IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බැසිල් ලංකාවට එයි

(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජි කපිල)

මාස කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (5) පෙරවරු 8.16ට එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහත්වරු  ගුවන්යානයටම ගොස් බැසිල් රාජපක්ෂ මහතා  පිළිගත්හ.

අනතුරුව රාජ්‍ය ඇමති ඩී.වී චානක හා  බැසිල් රාජපක්ෂ මහතා සහ  ප්‍රසන්න රණතුංග මහත්වරු කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරත වූහ .

නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණි ගුණවර්ධන, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සහන් ප්‍රදීප් විතාන, ජයන්ත කැටගොඩ, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, තිස්සකුට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් 25ට ආසන් පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට  ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයට පැමිණ සිටියහ.

(ඡායාරූප: ටී.කේ.ජි කපිල)



අදහස් (24)

බැසිල් ලංකාවට එයි

siri Tuesday, 05 March 2024 10:27 AM

රටේ ජනතාව බහුතරයක් බඩගින්නේ .නැවත රට ගොඩගන්න ශක්තිය ලැබේවා

:       38       11

HafeelTuesday, 05 March 2024 03:24 PM

Siri, එහෙමනම්, අද රාත්‍රියේ සිට තුන් වේලම බඩ පිරන්න කන්න පුළුවන් නේද?

:       0       0

Syril Tuesday, 05 March 2024 10:32 AM

ආ උඹ ආවද හරක් පැටියා බලලා යන්න

:       9       38

අරවින්ද මොනරවිල Tuesday, 05 March 2024 10:52 AM

දැනට ජනාධිපතිවරණය පැවැත්වෙන බවට ප්‍රකාශයට පත්වී ඇත්තේ ඔක්තෝබර් මාසයේ පස්වෙනිදාටයි, ඒනිසා හයවෙනිදා පාන්දරම පළමූ ගූවන් යානයෙන් ඇමරිකාවට යන්න ටිකට් එක බුක් කරගෙනම එන්න ඇති මගේ හිතේ.

:       8       35

nimal Tuesday, 05 March 2024 11:24 AM

කපුට්ටු කාක්.................කාක්.................කාක්.................බැසිල්.....................බැසිල්.....................බැසිල්.....................බැසිල්.....................

:       6       39

ravin Tuesday, 05 March 2024 11:27 AM

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලන්සු විවෘත කිරීම අද සිදුකෙරේ රටට ආදරේටද ?10% ආදරේටද ?

:       4       27

Jayasekara Tuesday, 05 March 2024 11:50 AM

ඔය සිනහා තාවකාලික බව වැටහේවි තව ටික දිනකින්

:       3       28

sukumala Tuesday, 05 March 2024 12:09 PM

අයියා ජනාධිපති නොවුනානම් මෙය තවමත් ඇමරිකාවේ ඔය සුළු රැකියාවක් කරගෙන ඉන්නවා . වතු අයිතිකාරයා කාලෙන් කාලෙට වත්ත බලන්න එනවා වගේ මොකටද මෙය එන්නේ කියල නොරහසක් නෙවෙයිනේ . මෙන්න මේ රාජපක්ෂලා ලංකාවේ දේශපාලන පිටියෙන් සදහටම ඉවත්කරන්න මෙදාපාර චන්දෙ පාවිච්චි කරන්න මිනිස්සුන්ට මොලේ පාදෙන්න ඕනේ . මෙයා ඒකාලේ හැසුරුනේ හරියට ඇමරිකාවේ ජනධිපති වගෙයි

:       4       28

Lankabarana Tuesday, 05 March 2024 12:48 PM

සමහර ජාතක කතාවල තියෙනවා හිමාලයේ භාවනානුයෝගීන් කාලයෙන් කාලයට ලුණු ඇඹුල් සොයාගෙන ජනතාව සිටින ප්‍රදේශවලට එනවා කියලා එහෙම එනවා කියන්නේ දැන් කාලයේ හැටියට ලැබෙන කෑම බීම අනුව සතුටක් නැතුව ගියාම වෙන්න ඇති.., එහෙම කිව්වාම ඒක තේරුම් ගන්න මොළ හතක් නොවෙයි එකක් යන්තමින් තිබුණත් ඇති. ඒත් ඉතින් අසූචි ගොඩකට මැස්සෝ වහනවා වගේ වටේට එකතුවෙන නිල මැස්සන්ට නම් තමන්ගේ බඩ මිස රටක් ගැන හැඟීමක් තියෙන්න බැහැ. මම කියපු මැස්සෝ සියල්ලම කතිරය නැමැති මැසි නාශකය යොදා රටෙන්ම තුරන්කර අපේ රට නිරෝගිමත් කරන්න පෙල ගැසෙනවා නම් ඉතාමත් හොඳයි...

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 05 March 2024 12:20 PM

මේපාර නම් පැනලා යන්න දෙන්න එපා….

:       3       31

Dharmatileke Tuesday, 05 March 2024 12:26 PM

ආ ,රටේ බංකොලොත් කරපු නඩයේ එක්කෙනෙක් නේද මේ

:       5       27

anura nanayakkara Tuesday, 05 March 2024 12:28 PM

ජඩ කූට දේශපාලනයට තිත තබමු .මාලිමාවට ජය වේවා

:       13       21

BandulasenaTuesday, 05 March 2024 01:39 PM

මොන මෝඩයෝ අකමැත්ත පලකරන්න ඩිස්ලයික් දැම්මත් මේකා 2019 ට පස්සෙ රටේ විනාශය ඇතිකලා උඩයං මලයා තානාපති වෙලා රටට වංචා දූෂණ කලා එහෙම එවුන්ට නැවතත් බලය දීලා ලංකාව වලපල්ලට යවන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ රනිල් ආවත් මොවුන්ට දඩුවමක් ලැබෙන්නේ නැහැ මොකද කළගුණ සලකන්න අවශ්‍ය නිසා සජිත්ට සමගි කිව්වට පක්ෂයේ කිසිම සමගියක් නැතුව ඕක කරන්න බැහැ එහෙම නම් ඊළඟට සිටින්නෙ කවුරු වුනත් ඔහු අවම වශයෙන් 2000 ට පස්සෙ අවුරුදු 24 තුලදී රටේ දූෂණය සිදුකල එවුන්ට උපරිමයෙන් දඩුවම් දෙනවා කියනවානම් ඔහුට සහාය දෙන්න සලකා බලන්න හිතෙනවා කවුරු නමුත් පොහොට්ටුවෙ සහාය නැතුව ආණ්ඩුව පිහිටුවන්න බැහැ කියන එවුන්ගේ අදහස නම් නිෂ්ක්‍රීය කරන්නම ඕන

:       1       14

චමින්ද කුමාර Tuesday, 05 March 2024 12:42 PM

අද රටේ ජනතාව පත්වෙලා තියන දුක්බර සහ පීඩාකාරී තත්වයට කෙලින්ම වගකිව යුතු පුද්ගලයෙක්. රටේ මුදල් විනාශ වීමට අධික ණය බරක් මිනිසුන් මත පැටවීමට හේතුවුණු පුද්ගලයෙක්... වටේ ඉන්න අය ගැන නම් කියන්නම දෙයක් නැහැ. බලය අහිමි වුවහොත් වලට වැටෙන බව දන්නා නිසා අවසන් උත්සාහය දරනවා. මේ කිසිවක් මිනිසුන් වෙනුවෙන් කරන දේවල් නෙමේ. තනිකරම බලය වෙනුවෙන් කෑදරකම...

:       0       0

ranjith Tuesday, 05 March 2024 12:58 PM

69 ලක්ෂය නැවත වතාවක් අලියාට පාවාදීලා යන්න ආවේ...!

:       0       0

NAMAL Tuesday, 05 March 2024 01:01 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...!

:       0       0

NAMAL Tuesday, 05 March 2024 01:01 PM

වහල් මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘද සාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කල කල දේ පල පල දේ.

:       0       0

ගමේ එකාලා Tuesday, 05 March 2024 01:09 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ... පිළිගන්න ඒ වගේම සෙට් එකක් ඇවිත්...

:       0       0

සෙනෙවිරත්න Tuesday, 05 March 2024 01:56 PM

රාජපක්ෂ සොරමුල, එකම තැනක. මුන් එකවිටම පරාජය කරමු. වෙනස් මාවතක් සොයා යමු. උදැල්ලට ටකරමට, පියන් ජොබ් එකට, ළමය පාසැලට දෑවට, වැලිපස් පර්මිට් එකට, වී අයි පී වාහන වලින් ගියාට, පිටට තට්ටු කරාට, චන්දෙ දෙන්න එපා, කොටින්ම තමුන් දුක් විඳ විඳ මුන්ගෙ සැප විඳින්නෙ කොහොමද කියලවත් අවබෝධ කරගමු,

:       0       16

ගමේ එකාලා Tuesday, 05 March 2024 03:10 PM

කපුටා හිට් ද හෝල් කන්ට්‍රි... මෙදා සැරේ මොන ගේමක් දෙන්න හිතාගෙන ඉන්නවාද කියන්න බැහැ. දූෂිත බලලෝභියෝ?

:       0       0

achini Tuesday, 05 March 2024 03:22 PM

සෙට් එකම ගිහින් පිළිගන්න...!

:       0       0

M. SAMAN PERERA Tuesday, 05 March 2024 04:06 PM

මෙතන ඉන්නේ මහත්වරුද? මහත්හොරුද?

:       0       0

Kazi Shajahan Tuesday, 05 March 2024 04:11 PM

ඊළඟ ඡන්දෙ එනකොට මම රටින් පනිනවා.

:       0       0

Rohana Tuesday, 05 March 2024 07:12 PM

මොකට ආවද මන්දා ?ඒ පයින්ම ආපසු ගියොත් නරකද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 283 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 233 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 503 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 342 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 926 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 368 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site