බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් ලබන 8 වැනිදා තෙක් අද (1) යළි රිමාන්ඩ් කරනු ලැබීය.
පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම හා ඉන්පසු පළාත් පාලන ආයතනවලට බෙදා දුන්නැයි ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.
දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි ආර්.ඒ.ඒ.කේ.රණවක ද එම සිද්ධියට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක් කියන්නේ අපේ දේශපාලඥයන්ට කජු ඇට කොස් ඇට වගේ අනික මැතිවරණ වලට වියදම් කරනවා සංවර්දන වැඩ වලට වඩා. (ර)
තවම රෝහලේද? (හේ)
මෙයාට පාද යාත්‍රාව යන්න බැරි වුනා නේද?(හේ)
හා හා එහෙම කියන්න එපා, මේ බෙදලා තියෙන්නේ එයාලගේ බුදලේ නේ. (බ)
කවදාද මේ රටකාපු හොර හා මැර රැළ නීතියේ යටතට ගන්නේ?.(රේ)
යළි රිමාන්ඩ් ??? මොන රිමාන්ඩ් ද? අගේට ගෙවන වාට්ටුවට ගිහින් සැපට ඉදී. එළියේ හිටිය නම් අගේට යාවි පාද යාත්‍රාව. මේ අවනඩු ඉතින් අපි කාට කියන්නද ? (රේ)
යලි රෝහලට. (ර)
අපේ රටේ දුප්පත් පළාත්වල මිනිස්සු මැරිලා යනවා රෝහල් වලට වෙලාවට යාගන්න බැරුව. රටේ සල්ලි කජු ඇට කොස් ඇට වගේ නාස්ති කරලා තවත් මොවුන් උසාවි එන්න අරන් එන්න අර දුප්පත්, අසරණ ඇත්තටම ලෙඩවෙලා ඉන්න මිනිසුන්ට තියෙන ඇම්බියුලස්න් එකත් දෙනවා. මේවා කාට කිනන්නද. (නි)
රිමාන්ඩ් බාරයට පත් වෙන හැම දේශපාලකයකුටම සැපපහසු රිමාන්ඩ් වාට්ටු ස්ථාපිත කරනු..(රේ)