සෞඛ්‍ය සේවයේ කිසිවකුටත් වර්ජනය කිරීමේ අයිතියක් නැතැයි ද මේ ආත්මයේ වර්ජනය කරන්නවුන් ලබන ආත්මයේදී අනිවාර්යයෙන්ම රෝගීන් වී ඉපදෙතියි ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නවක හෙදියන් 2500 දෙනකු බඳවා ගැනීමේ උත්සවයේදී ප්‍රකාශ කළේය.
‘අද මෙතැන සිටින හෙඳියන් පූස් පැටව් වගේ .තව අවුරුදු කිහිපයකින් ඔවුන් කරන දේ මට හිතාගත්ත හැකියි.සෞඛ්‍ය සේවයේ කිසිවකුටත් වර්ජනය කිරීමේ අයිතියක් නෑ.එහෙම කරන අය ඊළග ආත්මයේදී ලෙඩ්ඩු’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ගැටලුවේ තියෙන යතාර්ථය දන්නේ නැහැ"ගැටලුවේ තිබෙන යතාර්ථය අපට වැඩක් නැත. මහජනයාට සේවය කරන්න (නි)
එතකොට ජනතා දේපොළ හොරකම් කරන අයට මොකද වෙන්නේ. කුඩු ගෙන්නන අයට මොකද වෙන්නේ? අපරාදකාරයෝ නිදහස් කරන අයට මොකද වෙන්නේ? ඔය ඔක්කොම යන්නේ එකම තැනකට. බුද්දාගම හොඳට දන්නා රටේත් මේවා වෙනවා නම් ඉතින් මොනවා කරන්නද?(නදී)
සෞඛ්‍ය සේවයේ රෝගීන් ප්‍රාණ ඇපයට තබා වර්ජන කරන කාටවත් ලෙඩ්ඩු වෙලා ඉපදෙන්නවත් මනුස්ස ආත්මයක් ලබන්නවත් වෙන්නේ නැහැ.තිරිසන් ආත්ම වල ඉපදිලා ලෙඩ දුක් වලින් මැරිලා යන්න තමයි වෙන්නේ. (නි)
සියලුම හෙදියන්ට නායකත්ව පුහුනුව දීල, මාණ්ඩලික හෙදියන් හැටියට හමුදා ලොක්කන්ව පත් කලොත් මේ ප්‍රශ්න ගොඩක්ම විසඳා ගන්න පුළුවනි. (නදී)
නයිටින්ගේල් විසින් මුලිකත්වය ගත් උදාර හෙද සේවය අද අපේ රටේ " නයිට්-ඉන්- ගර්ල් " බවට පත් වීම නිසා වර්ජන පමණක් නොව ලෙඩුන් මගහැරීම සහ නො සැලකීම වැනි නොයෙකුත් දේවල් සිදු වී හෙද සේවය පහත වැටී ඇත. ජපානයේ හෙද සේවය රජයේ සහ පෞද්ගලික සියලුම රෝහල් වල එක සමානය. අයිතීන් ඉල්ලන්නේ නැත. රෝගීන් අපහසුතාවයට පත් කරන්නේ නැත. දිනක් මා හෙද සේවයෙන් ඉල්ලා අස් වූ තරුණ ජපන් ජාතික හෙදියකගෙන් එම අස්වීමට හේතු විමසීමේදී ඇය කිවේ " තම පුද්ගලික කටයුතු නිසා රෝගීන්ට නියමාකාරයෙන් සලකන්නට අපහසු බැවින් එම ඉඩ වෙනත් සුදුසු කෙනෙකුට සලසමින් සේවයෙන් ඉල්ලා අස් වූ " බවය. එවන් උදාර හැඟීමක් එරට හෙද සේවයේ යෙදෙන අය තුල ස්ථාපිත වී ඇත. අපේ රටේ හෙදියන්ට ජපානයේ රෝහල් වල අඩුම තරමේ එක මසක අධ්‍යයන පුහුණුවක් ලබා දෙන්නේ නම් හොඳයැයි මා නොයෙක් වර සිතුවා.(නදී)
මේක තමයි එතුමාගේ පිළිතුර මේ ප්‍රශ්නයට. ජය වේවා! ජය වේවා!. තව ඡන්දෙ දෙමු (නි)
මොනවද මේ කතා ? එතකොට ඉස්පිරිතාලේ පෝලිමේ ඉන්නේ ගිය ආත්මේ වර්ජනය කරපු අයද? එහෙනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. වර්ජකයෝයි වින්දිතයෝයි ඔක්කොම එකයි (ස)
මේවා මහ මෝඩ කතානේ. අග මුල දන්නේ නැතුව මාධ්‍ය සංදර්ශන විතරක් බලල අදහස් ලියන අය පොඩ්ඩක්වත් මේ ගැටලුවේ තියෙන යතාර්ථය දන්නේ නැහැ කියල හොඳට තේරෙනවා. (ස)
මේ මොනවා කිව්වත් මේ ආත්මයේ තමන්ගේ බඩ කට පුරවා ගෙන තමන්ගේ වාසිය තමා ඔක්කොම බලන්නේ. නමුත් මේ අයටත් කවදා හෝ මාරාන්තික ලෙඩක් වැළදුන දාටනම් තමන් කරපු හොද නරක ඔක්කොම මතක් වෙනවා කියන එක මතක් කල යුතුය. (ස)
එතකොට ලබන ආත්මේ ඔක්කොම ලෙඩ්ඩු සහ හිඟන්නෝ.(නදී)
නවක හෙදියන් ටික පූස් පැටවු වගේ මෙතන ඉන්නවා වගේ තමයි, සමහරු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන ප්‍රශ්න හමුවේදීත් ඉන්නේ (නි)
මම මේක ලියන්නේ දොස්තරලාටයි, හෙදියන්ටයි. ලෙඩෙක් කියන්නේ ඉතාමත් අසරණ බවට පත් වූ අයෙක්. ඔබේ දෙපා ළඟට එන්නේ ඔබේ පිහිට පතාගෙන. වෙන යන්න තැනක් නැතිම නිසා. ළඟට ආ අසරණයා තවත් අසරණ කරන්න එපා. හිතන්න වර්ජනයක් නිසා ඔබේ කෙනෙක් ඔබට නැති වුණා නම් ඇතිවන හැඟීම. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා ගිලනුන්ට උපස්ථාන කිරීම බුදුන්ට උපස්ථාන කෙරුවා හා සමානයි කියලා. ඔබට ලැබී ඇති රැකියාවෙන් උපරිම පින් රැස් කරගන්න ලබන ආත්මය සඳහා (නි)
හෙදියන් නම් ලෙඩ්ඩු වෙලා හරි ඉපදුනා කියමුකෝ, එතකොට මේ ආත්මයේ දේශපාලඥයන්ට ලබන ආත්මයේ මොනවා වෙයි කියලද හිතන්නෙ? (නි)
මේක අත්‍යාවශ්‍ය සේවාවක්. කුමන හේතුවක් මත හෝ වර්ජන කිරීම තහනම් කියලා කන්ඩිෂන් එකක් දාල කැමති නම් විතරක් රස්සාව දෙන්න. එහෙම නොකර වර්ජන කලාම බොරු නං දෙඩවිලි වලින් වැඩක් නැහැ. මේ මට හිතෙන හැටි. වර්ජන කිරීම මිනිස් අයිතිවාසිකමක් කියන අය මා එක්ක විරුද්ධ වේවි. වර්ජන කාලේ වර්ජනය හේතුවෙන් මිය ගිය අය සහ ඔවුන්ගේ පවුල් වල අය වින්ද මානසික වේදනාව මම දන්නා නිසා මෙහෙම අදහසක් දැම්මේ.(නදී)
අනේ ඇමතිතුමෝ එච්චර දුර යන්න එපා, දැනට පවතින සන්දාන ආත්මේ ඉවරවුන ගමන් එන්නේ එජාප ආත්මේ. එතකොට බලාගන්න පුළුවන් ලෙඩ්ඩු ගණන.(නදී)
එතකොට සන්ධානය "ඉහත ආත්මය" ............. "පෙර ආත්මයක එක රාත්‍රියක.................(නදී)
එතොකොට මේ ආත්මේ ලෙඩ වෙලා ඉන්නේ ගිය ආත්මේ වැඩ වර්ජනය කරපු අය විය යුතුයි. එහෙමනම් මේ ලෙඩ්ඩු ගිය ආත්මේ කළ පවු ගෙවනවා කියල ඉවසා දරා ගන්න එකයි තියෙන්නේ. (ස)
එතකොට ජනතාවගේ සල්ලි පිල්ලි ගහන අය කව්රු වෙලාද උපදින්නේ.(නදී)
පොදු මහජන මුදල් ගසාකා සුර සැප විදින ඊළඟ ආත්මේ හිඟන්නෝ වෙලා ඉපදෙනවාද ? (ස)
ඇමතිතුමෝ, මේ අයට බන කියල වැඩක් නැ. ඊට වඩා හොද නැද්ද පටන් ගන්නකොටම වර්ජන තහනම් කරලා නීති හදල ගත්තොත්. වෘත්තීය සමිති ක්‍රියා මාර්ග අයිතිවාසිකමක් තමයි, ඒ වුනාට අසරණ රෝගීන්ගේ ජීවිත ඒ නිසා නැති වෙනවනං කුමන හෝ පිලියමක් අවශ්‍යයි.(නදී)
එදිනෙදා මහජනයාට අවශ්‍ය ප්‍රවාහන, රෝහල්, ඉන්දන, විදුලි ආදී සේවාවල ඉන්න සුළු පිරිසකට ලැබිල තියන අසාදාරන අයිතිවාසිකමක් තමයි මේ. ඔවුන් හිතා ඉන්නේ අකුරට වැඩ කරලා හරි, වර්ජනය කරලා හරි, මුළු මහත් මහජනයාට ක්ෂණිකව රිද්දුවම ඔවුන්ගේ ඉල්ලීම් අසාදාරන උනත් රජය ඒවා දේවි කියලා. ඒ අයම දැන ගන්න ඕනේ සංවර්දන, පර්යේෂණ, කෘෂිකර්ම, අද්යාපන ආදී විවිද සේවාවල යෙදිල ඉන්න විශාල පිරිසට ඔය කියන ක්ෂණික රිදවීම කරන්න බැරි බව. ඒ නිසා ඒ අය තමාගේ ඉල්ලීම් ගන්න සාදාරන ක්‍රම තමයි අනුගමනය කරන්නේ. මේ කරන්නේ තමන්ගේ අතට පිහියක් ලැබිල තියන කොට පිහිය වැරදී විදියට පාවිච්චි කරන වදුරෝ වගේ ළඟ ඉන්න අයව කපන එක.(නදී)
දියුණු රටවල වෛද්‍යවරු , හෙදියෝ , ගිනිනිවන හමුදාව , ත්‍රිවිධ හමුදාව වැනි සේවා අයත් වන්නේ අත්‍යවශ්‍ය සේවා වලට. ඔවුන්ට අධිකරණයේ අවසරයක් නැතුව වැඩ වර්ජන කරන්න තහනම්. (නි)
ආඩපාලි කියා කියා ඉන්න නැතුව නරකද යුරෝපයේ දියුණු රටවල ක්‍රමයට අධිකරණයේ අවසරයක් නැතුව අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන අයට වැඩ වර්ජන කරන්න බැරි විධියට පාර්ලිමේන්තුව හරහා පනතක් සම්මත කර ගතහොත්.(නදී)
ඇමති තුමෝ අනුන්ට බණ කියන්ට කලින් තමුන් බණ පිලිපදින්නකෝ.ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙනෙල්ල ලෙඩ්ඩුන්ට දෙනකොට මොකා වෙලාද ඉපදෙන්නේ.(දී)
නවක හෙදියන් දැනට ගොඩක් දුරට හිතෙනවා ඇති හොඳින් සිය සේවය අනාගතයේදී කරගෙන යාමට. නමුත් ඔවුනටද සිදුවන්නේ වර්ජන සම්බන්ධව ඉතා ඉහල සුදුසුකම් ලත් අය සමග වැඩ කිරීමටයි. (නදී)
මේ ආත්මයේ හොරකම් කරන දේශපාලකයන්ට ලබන ආත්මයේ මොකද වෙන්නේ කියලත් කියන්නකෝ. (නි)
මේ ආත්මයේ ජනතාවට බෙහෙත් කියලා වස විස දෙන අයටත් ලබන ආත්මයේ මොන පාපකර්ම පඩිසන් දෙයිද කියලා බලමුකෝ (නි)
හෙදියක විසින් රෝගීන්ට හෙද සේවයට අමතරව ප්‍රේමය, දයාව,කරුණාව උපරිමයෙන් ඉටුකිරීම කළ යුතු වෙනවා. (නි)
උපාසක බළල්ලු තමයි නේ මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ (දී)
හැමෝම පවට බය නම් මෙවැනි ගැටළු නැත (දී)
වෙසක් එකටත් එක්ක නියම ප්‍රකාශයක් (ස)
කවදා ඉදලාද සාස්තර කියන්න පටන් ගත්තේ (ස)
මැති ඇමති ගොල්ලොත් මේ ආත්මේ කොමිස් ගහල අයතා විදිහට මුදල් හම්බකළහොත් ලබන ආත්මයේ හිගන්නො වෙනවා (දී)
සරත් බණ්ඩාරගේ කතාව මසුරන් වටිනවා . (දී)
ලබන ආත්මයේ උපදින්නේ නැති හෙදියනුත් ඇති ඔතන . මොකද සමහරු කරන සේවයට මේ අත්මෙදීම නිවන් සුව ලබනවා (දී)
පූස් පැටව් කතාව ඇත්ත. එතකොට මේ කරන ඒවාට මොකද ඊළඟ ආත්මේ වෙන්නේ? (නදී)
එතකොට බාල බෙහෙත් සපයන මුදලාලි ලට මොකද වෙන්නේ (දී)
බාල බෙහෙත්, බාල එන්නත්, හොර දොස්තරලා, හොර පාමසි, අරක් ගෙන ඉන්න අමාත්‍යංශයක ඇමති වෙන්ට ඔබතුමා ගිය ආත්මේ ලොකු පවක් කරන්ට ඇති නේද? (ස)
බාල වර්ගයේ බෙහෙත් ගෙනත් විකුණන සහ ඔවුන්ට උදව් කරනා අයට ලබන ආත්මයේ බාල ගිරි දෝෂය වැළඳීමෙන් දුක් විඳින්න වෙනවා (ස)
එහම කියලවත් එයාලව බයකරන්න ඕන . (ස)
වෙසක් කාලේ ෂෝක් බණ ටික (ස)
ඒකට ලබන ආත්මය වෙනකන් ඉන්න ඕනේ නැහැ.මේ ආත්මයේදීම පළදෙනවා.(ස)
මේ ආත්මේ ලෙඩ්ඩු ලබන ආත්මේ නර්සලා! (නදී)
නවක හෙදියන් වැඩට ගිය පසු පරණ හෙදියන් ඔවුන්ගේ මොළ ශෝදනය කරනවා. තමන්ට අයිති සාත්තු සේවය හැර අනික් සියලුම වැඩ කරන්න ඕන වෙනවා. ඒ වෙනුවෙන් ඕනෑම වර්ජනයක් කරන්න සුදානම්. (නදී)
ජයන්ත මහත්තයා දන්නේ නැති වුණාට මෙහෙත් හෙදියන් ළඟ ඔය ඔක්කොම තිබෙනවා. හැබැයි පුද්ගලික රෝහල් වල.රජයේ ඒවායේ ඉන්න අය ළඟ තියෙන්නේ ඔය කියූ ඒවායේ අනෙක් පැත්ත.සෞඛ්‍ය සේවයේ දෙන ඕනෑම පත්වීමකදී පොදුවේ හැමෝම යම් නීති පද්ධතියකට යටත්කොට බඳවා ගැනීම් කර, වචනයේ සැබෑ අරුතින්ම සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර, වර්ජන කරන්නන් ගෙදර යවන්න ක්‍රියාත්මක වෙන්න. රෝගියෙකුගේ ජීවත්වීමේ අයිතියට පළමු තැන දෙන්න අවශ්‍ය පියවර ගන්න. නීති රීති නැත්නම් ඒවා හදලා ගන්න.ඒකට තමයි තුනෙන් දෙකේ බලයක් මේ රටේ මිනිස්සු මේ රජයට දීලා තියෙන්නේ. (නි)
ලෙඩෙක් වුණත් මනුස්ස පරාණයක්නේ! (නි)