පකිස්තානයේ හිටපු අගමැති බෙනාසිර් භුට්ටෝ මරා දැමීයැයි හිටපු ජනපති සහ හමුදා නායක ජනරාල් පර්වේස් මුෂාරෆ් ඇතුළු හත් දෙනකුට එරෙහිව රාවල්පිණ්ඩි අධිකරණයක් හමුවේ අද නඩු පැවරීය.
විශේෂ රැකවල් මධ්‍යයේ මුෂාරෆ් ඇතුළු සැකකරුවෝ රාවල්පිණ්ඩි ත්‍රස්ත විරෝධී අධිකරණය හමුවට රැගෙන එනු ලැබූහ.
පිටු අටකින් යුත් චෝදනා පත්‍රය අධිකරණයේදී කියැවූ පසු තමන් එය ප්‍රතික්ෂේප කරන බව සැකකරුවෝ පැවසූහ.
මිනී මැරීම, මිනී මැරීමට තැත්කිරීම, මිනී මැරීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා ජනරාල් මුෂාරෆ් ඇතුළු සැකකරුවනට එල්ල වී ඇත.
හිටපු අගමැතිනි බෙනාසිර් භුට්ටෝ මරා දැමුවේ 2007 දෙසැම්බර 27 වැනිදා රාවල්පිණ්ඩි නගරයේ පැවති ඡන්ද ප්‍රචාරක රැලියකදීය.
ලබන 27 වැනිදා නඩුව විභාගයට ගැනීමට නියමිතය.
බෙනාසිර් භුට්ටෝ 1988 සිට 1990 දක්වාත්, 1993 සිට 1996 දක්වාත් පකිස්තානයේ අගමැති ලෙස කටයුතු කළාය.
2007 දෙසැම්බර 27 වැනිදා වන විට ඇය පකිස්ථානයේ විපක්ෂ නායිකාව ලෙස කටයුතු කරමින් සිටියාය. මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ භුට්ටෝ රාවල්පිණ්ඩි ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියාය. එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 24කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරුවෝ කවදාද අපි වැරදියි කියලා කියන්නේ. (නි)
මෙයාව ආදර්ශයට අරගෙනනේ අර අපේ රටේ එක්කෙනෙකුත් ලොකු ලොකු කතා කියන්නේ. (නි)
රජකම් කෙරුවත් කළකම් පළදේ.... මේ ඔබට වගේ මේ මටද දැනේ... ගිය වාරේ නුඹේ මේ වාරේ මගේ... (නි)
පාකිස්තානේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.ලෝකෙන් උතුම් රට ලංකාවද ? (නි)
රජකම් කළත් කළකම් පළදෙනවා.... ඕක ලෝක ස්වභාවයයි (නි)
මිනීමරුවා කවුරුවුණත් ඔහුට දඬුවම් ලැබෙයි වෙලාවට. (නි)
දේශපාලනය කළ වරදට දඬුවමද මෙය? (නි)
හත්මුතු පරම්පරාවටම දෙවියන්ගේම පිහිටයි! (නි)
නිත්‍ය ඉදිරියේ සාදාරණයක් වෙනකම්,අපි කටවහගෙන ඉදිමූ. (නි)
බේරුනොත් ඒ ඇති (නි)
හිටපු ජනපති සහ හමුදා නායක ජනරාල් පර්වේස් මුෂාරෆ් තම රට ජාතියට ආදරේ ඇති කෙනෙක්, ඒ බව මම හොඳටම දන්නවා. (නි)
හිටපු ජනපති සහ හමුදා නායක ජනරාල් පර්වේස් මුෂාරෆ් තම රට වන පකිස්තානයටත්, තම පකිස්තාන් ජාතියටත්, තම මව් බිමටත් ආදරේ ඇති කෙනෙක්, ඒ බව මම හොඳටම දන්නවා. (නි)
ඇයි මිනිපෙ ඔබ නොදන්නෙයිද තිරිසනාට මේ ලෝකේ ජීවත් වන්නට නීතියක් නොමැති බව. (අ)
වැරදි කළොත් ජනාධිපතිද නැද්ද කියන එකෙන් වැඩක් නැහැ. වැරදි වලට දඬුවම් විඳිය යුතුයි. (නි)
මුෂාරෆ් අපේ රටේ හිතවතෙක්. ඉන්දියාව අකුල් හෙලද්දී මුෂාරෆ් තමයි අපේ රටට කොටි යුද්ධ කාලේදී උදවු කළේ. එතුමා මේ චෝදනාවෙන් නිදහස් වේවා!! (නි)