IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘භවත් මුනිඳු රුව අවුකන නෙළාලා : යන්නන් බඹරු දුක් මැසිවිලි කියාලා‘

අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමාව අබියස හඳුන්කුරු, පහන් දැල්විම නිසා පිළිම වහන්සේ මත බැඳ ඇති බඹර වදයේ සිටින බඹරුන් ඇවිස්සීම හේතුවෙන් එදා සිට මේ දක්වා දහසකට අධික සංඛ්‍යාවක් බඹර ප්‍රහාරවලට ලක්ව ඇතැයි කියති.

කිහිප විටකදීම පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් පැමිණ මෙම බඹරුන් ඉවත් කළද නැවත එම සතුන් පැමිණෙන අතර මෙම වසරේද බඹරුන් 4 වතාවක් අවුකන බුදු පිළිමයේ වද බැඳි අතර 4 වතාවේදීම එය ඉවත් කළ බවත් නැවත එහි බැඳි බඹර වද නිසා බැතිමතුන් අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීම සඳහා විහාරාධිපති වෙල්ලියේ ධම්මකිත්ති හිමියන් ගල්නෑව පොලිස් ස්ථානාධි මගින් බිඟු සම්පත සුරැකිමේ සංවිධානයේ නිලධාරින් දැනුම්වත් කර ඔවුන් හා මහවැලි අධිකාරියේ නිලධාරින් සමග අලුතින් බැඳ ඇති බඹර වද ඉවත් කෙරිණි.

කිසිදු සතකුට හෝ මිනිසකුට හානියක් නොවී එම වද ඉවත් කිරිමට බිඟු සම්පත සුරැකිමේ සංවිධානයේ නිලධාරින් සමත් වු බවත් එම බඹරුන් නිරුපද්‍රිතව අල්ලා වනයට මුදා හැරි බවත් විහාරාධිපති හිමියෝ කීහ.

නමුත් මේ සඳහා ස්ථිර විසදුමක් කිසියම් පිරිසක් ලබා දෙන්නේනම් එය මහත් අගය කරන බවද ඒ හිමියෝ පැවසූහ.

බිඟු සම්පත සුරකිමේ සංවිධානයේ සංවිධායක හා ප්‍රධාන තාක්ෂණ ශිල්පි තුෂාර මහින්ද, ලේකම් තිස්ස බංඩාර මහත්වරු ඇතුළු එම සංගමයේ කාන්තා නිලධාරින් ද මෙයට එක්වූහ.

ක්‍රි.ව. 12 වන සියවසේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් අවුකන පිළිමය කරවා ඇතැයි ඉතිහාසයේ සඳහන්වේ.

L-0 L-1 L-2 L-3 L-4 L-6 L-8 L-9 L-10 L-11 L-12 L-14 L-16 L-18 L-19 L-24 L-25 L-27 L-29 L-30 L-31



අදහස් (0)

‘භවත් මුනිඳු රුව අවුකන නෙළාලා : යන්නන් බඹරු දුක් මැසිවිලි කියාලා‘

දුමින්ද Wednesday, 05 August 2015 07:04 AM

බිගු සම්පත් විනාශ වීම ආහාර හිඟයට හේතුව වේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1435 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1814 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5582 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1521 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5920 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5572 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17806 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site