”මං අහිංසක ගැහැණියක් බොලව්, මාවත්, මගේ විජය කුමරුවත් ඈත් කරපු උඹලට හොඳක් වෙන්න එපා” කුවේණිය එසේ සාප කරයි. නමුදු ඒ සැබෑ කුවේණිය නොවේ. අද සිට සිනමා තිරයට එන සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත‍්‍රපටයේ කුවේණියගේ චරිතයට පණ පොවන දුලානි අනුරාධාගේ උද්වේගකර කට හඬයි. ඒ හඬ තීව‍්‍රය, ඒ තීව‍්‍ර හඬට රංගන හැකියාව ද ඇය කදිමට මුසුකර තිබේ. ඒ නිසාම වත්මන් කුවේණිය සමග අපට යමක් කතා කරන්නට තිබේ. මේ ඇයගේ හඬයි. අපි ඒ හඬට මොහොතකට සවන් දෙමු. අ ඉතිං කොහොමද ටීචර්? ම්ම්... හරිම හොඳයි ටීචර්ට ළමයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද? ළමයින් මට හරිම ආදරෙයි. උදේට යද්දිත් හවසට එද්දිත් පොඩි අය ඇවිත් මාව වට කර ගන්නවා. වඳිනවා. මා වටේ දුවනවා. මම ඉන්න කාමරයට ඇවිත් එබිකම් කර බල බලා යනවා. ඒ ආදරය - ගෞරවය හරිම සුන්දරයි. පිරිසුදුයි. මට පුදුම සතුටක් තිබෙන්නෙ. ඒ ආදරය ලැබෙන හේතුව මොකක්ද? රංගන ශිල්පිනියකට සමාජයේ සාමාන්‍ය කාන්තාවන්ට වඩා පිළිගැනීමක් තිබෙන්නෙ. එහෙම කෙනෙක් එයාලගේ ගුරුවරියක ලෙස එයාලා අතරට ඒම සතුටට කරුණක් වෙන්න ඇති. මේ වගේ ප‍්‍රතිචාර නිසා ඉගැන්වීමට බාධාවක් නැද්ද? ළමයින්ගෙ ආදරය ලැබීම ඉගැන්වීමට බාධාවක් වෙන්නෙ කොහොමද? ළමයි ඔබ කියන දේ අහනවද? සත්තකින්ම ඔව්. එයාලා ආදරෙන් සියල්ල වටහා ගන්නවා. ගුරුවරියකට රඟපෑමේ දී සීමා තියෙනවද? මේ වෘත්තිය මම පටන් ගත්තා විතරයි. ඒනිසා දැන් ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. අපි ළමයින්ට ආදර්ශවත් වෙන්න ඕනෑ. යහමග යාමට ඒ අයට පාර කියන්නෙ අපි. ඒනිසා අපි යමක් කරන්න ඕනෑ දෙවරක් නෙවෙයි, දස දහස් වාරයක් හිතලයි. ඔබ සරසවි අධ්‍යාපනය ලබා තිබෙන්නෙ නර්තන අංශයෙන්. එහෙම කළේ නර්තන ශිල්පිනියක් වීමේ අදහසින් ද? කොහෙත්ම නැහැ. මට ඕනෑ වුණේ ගුරුවරියක වීමටයි. ඉගෙනගත් ගුරුවරයා සහ කණ්ඩායම සමග එක්වී ප‍්‍රසංගවලට ඉදිරිපත් වුණාට නටලා සංදර්ශනවලට ගිහින් සල්ලි හම්බකිරීමේ වුවමනාවක් තිබුණේ නැහැ. සරසවියේ දී ඉගෙන ගත්තෙ උඩරට නර්තන කලාව ගැනයි. දුලානි, ඔබ තෝරා ගන්නෙ ඓතිහාසික කතා පුවත් රැුගත් චරිත විතරයි කියලා සමහරු කියනවා. ඒක ඇත්තද? එහෙම ප‍්‍රශ්නයක් මට නැහැ. මුලින්ම මම රඟපෑවේ ලලිත් පනාපිටියගේ ”සංගිලි” චිත‍්‍රපටයේ චරිතය වගේම ජයනාත් ගුණවර්ධනගේ ”පරාවර්තන” චිත‍්‍රපටයේ රඟපෑ චරිතය ඓතිහාසික පසුබිමක් රැගත් චරිත නෙවෙයි. නමුත් ඓතිහාසික කතා රැගත් අබා සහ විජය කුවේණි ඒවාට පෙර තිරගත වුණා. කුවේණිය වීම ගැන ඔබ පුද්ගලිකව හිතන්නේ කොහොමද? අපි කුඩා කාලයේ ඉඳලා දන්න කතාවක්. ඇය රෙදි වියමින්, කපු කටිමින් සිටියා. විජය නෙරපා හැරියා. ආලයෙන් වෙලී සිටියා. මේ ආදී නොයෙකුත් දේ අපි ඇය ගැන දැන සිටියා. ඇය තුළ මොකක්දෝ ගාම්භීර බවකුත් තිබුණා. ඒ සුවිශේෂී සහ පුදුමාකාර මතකය සමග සුගත් සමරකෝන් මහතා කියා දුන් දේ එක්ක චරිතයට මම සාධාරණයක් කළා කියලා හිතෙනවා. ඓතිහාසික හැඩතල - ස්වරූප සමග චරිතයට පණ පොවද්දී, රූගත කිරීම් තලයේ දී මුහුණදුන් දේ තිබෙනවද? විජය ලෙස රඟපෑ රොජර් සෙනෙවිරත්න අයියා සහ මා අතර එක්තරා සටන් ජවනිකාවක රූගත කිරීම් තිබුණා. ගල් පර්වතයක් උඩ සිට තමයි එය කිරීමට නියමිතව තිබුණේ. මම ගහපු පහරකට ගල් පර්වතය කෙළවරේ සිටි රොජර් අයියාට සමබරතාවය නැතිව ගියා. එය මගේ වරදක්. මේ නිසා එයා පහළට වැටුණා. එය බලා ඉන්න බැරි තරමට බියකරුයි. මට මොහොතකට කතා කර ගැනීමට පවා බැරිව ගියා. නමුත් පුදුමාකාර වාසනාවකට රොජර් අයියාට අනතුරක් වුණේ නැහැ. හැබැයි තුවාල සීරිම් වෙලා තිබුණා. මට ඒ අවස්ථාව මතක්වෙද්දී හරිම දුකයි. කුවේණි පෙම් බැන්දේ විජයටයි. ඒ කුවේණි වූ මේ කුමරියට සැබෑ ජීවිතයේ කුමාරයෙක් සමීපද? ම්ම්.... ම්.... නැහැ ඒක හරිම සරල උත්තරයක් ඔව්, මම කොහොමටත් සරලව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. නමුත් අද සමාජය මිනිසුන්ව සංකීර්ණ තැනකට තල්ලූ කරලා. අපි හැමෝම සංකීර්ණ වෙලා. ඒ නිසා අද අමාරුම දේ සරලවීමයි.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
"මං අහිංසක ගැහැණියක් බොලව්"
මාතර මල්ලි Friday, 11 May 2012 02:44 AM
කවුද බොලේ ඇලිස්?
ලක්ෂි Tuesday, 15 May 2012 09:05 AM
රගපෑම නම් අති විශ්ෂ්ඨයි
සන්ජීව Thursday, 10 May 2012 02:07 PM
සූටික්කා, එහෙම කියන්නේ හිතකින්ද ඔයා
දර්ශන් Monday, 07 May 2012 08:12 AM
ඔබට ජය
ජයලත් Wednesday, 09 May 2012 08:25 AM
ගොඩක් ලස්සනයි. ඔයාට ජය.
මුණසිංහ Thursday, 24 May 2012 11:34 AM
නරක චරිත නම් රගපාන්න එපා ඔන්න
කුමාර Sunday, 13 May 2012 09:37 AM
ගොඩක් අහිංසක් ඔබට ජය
කුමාර Sunday, 13 May 2012 09:39 AM
ගොඩක් අහිංසකයි. ඔයාට ජය....//
ඉන්දික Friday, 18 May 2012 09:47 AM
හරිම ලස්සනයි..
කිරිමාටින් Monday, 07 May 2012 10:15 AM
මම කැමතියි උඩ ෆොටෝ වලට...
සුසන්ත Wednesday, 23 May 2012 09:00 AM
සැබෑ ජීවිතේදි නම් කුවේණියක් වෙන්න එපා ඔන්න
නෙළුම් Tuesday, 08 May 2012 10:37 AM
නියමයි
සිසිර Thursday, 10 May 2012 04:41 PM
ආ මෙයාද ඒ?
අංජන Sunday, 13 May 2012 01:56 PM
හොඳ පින්තූර
අලිබබා Monday, 14 May 2012 09:23 PM
සුබ අනාගතයක් ඔබට
පුෂ්පා Wednesday, 09 May 2012 05:46 PM
හරියට හරි සූටික්කා
ආර්.එම්.එස්.කේ. Sunday, 06 May 2012 05:49 PM
කවුද මේ..........?
බන්දුල Sunday, 06 May 2012 06:30 PM
අන්තිමටම තියෙන ෆොටෝ එකනම් මාර ලස්සනයි. කලාත්මක විදියට අරගෙන තියෙනවා.
ජීවන්ත Saturday, 26 May 2012 10:08 PM
නියමයිනෙ...
ලක්මිණි Wednesday, 23 May 2012 11:42 AM
අනේ මන්දන්නේ නෑ මේ වෙන කොට කී දෙනෙක් ඕවට ගිහින් අමාරුවේ වැටිලද කියලා.සිංහල සිනමාවට ජයෙන් ජය!
සූටික්කා Tuesday, 08 May 2012 05:21 PM
සටන් ජවනිකාවලදී හරිහමන් යමක් යටට අන්දනම් තමයි හොඳ.
බන්දු Monday, 28 May 2012 07:33 AM
මග දිනාගෙන ගමන ගියොත් ඔබට ජය
මිනෝලි Monday, 07 May 2012 07:20 PM
අවබෝධයෙන් මේ ගමන පටන් ගත්තොත් හොද අනාගතයක් තියෙයි
ලංකා Friday, 25 May 2012 01:51 PM
සුපිරියි...
මැකී Tuesday, 22 May 2012 04:28 PM
මෙයා බබා.
උපුල් Saturday, 02 June 2012 01:42 PM
ඔයා හරි හැඩයි...
ප්‍රදීප් කුමාර Friday, 11 May 2012 04:04 PM
රඟපෑම ලස්සනයි...සුභ පැතුම්..
දිලූ Wednesday, 16 May 2012 03:04 PM
ඔබේ රගපෑම් අති විශිෂ්ඨයි. ඔබ හරිම ලස්සනයි
ජයරත්න Saturday, 12 May 2012 03:57 PM
හොඳයි..
බුද්ධික Tuesday, 15 May 2012 08:20 AM
හොඳ චරිත තෝරානෙ රගපාන්න. ඔබට නිලි රැජින වීමට පුළුවන් වෙයි.
කිරිමාටින් Friday, 25 May 2012 03:12 PM
බන්දුල ......අන්තිමටම තියෙන ෆොටෝ එකනම් මාර ලස්සනයි. කලාත්මක විදියට අරගෙන තියෙනවා.
ඇලඩින් Monday, 28 May 2012 11:05 AM
මොනවා උනත් හොද කෙල්ලක් නෙ.. ලස්සනයි...
තුවාන් Saturday, 16 June 2012 01:41 AM
ඔයා හොඳයි වගේම රඟපෑමත් අතිවිශිෂ්ඨයි..ජය වේවා !!