IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘භාරතට වෙඩි තබා දුමින්දත් වෙඩි තබා ගත් බව කියනු ඇසුණා‘

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තබා දුමින්ද සිල්වාත් වෙඩි තබා ගත් බව මුල්ලේරියාව රාහුල විදුහල අසල රැස්ව සිටි පිරිසක් කියනු ඇසුණු බව පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල් දමිත් සුරංග කුමාර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ සාක්කි දෙමින් අද පැවසීය.

ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු මරා දැමීයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලබා සිටී.

නඩුවේ 10 වැනි සැකකරු නාමැතිව නඩුව විභාග විය. ඔහු පරීක්ෂණය අතරතුරදී ඝාතනයට ලක් විය.

දුමින්ද සිල්වාත් අධිකරණයට පැමිණ සිටියේය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ විත්ති වාචකවලට පෙනී සිට උත්තර දීමේ හැකියාව දුමින්ද සිල්වාට ඇත්දැයි සොයා බලන ලෙසයි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කැරිණි.

ඉන් පසු සාක්කි කැඳවිණි.

සුරංග කුමාර මුලින්ම සාක්කි දෙමින් ඔහු මුල්ලේරියාව රාහුල විදුහල අසළ 2011 ඔක්තෝබර අට වැනිදා පළාත් පාලන ඡන්ද රාජකාරියට ගිය බවත්, ගැහැණු පිරිසක් එතැන රැස්ව සිටි බවත්, පිස්තෝල හා ටී 56 අවි ඇතැමුන් අත තිබූ බවත් කීවේය.

ඒ අවස්ථාවේදී එතැනට ඩිෆෙන්ඩර් රියක් පැමිණි බවත්, දුමින්ද සිල්වා ද එහි සිටි බවත්, එතැන සිටි ගැහැණු පිරිසකට පහර දෙනු දුටු බවත් ඔහු කීවේය.

භාරතට වෙඩි තබා දුමින්දත් වෙඩි තබා ගත්තේයැයි එතැන සිටි පිරිසක් කියනු ඇසුණේ යැයි ද ඔහු සඳහන් කරයි. එම ඩිෆෙන්ඩර් රියේ පැමිණි පිරිස උසාවියේ සිටීදැයි ප්‍රශ්න කළ විට ඔහු කීවේ ඔවුන් උසාවියේ නැති බවයි.

වැඩිදුර විභාගට අගෝස්තු දෙවැනිදාට කල් තැබිණි.

 

 

 



අදහස් (0)

‘භාරතට වෙඩි තබා දුමින්දත් වෙඩි තබා ගත් බව කියනු ඇසුණා‘

සදරුවන් Tuesday, 02 July 2013 04:43 PM

දෙන්නම මාර ලස්සනයි !(නදී)

:       0       0

නෙතුමි Wednesday, 03 July 2013 11:54 AM

මේවා දැන් විහිළු වී හමාරයි (නි)

:       0       0

ධම්මික Tuesday, 02 July 2013 04:53 PM

අනේ අනිච්චන්! (දී)

:       0       0

පද්මසීර් Wednesday, 03 July 2013 08:20 AM

ගොනාගේ පිටුපසින් කරත්තය එනවා වගේ හැමෝගෙම පස්සෙන් කර්මය එනවා. ඒක නවත්තන්න පුළුවන් කිසිම ජගතෙක් මේ ලෝකේ නැහැ (නි)

:       0       0

පෙරේර Tuesday, 02 July 2013 09:15 PM

පෙරේරා, හිරුනිකාට තියා මේ යන විදිහට රටටවත් අනාගතයක් තියෙයිද???? (අ)

:       0       0

සසිත් Wednesday, 03 July 2013 08:24 AM

අපි මෝඩයො කියලා හිතාගෙන ඉන්නවාද දන්නෙ නැහැ (නි)

:       0       0

සම්පත් Wednesday, 03 July 2013 08:26 AM

ගොඩක් කල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගත්තට දුමින්ද මහත්තයාගේ ඇඟ නම් බැහැල නැහැ.මොකද්ද දන්නේ නැහැ රහස... (නි)

:       0       0

දිසා Wednesday, 03 July 2013 08:30 AM

ඔන්න ඔක්කොම අමතක කරලා දාන්න කාලේ ඇවිත්. බලන්නකෝ දුමින්ඳගේ තියෙන ජයග්‍රාහී හිනාවයි,හිරුනිකාගේ බැල්මයි.... (නි)

:       0       0

අනා Tuesday, 02 July 2013 04:57 PM

මම ඔතන හිටියා නම් කවදාවත් එයාට වෙඩි තියාගන්න දෙන්නේ නැහැ (දී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 02 July 2013 05:00 PM

මේ කතාවම මමත් මුළුන් කීවා (අ)

:       0       0

නිමල් ජයසිංහ Tuesday, 02 July 2013 09:36 PM

චිත්‍රපටියකට හරි මෙගා ටෙලියකට හරි හොද කතාවක්.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 02 July 2013 05:09 PM

වැරදිකරුවන් මොකෙන් බේරුනත් ස්වභාව ධර්මයාගෙන් බේරෙනවා බොරු! (දී)

:       0       0

උදය Tuesday, 02 July 2013 05:10 PM

හැබැයි අර ගුටි කාපු මේජ්රටයි, අර කැමැත්තෙන් ගස් බැද ගත්ත නිලධාරියටයි, ගුටිකාපු පොලිස් පුතාටයි වැඩිය හිරුනිකායයි, අර දන ගහ ගෙන හිටපු ගුරුවරියයි රටට ආඩම්බරයක්. මේ කාන්තාවන් දෙන්නාගේ කොන්ද තියෙනවා අනික් ලොකු ලොක්කන්ගේ පුත්තුන්ට වැඩිය (දී)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 02 July 2013 09:42 PM

සාක්කි දෙන අයත් කියාවිද මට දැන් මතක නැහැ කියලා? පෙරේරා, ඔබට හිරුනිකාව පෙනෙන විදියට අනික් අයට පෙනෙන්නේ නැහැ. හිරුනිකා දේශපාලනයට පුරුදු කෙනෙක් නෙමේ. මට බාරතත් එකයි, දුමින්දත් එකයි. දෙන්නටම කඩේ යන්නේ නැහැ මම. මොකද මම දෙන්නා ගැනම දන්නවා (නි)

:       0       0

පෙරේරා Tuesday, 02 July 2013 05:12 PM

හිරුණිකාට තියෙන්නේ ප්‍රභල නායකත්වයක ලක්ෂණ ඇති මුහුණක්. අනාගතයේදී රටේ ඉහළ තනතුරක් දරන්නත් පුළුවන් (දී)

:       0       0

රෝයල් Tuesday, 02 July 2013 05:15 PM

ඒ මොකද්ද මේ වෙන්න යන්නේ

:       0       0

සම්පත් Tuesday, 02 July 2013 05:20 PM

අපේ අයම තාම මරාගන්නවානේ...? (දී)

:       0       0

රූපවති Tuesday, 02 July 2013 09:53 PM

ඔයාලත් කපු කමේ යන්න පෙර, ලේ , මුත්‍රා චෙක් කර ගන්න ...? (අ)

:       0       0

නීල් Tuesday, 02 July 2013 10:10 PM

පිටිගල මිලානෝ, ඔය සරත් නේද? මම ඔයාව දන්නවා. (නි)

:       0       0

තිස්ස Wednesday, 03 July 2013 09:05 AM

මට මොකුත් ඇහුනේ නැහැ

:       0       0

ධම්ම Tuesday, 02 July 2013 10:16 PM

දෙන්නගෙ ගැලපිම කෙසේ වෙතත් තාත්ත මරපු පලිය ගන්න පහසුම ක්‍රමය හොයා ගන්න (අ)

:       0       0

සම්පත් Tuesday, 02 July 2013 05:47 PM

පුදුම මෝඩ මිනිස්සු නැත්නම් මේ වගේ අදහස් ලියයිද?(නදී)

:       0       0

සුදත් ශ්‍රී Tuesday, 02 July 2013 10:42 PM

ඇඟ තිබුනට මොලවල් නැති කට්ටිය එන හැටි දකින විට මටනම් හිත යටින් හිනා යනවා. (අ)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 02 July 2013 05:48 PM

සුදු ඇදුම් ඇදගෙන අව්‍ කන්නාඩි දාගෙන යන ගරු කළු මහත්තුරු?(නදී)

:       0       0

ධම්මික Thursday, 04 July 2013 10:32 PM

දේශපාලනයේ හයියකම් මගින් රටේ නීතිය වල් වැදී ඇති බව හොදින් පැහැදිලි වේ.(නදී)

:       0       0

ජගත් Tuesday, 02 July 2013 05:57 PM

මෙච්චර දවසක් වෙනකල් හිටියේ මොකද මේ සෙබලා (දී)

:       0       0

දිනුකා Thursday, 04 July 2013 01:51 PM

මැරුණ කෙනා මැරුනා. ඉන්න කෙනෙක්ගෙන් වැඩක් ගන්න බැලුවොත් හොද නැද්ද?(නදී)

:       0       0

නවින් Tuesday, 02 July 2013 11:16 PM

ඉස්සරහාට මොකාක් වෙයිද (දී)

:       0       0

ගිම්හානි Wednesday, 03 July 2013 12:57 PM

පෙරේරා, ඔයා හිරුනික දිහා බලන්නේ පාට කන්නාඩි දාගෙන නේද ?ගලවලා බලන්න (නි)

:       0       0

මදුශාන් Tuesday, 09 July 2013 10:01 AM

හැබැයි අර ගුටි කාපු මේජර්ටයි, අර කැමැත්‍ත්තෙන් ගස් බැද ගත්ත නිලධාරියටයි, ගුටිකාපු පොලිස් පුතාටයි වඩා හිරුණිකායි අර දණ ගහගෙන හිටපු ගුරුවරියයි රටට ආඩම්බරයක්. මේ කාන්තාවන් දෙන්නාගේ කොන්ද තියෙනවා. අනික් ලොකු ලොක්කන්ගේ පුතුතුන්ට වැඩිය.(නදී)

:       0       0

රණතුංග Tuesday, 02 July 2013 06:10 PM

වැඩිකල් යන්න පෙර වැරදිකරුවන් වැනසෙනු ඇත. (දී)

:       0       0

කුමාර Tuesday, 02 July 2013 06:10 PM

දෙන්නම හොඳට ගැලපෙනවා ,ඔක්කොම අමතක කරලා ඉවරයි. (ත)

:       0       0

රත්නායක Wednesday, 03 July 2013 09:41 AM

ඔය අහිංසක සිල්වා මහත්තය අමාරුවේ දාන්න කරන කුමන්ත්‍රණයක්මෙයාලට විරුද්දව නඩු දාන්න ඕන (අ)

:       0       0

තිසල් Tuesday, 02 July 2013 06:21 PM

ඔය කවුරු කවුරුත් දවසක ඔය කරන දේවලට විදවන එක නවත්වන්න බැහැ.එදාට ආරක්ෂක වළලු,නීතීඥ මණ්ඩල,සුපිරි රෝහල්,ඩොලර් බිලියන ගණන් තිබුනත් බැහැ."තක්කිට ටරිකිට තෙයි, කාටත් ඔය ටික වෙයි". (දී)

:       0       0

ශෂිනි Saturday, 06 July 2013 11:22 AM

මම නම් හිතන්නේ භාරත වගේම දුමින්දත් වැරදියි. මේ දෙන්නා එදා රාහුල විද්‍යාලය ලගට ආවේ ධර්ම දේශනයකට නෙමෙයිනේ. දෙන්නම ආවේ මරාගන්ඩ. ඉතින් කෝම හරි අවිගත්තෝ අවියෙන්ම නසිනවා කියන කියමන සනාත කරලා එක්කෙනෙක් නැසුනා. අනිත් කෙනා බාගෙට නැසිලා හිටියටත් වඩා හොදට පන ගහලා ඉන්නවා. අපි ඕවට කට නොදා ඉන්න එක හොදයි. එක්කෙනෙක් තමන් කරපු වැරදි වලට ජීවිතෙන් වන්දි ගෙව්වා. අනික් කෙනාටත් මෙලෙවදිම කවදා හරි ලැබෙයි.(නදී)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Tuesday, 02 July 2013 06:33 PM

මෙතන සාදාරන තීන්දුවක් ලැබෙයිද කියලා අපි බලාගෙන ඉන්නවා. හිරුනිකට ආයේ කවදාවත් එයාගේ තාත්තා ලැබෙන්නේ නැහැ. (දී)

:       0       0

රණවී පැරිස් Wednesday, 03 July 2013 12:37 AM

මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ ...? (නි)

:       0       0

චන්දන Wednesday, 03 July 2013 04:38 PM

කුමාරසිරි , මට පෙනෙන්නේ ඔබ ගැහැණුන්ගේ කොන්ද ගැන හොදහැටි දන්නවා වගේ. (නි)

:       0       0

ඩයස්. Tuesday, 02 July 2013 07:06 PM

මේක විහිළුවක් නෙමෙයි. ලංකා ඉතිහාසයට ඉතා වැදගත් නඩුවක්. ජනතාව සාදාරන තීන්දුවක් බලාපොරොත්තු වෙනවා. (දී)

:       0       0

දනන්ජය Wednesday, 03 July 2013 10:24 AM

.මෙහෙම තත්වේ ඉදපු මෙයා මෙච්චර ඉක්මනට කොහොමද ? ලංකාවට ගිය කල .(අ)

:       0       0

රොබට් Tuesday, 02 July 2013 07:10 PM

මේ මිනීමරුවාත් එක්ක එන පාතාලෙ සෙට් එක, තොප්පි චමින්ද, බුලට් ඉන්දික, ඩප්පි ගුණේ මුලු පාතාලෙම මෙතනනෙ. ලංකාවෙ දේශපාලනයට ගිය කළ. (අ)

:       0       0

අලහප්පෙරුම Wednesday, 03 July 2013 01:22 PM

මට මතක නැහැනේ මේවා කිසි දෙයක්..... (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 10:00 PM

හිරුනිකා කියන විදියට භාරත කියන්නේ හැම පෝයකටම සිල් ගත්ත නව ගුණ වැල අතින් අරන් හිටපු පාතාලය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති සුදෝ සුදු මහත්තයෙක්. අනේ යන්න නංගී යන්න අපි නොදන්නා ලයිව්. ඔයා හොදයි මල්ගස් වටේ සින්දු කියා කියා රග පාන්න.(නදී)

:       0       0

අලහප්පෙරුම Wednesday, 03 July 2013 01:27 PM

දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ "වැල යන පැත්තට මැස්ස ගහන" එක තමයි ඉතින්..... (නි)

:       0       0

සමන් Tuesday, 02 July 2013 07:18 PM

විසදෙන විදිහට විසදෙයි

:       0       0

සමන් කුමාර Tuesday, 02 July 2013 07:18 PM

මට බාරත ලෂ්මන් මහතාගේ දුවගේ දුර කතන අංකය දෙන්න පුලුවන්නම් නියම මිනීමරුවා මම දන්නවා මගේ දුර කතන අංකය 0096567677184 .(නදී)

:       0       0

නිහාල් Wednesday, 03 July 2013 02:03 AM

ස්වබාව ධර්මය යුක්තිය ඉටු කරාවී.අපි බලාගෙන ඉඳිමු (නි)

:       0       0

නිහාල් Wednesday, 03 July 2013 02:04 AM

බොරුව රජ නොකරයි (අ)

:       0       0

නිහාල් Wednesday, 03 July 2013 02:07 AM

භාරත පස්ස වෙඩි තියාගෙන, දැන් අමතකලු (අ)

:       0       0

කුමුදු Wednesday, 03 July 2013 02:46 AM

අනේ පව් පියාගේ මිනීමරුවා එක්ක මොන දුවද කසාද ..එහෙම ඒවා කරන්නේ මොලේ අමාරු එකෙක් දන.ඒවා පිස්සු මුන්ට (අ)

:       0       0

රන්දෙනි Wednesday, 03 July 2013 03:01 AM

ලංකා ඉතිහාසයට ඉතා වැදගත් නඩුවක්. ජනතාව සාදාරන තීන්දුවක් බලාපොරොත්තු වෙනවා. වැඩිකල් යන්න පෙර වැරදිකරුවන් වැනසෙනු ඇත. (නි)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 02 July 2013 07:35 PM

මේ අයට පිස්සුද මන්ද ? තමන්ගේ තාත්තව මරපු කෙනෙක්ව කසාද බඳින්නේ මොන දුවද ?(අ)

:       0       0

කුමාරි Wednesday, 03 July 2013 11:06 AM

කකුළුවා නටන්නේ වතුර හැලිය රත් වෙනකන්. දිට්ට දම්ම වේදනිය කර්මය අපි පසු පස එනෝ. (නි)

:       0       0

ගයාන් Saturday, 06 July 2013 02:18 PM

දුමින්දට බන්නින්න එපා (දී)

:       0       0

ගයාන් සිල්වා Saturday, 06 July 2013 02:24 PM

අනේ සමන් කුමාර හිරුනිකාගේ දුරකථන අංකය හම්බුනොත් මටත් දෙනවද ? මම හිතන්නේ මරපු කෙනාව මමත් දන්නවා.(නදී)

:       0       0

නාරද Wednesday, 03 July 2013 01:56 PM

නිකන් අමාරුවේ නොවැටී ඉන්න ලමයෝ(දී)

:       0       0

රූමි Wednesday, 03 July 2013 11:10 AM

මට මතක නැහැ නොවේ මම එය අමතක කලා. (නි)

:       0       0

ලන්කන් Tuesday, 02 July 2013 04:05 PM

ඇසුනා විතරයි , දැක්කේ නැහැනේ

:       0       0

ගයාන් Saturday, 06 July 2013 02:30 PM

හිරුනිකා හොද රස්සාවක් නම් කරේ අර ගෙදරටවෙලා බත් තම්බ තම්බ හිටපු එයාගේ අම්මත් දැන් ජනාධිපති උපදේශක කෙනෙක් . (අ)

:       0       0

කුමාරසිරි Wednesday, 03 July 2013 11:14 AM

උදය ඔයා හරි. පිරිමින්ට වඩා ගැහැනුන්ට කොන්ද තියනවා (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 03 July 2013 02:03 PM

අපේ රටේ මැර දේශපාලකයෝ අධිකරණය නාඩගම් මඩුවක් කරගෙන.(නදී)

:       0       0

ලන්කා Tuesday, 02 July 2013 04:29 PM

කට වැරදිලාද කොහෙද, කියන්ඩ ආවේ දුමින්දට වෙඩි තියාගෙන භාරතත් වෙඩි තියා ගත්තා කියලා.(නදී)

:       0       0

සමන් Wednesday, 03 July 2013 07:47 AM

මංගලම් ! ජය මංගලම් ! වේවා සිරි සුභ මංගලම් ! (නි)

:       0       0

ගම්යා Tuesday, 02 July 2013 04:41 PM

දැන් ඔය හැම දෙයක්ම අමතක කරලා දුමින්දට හිරුනිකාව බැදගත්තනම් නරකද ? දෙන්නා නියමෙට ගැලපෙනවා.(නදී)

:       0       0

නිමල් දයානන්ද. Wednesday, 03 July 2013 07:52 AM

ආඩම්බර විය හැකි දුවක් හිරුනිකා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 493 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3216 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1143 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 596 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1981 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24905 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site