බැසිල් රාජපක්ෂ මහතා ද සැකකරුවකු ලෙස නම් කරමින් නඩු පැටලැවී ඇති කඩුවෙල අක්කර 18ක ඉඩම සහ මාතර බ්‍රවුන්ස් හිල් ඉඩම රජයට පවරා ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
කඩුවෙල ඉඩමේ පොලිස් අභ්‍යාස විද්‍යාලයයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසයි.
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවර ගන්නවා කියන්නේ යම් තක්සේරුවකට මුදල් ගෙවීමක් කරනවා කියන එක නේද?(හේ)
ඇමති තුමා ලංකාවේ ඉඩම් නඩු ගැන දන්නේ නැතුවා වාගේ (බ)
ඇත්තටම මේ රටේ ඇමතිතුමාලා හිතන්නේ ඒගොල්ලන්ට ඡන්දේ දෙන අය බබාලා කියලා. ඇත්තටම අපි බබාලද? ඊළග ජන්දෙදි සූප්පු ටිකක් බෙදුවනම් හරියට හරි (බ)
රාජිත ඇමතිතුමාට තියෙන චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිම සද්දයක් නැහැනේ. දැන් වෙලා තියෙන්නේ හොරු විසින් හොරු අල්ලන්න උත්සහ කිරීමක් .(බ)
තවත් ඩීල් එකක් වගේ නේද? (හේ)
මෙයා කියන දේ කවදද හරි ගියේ.(හේ)
මේ ඉඩම් ටික රජයට පවරා ගත්තට පස්සේ බැසිල් ඇතුළු හොරු ටික \" නිදහස් \" කරන්නට හැදුව උප්පර වැට්ටියක් මේ.(රේ)
නඩු තිබෙන සියලු ඉඩම් රජයට පවරගන්න ,එතකොට නඩු ඉවරවේවි . (ම)
එතකොට නඩුවට මොකද වෙන්නේ? මේ ඇමති හිතන්නේ මිනිස්සු මෝඩයෝ කියලද? කල්ලිය බේරා ගන්ඩ ගහන ගැට (අ)
එතොකොට මාළු අල්ලන්න ගත්ත ට්‍රෝලර් ආණ්ඩුවට ගන්නේ නැද්ද. ඒවා ගන්න සල්ලි උඩින් අපුවාද. අල්ලස් කොමිසම 10 සැරයකට වැඩියේ එන්න කියලත් ගියේ නැත්තේ අහුවෙයි කියලද.(අ)
ඒකාලේ මේගොල්ල පොලිසියේ තිබිච්ච ඉඩමුත් බලෙන් අරන් හමුදාවේ අයට දුන්න. දෙහිවල ඉඩම. අන්තිමට එකේ තිබ්බ පොලිසියේ පාසල කාලෙකට ගිහින් දැම්ම. (අ)
උතුමාණනි, ඔබේ පිල්ලි ගැහිලි මේ රටේ මිනිසුන්ට රහස් නොවෙයි. බේරෙන්න හිතාගන ජැක් ගහගන හිටියත් රටවැසියා ගෙන් ගැලවෙන්න හිතන්න එපා. සූදානම් පිට ඉන්න .. ලිප ගිනි මොළවන තෙක් ..වතුර මුට්ටියෙ ජඹී ගහන කකුළුවා වගේ! (අ)