පසුගිය රජය සමයේ සිදුවූ වංචා, දූෂණ හා මිනීමැරුම් පිළිබඳ පරීක්‍ෂණ කරන්නා සේම 1989 හා 1990 සිදුවූ ජීවිත හා දේපළ හානි පිළිබඳ සොයා බලන්නට කමිටුවක් පත්කර වැරදිකරුවන්ට දඬුවම් දෙන්නැයි බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ලලිත් එල්ලාවල මහතා ගෙන ආ යෝජනාවක් අද එම සභාවේ විවාදයට ගනිමින් තිබියදී ගණපූරණය නැතිවිය.
ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ගෙන ආ මෙම යෝජනාව ගැන විවාදයට අහිර කරමින් ගණ පූරණයක් නැතැයි මතු කළේ ආණ්ඩු පක්‍ෂයේම රෝහණ අබේගුණවර්ධන මහතාය.
පසුගිය සභාවාරයේද ගණපූරණය නොමැතිවීම හේතුවෙන් සභාව අතරමැද කල් තැබුණු අතර එදිනද ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ගෙන ආ යෝජනාව විවාදයට ගනිමින් තිබියදී ගණ පූර්ණය පිළිබ`ද ප‍්‍රශ්නය මතු කළේ ආණ්ඩු පක්‍ෂයේම මන්ත‍්‍රීවරයෙකු විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න කරන්න පුලුවන්නම් වැඩේ..කාගේ කාගේත් සෙල්ලම් හෙළිවෙන්න..(හේ)
ඉතාමත් හොඳ යෝජනාවක් .(ම)
අවුරුදු 26 කට පෙර සිදුවුණ දේවල් හොයන එක හොඳයි , නමුත් අවුරදු 10ක් ම තුනෙන් දෙකේ බලයකුත් තියාගෙන ඒවා ගැන උනන්දු වුනාද ? දැන් කරන්නේ හරි ක්‍රමයට ඡන්දයේදී පොරොන්දු වුන ලෙස පසුගිය කාලේ සිදුවූ වංචා, දූෂණ හා මිනීමැරුම් පිළිබඳ පරීක්‍ෂණ කිරීමයි (බ)
යූ එන් පී කාලේ ඒවා හොයන්න කිව්වහම දර්ශනට අමාරු වගෙයි නේද? (බ)
හොඳ වැඩක්. කරලම බලමු. (නි)
1970 මැතිවරණ පශ්චාත් ඡන්ද ප්‍රතිඵලත් හොයමු. (නි)
නියමයි. අන්න කරනවා නම් වැඩ. (නි)
දහම්, පසුගිය අවුරුදු 10 ඒවා තමයි හොයන්න ඕනෑ. ලංකාවේ වැඩිම දුෂණ කාලය. එක ඕනෑම කෙනෙකුට තේරෙනවා (නි)
කමල් දන්නේ පහුගිය අවුරුදු 10 විතරයි. දූෂණය ඉහළින්ම ලංකාවට හඳුන්වලා දුන්නේ 1977න් පස්සේ. ඒ කාලේ කිවුවේ පිටරටවල ඇපල් වතු ඇමතිවරු ගත්තා කියලා. මුදල සංඛ්‍යාත්මකව නෙමෙයි ප්‍රතිශත විදියට ගත්තම තේරෙයි. දැන් ආණ්ඩුවේ ඉන්න යූ එන් පී සමහර ඇමතිවරු හිටිය හැටි සහ දැන් ඉන්න හැටි දැක්කම ඒ බව හොදට තේරෙනවා. එයාලා කවදාවත් බැංකුවලින් ණයක් අරගෙන නැහැ. එ්ත් දැන් රට පුරාම මාළිගා. (නි)