ගුවන් හමුදාවේ හිටපු භටයකුගේ නායකත්වයෙන් යුත් මාල කඩන කල්ලියක පස් දෙනකු යතුරුපැදි 4 ක් හා ත්‍රිරෝදයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේසන් හා ටින්කර් බාස්ලා දෙදෙනකු සමඟ කොල්ල කෑම සඳහා මිතුරන්ගෙන් මෙම වාහන ලබාගෙන ඇති බවත් ත්‍රිරෝද රිය මේ සදහා යොදාගෙන ඇතැයි ද පොලීසිය සදහන් කරයි.
කතුන් 16 දෙනකුගේ මාලද කඩාගෙන ඇතැයි පොලීසිය කියයි.රැදවුම් නියෝග මත රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කැරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සනීප ඇති. අනුන්ගෙ දේ ගන්න එපා කියල බුදු බණෙත් කියල තියෙනවනෙ. (ස)
ටින්කර් වැඩ, මේසන් වැඩ අඩු ඇති මේ දවස්වල. අනිත් එක හිටපු භටයන්ටත් අතමිට හිග පාඩු ඇති. (ස)
දැන් හැමතැනම ඉන්නේ කම්බ හොරු. ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්න දැන් අපිටත් සැළසුම් කරන්න වෙයි වාගෙයි මට පෙනෙන්නේ. (නි)
කුමාරි,මම නම් කම්බ හොරෙක් නෙවෙයි. හැබැයි වෙන වර්ගයක හොරෙක් (නි)
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිවුවලු (නි)
කම්බා හොරෙක් කියන්නේ අති දක්ෂ හොරෙකුට. කම්බා හොරාට පුළුවන්ලු කවුරුහරි ඇඳගෙන ඉන්න කම්බායක් වුණත් හොරකම් කරන්න. මෙතන වෙලා තියෙන්නේ මංකොල්ලකෑමක්. (නි)
ඉස්සර අපේ කිරිඅම්මා ඉඳිද්දී ඇන්දා කම්බාය කියලා ඇඳුමක්. ඔය කියන කම්බා හොරුන්ටත් ඒ නම පාවිච්චි කරන්නේ ඇයි දන්නෙ නැහැ. (නි)
මෙහෙම ගියොත් නම් රටේ තත්ත්වය එන්න එන්නම භයානක වෙනවා (නි)
මේ ක්‍රියාදාමය වහා විනාශ කළ යුතුය. මාල කැඩීමට ලක්වෙන්නේ අපේ රටේ අහිංසක සහෝදරියන්ය. සමහර අයගේ බෙලි සිරිලා තුවාල වෙලා ලේ ගලනවා. පොලිසියට ගියාම කියන්නේ "මොකටද ඕව පේන්න ඇඳගෙන යන්නේ ?" කියලයි. විපතට ලක් වූ අහිංසක කාන්තාවට පිහිටක් නැහැ. මුන්ව රඳවාගෙන කොතෙක් ප්‍රශ්න කර උසාවි දැම්මත් සුළු කාලෙකින් නැවත පැමිණ ඇතුළේදී දැන ගත් තවත් උපක්‍රමද එකතුකරගෙන මංකොල්ල කෑම ජයටම කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් පවතින නීති සහ දඬුවම් වෙනස්කොට මේ ඇමිබාවන්ට බරපතල දඬුවම් දිය යුතුය. (නදී)
අරාබි දඬුවම් දෙන්න.(නදි)
රාජුන්ගේ කතාව හරි. නමුත් කම්බා හොරා කියන්නේ ගැහැණුන් රවටා සියුම් විදියට නොයෙක් දේ සොරකම් කරන ජේත්තුකාර හොරෙකුටයි. මේ යෙදුම ගැන සිංහල පාඩමේදී සාකච්ඡා කළා මතකයි. (නි)
ඇයි ලැබෙන පඩියයි මදි ද? (දී)
අපේ රටේ එන්න එන්න මොනවාද වෙන්නේ කියලා තේරෙන්නේ නෑ (දිල්)