් හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. ඒ ගොඬේ හිටි ගොඩක් අය පස්සේ අපේ පැත්තට ආවා.“ යනුවෙනි.
එසේ එන පිරිස කවුරුන්ද යන්න ගැන ඔවුන් පැමිණි පසු දැනගත හැකි බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙලා දැන් බොරු කියනවා තමුන්ගේ මොරාල් එක තියාගන්න (බ)
මොකක්ද ඔය පැත්ත. වාසි අතට පැනලා තනතුරු අරගෙන තව කයිවාරුත් ගහනවා. ඔතනින් ඉවරයි. ආයේ සැරයක් එන්න හිතන්න එපා. කවුරුත් ඔය පැත්තට එන එකක් නැහැ. (හේ)
අපේ ලොක්කට දැන් වයස වැඩියි ,(හේ)
හැමෝම හැමදාම අනාවැකි කිය කියා ඉන්න එකනේ කෙහොමත් කළේ (නි)
සම්මුඛ පරීක්ෂණ ගැන පස්සේ කතාකරන්න බැරියෑ. මුලින්ම ඡන්දය තියලා පෙන්නන්නකෝ (නි)
'හොරුත් සමග හෙළුවෙන්‘ කියන්නේ මේවට තමයි (නි)
වතුර ගලන්නේ පහළ මිස ඉහළට නොවෙයි නේද? (නි)
ඒකාබද්ද විපක්ශයේ ශ්‍රී.ල.නි.ප. කන්ඩායම කල යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධීනත්වය සහ නිල නායකත්වය තම කණ්ඩායමට ඉල්ලා පක්ෂ සාමාජිකත්වයේ මතය විමසීමට නීත්‍යානුකූලව කටයුතු කිරීමයි. (ම)