ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි කටුගෙය කොළඹ ජාතික කලා ගාරයේදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද විවෘත කළේය.
කලා කරුවන් හා ජාතික වීරයින් 14 දෙනකුගේ ජීවමාන ඉටි රූප එහි ප්‍රදර්ශනය කෙරේ.
අතුල හේරත් හා මහීම හේරත් යන පිය පුතු දෙදෙනා මෙම කෞතුකාගාරයේ ඉටි රූප නිර්මාණ ශිල්පියෝය.
මාලනී ෆොන්සේකා ,රවින්ද්‍ර රන්දෙණිය,ඩබ්ලිව් ඩී අමරදේව,වික්ටර් රත්නායක,සුනිල් එදිරිසිංහ,මහේන්ද්‍ර පෙරේරා,මහාචාර්ය කාලෝ ෆොන්සේකා,මහාචාර්ය සුනිල් ආරියරත්න,බෘස් ලී,චේ ගුවේරා,ශ්‍රී වික්‍රම රාජසිංහ,ඇහැළේපොළ කුමාරි හාමී,මද්දුම බණ්ඩාර හා කැප්පෙටිපොළ නිළමේගේ රැව ඒ ඉටි රූපයන් හි අඹා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුල, ඔබට සහ ඔබගේ පුතාට සුබ පැතුම්. ඉතා හොඳ නිර්මාණ එකතුවක්. ඔබ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන කාලයේත් ඉතා අලංකාර චිත්‍ර ඇඳපු කෙනෙක්. නැවතත් ඔබට සුබ පැතුම් ! (දී)
මම හිතන්නේ මෙතන සියලු නිර්මාණ ඇතුළත් වෙලා නැහැ. ඡායාරූප දානවා කියලත් එච්චර ගොඩක් කොහොම දාන්නද? (නි)
සමන් රොහාන්, මේ වැඩේ මුලික පරමාර්ථය ඒක තමයි. ටික කාලෙකින් ඒවා හදාවි. කොහොම වුණත් හොඳ නිර්මාණයක්. හැබැයි හැදිය යුතුම රූප තව ගොඩක් තිබෙනවා (නි)
හොඳ වැඩක්.නමුත් ඊට වඩා කළ යුතු දේවල් රටේ තව තියෙනවා නේද? (නි)
මද්දුම බණ්ඩාර කුමාරයාගේ පෙනුම කොහොම වුණත් නිර්මාණ බොහොම වටිනවා.ඔබ දෙන්නාටම මෙවැනි දේ කරන්න තව තවත් චින්තන ශක්තිය පහළ වේවා! (නි)
අපේ ජනාධිපතිතුමාගේ එකකුත් හදන්න. එතුමත් ජාතික වීරයෙක් (නි)
මේ රුප පෙළට වීර කැප්පෙට්ටිපොළ ඉංග්‍රීසින්ට පාවාදුන් කෙනාවත් පහසුවෙන් ඇතුළත් කරන්න පුළුවන්. ඒක රටේ ළමයින්ට හොඳ දැනුමක් වේවි. (නි)
ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ගොඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා සරත්ෆොන්සේකා මහතාද ඇතුලු ජාතිකවීරයන්ද අතරට එක් කරන්න අනාගත පරපුරට දැක බලාගන්න (ස)
මිල කල නොහැකි පුදුම ලස්සන නිර්මාණ. පුංචි කුමාරයාට පුංචි මුණක් දාන්න.එංගලන්තේ ඉටිරුප කලාගාරයේ මට්ටමටම තියනවා. ඔබ දෙන්නගේ වටිනා දෑත් වලින් කරුණාකරලා දේශපාලුවන්ගේ රුප නම් හදන්න එපා.පිය පුතු දෙපල චිරන් ජයතු! (ස)
ඔය අතරට තව අපේ ජාතික වීරයන් තුන් දෙනෙක් ගේ රෑප අඩුයි. ඒ තමයි අපේ ගරැ ජනාදිපති උතුමානෝ මහින්ද රාජපක්ෂ මහතා, ගොඨාභය රාජපක්ෂ මහතා සහ මෙහි මුලිකත්වය දැරූ බැසිල් රාජපක්ෂ මහතා. (ස)
හේමන්තගේ අදහසට එකඟයි (ස)
අති විශිෂ්ටයි! ඔබ දෙපල මුළු රටටම ගෞරවයක්. (නි)
ඇත්තටම හරිම ලස්සනයි (දී)
බැසිල් මහත්තයා ටිකක් බය වෙලා වගේ මොකද කඩුව අතේ තිෙයනවාෙන් ඉටි උනත් පරිස්ස මෙන් (දී)
අර කඩේ යන කෙනාව අයින් කරලා . ජෝති ' විජය නන්දා' හරි වෙන හොඳ කලා කරුවෙක් හදන්න . (ස)
මද්දුම බණ්ඩාර කුමාරයගේ මුහුණ වහාම වෙනස් කරන්න. ඇහෙලේපොල කුමාරිහාමි මේ ආකාරයට යොදා තිබීම හරිම වැරදීයි. (ස)
මෙතනට ප්‍රභාකරන්ගේ වගේම සරත් ෆොන්සේකාගේ රූපයත් ඇතුලත් කල යුතුමයි කියල මම හිතනවා හේමන්ත කියල තියන එකත් මම හුඟක්ම අනුමත කරනවා. ළමයව කොටන එක ඉක්මනින්ම අයින් කරලා දානවනම් හොඳයි. (ස)
මද්දුම බණ්ඩාර කුමාරයට තියන්නේ නාට්ටාමි කෙනෙක්ගේ මූනක්නේ මෙතන. ලස්සන කුමාරයට නින්දාවක් මේක. (ස)
මාලිනීලා, රවීන්ද්‍රලා මහේන්ද්‍රල ගොඩේ කැප්පෙටිපොල මද්දුම බණ්ඩාර තියා පණ්ඩිත අමරදේව හෝ මහාචාර්ය කාලෝ ෆොන්සේකාවත් ගැලපෙන්නේ නැහැ. (ස)
නන්දන පනාගොඩ මිලානෝ 2014-05-09 19:55:38 යමෙකුගේ පිළිමයක් ඇයි හදල තියෙන්නේ කියල අහනවට වැඩ නැත්තේ ඇයි කියල අහන එක වඩා හොඳයි (ස)
මෙතන අනගාරික ධර්මපාල තුමා නැත්තේ ඇයි ?? (ස)
කෝ අන්දරේ නැහැ නේ (අ)
ඉතාම විශිෂ්ට නිර්මාණ ටිකක්. එංගලන්තයේ ඉටි රූප කලාගාරය වගේ. ඔබ දෙපලටම මගේ සුබපැතුම් (ස)
ජීවමානව ඉන්නවා වගේ. බලන්ඩ අපේ කලාකරුවන්ගේ ඇති දක්ෂ තාවය. අනේ ඔව්, මද්දුම බණ්ඩාර කුමරුට තියෙන්නේ මහා වයසක මූණක්. එක දැන් උනත් වෙනස් කරන්ඩ කියල මම ඉතා කරුණාවෙන් ඉල්ලනවා. එහි වටිනාකම කුඩා දරුවෙක් එම දෙය කල නිසා. එය තමා අපි පිලිබිඹු කරන්ඩ ඔනේ. මෙම කලාකරුවන්ට පිට රට වලට පවා ගොස් ඔවුන්ගේ දක්ෂතාවයන් විදහාපාන්නට අවස්ථා ලැබේවා. අපි ඔවුන්ට සෙත් පතමු. (ස)
විශිෂ්ට වැඩක්.මහාචාර්ය කළෝ ෆොන්සේකා සහ මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි විශිෂ්ටයන් හැමදාකටම ජීවමාන කිරීම.(නි)
සමහර පින්තූර වල අයට අයට පණ ආවා නම් ඉතින් කියලා වැඩක් නැහැ (නි)
මාසයකට හොඳ මුදලක් උපයන වෘත්තියක් කරගන්න පුළුවන්. ලංකාදීපෙන් ප්‍රසිද්ධියක් ලැබුණොත්. (ස)
මහේන්ද්‍ර මෙතනට සුදුසු නැහැ . අර බබාව කොටන එක අයින් කරන්න . (ස)
මෙය ඉතාමත් වටිනා කාලෝචිත කටයුත්තකි. ඔවුන්ගේ නිර්මාණ හැකියාවද ඉතාමත් උසස් තත්වයේ ඇත. එවැනි හැකියාවන් ඇති නිර්මාණකරුවන් හා එවැනි උසස් අදහස් ඇති පාලකයින්ද සිටීම ගැන රටක් විදියට අපට සතුටු විය හැකි නමුත්, ඔවුගේ අවධානයෙන් ගිලිහුනු එක් ශ්‍රේෂ්ඨ චරිතයක් ගැන ඔවුගේ අවධානය යොමු කිරිමට සිතුවෙමි. ඔහු නම් විජය කුමාරණතුන්ගයන්ය. ඔහුගේ පිළිරුවක් මෙහි නැති එක විශාල අඩුවකි. (ස)
අතුල හේරත් කලා කරුවානෙනි ! ඔබ හොඳ කලාකරුවෙක් අප රටට දායද කර දී තිබෙනවා ඒ මහීම හේරත් . මද්දුම බණ්ඩාර වීර කුමරුගේ ක්‍රියාව නීර්භීත වුනාට, සුරතල් මුහණක් වුනා නම් හොදයි. "එක කඩු පහරින් මගේ හිස වෙන් කරන්න "…ඒ හරියටම ක්‍රි.ව: 1814 මැයි 17 වෙනිදාය. රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ කුමරු නැවත අප රටේම ඉපදෙනු මැන ! ඇහැළේපොළ කුමාරි හාමී, දසුන සත්‍ය දෙයක් වුවත්. එම රාජ අන මානවර්ගයාටම අපහාසයකි. ශ්‍රී වික්‍රම රජු මුලා වු තැන ජනතාවගේ පිලිකුලට පත්වීම ආරම්භයයි. බැසිල් රාජපක්‍ෂ මැති තුමාගේ මුහුණේ වෙනසක් පේනවා කැප්පෙටිපොළ නිළමේ සහ චේ ගුවේරාගේ රුව දැකීමෙන්. අනික ඉටිපිලිමයක් කොපමණ කල් තබා ගත හැකිද? (ස)
අතුල,ඔබ ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව තෝරාගත් මාවත හුගක් ලස්සනයි,47 වෙනි ගුවන් හමුදා පාඨමාලාව වෙනුවෙන් මම ඔබගේ අනාගතයට සුභ පතනවා. (ස)
පැකර්ගේ ඉටිරුපෙත් මෙතන තියාවිද ?
මද්දුම බණ්ඩාරට තියෙන්නේ ඩග්ලස් රණසිංහගේ මුහුණ. තරමක් මෝරපු ගතියක් තියෙනේ. අවුරුදු 7 ක කුමාරයෙක් බව නොපෙනේ. (ස)
කුසුම්, ගහලයා ඈත්ත මිනිසෙක් (ස)
ලංකා පෙරේරා, මෝඩ කතා කියන්න එපා. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලොන්ට කරන්න පුලුවන්දේ. නැතුව ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් හොයන්න කියලද කියන්නේ? (ස)
මෙවැනි ස්ථාන වෙන රටවල තියෙනවා. බලන්න යන්න දහස් ගානක් ගෙවන්න ඕන. සං චාරකයෝ එනවා හරියට. අපේ රටෙත් මෙතුමල ලවා ලෝක ප්‍රසිද්ධ අයගේ ඉටි රු සහිත කලාගාරයක් හැදුව නම් හොඳයි. (අ)
ගුවන් හමුදා සේවයෙන් පසුව ඔබ අවතීර්ණ වුන මාවත හුගක් ලස්සනයි ...(ස)
මෙතන දේශපාලකයින්ගේ පිළිරූ හැදුවොත් මේ උතුම් කාර්යය දේශපාලනීකරණය වෙලා සමාජයේ පිළිකුලට ලක් වේවි.පිය පුතු දෙපලගේ නිර්මාණ හැකියාව පිළිබඳව රටේම ගෞරවය ඔවුන් වෙත ලැබිය යුතුයි.(නි)
වැඩේ නම් හොඳයි.මම නම් ජාතික වීරයන් වශයෙන් සළකන්නේ තමන්ට ලැබෙන ලාබ ,ප්‍රශංසා, තාන්න මාන්න වලට වඩා සිංහලයට,සිංහල ජාතියට ආදරය කළ අය. ඒ අනුව මෙතන ඉන්නේ ජාතික වීරයන් ඉතාමත්ම ටික දෙනයි. අනිත් අය දක්ෂයන්. (නි)
මේවා බලලා හිනාවෙලා මදි. ඔවුන්ට අතදී දිරිමත් කළා නම් හොඳයි.ලොවක් වටින ඔබට මගේ සුබ පැතුම් ....! (නි)
මෙවැනි දක්ෂයන්ට රජයේ අනුග්‍රහය ඉතා වටිනවා. (නි)
මම හිතන්නෙ මද්දුම බණ්ඩාරගෙ මූණයි, ගහලයගෙ මූණයි මාරු වෙලා. (ස)
පිටරට වල නිර්මාණ දැකලා ලංකාවේ නිර්මාණ ශිල්පීන් දෙපලක් මෙහෙම කළා කිවුවම අපටත් ලාංකිකයෝ වීම ගැන ආඩම්බර හිතෙනවා. තවත් හොද නිර්මාණ කිරීමට ඔබ දෙපලට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පතනවා. (නි)
හේමන්තගේ සහ තෙජාන්විතගේ අදහස් වලට මාත් එකගයි. පිය පුතු දෙපලගේ නිර්මාණ අගය කරමි (නි)
රවීන්ද්‍ර වෙනුවට ,විජය, ගාමිණි වැනි රටටද යමක් කල කෙනෙක් දමන්න තිබුනා. වීර මද්දුම බණ්ඩාර කුමාරයා නිකන් මොංගල් වැඩිහිටියෙක් වගේ, ළමා පාටක් පෙනෙන්න වත් නැහැ.(නදී)
ඉතාමත් අගය කලයුතු දෙයක් අසංක ගෙ අදහසක්. හේමන්තගෙ අදහසටත් ගරුකරමි.(නදී)
අගය කරන්න ඕනෑ නිර්මාණයක් (නි)
මේවා මම නම් අනුමත කරන්නෙ නැහැ (නි)
අගය කළයුතු වැඩක්. අඩුපාඩු ඉදිරියේදී නිවැරදි කර ගනීවි. (නි)
මොවුන් දෙදෙනා අති දක්ෂ නිර්මාණ ශිල්පීන් බව මොනවට පැහැදලි වේ. මෙතැනට වීජේවීරගේ ඉටිරුපයක්ද අවශ්‍ය බව හැඟේ. (ස)
හේමන්තගේ අදහස මමත් අනුමත කරනවා. කොහොම වුණත් ඇත්තටම හොඳ වැඩක්. (ස)
පුදුමයි...ඒත් ඇත්තයි! (නි)
හේමන්තගේ අදහස මමත් අනුමත කරනවා. ඒ එක්කම වදකයා නම් ඉටි රුපයක්මද කියල තාමත් මට සැකයි. ඒක ඒතරම්ම තාත්විකයි. (ස)
තව මේකේ අගය වැඩි වෙනවා විජය, රුක්මනී, නන්ද මාලනී, ඩි ස් සේනානායක, සිරිමොවෝ, ජේ.ආර්, කොබ්බැකඩුව ප්‍රසිද්ධ සේවයක් කළ මහත්ම මහත්මීන්ගෙ රූපත් මේ විදියට හැදුවනම්. (ස)
ඉතාම විශිෂ්ට නිර්මාණයක්. ඒත් මද්දුම බණ්ඩාරගේ විතරක් වයස වැඩියෙන් පෙනෙනවා. තවත් ලෝක ප්‍රකට නිර්මාණ කරන්න ශක්තිය සහ ආධාර ලැබිය යුතුයි. (ස)
කලාකරුවන්ට සුභ පැතුම්!!! හේමන්ත ඉතිහාසය වලලන්න බැරි බව ඇත්ත. නමුත් ඔබේ අදහසට ගරු කරමි. (ස)
පසුගිය දිනවල ලංකාදීප පුවත්පතේ පළවුණු කලාකරුවන්ගේ නිමැවුම් දකිද්දී මට හිතුණා.අනේ අපේ රටේ කලා කරුවන්ගේ දක්ෂතා කොයිතරම් තියෙනවද , ඇයි ඒවා අගයන්නේ නැත්තේ කියල.? ඒ සේරම දේවල් සපුරාගෙන මේ පිය පුතු දෙදෙනාගේ දස්කම් ලොවටම පෙනෙන්න කල එළි දැක්ම පිළිබද සිතේ ඇතිවෙන්නේ කියා නිම කළ නොහැකි සතුටකි. ඔවුනට ඒ සදහා නිසි ඇගයීමක් ලැබේවා! කියා මා ප්‍රර්ථනා කරනවා! (ස)
මෙවන් නිර්මාණ කරුවන් අප අගය කළ යුතුයි. මෙවන් පුද්ගලයන් රටට සම්පතක්.තව තවත් මෙවැනි දේ නිර්මාණය කිරීමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා. (ස)
හොඳ වැඩක්. නමුත් මහත්වරුනේ, මද්දුම බණ්ඩාරට වයසක පෙනුමක් ඇත. ඔහුගේ මුහුණට මීට වඩා හුරුබුහුටි මෙන්ම ළමා එකතු කළා නම් යෙහෙකි. ඇහැලේපොල කුමාරි හාමි දරුවා වංගෙඩියේ දමා කෙටීම ඉවත් කළ යුතුය. එය කාටත් දකින්න අප්‍රසන්න දසුනක් වන අතර, ඉතිහාසය විදේශිකයෙක් දැක්කොත් එය ප්‍රහේලිකාවක් වෙයි ඔවුන්ට. ඒ වගේම ගැබිණි මවක් මේ දසුන දැක්කොත් ඇයට මහත් කම්පනයක් ඇති වෙනවා නොඅනුමානය. කුඩා ළමයින්ට ද මේ දසුන, අප්‍රසන්න වේවි. (ස)
ඉතා අනර්ඝ නිර්මාණ එකතුවක්. පිය පුතු දෙපලට සුබ පැතුම්!! (ස)
මෙම විශිෂ්ට නිර්මාණයන් කළ පිය පුතු දෙපලට මගේ උණුසුම් ශුභ පැතුම්! ඒත්, අර කඩුව අරගෙන ඉන්න වදකයා දකිද්දී නම්, විශාල හද ගැස්මක් ඇති වුණා. මේකටත් මොනවා වෙයිද කියල? පසුවයි මට මතක් වුණේ මේක ඉටි වලින් කළ නිර්මාණයක් කියල. (ස)
මමත් හේමන්තගේ අදහසට එකඟයි. (නදී)
ඉතාමත් අගය කළ යුතු දෙයක්.ඔබ දෙපළට අපේ සුභ පැතුම්! (නි)
ඔවු ඔවු. අනාගතයේදී අපේ ළමා පරපුරට බලන්න දැන් ඉන්න නිල නොලත් වීරයෝ, පාර්ලිමේන්තුවේ ඇත්තෝ වගේ අයගේත් ඉටිරූප ටිකක් අඔලා තිබ්බා නම් යසයි (නි)
අගය කළ යුතු වැඩක්.මද්දුම බණ්ඩාරගේ ,මහේන්ද්‍ර පෙරේරාගේ මුහුණු වල පොඩි වෙනසක් කළා නම් සැබෑ ස්වරූපය ඉස්මතු වේවි. (නි)
අපේ මහින්ද සර්ගේ එකකුත් හමුදාවේ අයත් හදන්න. සංචාරකයෝ කැමති වෙන්නේ මයිකල් ජැක්සන්, නෙල්සන් මැන්ඩෙලා, බරැක් ඔබාමා වගේ ඒවාට. හින්දි බබ්බු නම් හදන්න එපා (නි)
කලාකරුවන්ට සුභ පැතුම්!! (නි)
ඔබ දෙපළට අපේ සුභ පැතුම්! (නි)
රට ජාතිය කුරිරු කොටි ත්‍රස්තවාදයෙන් බේරාගත් රට වෙනුවෙන් මාරක බෝම්බයකටද ගොදුරු වූ අපගේ කාලීන ජාතික වීරයා වන ජෙනරාල් සරත් ෆොන්සේකාතුමාගේ පිළිරුවක් නැත්තේ ඇයි? (නි)
විශිෂ්ට නිර්මාණ දායකත්වයට අපගේ ප්‍රණාමය! වික්ටර් රත්නායක හා රවින්ද්‍ර රන්දෙනිය කලාකරුවන් ඉතාමත් සජීවී බව පෙනෙනවා (නි)
බැසිල්ට කැප්පෙටිපොළ සැබවින්ම හමු වුනි නම් අපට සතුටු විය හැක. මක්නිසාදයත් එය ජාතිය යළි ගොඩ නඟා ගැනීමට පිටුවහලක් වන නිසාය.කෙසේ වෙතත් මේ නිර්මාණය අප රටට මහත් සම්පතක් වනු නිසැකය.බොහෝ රටවල මෙවැනි නිර්මාණ අසළ ඡායාරූප ගැනීමට විශාල මුදලක් අය කරයි. සංචාරක ව්‍යාපාරයට මෙවැනි නිර්මාණ වලින් විශාල පිටුවහලක් ලැබෙනු ඇති. ජාතියක් ලෙස නිර්මාණශීලි ජාතියක් බිහි කිරීමටද මෙවැනි නිර්මාණ හේතු වනු ඇත. (නි)
ඉතාම අලංකාර මෙන්ම කාලෝචිත වැඩක් බව කිව යුතුයි. එක අදහසක් පමණක් පල කරනු කැමැත්තෙමි. දැනට ජීවමානව ඉන්නා අයගේ පිළිරු සඳහා ඔවුන් භාවිතා කළ ඇඳුම් ලබාගත හැකිවේ නම් මෙම ආකෘති වඩාත් තාත්වික අන්දමට නිර්මාණය කළහැකි වනු ඇත. (ස)
ඇති විශිෂ්ට නිර්මාණයක් .(නදී)
ලොකු වැඩක්. ඔබට දෙපලට සුභ පැතුම්. හේමන්තගේ අදහස හරියට හරි. කුමාරිහාමි දසුන එපාමයි. ඒත් කෝ වීරයෝ? මාර්ටින් වික්‍රමසිංහ , සුනිල් ශාන්ත, රුක්මනී දේවි, හෙන්රි ජයසේන, අයිරාංගනී සේරසිංහ, අර්ජුන රණතුංග? ඔබට ජයම වේවා! (නි)
ඉතා අගය කලයුතු වැඩක්. දුටුගැමුණු රජතුමාගේ සහ මහා පරාක්‍රමබාහු , සේනක බිබිලේ වගේ වීරයන්ගෙත් ප්‍රතිමා අනාගතේ හදන්න ශක්තිය ලැබේවා. (අ)
ඇයි දෙවියනේ,කෝ විජය කුමාරතුංග? (නි)
මද්දුම බණ්ඩාරට සුදු ලේ ගෑවිලා නැහැ. ඒකයි කළු. සිංහල අපි සුදු වුණේ පස්සේ. (නි)
ඉතාම හොඳ වැඩක්. රජයෙන් මේවට ආධාර කරන එකත් හොඳයි. හැබැයි හේමන්ත කිවුව දේ ගැනත් සැළකිළිමත් වෙන්න බලන්න (නි)
මද්දුම බණ්ඩාර කියන්නේ ලස්සන කුමාරයෙක් (නි)
නිර්මාණ අගය කළ යුතුයි.නමුත් හේමන්තගේ අදහසට මාත් එකඟයි. (නි)
ඉතාමත්ම අගය කළ යුතු වැඩක් (නි)