IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


භාවනාවෙන් නිදන්ගත ලෙඩ සුව කරයි

බෞද්ධ දර්ශනය හා ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින්නේ ඉන්ද්‍රඛීලයක් බඳු සබඳතාවයකි. මේ බව නූතන විද්‍යාවෙන් ලොව හමුවේ සාක්ෂාත් කරලීමේ අග්‍රගන්‍ය පර්යේෂණය ලබන මාසයේදී ශ්‍රී ලංකාවේදී ඇරඹෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ඉසුරි විමලසිරි මෙනවිය පැවසුවාය.

මෙවන් පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය බවත් වෛද්‍ය විමලසිරි මෙනවිය සඳහන් කළාය.

ස්නායු විද්‍යාත්මක, මානසික හා ජාන වෙනස්වීම භාවනාව ඔස්සේ මනා සිහිකල්පනාවෙන් පවත්වා ගැනීම මෙම පර්යේෂණයේ මාතෘකාවයි.

මෙම පර්යේෂණය සඳහා අමෙරිකාවව කේන්ද්‍ර කොට ගෙන ලොව පුරා රටවල් ගණනාවක පවත්වාගෙන යන ‘ධම්මසුඛ භාවනා‘ මධ්‍යස්ථානයේ භාවනාව ප්‍රගුණ කළ තිස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

සමථ විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් දියවැඩියාව, රුධිර පීඩනය පාලනය කර ගැනීමටත් ස්නායුගත පිළිකා, ඩිමෙන්ෂියා, ආඝාත වැනි රෝග සිරුරින් ඉවත් කළ හැකි බවටත් අමෙරිකාව ඇතුළු ලොව රටවල් මේ වන විට සොයා ගෙන ඇත.

එම නිසා මෙම පර්යේෂණය ශ්‍රී ලංකාව අරඹමින් ඒ සඳහා මඟ පෙන්වීම හා උපදේශකත්වය ලබාදෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතාය. මෙවන් පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ සිදු කළ යුතු බවට අදහස ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විජිතධම්ම හිමියෝය.

මෙම පර්යේෂණය සිදු කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ලබන්නේ ශ්‍රී ලංකාවට වැඩම කර සිටින අමෙරිකා ජාතික ඛේමා මෙහෙණිය ප්‍රධානව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානසික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සමුද්‍රා කත්‍රිආරච්චි මහත්මිය පශ්චාත් උපාධි අපේක්ෂිකා සිතුමිණි විමලසිරි මෙනෙවිය බෞද්ධ දර්ශනය පිළිබඳව පශ්චාත් උපාධියක් හදාරන අමෙරිකා ජාතික මාර්ක් ජොන්සන් මහතා ඇතුළුව වෛද්‍ය ඉසුරි විමලසිරි මෙනවිය ඇතුළු කණ්ඩායමකි.



අදහස් (0)

භාවනාවෙන් නිදන්ගත ලෙඩ සුව කරයි

දිලානි Thursday, 29 January 2015 04:42 PM

අපි අගය කළ යුතු වෙනවා අපේ වෛද්‍යවරුන් විදෙස් ගත නොවී අපේ රටේ සිටම මෙවැනි පරීක්ෂණ කිරීම ගැන. ප්‍රශංසා කළ යුතු දෙයක්. (දිල්)

:       0       0

ටිරෝන් Thursday, 29 January 2015 11:04 AM

ඔප්පුකරලා පෙන්වන්න පර්යේෂණ කරන්න වෙනවා නමුත් ඇත්ත කතාව නම් භාවනාවෙන් නිදන්ගත ලෙඩ සුව වෙනවාමය එකේ දෙකක් නැත බටහිරයන් මෙය හඳුන්වන්නේ ෆ්‍රී මෙඩිසින් වශයෙන් (දිල්)

:       0       3

ගාමිණි Thursday, 29 January 2015 11:44 AM

ඇත්තටම භාවනාව හැම ලෙඩකටම හොද බෙහෙතක්.(හේ)

:       0       1

රුවන් Thursday, 29 January 2015 11:50 AM

ලෝකයේ භාවනාවට සුදුසුම ස්ථානය ලංකා දෙරණ පමණයි. එයට හේතුව ලෝකයේ ගුරුත්වාකර්ෂණය අඩුම රට මේ දෙරණ වන නිසයි. එය අපේ රටේ බොහෝ පිරිසක් නොදන්නා කාරණයක්. ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානයට තමයි විශ්ව ශක්තිය වැඩියෙන්ම ලැබෙන්නේ. අපේ රටේ ආර්ය උත්තමයන්ලා සිටින බැවින් භාවනාව කියල දෙන්න ඇමරිකාවෙන් එන්න අවශ්‍ය වෙන්නේ නැහැ . හොයල බැලුවොත් එහෙම ආර්ය උත්තමයන්ලා හොයාගන්න බැරිවෙන්නේ නැහැ. ඔබලාගේ උත්සාහය උතුම් දෙයක්. මොකද භාවනාවෙන් ලෙඩ සුවවෙනවමයි තෙරුවන් සරණයි ! (නදී)

:       0       1

කේසර Tuesday, 03 February 2015 07:42 AM

අපේ දේවල් අද අමරිකාවෙන් ඇවිත් අපිටම කියලා දෙනවා. අපේ අයත් ඒ අය කිවවුවොත් මුදුනින් පිලිගන්නවා. (ර)

:       0       0

අබේ -ටෝකියෝ Thursday, 29 January 2015 01:12 PM

සමහරුන්ට සියලුම දේවල් පෙනෙන්නේ අසුබවාදීව. (නදී)

:       0       0

නුවන් Thursday, 29 January 2015 08:54 AM

මිත්‍යා මත දරන කට්ටිය මොනවා කියාවිද දන්නේ නැහැ.(හේ)

:       0       0

අනිල් Thursday, 29 January 2015 08:54 AM

මානසික, ශාරිරික ලෙඩ රෝග වලට භාවනාව හොදයි.(හේ)

:       0       0

අකිල Thursday, 29 January 2015 08:55 AM

භාවනාව හරියට කළොත් ලෙඩ ගොඩක් සුව කර ගත හැකියි.(හේ)

:       0       1

සමන් Thursday, 29 January 2015 08:55 AM

මිත්‍යා මත දරන කට්ටිය මොනවා කියාවිද දන්නේ නැහැ(දිල්)

:       0       0

කිරා Thursday, 29 January 2015 09:22 AM

මේක ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල කුමන්ත්‍රණයක් නෙවෙයි නේද? (නදී)

:       0       0

ඩිල්ෂාන් Friday, 30 January 2015 07:14 AM

පර්යේෂනය කරන්නේ කොහොමද? අනවශ්‍ය සී ටී ස්කෑන්, එක්ස්රේ නැතුව කරනවා නම් කමක් නැහැ. මට අල්ලන්නේ නැත්තේ ළමා රෝහල ඕකට සම්බන්ධ කර ගැනීමයි. අනික ඇයි මේ රටේ කරන්නේ? ඇයි පර්යේෂණය ඇමරිකාවේ කරන්නේ නැත්තේ? මේකේ මොකක් හෝ හොරයක් තිබෙන්න පුළුවන්. බටහිර රට වල රෝගීන් අනවශ්‍ය පරීක්ෂණ වලට ඉඩ දෙන්නේ නැහැ. එනිසා අපේ මිනිස්සු රවට්ටගෙන අනවශ්‍ය පරීක්ෂන කරන්න ලෑස්ති වෙනවා වෙන්න පුළුවන්. සී ටී ස්කෑන් වලින් පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. (නදී)

:       0       0

කුමාර Thursday, 29 January 2015 09:59 AM

ඒ කතාව ඇත්ත.(හේ)

:       0       0

චාමී Thursday, 29 January 2015 10:23 AM

මේ වගේ දේවල් අපේ මිනිස්සු පිළිගන්නේ නෑ. ඇමරිකාව එංගලන්තය වගේ රටවල් කිවවුවොත් විතරයි පිළිගන්නේ. අපේ රටේ තිබෙන නිර්මල බුදුදහම භාවනා ක්‍රම ගැන අපේ මිනිස්සුන්ට අගයක් නැහැ. එකයි ඇත්ත. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 421 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1726 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1076 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1814 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1265 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 920 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site