IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


භුතාත්ම මෝහනයෙන් සුව කළ හැකිද?

ශ්‍රී ලංකා වෘත්තීය මනෝ උපදේශකයන්ගේ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා වෘත්තීය මෝහනවේදීන්ගේ සංගමයේ උප සභාපති, ලූතිනන් කර්නල් (විශ‍්‍රාමික), වෛද්‍ය - නිමල් ආරියරත්න

 

මෝහන චිකිත්සාවේදී සිදුකරනුයේ යටි සිත නමින් මනෝ විද්‍යාවේදී අර්ථ දක්වන මනසේ ගැඹුරු තැන වන යටි සිතට ඇතුල්වී ඇති නොයෙකුත් ඝෘණාත්මක සිතුවිලි  ඉවත්කර ධනාත්මක සිතිවිලි ඇතුල් කිරීමයි. මනස යන සංකල්පය බටහිර විද්‍යාවට අනුව පැහැදිලි කළ නොහැකි වුවත් පෙරදිග දර්ශනයට අනුව විශේෂයෙන් බුදුදහමට අනුව මනස යනු සත්වයාගේ වැදගත්ම කොටසයි. මිනිසා කරන කියන සෑම දෙයකටම මුල් වන්නේ සිතයි. මේ නිසා සිත පිලිබඳව හා සිතට වැළදෙන රෝග පිළිබඳව ගැඹුරින් හැදෑරීම ඉතා වැදගත් වෙයි. එමගින් නොයෙකුත් මානසික ව්‍යාකූලතා වලට ගොදුරුවී සිටින පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් ඒ ව්‍යාකූලතා වලින් මුදවා ගත හැකිය.

විවිධ භූතාත්ම මිනිසාගේ මනසට ඇතුල්වී එම පුද්ගලයාගේ මනස විකෘති කර ඔහු හෝ ඇය තමන්ගේ මනස අරක් ගත් භූතාත්මයට අවශ්‍ය පරිදි කතා කිරීම හා හැසිරීම ඈත අතීතයේ පටන් පෙරදිග මෙන්ම අපරදිග සමාජයේ ද පවතින මානසික රෝගී තත්ත්වයකි. අතීතයේදී බලි තොවිල්, දෙහිකැපීම්, හූනියම් කැපීම වැනි ශාන්ති කර්ම මේ සඳහා ප‍්‍රතිකර්ම ලෙස යොදා ගන්නට අපේ ගැමියන් පුරුදුවී සිටි අතර එම ශාන්ති කර්ම මගින් යම් තරමකට මානසික රෝගීන් සුවපත් කිරීමද සිදුවිය. එකල විද්‍යානුකූල ප‍්‍රතිකාර ක‍්‍රමයක්වන මෝහන චිකිත්සාව සමාජයේ නොතිබුණු හෙයින් ඉහත කී ප‍්‍රාථමික ප‍්‍රතිකාර මිස වෙනත් විකල්පයක් සමාජයේ නොතිබුණි. මෙවැනි රෝගීන්ට ප්‍රශස්තම ප‍්‍රතිකාර ක‍්‍රමය මෝහන චිකිත්සාවයි. එහෙත් අවාසනාවකට මෙන් තවමත් අපසමාජයේ මෝහන චිකිත්සාව පිළිබඳව ඇති දැනුම ඉතා අල්ප මට්ටමක පවතී. බටහිර රටවල ඉතා දියුණු තත්ත්වයේ පවතින මෙම චිකිත්සා ක‍්‍රමය අපරට තුළද ව්‍යාප්ත කිරීමේ අපේක්‍ෂාවෙන් පිහිටුවා ගන්නා ලද ශ‍්‍රී ලංකා වෘත්තීය මෝහන වේදීන්ගේ සංගමය මහත් පරිශ‍්‍රමයක් දරමින් සිටියි.

මනස සම්බන්ධ කාරණා පැහැදිලි කිරීමේදී අප මුහුණ දෙන ප‍්‍රධානම ගැටලූව නම් මනස ඇසට නොපෙනෙන අතින් ඇල්ලිය නොහැකි කොටින් කියතොත් පංච ඉන්‍ද්‍රියයන් එකකට හෝ ගෝචර නොවන යම් කිසි සැඟවුණු දෙයක් වීමයි. මෙලොව වෙසෙන හැම දෙනාටම මනසක් ඇතත් කිසිවකු එය දැක නැත. එය දැකිය හැක්කේ මනස භාවිතා කර කරනු ලබන ක‍්‍රියා කාරකම් වලිනි. ඇසිය හැක්කේ එම මනස උපයෝගී කොට ගෙන කියන දේවල් වලිනි. මනස යමකට උපමා කරන්නේ නම් වඩාත් සුදුසු විදුලියට සමාන කිරීමයි. විදුලිය ද ඇසින් දැකිය නොහැකි අතින් ඇල්ලිය නොහැකි එහෙත් දැනට සොයාගෙන ඇති ප‍්‍රබලම ශක්ති විශේෂයකි. බල්බයක් දැල්වෙනවිට එය සිදුවන්නේ විදුලි බලයෙන් බවත් ගුවන් විදුලියෙන් ශබ්දය ඇසෙනවිට එසේ එන ශබ්දය උපදවන්නේ විදුලිය මගින් බවත් අපි අත්දැකීමෙන් දනිමු. එසේම විදුලි කේතලය විදුලියට සම්බන්ධ කර සුළු වෙලාවකින් එතුල ඇති ජලය උණුසුම් වන්නට පටන් ගන්නේ අප කිසි දින දැක නැති විදුලියේ බලයෙන් බව කවුරුත් දන්නා දෙයකි

මනස පිළිබඳව ද අපට යම් අවබෝධයක් ලබා ගත හැක්කේ එහි බලයෙන් මිනිසා කරන කියන දේවල් පිළිබඳව නිරීක්‍ෂණය කිරීමෙනි. නොපෙනන විදුලියෙන් ඉහත කී පරිදි බෙහෝ දේ සිදුකළ හැකි අතර නොපෙනෙන මනසින් ද ඒ අයුරින්ම බොහෝදේ කළ හැකිය. නිරෝගී මනසක් ඇති පුද්ගලයා එදිනෙදා සාමාන්‍ය කටයුතු වල නිරතවෙයි. රැකියාව කරයි. ක‍්‍රීඩා කරයි. පොත් ලියයි. කියවයි. ගී ලියයි. ගයයි. නව නිර්මාණ කරයි. එසේම මනස රෝගී වූ විට එම මිනිසාම අසාමාන්‍ය දේ කරයි. බොහෝ දේවලට බියක් දක්වයි. නැතහොත් ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙයි. එක්කෝ දින ගණනක් එක දිගට නිදා ගනී. නැතහොත් දින ගණනක් එක දිගට නොනිදා සිටී. කෑම බීම නොගෙන කුසගින්නේ සිටියි. නැතහොත් අසාමාන්‍ය ලෙස ආහාර අනුභව කරයි. ළිංවලට පැනදිවි නසා ගැනීමට හෝ උස් ස්ථානවලින් බිමට පැනීම වැනි භයානක දේවල් කිරීමට තැත් කරයි. මොවුන්ගේ හැසිරීම් රටා නිරීක්‍ෂණය කිරීමෙන් මනසක් කියා යම් දෙයක් ඇතිබවත් එය රෝගී විය හැකි බවත් අපට අවබෝධකර ගත හැක.

මෙම මානසික රෝගවලින් වඩාත් පුදුම සහගත මෙන්ම විශ්මය ජනක රෝගී තත්ත්වය නම් මිය ගිය අයකුගේ ආත්මයක් ජීවත්වන අයකුගේ මනසට ඇතුළු වී ඔහු හෝ ඇය රෝගී කිරීමයි. යකුන් වැහීම පෙරේතයන් වැහීම යනුවෙන් සාමාන්‍ය සමාජයේ හඳුන්වන මෙම රෝගී තත්ත්ව එය වැළඳුණ පුද්ගලයාට මහත් දුක් ගෙන දෙයි. ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ටද ඔහු මහත් කරදරයකි. විද්‍යනුකූල ක‍්‍රම වේදයක්වන මෝහන චිකිත්සාව උපයෝගි කොටගෙන මෙම කරදරකාරී ව්‍යසනයෙන් පුද්ගලයා නිදහස් කර ගත හැක. 



අදහස් (0)

භුතාත්ම මෝහනයෙන් සුව කළ හැකිද?

නිශාන්ත Friday, 21 August 2015 03:36 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

සමන් Saturday, 04 February 2017 12:30 PM

වැදගත් ලිපියක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 536 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 66 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 234 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 276 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 320 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 420 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site