”මං අහිංසක ගැහැණියක් බොලව්, මාවත්, මගේ විජය කුමරුවත් ඈත් කරපු උඹලට හොඳක් වෙන්න එපා” කුවේණිය එසේ සාප කරයි. නමුදු ඒ සැබෑ කුවේණිය නොවේ. අද සිට සිනමා තිරයට එන සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත‍්‍රපටයේ කුවේණියගේ චරිතයට පණ පොවන දුලානි අනුරාධාගේ උද්වේගකර කට හඬයි. ඒ හඬ තීව‍්‍රය, ඒ තීව‍්‍ර හඬට රංගන හැකියාව ද ඇය කදිමට මුසුකර තිබේ. ඒ නිසාම වත්මන් කුවේණිය සමග අපට යමක් කතා කරන්නට තිබේ. මේ ඇයගේ හඬයි. අපි ඒ හඬට මොහොතකට සවන් දෙමු. අ ඉතිං කොහොමද ටීචර්? ම්ම්... හරිම හොඳයි ටීචර්ට ළමයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද? ළමයින් මට හරිම ආදරෙයි. උදේට යද්දිත් හවසට එද්දිත් පොඩි අය ඇවිත් මාව වට කර ගන්නවා. වඳිනවා. මා වටේ දුවනවා. මම ඉන්න කාමරයට ඇවිත් එබිකම් කර බල බලා යනවා. ඒ ආදරය - ගෞරවය හරිම සුන්දරයි. පිරිසුදුයි. මට පුදුම සතුටක් තිබෙන්නෙ. ඒ ආදරය ලැබෙන හේතුව මොකක්ද? රංගන ශිල්පිනියකට සමාජයේ සාමාන්‍ය කාන්තාවන්ට වඩා පිළිගැනීමක් තිබෙන්නෙ. එහෙම කෙනෙක් එයාලගේ ගුරුවරියක ලෙස එයාලා අතරට ඒම සතුටට කරුණක් වෙන්න ඇති. මේ වගේ ප‍්‍රතිචාර නිසා ඉගැන්වීමට බාධාවක් නැද්ද? ළමයින්ගෙ ආදරය ලැබීම ඉගැන්වීමට බාධාවක් වෙන්නෙ කොහොමද? ළමයි ඔබ කියන දේ අහනවද? සත්තකින්ම ඔව්. එයාලා ආදරෙන් සියල්ල වටහා ගන්නවා. ගුරුවරියකට රඟපෑමේ දී සීමා තියෙනවද? මේ වෘත්තිය මම පටන් ගත්තා විතරයි. ඒනිසා දැන් ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. අපි ළමයින්ට ආදර්ශවත් වෙන්න ඕනෑ. යහමග යාමට ඒ අයට පාර කියන්නෙ අපි. ඒනිසා අපි යමක් කරන්න ඕනෑ දෙවරක් නෙවෙයි, දස දහස් වාරයක් හිතලයි. ඔබ සරසවි අධ්‍යාපනය ලබා තිබෙන්නෙ නර්තන අංශයෙන්. එහෙම කළේ නර්තන ශිල්පිනියක් වීමේ අදහසින් ද? කොහෙත්ම නැහැ. මට ඕනෑ වුණේ ගුරුවරියක වීමටයි. ඉගෙනගත් ගුරුවරයා සහ කණ්ඩායම සමග එක්වී ප‍්‍රසංගවලට ඉදිරිපත් වුණාට නටලා සංදර්ශනවලට ගිහින් සල්ලි හම්බකිරීමේ වුවමනාවක් තිබුණේ නැහැ. සරසවියේ දී ඉගෙන ගත්තෙ උඩරට නර්තන කලාව ගැනයි. දුලානි, ඔබ තෝරා ගන්නෙ ඓතිහාසික කතා පුවත් රැුගත් චරිත විතරයි කියලා සමහරු කියනවා. ඒක ඇත්තද? එහෙම ප‍්‍රශ්නයක් මට නැහැ. මුලින්ම මම රඟපෑවේ ලලිත් පනාපිටියගේ ”සංගිලි” චිත‍්‍රපටයේ චරිතය වගේම ජයනාත් ගුණවර්ධනගේ ”පරාවර්තන” චිත‍්‍රපටයේ රඟපෑ චරිතය ඓතිහාසික පසුබිමක් රැගත් චරිත නෙවෙයි. නමුත් ඓතිහාසික කතා රැගත් අබා සහ විජය කුවේණි ඒවාට පෙර තිරගත වුණා. කුවේණිය වීම ගැන ඔබ පුද්ගලිකව හිතන්නේ කොහොමද? අපි කුඩා කාලයේ ඉඳලා දන්න කතාවක්. ඇය රෙදි වියමින්, කපු කටිමින් සිටියා. විජය නෙරපා හැරියා. ආලයෙන් වෙලී සිටියා. මේ ආදී නොයෙකුත් දේ අපි ඇය ගැන දැන සිටියා. ඇය තුළ මොකක්දෝ ගාම්භීර බවකුත් තිබුණා. ඒ සුවිශේෂී සහ පුදුමාකාර මතකය සමග සුගත් සමරකෝන් මහතා කියා දුන් දේ එක්ක චරිතයට මම සාධාරණයක් කළා කියලා හිතෙනවා. ඓතිහාසික හැඩතල - ස්වරූප සමග චරිතයට පණ පොවද්දී, රූගත කිරීම් තලයේ දී මුහුණදුන් දේ තිබෙනවද? විජය ලෙස රඟපෑ රොජර් සෙනෙවිරත්න අයියා සහ මා අතර එක්තරා සටන් ජවනිකාවක රූගත කිරීම් තිබුණා. ගල් පර්වතයක් උඩ සිට තමයි එය කිරීමට නියමිතව තිබුණේ. මම ගහපු පහරකට ගල් පර්වතය කෙළවරේ සිටි රොජර් අයියාට සමබරතාවය නැතිව ගියා. එය මගේ වරදක්. මේ නිසා එයා පහළට වැටුණා. එය බලා ඉන්න බැරි තරමට බියකරුයි. මට මොහොතකට කතා කර ගැනීමට පවා බැරිව ගියා. නමුත් පුදුමාකාර වාසනාවකට රොජර් අයියාට අනතුරක් වුණේ නැහැ. හැබැයි තුවාල සීරිම් වෙලා තිබුණා. මට ඒ අවස්ථාව මතක්වෙද්දී හරිම දුකයි. කුවේණි පෙම් බැන්දේ විජයටයි. ඒ කුවේණි වූ මේ කුමරියට සැබෑ ජීවිතයේ කුමාරයෙක් සමීපද? ම්ම්.... ම්.... නැහැ ඒක හරිම සරල උත්තරයක් ඔව්, මම කොහොමටත් සරලව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. නමුත් අද සමාජය මිනිසුන්ව සංකීර්ණ තැනකට තල්ලූ කරලා. අපි හැමෝම සංකීර්ණ වෙලා. ඒ නිසා අද අමාරුම දේ සරලවීමයි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරක චරිත නම් රගපාන්න එපා ඔන්න
සුබ අනාගතයක් ඔබට
හොඳ චරිත තෝරානෙ රගපාන්න. ඔබට නිලි රැජින වීමට පුළුවන් වෙයි.
රගපෑම නම් අති විශ්ෂ්ඨයි
ඔබේ රගපෑම් අති විශිෂ්ඨයි. ඔබ හරිම ලස්සනයි
හරිම ලස්සනයි..
මෙයා බබා.
සැබෑ ජීවිතේදි නම් කුවේණියක් වෙන්න එපා ඔන්න
අනේ මන්දන්නේ නෑ මේ වෙන කොට කී දෙනෙක් ඕවට ගිහින් අමාරුවේ වැටිලද කියලා.සිංහල සිනමාවට ජයෙන් ජය!
හොඳ පින්තූර
සුපිරියි...
බන්දුල ......අන්තිමටම තියෙන ෆොටෝ එකනම් මාර ලස්සනයි. කලාත්මක විදියට අරගෙන තියෙනවා.
නියමයිනෙ...
මග දිනාගෙන ගමන ගියොත් ඔබට ජය
මොනවා උනත් හොද කෙල්ලක් නෙ.. ලස්සනයි...
ඔයා හරි හැඩයි...
ඔයා හොඳයි වගේම රඟපෑමත් අතිවිශිෂ්ඨයි..ජය වේවා !!
කවුද මේ..........?
ගොඩක් අහිංසකයි. ඔයාට ජය....//
ගොඩක් අහිංසක් ඔබට ජය
හොඳයි..
රඟපෑම ලස්සනයි...සුභ පැතුම්..
කවුද බොලේ ඇලිස්?
ආ මෙයාද ඒ?
සූටික්කා, එහෙම කියන්නේ හිතකින්ද ඔයා
හරියට හරි සූටික්කා
ගොඩක් ලස්සනයි. ඔයාට ජය.
සටන් ජවනිකාවලදී හරිහමන් යමක් යටට අන්දනම් තමයි හොඳ.
නියමයි
අවබෝධයෙන් මේ ගමන පටන් ගත්තොත් හොද අනාගතයක් තියෙයි
මම කැමතියි උඩ ෆොටෝ වලට...
ඔබට ජය
අන්තිමටම තියෙන ෆොටෝ එකනම් මාර ලස්සනයි. කලාත්මක විදියට අරගෙන තියෙනවා.