අගෝස්තු 17 වැනිදා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ඇතුළු එක්සත් ජනතා නිදහන් සන්ධාන මන්ත‍්‍රීවරුන් හය දෙනාගෙන් පුරප්පාඩු වූ මන්ත‍්‍රී ධූර සඳහා නව මන්ත‍්‍රීවරු හය දෙනෙක් පළාත් සභාපති සුනිල් විජේරත්න මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ.
පසුගිය පළාත් සභා මැතිවරණයේ පරාජිත අපේක්‍ෂක ලැයිස්තුවේ වැඩිම මනාප ලබා සිටි අපේක්‍ෂකයන් පත්කර තිබුණත් ගම්පහ දිස්ත‍්‍රික්කයේ පරාජිත ලැයිස්තුවේ මධුමාධව අරවින්ද මහතාට මන්ත‍්‍රීධූරයක් නොලැබිණි.
ඔහුට පසුපසින් සිටි ඩෝල්ටන් ජානක සූරියබණ්ඩාර මහතා පත්කර තිබිණි.
කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මොරිස් විජේරත්න, සරත් සුමනසේකර, ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් කාමල් නයනකාන්ත කුරුප්පු, ප‍්‍රදීප් චන්දන පෙරේරා සහ කළුතර දිස්ත‍්‍රික්කයෙන් තෙබුවන පියනන්ද හිමියෝ දිවුරුම් දුන්හ.
බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන් වන උදය ගම්මන්පිල, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන් වන හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය නිමල් ලන්සා, ආණ්ඩු පක්‍ෂයේ හිටපු ප‍්‍රධාන සංවිධායක සිසිර ජයකොඩි සහ කළුතර දිස්ත‍්‍රික් හිටපු සන්ධාන මන්ත‍්‍රී පියල් නිශාන්ත මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.
මෙවර මහ මැතිවරණයේ දී බස්නාහිර පළාත් සභාවෙන් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් හය දෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරයෙක් ද පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර එයින් ඇතිවූ පුරප්පාඩු ස`දහා මන්ත‍්‍රීවරුන් පත්කිරීම මේ වන විට අවසන්ව තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිට උඩින් මන්ත්‍රී කෙනෙක්ගේ ෆොටෝ ගැසීම නීති විරෝධියි (ම)
ලැබෙන්න තියෙන දේ තමයි ඉතින් ලැබෙන්නේ. (නි)
මධුමාධව පවු කියලා හිතෙනවා (නි)
ඇයි අර ගේට්ටු කඩනවා කියලා ඒ දවස් වල කෑගැහුවේ.... අපිට ඒවා මතකයි (නි)
නීතිය තියෙන්නේ පරාජිත ලැයිස්තුවෙන් වැඩිම මනාපගත් පිළිවෙලට මන්ත්‍රීධුර ලැබිය යුතුයි කියලා. මේ නීතියට පටහැනි දෙයක්. මධුමාධව ඒ ලැයිස්තුවේ මුලට ඉන්නවා නම් ඔහුටයි මන්ත්‍රීකම දෙන්න ඕනෑ. මේ යන්නේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුව ගිය පාරේ. (නි)
සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි (නි)
මේකට තමා කියන්නේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. කියන්න කණගාටුයි, දැන් මේ ක්‍රියාව කොහොමද සාධාරණීකරනය කරන්නේ? මධුමාධව මහතා මා දන්නා හඳුනන කෙනෙක් නොවුණත් ඩෝල්ටන් මහතා මා හොඳින් දන්නා මගේ අසල්වැසි මිතුරෙකි. නමුත් නීතිය හා සදාචාරය අනුව මධුමාධව පත්විය යුතුයි. නැත්නම් ඉල්ලා අස්විය යුතුයි. දන්නා කෙනෙක් ඉන්නවා නම් මෙහිදී අදාළවන නීතිය පැහැදිලි කරන්න. (නි)
මහානාම මහත්තයා පිස්සු කතා කරනවා.මේ යහපාලනය. මේ විදියේ වැඩක් මෙතුවක් කිසිදු පක්ෂයකින් කරලා නැහැ කියලයි මම නම් කියන්නේ. සුදුස්සාට තැන දුන්නා (නි)
බුද්ධාගමේ හැටියට පෙර කළ අකුසල තමා. එනිසා හොඳට පින් කරන්න (නි)
යහ පාලනයී තරම තව ඉස්සරහට පෙනෙයි.(ම)
මනුස්සයෙක් වුණාම කට ප්‍රවේශම් කරගන්න ඕනෑ. තමුන්ගේ කුණු තියාගෙන අනුන්ගේ කුණු හොයන්න හොඳ නැහැ. (නි)
ගමට අසීමිතව වැඩ කොටසක් කළ එහෙත් පකෂයේම සමහර පුද්ගලයින්ගේ කෙනහිලිකම් වලින් පරාද වූ කාමල් කුරුප්පු මහාතාට පළාත් සභා මන්ත්‍රී ධුරයක් ලැබීම පැසසිය යුතුයි (අ)
යහපාලනය දෝරේ ගලයි. සුදුස්සාට සුදුසු තැන නෑ. පක්ෂග්‍රාහී තේරී්ම් (අ)
කොච්චර මනාප ගත්තත් අතට ගත්දේ කටේ දාගන්න වාසනාව අහිමි වන්නේ පෙර කල අකුසල නිසායි (අ)
දැන් ඉතින් පැදුරු පාටි එකේ කථනය කර කර මෝඩ චූන් දාගෙන ඉන්න පුළුවන්. (අ)
හොද වැඩේ.(ම)
අනුන්ගේ ගෙවල් වල ගේට්ටු කඩන්න යන්න ඉස්සර වෙලා තමන්ගේ ගෙදර ගේට්ටුව වහල යන්න කියනවනේ.
මාළුවා නහින්නේ කට නිසා මෙයාට එකමයි වුණේ (ම)
වැඩේ වැරදියි. ඡන්දදායකයාගේ බහුතර මතයට පටහැනිව කටයුතු කිරීම වැරදියි (නි)
මදුමාධවට අපි අකමැති වුණත් ඔහු මනාප වලින් ලයිස්තුවේ ඊළඟට ඉන්න කෙනා.ඔහුගේ අවස්ථාව අහිමි වීම වැරදියි.මෙවැනි දේවලට සහයෝගය දක්වමින් ප්‍රතිචාර දැමීම හෙළාදකිමි.(අ)
අන්න යහපාලනය. (අ)
ස්වාමින්වහන්සේලා පන්සලේ උන්න නම් නේද හොඳ? (බ)
ජාතිවාදීන් අපට එපා (අ)
ඉතාම වැරදි ක්‍රියාවක් මම දන්නේ නෑ එය කෙසේද කළේ කියා නීතියට පටහැනිව. යකෝ යහ පාල නයෙක් වුනානේ ...(බ)
එල්ලලා තිබෙන පින්තුර වල වෙනසක් වෙන්න ඕනි අගමැති තුමා ජනාධිපතිතුමා තැන බලන්න මහින්ද රාජපක්ෂ දැන් කුරුණෑගල මන්ත්‍රී විතරයි සියලු දේ වෙනස් වී ඇත. (බ)
එතකොට අර කුඩු වෙච්ච ලේන්සුවත් ඕකට කොහොම හරි රිංගා ගත්තා නේද? (බ)
මධුමාධවට නහින්නේ කට හින්දා අනික මිනිහට මොන සුදුසුකක්ද තියෙන්නේ ඔය තනතුරු දෙන්න අපොස සමන්න්ය පෙළත් මිනිහ පේල් . (අ)
ගිය 18 වෙනිදා අරලියගහමන්දිරය වටලනවා කිව්වේ මෙය නේද .කොහොමත් එයාගේ කට වැඩියෙි .මාලුවා නහින්නේ කට හින්දලුනේ (අ)
ලොකු දෙයක් (බ)
මෙන්න යහපාලනයේ තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය. නහි වෙරෙන වේරානි කියල නේද ආවේ..මේ විදියේ වැඩක් මෙතුවක් කිසිදු පක්ෂයකින් කරලා නැහැ..සුදුස්සාට තැන දුන්න මිසක්.එක අතකට ජාතික ලැයිස්තුව වගේම ලක්ෂ 58ක් ජනමතය 48 ට බස්සල එකත් අමු අමුවේ මන්කොල්ලකාපු එකේ මේවා මොනවද? කොහොම වුණත් මෙයා මේ යන ගමන ගොඩක් කෙට්යි කියල හොදින්ම තේරෙනවා. (අ)
දැන නම් අපිට පුදුම කළකිරීමක් තමයි දැනෙන්නේ (නි)
මධුමාධව තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නම්,ඔහු විනයවිරෝධී දෙයක් කරලා වැරදිකාරයෙකු වුණේ නැත්නම්,විනය පිළිබඳ පරීක්ෂණයක් ඔහුට නැත්නම්,ඔහුට මන්ත්‍රී පදවිය සුදුසුයි. (නි)
දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
මමත් කියන්නේ මේක අසාධාරණයි (නි)
ඔව් රජීව්, අපි මොන පක්ෂයකට සහයෝගය දුන්නත් වැරැද්දක් දැක්කම එයට විරුද්ධ වෙන්න ඕනෑ.මේ මහජන මතයට එරෙහිවීමක් ලෙසයි මමත් හිතන්නේ.මෙවැනි දේ යහපාලනයට සුදුසු නැහැ. (නි)
රජීව්ගේ හෙළාදැකීම මම හෙළාදකිමි. (නි)
රජීව්, ඔබේ අදහසට මමත් එකඟයි. (නි)