IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


භාවනාවෙන් ශාස්ත්‍රපති උපාධිය

බෞද්ධ දර්ශනයත් විද්‍යාවත්  අතර පවතින සබඳතාවය  ඉන්ද්‍රඛිලයක්  ලෙස සනාථ කරමින්  භාවනාවෙන්  මානව  ස්නායු පද්ධතිය නීරෝගී කළ හැකි බව  සක්සුදක් සේ  පැහැදිළි කර දීමේ  ස්ථිරසාර කාර්යක මූලාරම්භය ජනවාරි  දෙවැනිදා ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයයෙන් ඇරැඹෙන බව ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ  මහාචාර්ය රනිල්ද සිල්වා  මහතා පැවසීය.

මෙහි අරමුණ මනස ස්නායු  වෛද්‍ය විද්‍යාව හා භාවනාව සම්මිශ්‍රණය වු එම් ඒ ශාස්ත්‍රපති උපාධිය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ප්‍රදානය කිරීමට සූදානම් වීමයි.

ජාත්‍යන්තරව භාවනා පුරුදු පුහුණු කරවන භාවනාවේ බොහෝ අත්දැකීම්   ඇති අමෙරිකා ජාතික සුප්‍රසිද්ධ  ඛේමා  මෙහෙණිය සහ ජිනීවා විශ්ව විද්‍යාලයයේ  වෛද්‍ය පීඨයේ  ස්නායු  වෛද්‍ය  විද්‍යාව පිළිබඳව  මහාචාර්යවරියක වු  කැනඩා ජාතික  ඈන්  කැටෝ මහත්මිය  ජනවාරි දෙවැනිදා  උදේ දහයට  විශ්ව විද්‍යාලයයේ  ශ්‍රී සුමංගල  ශාලාවේදී දේශන දෙකක් පවත්වා මෙම කර්තව්‍යට මුල පුරන බවද මහාචාර්ය රනිල් සිල්වා කීවේය.

සමථ විපස්සනා  භාවනාව පිළිබඳව  ඛේමා මෙහෙණියද ස්නායු පද්ධතිය ඔස්සේ භාවනාවෙන් මනස  පුරවාලීම පිළිබඳව  මහාචාර්ය ඈන්  කැටෝ මහත්මිය ද දේශන පැවැත්වීමට නියමිතව සිටිති.

ඛේමා මෙහෙණිය සහ මහාචාර්ය ඈන් කැටෝ මහත්මිය මෙහි  පැමිණ මෙම කර්තව්‍යට මුල පුරන්නේ  මහාචාර්ය රනිල්ද සිල්වා මහතාගේ ඇරැයුමක් අනුවයි.

එම් ඒ උපාධි පාඨමාලාව සැකැසෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨය සහ පාලි හා බෞද්ධ අධ්‍යාපන අංශය,සහ මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු  අංශය ඒකාබද්ධ කැරගෙනයි.

ඛේමා මෙහෙණිය සහ මහාචාර්ය  ඈන් කැටෝ මහත්මිය 2 වැනිදා පවත්වන දේශනවලට සවන් දීමට කැමැති අයට ඒ සඳහා  සහභාගී විය හැකිය.

වැඩිදුර තොරතුරු සතියේ දිනවල 011-2758697 දුරකතනයෙන් විමසීමට පිළිවන.

ඉංග්‍රීසි බසින් පැවැත්වෙන දේශනයන්හි හරය සිංහල පරිවර්තනයක් ලබා දීමටද සංවිධායකයෝ සැරැසෙති.

Image-1 Image-1l

 

 



අදහස් (0)

භාවනාවෙන් ශාස්ත්‍රපති උපාධිය

සිතුම් Friday, 26 December 2014 06:37 PM

නොයෙක් දේශපාලන විසුක දස්සන වලින් හෙම්බත් වූ සිතට මෙය ඉතා සතුටුදායක පුවතක්. (නි)

:       0       0

භානු Friday, 26 December 2014 08:05 AM

ඔව් වැඩ පිළිවෙල අති සාර්ථක වී ඉගෙන ගන්න උදවියටත් යහපතක්ම වේවා !(නදී)

:       0       0

රෝහණ Friday, 26 December 2014 09:10 AM

ඔබ දෙපොල මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රවේසම් වන්න (බ)

:       0       0

සරා Friday, 26 December 2014 09:14 AM

මගේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සත්‍යයි අනන්තයි අප්‍රමාණයි (බ)

:       0       0

අමිල ගමගේ Friday, 26 December 2014 09:42 AM

ආතර් සී ක්ලාර්ක් මහත්තයා කියූ දේවල් සත්‍යය වෙනවා. සැමදා බුදු හිමි සරණ යමි (බ)

:       0       0

ජේන් Friday, 26 December 2014 09:47 AM

බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් තව තවත් සත්‍යයන් එළිදැක්වේවා (බ)

:       0       0

පනික්කරාළගේ Friday, 26 December 2014 09:55 AM

සරා, බුදු රජාණන් වහන්සේ ඔබගේ වන්නේ කෙසේද? මමය මගේය යන මමත්ව මුලික හිත මෝහයක් නැත්නම් මුලාවක් බව කියූ සිද්ධාර්ථ ගවුතමයන් මියගොස් ශත වර්ෂ විසිපහකටත් පසු "ඔහු මගේ" යයි කීම විහිළුවක් නොවන්නේද? (බ)

:       0       0

තුෂාර Saturday, 27 December 2014 02:44 AM

මෙම කර්තව්‍යයට සුබ පතමි (නි)

:       0       0

ගමයා Friday, 26 December 2014 11:23 AM

සරා "මගේ" කියල යොදන්නේ තම භක්තියෙන් කරන්නාවූ ගරු කිරීමක් ලෙසයි. බුත්සරණ වගේ පොත්වලත් එවැනි :" මගේ අමාමෑණී වූ භාග්‍ය වත් බුදුරජානන්වහන්සේ" ආදී යෙදුම් තියෙනවා. (අ)

:       0       0

බන්දුල ද සිල්වා Friday, 26 December 2014 12:19 PM

පර්යේෂණාත්මක ගවේෂණාත්මක කාර්යයක් තුලින් ලෝකයට ලබාදෙන්නට උත්සහ කරන මෙම අවස්ථාව ඉතා උත්කෘෂ්ටයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 823 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 466 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 345 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 607 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 401 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1103 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site