බුද්ධ ප්‍රත්‍රයන් බුදුන් දෙසූ ධර්මය අනුව සමාජ ආරවුල් ඇති නොකර සමාජය එකමුතු කරමින් මහජනතාවට හෝ නරක කියා දිය යුතු යැයි නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා පැෂන් බග් නඩුවේ සැකකරුවන් නිදහස් කරමින් කියා සිටියේය.
බුද්ධ පුත්‍රයන් හැමවිටම බුදුන් අනුදැන වදාළ මග යායුතු බව ද මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
කොරළවැල්ල පුරාණ රජමහා විහාරයේ දම් පහළ රාහුල, ගල්කිස්ස තෙලවල සිරි විජය ධර්මායතනයේ දම්පහල ඥානරතන, කොරලවැල්ල පුරාණ රජ මහා විහාරයේ අනුරාධපුර පාලිත, පැපිලියානේ ටී එච් එම් ප්‍රේමකුමාර, පැපිලියානේ සජිත් ලක්මාල් (සන්නිවේදන ආයතන හිමිකරු) දිවුලපිටියේ පී කේ චන්ද්‍රසිරි (ව්‍යාපාරික), ප්‍රභාත් ජයෂාන්ත, දිවුලපිටියේ ඊ ටී චම්පික, කොහුවල ලලිත් ධර්මප්‍රිය, බොරලැස්ගමුවේ රනිල් ප්‍රනාන්දු (ත්‍රීරෝද රියදුරු), ප්‍රසන්න විමල් ද සිල්වා (පංසලක සේවක), මේනක ප්‍රියදර්ශන, ප්‍රදීප් සුරංග, ඉන්දික ධර්මප්‍රිය, චමිල හර්ෂන, ඒ එම් ගයාන් හා 16 හැවිරිදි පාසල් සිසුවෙක් උසාවියට ඉදිරිපත් කළ සැකකරුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ සිංහලයින්ගේ සිහිය දැන් විකල් වෙලා. (නි)
දැන් ලංකාවේ හොඳම දේ දේශපාලනය කියලා තේරුණු ලෞකික ආශා ඇති සමහර භික්ෂූන් වහන්සේලාගේ උසි ගැන්වීම මතයි ඔය වගේ දේවල් වෙන්නේ. (නි)
මහේස්ත්‍රාත්තුමාලටත් බණ කියන්න වුණානේ? (නි)
කඩු මුගුරු, ගල් ගැසීම්, කුනු බිත්තර මෙය බුදු දහමට නින්දාවක්. ගරුතර මහනාහිමි වරුනට මේවා නොතෙරේද? නොපෙනේද? ( නදී)
බෞද්ධයන් අන්‍යාගමිකයන්ට බලෙන් බණ කියන්න යාමත් අන්‍යාගමිකයන් බෞද්ධයන්ට බලෙන් හලාල් හෝ හරාම් කැවීමට යාමත් නොකළ යුතුයි. (නි)
රංග, උතුම් භික්ෂුන්ට අපහාස කරන්න එපා. උන්වහන්සේලා මේ වගේ කාටවත් ගල් ගහන්න ගියේ නැහැ. (නි)
මම චාතොලික ආගමේ කෙනෙක්. හරියට දන්නේ නැති නිසයි අහන්නේ. කවුරු හරි තේරුම් කරලා දෙන්න. ඔය විශ්ව විද්‍යාලේ කවුරු හරි කෙනෙක් සිවුර ඇන්ද නිසාම භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට පිළිගන්නවද ? ඔවුන් පුහුණු කිරීමට ආයතන නැද්ද ? අප දන්නවා කතෝලික ආගමේ පියතුමෙක් වීමට අවුරුදු දහයක් දොළහක් විතර පුහුණු කරනු ලබනවා. ඉන් පසුව තීරණයක් ගැනීමට කාලයක් ලබාදෙනවා. එහෙම බෞද්ධ ආගමේ වෙන්නේ නැද්ද? (නි)
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සිංහල බෞද්ධයන්ට විතරද? (නි)
අසාධාරණයට එරෙහිව නැගීසිටීමේ වරදක් නැහැ. නැත්නම් අද ශාසනය කොහේද? (නි)
අපි කාටත් සමගියෙන් එකමුතුව ඉන්න දෙන්න. (නි)
අර කියුවා වගේ අනාගතවංශය හරියාගෙන තමයි ඔය එන්නේ (දී)
රට ගිනි තියලා හරි කමක් නැහැ තැනකට එන්න තමයි අද අපේ සමහර හාමුදුරුවරු දගලන්නේ. (නි)
සිංහලයනි, අවංක අන්‍ය ආගමිකයන් ඉන්නවා. ඒත් සමහර අය ඔළුව අතගාලා ටොක්ක අනින්න බලන් ඉන්න බව මතක තියාගන්න.(නදී)
සාධු... සාධු... සාධු...! (නි)
කව්රුත් ඇස් අරින්න කාලය ඇවිත්. එතමුතු වෙලා ප්‍රශ්න විසදමු.(නදී)
අපේ පැතිවලත් ඉන්නවා භික්ෂූන්ට මේවගේ බණ කියන අය..!(නු)
මේ කාරණාවේ අනෙක් පැත්ත තමයි සාමාන්‍යයෙන් වෙන්න ඕනේ (දී)
මේ අය නඩුකාරතුමා කියනදේ අසයිද?(නු)
නුඹලා දන්නවද, අල්ලා වගේ නොවෙයි බුදු හාමුදුරුවෝ. උන් වහන්සේ උතුම්. එදා එස්.මහින්ද හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ උන්වහන්සේලාත් උපැවිදි කරන්න ඕනෑ එහෙනම්. (නි)
ඇයි දඬුවම් නැත්තේ? අනිත් මිනිස්සුන්ට දඬුවම් නැති වුණත් සිවුරු ඇඳපු අයට දඬුවම් දෙන්න ඕනෑ බුද්ධ ශාසනේට කරන අගෞරවයට (නි)
ඇයි දඬුවම් නැත්තේ? අනිත් මිනිස්සුන්ට දඬුවම් නැති උනත් සිවුරු ඇඳපු ඇයට දඬුවම් දෙන්න ඕනේ බුද්ද ශාසනේට කරන අගෞරවයට (ස)
නඩුකාර හාමුදුරුවෝ කියන්නේ නිකන්ද?(නදී)
මේකට අනිත් ආගම් ඇදල ගන්න ඕනේ නෑ. බහුතරයක් විනයධර ස්වාමින්වහන්සේලා දුක්ගැහැට විදන් කිසිම විදේශ ආධාරයක් නැතුව විනයානුකූලව ඉන්නවා. කොලේ වහල ගහන අයට නම් ප්‍රචන්ධ වෙන්න ඕනේ නෑ. හා හා මේ ස්වාමින්වහන්සේලත් හොඳ අරමුණක් වැරදි ක්‍රමයකට කරේ. (නදී)
ඒකත් හොදයි (දී)
එකත් හොදයි පොඩි වෙනසකටත් එක්ක (දී)
මෙහෙමත් වැඩක් (දී)
අමිල මේකනේ . බලන්න ඉස්සර පාසල්වල පවා කොච්චර විනයක් තිබ්බද කියල ? අනික කතෝලෝක ආගමේ පියතුමකු වීමට අවුරුදු දහයක් දොළහක් පමණ සම අතකින්ම ඉගැන්වීම් , සුඋදනම් කිරීම් කරනවා . ඉන්පසුව ඔවුන්ට තීරණයක් ගැනීමට කාලයක් දී කැමතිනම් පමණි පූජත්වරයා දෙන්නේ . මන් හිතන්නේ හාමුදුරුවරුන් සමකෙනවම එහෙම විශේෂ පුහුණුවක් එහෙම ලබාදෙන්නේ නැහැ . මේ කිව්වේ මන් දන්නා තරමින් . හරියට දන්නා කෙනෙක් අන්නවනම් පැහැදිලි කර දෙන්න .(ස)
උඩ බලාගෙන කෙල ගැහුවොත් එය වැටෙන්නේ මුහුනටමයි.(නදී)
මිහිරි,ඔයා අමිහිරි වෙන්න එපා.(නදී)
හාමුදුරුවෝ නැතුව කවුද එන්නේ ආගම රැකගන්න? (නි)
කවදාවත් කතෝලික පූජකවරු පුචන්ඩකාරීව හැසිරිලා නැහැ. ඒ අයගේ හොද විනයක් තියෙනවා.(නදී)
කළහ කළ පමණින් කිසිම භික්ෂුවක් උපැවිදි කිරීමට නොහැකිය. විශේෂ අවස්ථා කිහිපයක දී සිවුරු හරවා යැවීමට බුදුරජාණන් වහන්සේ නියම කර ඇත. (නි)
අපේ හාමුදුරුවනේ මොලේ ටිකක් පාවිච්චි කරන්න . 83 ඔය වගේ බලි නටල කොටින්ව පෝසත් කලා. 2013 ආයි ඒ මෝඩ කම වෙන විදියකට කරනවා. සටන් කරන්න ඕනේ උපක්‍රරමශීලිව . ඉතිහාසය කියවන්න. (නදී)
ඔව් ඔව් අපි සමාදානයෙන් හැම ජාතියම එක සමානයි කියමින් හාමුදුරුවරුන්ට බණ කියා කියා ඉමු. පන්සල් බුල්ඩෝසර් කරලා අපේ ගෑනු දරුවෝ දුෂණය කරලා අපිට යන්න එන්න තැනක් නැති දාට පනිමු මුහුදට. (නි)
මෙතන තියෙන ඇත්ත පැත්ත කවුරුත් දකින්‍නෙ නැහැ. ඇසින් යමක් දැක්කත් එය සත්‍යක් කියා සිතන්න එපා (නි)
පන්සල් වල ඉන්නේ හාමුදුරුවරුමද කියලා සැකයි. (නි)
අපේ මහනායක හිමිවරු මේ ගැන ප්‍රකාශයක් කරනවා නම් යහපති. (නි)
සිංහල, දෙමල , මුස්ලිම් සැමට සමගියෙන් ඉන්නදෙන්න. දේසපාලන අරමුනු වෙනුවෙන් කඩේ යන්න එපා. චන්දන ඔබ හරි. සිංහල මුස්ලිම් සමගිය තහවුරු කරන්නේ මෙහෙමද ? අපේ සිංහල ජාතිය අවසානය කරාද මේ ඇදගෙන යන්නේ. අනගාරික ධර්මපාලතුමා සිංහල ජාතිය ,බුදුදහම රැක්කේ මෙහෙමනෙමේ, එස්. මහින්ද හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හාමුදුරුවෝ ආදර්ශයට ගන්න.(නදී)
එදා බුදුන් දවසද මෙවැන්නන් සිටි බව අමතක නොකල යුතුයි. දේවදත්ත වැනි චීවරධරයින් නිසා මුළු සඟ සමාජයට ම අපහස කිරීම නුසුදුසුයි. අපේ රටට ජතියට බුදුසසුනට අපමන සේවයක් කරන දසදහස් ගනණක් සංඝ පීතෘන් කොපමණ සිටීද.(නදී)
බුද්ධ පුත්‍රයන් හිතන්න ඇති දානේ වළඳලා පින් අනුමෝදන් කරන්නේ කඩ වලට ගල් ගහලා වෙන්නැති කියලා (නි)
අපේ සිංහල අය ජාති වාද ලේබලය නිසා කිසි දෙයක් කතා කරන්නේ නැහැ. සිංහල අපි අන්තවාදී බව පෙන්නේ අපි කෙලින් වැඩ කරන නිසා. එත් සැගවී සිද්ද වෙන අන්තවාදී ක්‍රියාවන් කාටවත් තේරෙන්නේ නැහැ. එත් අපේ හාමුදුරුවෝ කියපු දේවල් තේරයි පස්සේ දවසක එදාට අපි පරක්කු වැඩි. යන්න පන්සලකුත් නැහැ එදාට අපිට.(නදී)
බුදු දහමට ජීවත් විය යුතු ආකාරය පැවිදි අයට, ගිහි කට්ටිය කියලා දෙන්න වෙලා. ලැජ්ජයි, ලැජ්ජයි. (නි)
ලංකාදීප පාඨකයෝ අනාගත වංශයය කියවලා තියෙනවාද (දී)
එකත් හොද වැඩක් (දී)
එතකොට වන්දි? (නි)
මොකද්ද මේ වෙනස (දී)
මේ වැඩ සුළුවෙන් තකන්න එපා (දී)
මම හිතුවේ හාමුදුරුවරුන්ට සංඝාධිකරණයෙන් නඩු අහාවි කියලා. (නි)
මේ එක් කෙනෙක්වත් මේකට සම්බන්ධ අය නෙමෙයිද එතකොට? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ලෝකේ වෙන වැඩ බැලුවහම ඔක්කොම අනික් පැත්ත තමයි වෙන්නේ (දී)
දැන් ලෝකේ කැරකෙන්නේ අනෙක් පැත්තටද (දී)
සත්‍ය ආගම ඉස්ලාම් ධර්මය බව මාගේ හැගීමයි. (නි)
අනේ සාදු....(දී)
ලැජ්ජයි. බුදුදහම තවත් අපකීර්තියට පත්කිරීමට ඉඩනොදෙමු. (නි)
ඔබලාට යහපතක්ම වේවා..!(නු)
බුද්ද දර්මය අනුව ජීවත් වනවා කියන්නේ මේකද? අන් ආගමිකයන්ට ගරු කිරීම බුද්ධාගමේ කියා දීලා තිබෙනවා නේද? දැන්වත් තණ්හාව,ආශාව, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝදය අත් හැරලා ජීවත් වන්න බලන්න. (නි)
ඒ අනුව දැන් ජීවත් වෙයිද ඉතින්? (නි)
හාමුදුරුවන්ගේ වගකීම තමයි යහමාර්ගය කියා දීම... දැං සිදුවෙලා තියෙන්නේ අපට උන්වහන්සේලාට යහ මාර්ගය කියා දෙන්නද?(නු)
සැබෑවට කළ යුතුව තිබුණේ උපැවිදි කිරීම යන්නයි මාගේ හැගීම වෙන්නේ. (නි)
එතකොට අලාභෙ ගෙවන්නේ ආණ්ඩුවෙන්ද? ආණ්ඩුවෙන් ගෙව්වොත් ඒකත් අපේ සාක්කුවටමයි වැටෙන්නේ..!(නු)
සිදුකරපු අලාභයවත් ගෙවන්න කියන්නයි තිබුණෙ..(නු)
හාමුදුරුවන් කවදත් රට දැය ආගම වෙනුවෙන් පෙනීසිටි අයයි.. .!(නු)
වැරදි කෙරුවහම දඩුවම් ලැබෙන්න ඕනේ.(නදී)
මේවාට වගකිවයුත්තන් වෙන තැන්වල පොඩි පොඩි අය උසාවි වල..!(නු)
සම්මා දිට්ඨියට බලපෑම් ඇති කරන සාහසික අත්තනෝමතික අදෘශ්‍යමාන බලොවේගයක් ක‍්‍රියාත්මක වන බව දැනෙන්නට තිබේ. ඔබත් වහාම පන්සිල් ගෙන ශීලයෙන් ආරක්ෂා වී ධර්මයේ පිහිටා කටයුතු කරන්න. ඛන්ධ පිරිත නිතර නිතර භාවිතා කරන්න. (නි)
අයියෝ සල්ලි (දී)
සිංහල, දෙමල , මුස්ලිම් සැමට සමගියෙන් ඉන්නදෙන්න, දේසපාලන අරමුනුවෙනුවෙන් කඩේ යන්න එපා.(නදී)
නියම තීන්දුවක්.. මොනවා කළත් මේකද තීරණය..!(නු)
තව ලොකු කට්ටියක් ඉන්නවා පිටිපස්සේ නොතේරුණු ධර්මය හදාරන්න..(නදී)
මේවාට කිපිලා වැඩක් නැහැ හාමුදුරුවනේ.. අපිත් මේවා කරන්න ගිහිං අවුරුදු තිහක්ම දුක් වින්දා..!(නු)
මොකක්වත්ම දඩුවමක් දීලා නැද්ද එතකොට? (නි)
පන්සලෙන් නුගත් පාඩම උසාවියෙන් හරි ඉගෙනගමු.(නදී)
ඇයි උපැවදි නොකළේ (ස)
බුදු රජාණන්වහන්සේ මෙසේ වදාල සේක, සබ්බ පාපස්ස අකරනන්, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරි යොද පනන්, ඒතං බුද්ධානු සාසනං, අහන්න බණ අපෙන්. (නදී)
නිදහස් කොරලා හරියනවද? උපැවදි කිරිමක් වත් නොකර. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ.(නදී)
හාමුදුරුවොත් දැන් රණ්ඩු කරන්න පටන් අරගෙන නේද? දුකයි. (නි)
වීරසිංහ ඔයා හරිද කියලා හිතලා බලන්න..!(නු)
ඒක පොඩි සිද්ධියක්නේ. ඇයි වවාගෙන කන්නේ.(නදී)
විපරිත ලෝකේ (දී)
හාමුදුරුවරු මේකෙන්වත් හැදුනොත් හොඳයි. ඔය කුණු බිත්තරකාරයොත් යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. මිනිස්සුනට තමන් කැමති කඩේකට යන්න අයිතියක් තියෙනවා. (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
එහි අනෙක් පැත්ත නේද සිද්ද වෙන්න ඕනේ (දී)