බස්නාහිර පළාත් සභාවේ 2016 අයවැය ප‍්‍රකාශය එහි මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍ය හා ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා විසින් අද එම පළාත් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
මෙවර අයවැය ප‍්‍රකාශයේ ඇස්තමේන්තුගත මුළු වියදම රුපියල් මිලියන 67,689ක් වන අතර, එය පසුගිය අයවැයට වඩා සියයට 39.53ක වැඩිවීමකි.
අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් මිලියන 27,195ක් වෙන් කර ඇත.
අඩක් නිම කර ඇති පාසල් ගොඩනැගිලි නිමකිරීම, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික්කයන්හි තෝරාගත් පාසල්වලට විදේශීය භාෂා ඉගෙනීමේ පහසුකම් ලබාදීම, විභාග ප‍්‍රතිඵල ඉහළ නැංවීම ආදී කටයුතු රැසක් වෙනුවෙන් මෙම මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් මහ ඇමතිවරයා කීවේය.
සංස්කෘතිය හා කලාව, ක‍්‍රීඩා කටයුතු, පළාත් පාලන කටයුතු, විදුලිබල හා බලශක්ති කටයුතු, පරිසර කටයුතු, සංචාරක කටයුතු සංවර්ධනය, අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු විවිධ අංශ සඳහා අයවැයෙන් මුදල් වෙන්කර තිබේ.
ප‍්‍රධාන අමාත්‍යවරයා අයවැය කතාව ඉදිරිපත් කරන අතරතුරදී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක යූ.ජෝර්ජ් පෙරේරා මහතා බාධාකාරී ලෙස හැසිරිම හේතුවෙන් එසේ නොකරන ලෙස ඔහුට කිහිප වරක්ම අවවාද කිරීමට සභාපතිවරයාට සිදුවිය.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බස්නාහිර සබේ අයවැයත් එයි
කැනඩා දිසා Wednesday, 25 November 2015 02:27 AM
ජෝර්ජ් කවදත් අසාධාරනේට විරුද්දයි ..(රේ)