මීට දින පහකට පෙර ගම්පහ රෝහලේ ඉපැදුණු බිළිදියක ත්‍රිරෝද රියකින් වැලිවේරිය දනව්කන්ද නිවෙසට රැගෙන යද්දී මිරිස්වත්තේ දී වෑන් රියක ගැටීමෙන් කුඩා බිළිඳිය මිය ගොස් මව ඇතුළු තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
මීට දින පහකට පෙර ගම්පහ රෝහලේ ඉපැදුණු බිළිදියක ත්‍රිරෝද රියකින් වැලිවේරිය දනව්කන්ද නිවෙසට රැගෙන යද්දී මිරිස්වත්තේ දී වෑන් රියක ගැටීමෙන් කුඩා බිළිඳිය මිය ගොස් මව ඇතුළු තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්මි,අද ත්‍රී ව්හීල් එකක යාමට තරම්වත් හැකියාවක් සාමාන්‍ය පන්තියේ අයෙකුට තියෙනවද? නැතිකම නිසානේ මෙහෙම ගමන් කලේ.පාදඩ විදිහට වාහන පදවන අයට ඉතාමත් බරපතල දඬුවම් පැමිණවීමට නීති සැකසිය යුතුයි. නීති පනවන සමහර අයගේ දරුවනුත් මෙහම වැඩ කරන නිසා එවැනි නීති පැනවේදැයි සැක සහිතයි. (නි)
මෙවන් විපත් යලි අසන්ට නොලැබේවා ,බිලින්දට යලි වසනාවන්ත උපතක් ලැබේවා,මොනවා උනත් අපේ මිනිසුන්ගේ තියෙන නොසැලකිල්ල තමයි මේ දරුවට ගෙවන්න උනේ 5 දෙනෙක්ට යන්න බෑ ත්‍රීවිලර් එකක, ගෙදර ඉන්න තරම් මිනිස්සුන්ට යන්න පුළුවන් වාහනයක් නෙමේ ත්‍රීවිලර් එක. මොනා වුනත් අපේ මිනිස්සු ඉගෙන ගන්නේ නෑ.(නදී)
ත්‍රී වීලර් මේ රටේ භයානකම වාහනය බව හැමෝම දන්නවා.පොලිසිය මේ රියදුරන්ගේ විනයක් නැති රිය පැදවීමට වගකිව යුතුයි. කිසිම නීතියක් විනයක් නැති රියදුරන් නිසා ජීවිත මහ මග බිලිවෙනවා. (දී)
ත්‍රී විල් වලත් පරිස්සමට ළමයි අරගෙන යන්න පුළුවන්. ඒත් මම ඕනෑ තරම් දැකල තියනවා අත දරුවො ඔහේ එල්ලගෙන යනවා මෝටර් සයිකල් වලයි ත්‍රීවිල් වලයි. මේවට හේතුව දුප්පත්කමම නෙමෙයි.නොසැලකිලිමත්කම.අනික 5 දෙනෙක් එන්න ඕනෑද අත දරුවෙක් එක්ක යන්න. ත්‍රීවිල්කාරයොත් හිතන්නේ නැහැ පිටිපස්සේ යන්නේ මිනිස්සු කියලා. මම කීපවතාවක් ත්‍රීවිල් වලින් අතරමග බැහැලා තියනවා නිකන් පාරේ මැරෙන්න කැමති නැති නිසා. (දී)
අනේ ...!හද කම්පා කරන කතාවක්. උපන් දවසෙම මග දමලා යන අම්මගේ උණුසුම අහිමි වෙන දරුවන් අතරේ , මවගේ උනුසුසුම හිමි වුනත් ජීවත් වීමට වරම් නැති අසරණ කිරිසප්පයා. අනේ දෙවියනේ ...! ඇයි ඒ කිරි සප්පයා බේරුනේ නැත්තේ? මීට අවුරුදු 13 කට පෙර මගේ පුතා ඉපදිලත් කුරුණෑගල හොස්පිටල් එකෙන් ගෙදරට ආවේ මගේ දරුවා රැගෙන මමත් පාරේ යන බස් එකකයි, දෙවියන් ගේ පිහිටයි (දී)
අතුල,හැමෝටම කාර් ගන්න සල්ලි නැහැ. (දී)
ඇග හිරි වැටුනා. හරිම දුකයි. පවු (දී)
ත්‍රී වීල් සහ මෝටර්බයික් වලට පාරේ යන හැටි කියලා දෙන්න ඕනෑ. මෙයාලා තමන්ගේ පාර කියලා හිතාගෙන ඉන්නේ. බලපත්‍ර නම් ඉතින් ඕනෑ කෙනෙකුට දෙනවනේ (නි)
අතුල පෝසතා. (අ)
අයියෝ පොඩි දරුවන්ට වෙන විපත් පත්තරේ දාන්න එපා.අපිට පිස්සු හැදෙනවා (කමක් නැහැ එක අතකට කවුරුහරි පාඩමක් ඉගෙන ගනීවිනේ ) (නි)
ත්‍රීවීලර් පාරෙන් ඉවත් කරන්න කාලය ඇවිත්. පාරට නස්පැත්තිය ගෙනාවේ මේ ත්‍රීවීලර්. (නි)
සෙන්සා, ඔබ කියන සියල්ල හරි. එහෙත් අර හික්මීම , ඉවසීම වගේ යහ ගුණ තිබුො නම් ඔය මරණ වලක්වා ගන්න තිබුණා. මට තේරෙන්නේ නැහැ කට්ටිය වැඩිවුණාම කොහොමද අනතුරු වෙන්නේ කියලා, අපි පරෙස්සමෙන් යනවා නම්. අනික අර 3 දෙනෙකුට වැඩිය යන්න එපා කියන නීතියටත් මම විරුද්ධයි. මොකද මට ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා. එකෙක්ට බස් එකේ යන්න කියන්න වත් මට බස් එකේ යන්නවත් බැහෙනේ. (නි)
ත්‍රීවිල් එකක යන්නවත් සල්ලි නැති අය අද ඕනෑතරම් ඉන්නවා (නි)
ත්‍රී ව්හීල් එකේ යන්නේ සැප වාහනයක යන්න සල්ලි හැම කෙනාටම නැති නිසා මෝඩයෝ වගේ ලියන්නේ නැතුව ඇත්ත තේරුම් ගන්න බෙලුවොත් හොඳ නැද්ද. කොහොම උනත් පොඩි දරුවා ගෙනාපු දේ තමය් මේ ....දුවේ නුඹට නිවන් සුව !!!! (අ)
ඔයාල කවුරැත් මිනිස්සු එක ත්‍රී වීල් එකේ ගියාට දොස් කියනවා එක ඇත්ත තමඊ එත් ඒ මිනිස්සු අහිංසක අසරණ එදා වේල කන්න නැති අයද කුඩා දන්නේ එක නිසා වෙන්න ඇති තමන්ට දරාගන්න පුළුවන් විදිහේ වාහනේකයන්න ඇත්තේ ඇත්තටම දුකයි දසමසයක් කුසේ දරාගෙන ඉදල අනන්ත අප්‍රමාණ දුක් සමුදායක් විදලා මෙලොවට බිහිකරපු දරුවා ගෙදරට ගෙන්න කොයි තරම් අසාවෙන් ඉන්න ඇද්ද දරු පටියට නිවන්සප ලැබේව (අ)
අනේ මේ දෙමවුපියන්ට මොනතරම් වේදනාවක් ඇත්ද,,, සිහියක් නැති රියදුරන් නිසා අසරණ දරුවෙක් නැති වුණා.(අ)
අනේ දැන් අහන දේවලා නම් මොනවාද මේ රටට වෙලා තියෙන්නේ?(අ)
අනේ මෙවන් දෙයක් හතුරෙකුටවත් නොවේවා! නැති වෙච්ච දරුවට නිවන් සුව ලැබේවා!අනිත් අයට ඉක්මන් සුවය ලැබේවා! (නි)
වාසනාවන්ත දරුවෙක්. ඉපදීම දුකක් වගේම අපේ රටේ ඉපදීම ඊටත් වඩා දුකක්. (නි)
අහිංසක දරුවෙක් රටට නැතිවුණා (නි)
එක දිනක් වයස දරුවෙක් එක්ක ත්‍රී වීල් එකක යනවද ? (නි)
කොහේහෝ සිදුවූ වරදක් නිසා නොදරුවා අවසානයේ වන්දී ගෙව්වා. එම ළදරුවා කිසිම කලෙක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. අනෙක් අයටත් ඉක්මන් සුවය පතමි. ත්‍රී වීල් මල්ලිලාත් ටිකක් හිතන්න තමන්ගේ සේවාදායකයා ගැනත්. (නි)
මෙතන පණ්ඩිත කතා අවශ්‍ය නැහැ. දුප්පතා යන්නේ ත්‍රීවිල් වල. අහිංසක දරුවාට නිවන් සුව! (නි)
සරත් ඔබ හරි. බිළිදාට නිවන් සුව පතමු. (නි)
ත්‍රි විල් එලවන අය දැනගන්න ඕන හැප්පුනොත් මරණය බව. සමහර ත්‍රි විල් පාරේ අරන් යන විදියට ඒවා බේරගන්න ඕනෑ අනිත් රියදුරන්. මෝඩයෙක් එලවන ත්‍රි විල් එකක නැග්ගොත් ඉතින් අනාගතයම අනතුරේ. මේ වැඩි දෙනෙක් අඩු බුද්ධි , දැනුම් මට්ටම් වල අය (නි)
අලුත උපන් දරුවෙක් ත්‍රිවීලරයේ ගෙනයාම,පස් දෙනෙක් ත්‍රිවීලරයේ යාම,මිනිහෙක් ත්‍රිවීලරයක් තම ජීවිකාව කර ගැනීම,මාර්ග විනය නීති කඩකිරීම යන සංසිද්ධි සියල්ල මෙතුල තියෙන්නේ.රටේ දුප්පත්කම මේ සියල්ලටම මුලයි.මාර්ග වලට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණයක් දිනපතා පාරෙ දුවන, ජිවන වියදමට සරිලන මුදලක් හොයන්න එකෙක් පරයා යන හඹා යෑම,පාරවල් වැනි යටිතල පහසුකම් ඉතා පහත් මට්ටමක තිබීම, ඒවා සකස් කරන්න ඉන්න අය එම කොන්ත්‍රාත් වලින් ගසා කෑම, ජරාව දෙන කොන්ත්‍රාත් කරුවා වැඩේ භාගෙට කිරීම,නැවත නැවතත් මහජන මුදල් ඒවාට යට කිරිම තුලින් රටේ සිදුවන මුදල් නාස්තිය නිසා වැඩි බදු බරකින් මහජනතාව පීඩා විදීම, මිල ගණන් ඉහල යාම නිසා වන උද්ධමනය, වැනි කාරණා නිසා අපි හැමදාම ගොනාට ඇන්දිච්ච දුප්පත් ජාතියක්ව සිටීම තමයි මේ සියලුම නස්පැත්ති වලට මුල. (නි)
අතුල,මල්මි ඔය දෙන්නගේ කතාව හරියට ලංකාවේ ඉපදුන දෙන්නෙක් වගේනේ. දැනටත් අපේ රටේ බහුතරයකටම කාර් වල යන්න හැකියාවක් නැති බව ඔය දෙන්නා නොදන්නා එක ගැන බොහොම කනගාටුයි! මේ මොහොත වන විටත් ත්‍රිරෝද රථ කීයක පාසල් ළමුන් යනවා ඇද්ද? ඔය වගේ අලුත ඉපදුන දරුවන් කී දෙනෙක් ගෙවල් වලට සහ අදාල සායන වලට සහබාගී වෙන්න යනවා ඇද්ද? රටේ ප්‍රධාන රෝහල් ඉදිරියේ මෙවැනි මෙවැනි සේවා සපයන්න ත්‍රිරෝද රථ කීයක් බලාපොරොත්තුවෙන් ඉන්න බවත් ඒවායේ සේවයවත් ගන්න හැකියාවක් නැති අසරණ දෙමව්පියන් බස් රථවලින් පවා අලුත් බිලින්දා එක්ක යන බවත් ඔබලා දෙන්නා නොදන්නවාද? ඔය දෙන්නා ඉපදුන දවසේ ගෙදර එක්ක එන්න ඇත්තේ අශ්ව කරත්තෙන් වෙන්න ඇති! (නි)
සාගරිකාගේ කතාවට මමත් එකඟයි (අ)
රිය අනතුරුවලට මීට වඩා දඬුවම් ලැබෙන නීති හදන්න වෙනවා අඩුම තරමේ අවුරුදු කිහිපයකට බලපත්‍රයවත් අහෝසි කරන්න වෙනවා (අ)
අබුද්දස්ස කාලේ අහන්න වෙන දේවල් අලුත උපන් දරුවක් මෙහෙම ගෙනියන එක නම් හරිම වැරදි (අ)
මේ වගේ දවක කුඩා දරුවෙක් දමාගෙන ත්‍රිරෝද රියක යනවා? අනික පස් දෙනෙක් (අ)