බළපිටිය රන්දොඹේ ප්‍රදේශයේ නිෂ්පාදනය කරන තේ වලට වෙළෙඳ පොළක් ලබා දෙන්නැයි ඉල්ලා බළපිටිය සුළු තේ ව්‍යාපාරිකයෝ අද පෙරවරුවේ ගාල්ල - කොළඹ මාර්ගය හරසa කරමින් උද්ඝෝෂණයක් කළහ. මෙම උද්ඝෝෂණය නිසා ගාල්ල කොළඹ මාර්ගයේ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල විය.
බළපිටිය රන්දොඹේ ප්‍රදේශයේ නිෂ්පාදනය කරන තේ වලට වෙළෙඳ පොළක් ලබා දෙන්නැයි ඉල්ලා බළපිටිය සුළු තේ ව්‍යාපාරිකයෝ අද පෙරවරුවේ ගාල්ල - කොළඹ මාර්ගය හරසa කරමින් උද්ඝෝෂණයක් කළහ. මෙම උද්ඝෝෂණය නිසා ගාල්ල කොළඹ මාර්ගයේ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල කසල තේ වලට රසායනික ද්‍රව්‍ය සහ වර්ණක එකතු කරලා අහිංසක ජනතාවට විකිණීමට එරෙහිවත් දැඩි නීති පනවන්න ඕනෑ. (නි)
අපේ රටේ නම ප්‍රසිද්ධ හොද තේ වලට. රටේ නම රැකගන්න නම් කසල වැඩ කරන අයව අල්ලන්න ඕනෑ. (නි)
ප්‍රශ්නේ මේකයි. මෙයාලගෙන් සල්ලි ගන්නවා තේ නිෂ්පාදනය කිරීමට බලපත්‍ර ලබාදෙන්න. නමුත් නිෂ්පාදනය කරන තේ ප්‍රවාහනය කරන්න මෙයාලට රජයෙන් බලපත්‍ර ලබාදෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රවාහනය කරද්දී තමයි මේ තේ වටලන්නේ. බලපත්‍ර දෙනවා නම් නිෂ්පාදනය හා ප්‍රවාහනය දෙකටම දෙන්න ඕනෑ. නැත්තන් නොදීම ඉන්න ඕනෑ. මේ තේ ලංකාවේ විකුනන්නේ නැහැ. මුස්ලිම් මුදලාලිලා මෙයාලගෙන් මේවා සොච්චම් මුදලකට මිලට අරන් හුඟක් වැඩි ගානකට පිටරටට විකුනනවා. (නි)
මෙතන දෙවෙනි පින්තුරේ ඉන්නවා රජයේ සේවකයෙකුත්. එය කොහොමද රජයේ සේවකයෙක් වෙලා බිස්නස් කරන්නේ කියලා හොයලා බලන්න (නි)
තේ වැටලීම් නවත්වන්න කියලා පෝස්ටරයක් මෙතන තියෙනවා. ඒ කියන්නේ කිසිම ප්‍රමිතියකට නැතුව හදන ජරාවක් වුනත් අපි බොන්න ඕනෑ කියලද? එහෙම අපිරිසිදු නිෂ්පාදන වලට වෙළඳ පොලක් හදන්නේ කොහොමද? සිරිසේනගේ අදහස හරි. (නි)
මේ විකුනන්නේ කසල තේ කියන ඒවා. සමහරක් මුදලාලිලා මේවා පාකිස්තානේ ඉන්දියාව වගේ රටවල් වලට යවනවා. එයාලා අපේ හොඳ තේ සහ මේ කසල තේ කලවම් කරලා අපේ නමින් වෙන රටවල් වලට දානවා. දැන් මේක නිසා අපේ තේ වලට බහින කලාව එන්නේ. මේකට වෙන පිලියමක් කළොත් හොඳ නැද්ද ? (නි)
වතුල වෙරෝනා, නොදන්නා දේ ගැන කතා නොකර ඉන්න. මෙයාලා බිස්නස් කරන්නේ.කසල තේ.මේ කුණු ගොඩවල් පිටිපස්සේ ඉන්නේ ජාවාරම්කාර ලොක්කෝ ටිකක්.මේ කසල තේ ජාවාරම අද මේ රටේ එක්තරා මාෆියාවක්. (නි)
අනිවාර්යෙන්ම නැවැත්විය යුතුයි මෙය. මේ තමයි කසල තේ. මේවයි කහට ගන්නේ කොහුබත් දාලයි. ලොරි ගණන් හැමදාම අහුවෙන්නේ මේවයි (නි)
ඒ මිනිස්සු පව්
. මෙයාල තේ කොළ වේලන්නේ පර අයිනේ දාගේනෙ දුවිලි වැදී වැදී . මේවා අනිවාර්යෙන්ම වැටලීම් කර විනාශ කල යුතයි. (අ)
කෝ මෙතන හාමුදුරුවෝ නැද්ද? පුදුමයි ඒත් ඇත්තයි. (නි)
අහිංසක දුප්පත් මිනිස්සු තමයි මේවා බොන්නේ. මේ හරියේ තේ වතු නැහැ. ඉන්නේ මාළු කාරයෝ. (නි)
කසල තේ නම් අපිට එපා. අනෙක හොඳ තේ හදන්නේ කර්මාන්ත ශාලා වල නේ? (නි)
මෙයාල විජයග්‍රහණය සමරන්නේ නැද්ද?(ස)
මේවා නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා මම හොදට දන්නවා. කර්මාන්ත ශාලා වලින් ඉවත දමන තේ රොඩු අරගෙන ඇවිත් කොහු බත් සමග මිශ්‍ර කරලා තමයි මේකේ කහට ගන්නේ. පාරේ නිකන් අව්වේ දාලා වේලලා තමයි හදාගන්නේ. බොරුනම් මම කියන්නේ ඕනෑ කෙනෙකුට දැක ගන්න පුළුවන් ගාලුපාරේ යද්දී පෙනෙන්නම තියෙනවා (නි)
මෙතන ඇත්ත තත්වේ විමසලා බලන්න. මේවයින් ලොකු හානියක් වෙනවා තේ වෙළද පොලට. මේගොල්ලෝ ඉල්ලන්නේ මේ නීතිවිරෝධී අහිතකර කසල තේ වැටලීම් කරන එක නතර කරන්නයි. දුප්පත් කියලා මේක දිගටම කරගෙන යන්න දුන්නොත් අපේ රටට බොහෝ දේ නැති වෙනවා. මේක මහාපරිමාණ ජාවාරමක් (නි)
බලපිටියේ තේ වේළන ක්‍රමය දැකලා තියෙනවා නම් ජීවිතේට තේ බොන්නේ නැහැ (නි)
අපේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් නොවේ.අපේ ආර්ථිකය සේවා සපයන ආර්ථිකයකි. ඔබේ සටනට සහය ..... (නි)
ඒ ගමන තේ කාරයෝ පාරේ. කෝ මේ ඡන්දකාරයෝ? (නි)
කොළඹ - ගාල්ල යන මගින්ට බුදු සරනයි! (නි)
දන්නේ නැත්නම් දැනගන්න නොදන්නා හැමෝම. රන්දොඹේ මම දන්නා කාලේ ඉඳලා මේ වැඩේ සිද්ධ වෙනවා. මෙයාල ඇල්පිටිය, බද්දේගම තියෙන තේ කම්හල් වලින් ඉවත දාන කසල තේ අරගෙන ඇවිල්ලා නොයෙක් විදිහේ රසායනික, වර්ණක හා රසකාරක දාලා තමයි රන්දොඹ තේ හදන්නේ. මම කියන එකම අහන්න එපා. රන්දොඹ හරස් පාරේ ගියානම් පාර මැද්දේ වේලෙන්න දාල තියෙන කසල තේ ඕනෑතරම් තියෙනවා. හරක්, එළුවෝ, බල්ලෝ, බළල්ලු ඇතුළු එකී නොකී මෙකී සියලු සත්වයෝ සහ රථ වාහන යන්නේ ඒවා උඩින් තමයි. අපි කියන්නේ "රන්දොඹ ස්පෙෂල්" කියලා. මම දන්නේ නැහැ මිනිස්සු ඕවා කොහොම බොනවද කියලා. ගුණ අගුණ ගැන මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. තේ ගහක් පළාතක නැති අම්බලන්ගොඩ තේ ගැන මම ඔයා කෙටියෙන් කිව්වේ. බීලම බලලා රස ගුණ කියන්නකෝ බලන්න කට්ටියම. :-) (නි)
තේ වල ප්‍රමිතියක් නැති නිසයි වෙළද පලක් හොයාගන්න බැරි. හොද ප්‍රමිතියකින් තේ නිපදවා ගත්තා නම් වෙළදපල ඉබේම ළගට එයි. ආණ්ඩුවට ඒකට කරන්න පුළුවන් දෙයක් නැහැ.
මේ කසල තේ විකුනන අයද? මට පැහැදිලි නැහැ කිසි දෙයක් (නි)
අයියෝ මේ තේ බිව්වොත් අනිවාර්යෙන්ම මැරෙනවා. අපි පොඩිකාලේ ඉදන්ම දන්නවා,මේ තේ මෙයාලා හදන්නේ කොහොමද කියලා. අව්වේ දාලා වේලනවා. තේ උඩින් හරි සවුත්තු විදියට ඇවිදිනවා. තේ වල හරියට දුවිලි. මේ තේ බොන මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයි. මම නම් කියන්නේ මේ විදියටේ තේ නිපදෙවන එක නතර කරලා මේ මිනිස්සුන්ට කියල දෙන්න ඕනෑ කොහොමද පිරිසිදුව යම් දෙයක් නිෂ්පාදනය කරලා වෙළදපොලට දැකුම්කලු විදියට තරගකාරී ලෙස නිකුත් කරන්නේ කියලා. මේ රන්දොබේ මිනිස්සු ඉස්සර ඉදන්ම මේ තේ රස්සාව කරනවා. නමුත් කිසි ප්‍රමිතියකින් තොරව. නමුත් ශ්‍රී ලංකා රජය උනන්දු වෙලා මේ මිනිස්සුන්ට මේ තේ රස්සාව හරි විදියට කරන්න උදව් කල යුතුයි. ලංකාවේ හොදම තේ වැවෙන්නේ නුවරඑළිය, මාතලේ, මහනුවර. ඉතින් බලපිටියේ තේ නිෂ්පාදනය කරනවා කියන්නේ එක විහිළුවක්. මම මේ මිනිස්සුන්ට අපහාස කරනවා නම් නෙවෙයි. හරි දේ හැම වෙලාවේම හරි විදියට වියයුතුයි. එතකොටයි රටක් ජාතියක් හැම පැත්තෙන්ම ලස්සන වෙලා ලෝකයට ආදර්ශයක් ලබාදෙන්නේ. ශ්‍රී ලංකා රජයේ අවදානය පිණිසයි. මේ අහිංසක මිනිසුන්ට උදව් කරන්න. ජාති ජාතිත් පින් සිද්දවෙනවා. (නි)
මේවා කඩාකප්පල්කාරී වැඩ. ඕනෑම දෙකට නීතියක් තිබෙනවා. හැමදේටම උද්ඝෝෂණ... (නි)
මේ අහිංසක මිනිස්සුන්ගෙ වේදනාව හඳුනන පිරිසිදු හදවත් පාලන තන්ත්‍රයෙ නෑ.(ස)