IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බහරේන ගෘහස්ථ සේවකයන් සඳහා අවම වැටුපක් නියම කිරීමට බැහැලු

workers

 

බහරේන ආර්ථිකයේ පවතින නිදහස් වෙළෙඳපොළ ස්වභාවය නිසා දැනට ගෘහස්ථ සේවකයන් වෙනුවෙන් අවම  වැටුපක් නියම කිරීමට නොහැකි බව ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරියෙක් පවසයි.


“රටේ කම්කරු වෙළෙඳපොළ ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මතයි. ඒ නිසා අවම වැටුපක් නියම කිරීම කම්කරු වෙළෙඳපොළට හිතකර තත්ත්වයක් නොවේ” යනුවෙන් කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ කම්කරු කටයුතු සහාකාර උප ලේකම් ආචාර්ය මොහොමඞ් අල් අන්සාරි පවසයි.


ගෘහස්ථ සේවකයන්, ගෘහ සේවිකාවන්, පෞද්ගලික රියැදුරන්, දරුවන් බලා ගන්නන් සහ කෝකියන් ඇතුළු දහස් සේවකයන් දහස් ගණනක් සඳහා අවම වැටුපක් නියම කිරීමට කුවේටය ගත් තීරණය සම්බන්ධයෙන් ගල්ෆ් ඬේලි නිවුස් පුවත්පතට අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.


ගෘහස්ථ සේවකයන්ගේ අවම මාසික වැටුප කුවේට් ඩිනාර් 60 ක් (බහරේන ඩිනාර් 74.85) විය යුතු බවට රැකියා නියෝජිතායතන සඳහා කුවේට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පසුගියදා නීතියක් පැනවීය.


ගෘහස්ථ සේවකයන් සඳහා සතියකට එක් දිනක නිවාඩුවක්, දින 30 ක්  සඳහා වාර්ෂික නිවාඩු ගෙවීම් සහ දිනක සේවා පැය ගණන පැය 12 ක් වැනි සේවා අයිතිවාසිකම් ලබාදෙන නීතියකට කුවේට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසුව ඉහත නීතිය හඳුන්වා දෙනු ලැබීය.


එසේම සේවකයකු වැඩ කරන අමතරව පැය ගණන වෙනුවෙන් අතිකාල දීමනාවක් ගෙවිය යුතු බවටද ඉහත නීතියෙන් නියම කර ඇත.


නීතිකරණයක් මිගන් ගෘහස්ථ සේවකයන්ගේ සේවා කොන්දෙසි නියාමනය කරන ජීසීසී කලාපයේ පළමු රට වන්නේද කුවේටයයි.


“ගෘහස්ථ සේවකයන් සඳහා අවම වැටුපක නියම කිරීමක් සළකා බැලිය හැකි තත්ත්වයක බහරේනය තවමත් පසුවන්නේ නැහැ” යැයි අල් අන්සාරි පවසයි.
“ඇත්තම කිව්වොත්, පෞද්ගලික අංශයේ සේවය කරන බහරේන ජාතිකයන්ටත් අවම වැටුපක් නැහැ” 


“බහරේනයේ තියෙන්නේ නිදහස් සහ විවෘත වෙළෙඳපොළක්. එය ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මතයි. ඒ නිසා ඊට මැදිහත් වෙලා සෑම දෙයක්ම අවුල් කරන්න අපට වුවමනාවක් නැහැ”


රාජ්‍ය අංශයේ සේවයේ නියුතු බහරේන පුරවැසියන්ගේ අවම මාසික වැටුප බහරේන ඩිනාර් 300 ක් වන අතර පෞද්ගලික අංශයේ සේවයේ නියුතු බහරේන ජාතිකයන්ගේ සහ විදේශිකයන්ගේ වැටුප් ආකෘතිය කෙසේ විය යුතුදැයි යන්න ගැන තවමත් සාකච්ඡා කෙරෙමින් තිබේ.


බහරේනයේ සේවයේ නියුතු විදෙස් සේවකයන් සඳහා අවම වැටුපක් නියම කළ යුතු බවට මානව හිමිකම් සංවිධාන ඉල්ලීම් කරන්නේ වසර ගණනාවක සිටය. 


කෙසේ වෙතත් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන කම්කරු අමාත්‍යාංශ නිලධාරියා පවසන්නේ එසේ අවම වැටුපක් නියම කිරීම හරහා විදේශ ආයෝජනවලට සහ කලාපයේ පවතින තරගකාරීත්වයට හානි වීමෙන් බහරේන ආර්ථිකයට අහිතකර බලපෑම් සිදුවිය හැකි බවය.


“අපට තියෙන්නේ විවෘත වෙළෙඳපොළ ක්‍රමයක්. එය හොඳින් ක්‍රියාත්මක වෙනවා. 


“2005 වසෙර්දී වෙළෙඳපොලේ වැටුප් මට්ටම තිබුණේ දැන් තියෙන තත්ත්වයට වඩා හරි අඩක් පහළින්. උදාහරණයක් විදිහට අති සුපිරි වෙළෙඳ සංකීර්ණවල වැටුප වුණේ බහරේන් ඩිනාර් 100 සහ බහරේන් ඩිනාර් 120 ත් අතර. ඒත් දැන් එය බහරේන ඩිනාර් 270-300 ක් පමණ වෙනවා”


“මේ වැටුප් වැඩිවීම අති විශාලයි. බහරේන ආර්ථිකයේ පවතින ඉල්ලුම් සහ සැපයුම් මොඩලය නිසා මෙහෙම වුණා කියලා තමයි මම විශ්වාස කරන්නේ” යැයි උප ලේකම්වරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.



අදහස් (0)

බහරේන ගෘහස්ථ සේවකයන් සඳහා අවම වැටුපක් නියම කිරීමට බැහැලු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 118 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 182 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 360 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 373 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 539 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 572 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39126 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25583 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site