IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘මේ ආත්මේ වර්ජනය කළොත් ලබන ආත්මේ ලෙඩ්ඩු‘

සෞඛ්‍ය සේවයේ කිසිවකුටත් වර්ජනය කිරීමේ අයිතියක් නැතැයි ද  මේ ආත්මයේ වර්ජනය කරන්නවුන් ලබන ආත්මයේදී අනිවාර්යයෙන්ම රෝගීන් වී ඉපදෙතියි ද සෞඛ්‍ය ඇමැති  මෛත්‍රීපාල සිරිසේන මහතා නවක හෙදියන් 2500 දෙනකු බඳවා ගැනීමේ උත්සවයේදී ප්‍රකාශ කළේය.

‘අද මෙතැන සිටින හෙඳියන් පූස් පැටව් වගේ .තව අවුරුදු කිහිපයකින් ඔවුන් කරන දේ මට හිතාගත්ත හැකියි.සෞඛ්‍ය සේවයේ කිසිවකුටත් වර්ජනය කිරීමේ අයිතියක් නෑ.එහෙම කරන අය ඊළග ආත්මයේදී ලෙඩ්ඩු’



අදහස් (0)

‘මේ ආත්මේ වර්ජනය කළොත් ලබන ආත්මේ ලෙඩ්ඩු‘

සිරි Wednesday, 14 May 2014 01:27 AM

වෙසක් කාලේ ෂෝක් බණ ටික (ස)

:       0       0

ෂෙරිෆ් Wednesday, 14 May 2014 03:21 PM

අනේ ඇමතිතුමෝ එච්චර දුර යන්න එපා, දැනට පවතින සන්දාන ආත්මේ ඉවරවුන ගමන් එන්නේ එජාප ආත්මේ. එතකොට බලාගන්න පුළුවන් ලෙඩ්ඩු ගණන.(නදී)

:       0       0

සුසන්ත Wednesday, 14 May 2014 02:19 AM

ඒකට ලබන ආත්මය වෙනකන් ඉන්න ඕනේ නැහැ.මේ ආත්මයේදීම පළදෙනවා.(ස)

:       0       0

රාජුන් Wednesday, 14 May 2014 02:35 AM

මේ ආත්මේ ලෙඩ්ඩු ලබන ආත්මේ නර්සලා! (නදී)

:       0       0

ගජමන් Wednesday, 14 May 2014 03:48 PM

එතකොට සන්ධානය "ඉහත ආත්මය" ............. "පෙර ආත්මයක එක රාත්‍රියක.................(නදී)

:       0       0

බන්දුල Thursday, 15 May 2014 03:26 AM

පොදු මහජන මුදල් ගසාකා සුර සැප විදින ඊළඟ ආත්මේ හිඟන්නෝ වෙලා ඉපදෙනවාද ? (ස)

:       0       0

සෝබිත Wednesday, 14 May 2014 04:00 PM

එතොකොට මේ ආත්මේ ලෙඩ වෙලා ඉන්නේ ගිය ආත්මේ වැඩ වර්ජනය කරපු අය විය යුතුයි. එහෙමනම් මේ ලෙඩ්ඩු ගිය ආත්මේ කළ පවු ගෙවනවා කියල ඉවසා දරා ගන්න එකයි තියෙන්නේ. (ස)

:       0       0

තාරක Wednesday, 14 May 2014 04:20 PM

එතකොට ජනතාවගේ සල්ලි පිල්ලි ගහන අය කව්රු වෙලාද උපදින්නේ.(නදී)

:       0       0

දර්ශන Wednesday, 14 May 2014 05:59 AM

නවක හෙදියන් වැඩට ගිය පසු පරණ හෙදියන් ඔවුන්ගේ මොළ ශෝදනය කරනවා. තමන්ට අයිති සාත්තු සේවය හැර අනික් සියලුම වැඩ කරන්න ඕන වෙනවා. ඒ වෙනුවෙන් ඕනෑම වර්ජනයක් කරන්න සුදානම්. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 14 May 2014 06:22 AM

ජයන්ත මහත්තයා දන්නේ නැති වුණාට මෙහෙත් හෙදියන් ළඟ ඔය ඔක්කොම තිබෙනවා. හැබැයි පුද්ගලික රෝහල් වල.රජයේ ඒවායේ ඉන්න අය ළඟ තියෙන්නේ ඔය කියූ ඒවායේ අනෙක් පැත්ත.සෞඛ්‍ය සේවයේ දෙන ඕනෑම පත්වීමකදී පොදුවේ හැමෝම යම් නීති පද්ධතියකට යටත්කොට බඳවා ගැනීම් කර, වචනයේ සැබෑ අරුතින්ම සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර, වර්ජන කරන්නන් ගෙදර යවන්න ක්‍රියාත්මක වෙන්න. රෝගියෙකුගේ ජීවත්වීමේ අයිතියට පළමු තැන දෙන්න අවශ්‍ය පියවර ගන්න. නීති රීති නැත්නම් ඒවා හදලා ගන්න.ඒකට තමයි තුනෙන් දෙකේ බලයක් මේ රටේ මිනිස්සු මේ රජයට දීලා තියෙන්නේ. (නි)

:       0       0

අසිත Wednesday, 14 May 2014 07:10 AM

ලෙඩෙක් වුණත් මනුස්ස පරාණයක්නේ! (නි)

:       0       0

රොෂාන් Wednesday, 14 May 2014 07:10 AM

හෙදියන් නම් ලෙඩ්ඩු වෙලා හරි ඉපදුනා කියමුකෝ, එතකොට මේ ආත්මයේ දේශපාලඥයන්ට ලබන ආත්මයේ මොනවා වෙයි කියලද හිතන්නෙ? (නි)

:       0       0

සුමුදු Wednesday, 14 May 2014 07:14 AM

එතකොට ජනතා දේපොළ හොරකම් කරන අයට මොකද වෙන්නේ. කුඩු ගෙන්නන අයට මොකද වෙන්නේ? අපරාදකාරයෝ නිදහස් කරන අයට මොකද වෙන්නේ? ඔය ඔක්කොම යන්නේ එකම තැනකට. බුද්දාගම හොඳට දන්නා රටේත් මේවා වෙනවා නම් ඉතින් මොනවා කරන්නද?(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 14 May 2014 07:29 AM

සෞඛ්‍ය සේවයේ රෝගීන් ප්‍රාණ ඇපයට තබා වර්ජන කරන කාටවත් ලෙඩ්ඩු වෙලා ඉපදෙන්නවත් මනුස්ස ආත්මයක් ලබන්නවත් වෙන්නේ නැහැ.තිරිසන් ආත්ම වල ඉපදිලා ලෙඩ දුක් වලින් මැරිලා යන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

රොකී Wednesday, 14 May 2014 07:43 AM

සියලුම හෙදියන්ට නායකත්ව පුහුනුව දීල, මාණ්ඩලික හෙදියන් හැටියට හමුදා ලොක්කන්ව පත් කලොත් මේ ප්‍රශ්න ගොඩක්ම විසඳා ගන්න පුළුවනි. (නදී)

:       0       0

අල්විස් Wednesday, 14 May 2014 09:07 AM

නයිටින්ගේල් විසින් මුලිකත්වය ගත් උදාර හෙද සේවය අද අපේ රටේ " නයිට්-ඉන්- ගර්ල් " බවට පත් වීම නිසා වර්ජන පමණක් නොව ලෙඩුන් මගහැරීම සහ නො සැලකීම වැනි නොයෙකුත් දේවල් සිදු වී හෙද සේවය පහත වැටී ඇත. ජපානයේ හෙද සේවය රජයේ සහ පෞද්ගලික සියලුම රෝහල් වල එක සමානය. අයිතීන් ඉල්ලන්නේ නැත. රෝගීන් අපහසුතාවයට පත් කරන්නේ නැත. දිනක් මා හෙද සේවයෙන් ඉල්ලා අස් වූ තරුණ ජපන් ජාතික හෙදියකගෙන් එම අස්වීමට හේතු විමසීමේදී ඇය කිවේ " තම පුද්ගලික කටයුතු නිසා රෝගීන්ට නියමාකාරයෙන් සලකන්නට අපහසු බැවින් එම ඉඩ වෙනත් සුදුසු කෙනෙකුට සලසමින් සේවයෙන් ඉල්ලා අස් වූ " බවය. එවන් උදාර හැඟීමක් එරට හෙද සේවයේ යෙදෙන අය තුල ස්ථාපිත වී ඇත. අපේ රටේ හෙදියන්ට ජපානයේ රෝහල් වල අඩුම තරමේ එක මසක අධ්‍යයන පුහුණුවක් ලබා දෙන්නේ නම් හොඳයැයි මා නොයෙක් වර සිතුවා.(නදී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 15 May 2014 10:04 AM

ඇමතිතුමෝ, මේ අයට බන කියල වැඩක් නැ. ඊට වඩා හොද නැද්ද පටන් ගන්නකොටම වර්ජන තහනම් කරලා නීති හදල ගත්තොත්. වෘත්තීය සමිති ක්‍රියා මාර්ග අයිතිවාසිකමක් තමයි, ඒ වුනාට අසරණ රෝගීන්ගේ ජීවිත ඒ නිසා නැති වෙනවනං කුමන හෝ පිලියමක් අවශ්‍යයි.(නදී)

:       0       0

සන්ජය Tuesday, 13 May 2014 07:48 PM

පූස් පැටව් කතාව ඇත්ත. එතකොට මේ කරන ඒවාට මොකද ඊළඟ ආත්මේ වෙන්නේ? (නදී)

:       0       0

දයාජ Tuesday, 13 May 2014 08:07 PM

නවක හෙදියන් දැනට ගොඩක් දුරට හිතෙනවා ඇති හොඳින් සිය සේවය අනාගතයේදී කරගෙන යාමට. නමුත් ඔවුනටද සිදුවන්නේ වර්ජන සම්බන්ධව ඉතා ඉහල සුදුසුකම් ලත් අය සමග වැඩ කිරීමටයි. (නදී)

:       0       0

උපාලි Thursday, 15 May 2014 11:31 AM

එදිනෙදා මහජනයාට අවශ්‍ය ප්‍රවාහන, රෝහල්, ඉන්දන, විදුලි ආදී සේවාවල ඉන්න සුළු පිරිසකට ලැබිල තියන අසාදාරන අයිතිවාසිකමක් තමයි මේ. ඔවුන් හිතා ඉන්නේ අකුරට වැඩ කරලා හරි, වර්ජනය කරලා හරි, මුළු මහත් මහජනයාට ක්ෂණිකව රිද්දුවම ඔවුන්ගේ ඉල්ලීම් අසාදාරන උනත් රජය ඒවා දේවි කියලා. ඒ අයම දැන ගන්න ඕනේ සංවර්දන, පර්යේෂණ, කෘෂිකර්ම, අද්යාපන ආදී විවිද සේවාවල යෙදිල ඉන්න විශාල පිරිසට ඔය කියන ක්ෂණික රිදවීම කරන්න බැරි බව. ඒ නිසා ඒ අය තමාගේ ඉල්ලීම් ගන්න සාදාරන ක්‍රම තමයි අනුගමනය කරන්නේ. මේ කරන්නේ තමන්ගේ අතට පිහියක් ලැබිල තියන කොට පිහිය වැරදී විදියට පාවිච්චි කරන වදුරෝ වගේ ළඟ ඉන්න අයව කපන එක.(නදී)

:       0       0

සුනා Tuesday, 13 May 2014 08:44 PM

මේ ආත්මයේ හොරකම් කරන දේශපාලකයන්ට ලබන ආත්මයේ මොකද වෙන්නේ කියලත් කියන්නකෝ. (නි)

:       0       0

මාලි Wednesday, 14 May 2014 11:26 AM

මේක තමයි එතුමාගේ පිළිතුර මේ ප්‍රශ්නයට. ජය වේවා! ජය වේවා!. තව ඡන්දෙ දෙමු (නි)

:       0       0

මහසෙන් Tuesday, 13 May 2014 08:57 PM

මේ ආත්මයේ ජනතාවට බෙහෙත් කියලා වස විස දෙන අයටත් ලබන ආත්මයේ මොන පාපකර්ම පඩිසන් දෙයිද කියලා බලමුකෝ (නි)

:       0       0

චමල් Wednesday, 14 May 2014 11:49 AM

මොනවද මේ කතා ? එතකොට ඉස්පිරිතාලේ පෝලිමේ ඉන්නේ ගිය ආත්මේ වර්ජනය කරපු අයද? එහෙනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. වර්ජකයෝයි වින්දිතයෝයි ඔක්කොම එකයි (ස)

:       0       0

ගමගේ Wednesday, 14 May 2014 11:58 AM

මේවා මහ මෝඩ කතානේ. අග මුල දන්නේ නැතුව මාධ්‍ය සංදර්ශන විතරක් බලල අදහස් ලියන අය පොඩ්ඩක්වත් මේ ගැටලුවේ තියෙන යතාර්ථය දන්නේ නැහැ කියල හොඳට තේරෙනවා. (ස)

:       0       0

දයා Wednesday, 14 May 2014 12:23 PM

මේ මොනවා කිව්වත් මේ ආත්මයේ තමන්ගේ බඩ කට පුරවා ගෙන තමන්ගේ වාසිය තමා ඔක්කොම බලන්නේ. නමුත් මේ අයටත් කවදා හෝ මාරාන්තික ලෙඩක් වැළදුන දාටනම් තමන් කරපු හොද නරක ඔක්කොම මතක් වෙනවා කියන එක මතක් කල යුතුය. (ස)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 13 May 2014 09:22 PM

හෙදියක විසින් රෝගීන්ට හෙද සේවයට අමතරව ප්‍රේමය, දයාව,කරුණාව උපරිමයෙන් ඉටුකිරීම කළ යුතු වෙනවා. (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Wednesday, 14 May 2014 01:13 PM

එතකොට ලබන ආත්මේ ඔක්කොම ලෙඩ්ඩු සහ හිඟන්නෝ.(නදී)

:       0       0

රෙෂාන් Tuesday, 13 May 2014 10:10 PM

උපාසක බළල්ලු තමයි නේ මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ (දී)

:       0       0

කුසුම් Wednesday, 14 May 2014 01:21 PM

නවක හෙදියන් ටික පූස් පැටවු වගේ මෙතන ඉන්නවා වගේ තමයි, සමහරු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන ප්‍රශ්න හමුවේදීත් ඉන්නේ (නි)

:       0       0

දිනා Tuesday, 13 May 2014 10:12 PM

හැමෝම පවට බය නම් මෙවැනි ගැටළු නැත (දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 13 May 2014 10:35 PM

වෙසක් එකටත් එක්ක නියම ප්‍රකාශයක් (ස)

:       0       0

සරෝජා Tuesday, 13 May 2014 10:41 PM

කවදා ඉදලාද සාස්තර කියන්න පටන් ගත්තේ (ස)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 13 May 2014 11:17 PM

මැති ඇමති ගොල්ලොත් මේ ආත්මේ කොමිස් ගහල අයතා විදිහට මුදල් හම්බකළහොත් ලබන ආත්මයේ හිගන්නො වෙනවා (දී)

:       0       0

අචි Wednesday, 14 May 2014 02:22 PM

මම මේක ලියන්නේ දොස්තරලාටයි, හෙදියන්ටයි. ලෙඩෙක් කියන්නේ ඉතාමත් අසරණ බවට පත් වූ අයෙක්. ඔබේ දෙපා ළඟට එන්නේ ඔබේ පිහිට පතාගෙන. වෙන යන්න තැනක් නැතිම නිසා. ළඟට ආ අසරණයා තවත් අසරණ කරන්න එපා. හිතන්න වර්ජනයක් නිසා ඔබේ කෙනෙක් ඔබට නැති වුණා නම් ඇතිවන හැඟීම. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා ගිලනුන්ට උපස්ථාන කිරීම බුදුන්ට උපස්ථාන කෙරුවා හා සමානයි කියලා. ඔබට ලැබී ඇති රැකියාවෙන් උපරිම පින් රැස් කරගන්න ලබන ආත්මය සඳහා (නි)

:       0       0

බමුණු Wednesday, 14 May 2014 02:24 PM

"ගැටලුවේ තියෙන යතාර්ථය දන්නේ නැහැ"ගැටලුවේ තිබෙන යතාර්ථය අපට වැඩක් නැත. මහජනයාට සේවය කරන්න (නි)

:       0       0

ද සිල්වා- බර්ලින් Thursday, 15 May 2014 02:26 PM

දියුණු රටවල වෛද්‍යවරු , හෙදියෝ , ගිනිනිවන හමුදාව , ත්‍රිවිධ හමුදාව වැනි සේවා අයත් වන්නේ අත්‍යවශ්‍ය සේවා වලට. ඔවුන්ට අධිකරණයේ අවසරයක් නැතුව වැඩ වර්ජන කරන්න තහනම්. (නි)

:       0       0

නාලක බස්නායක Tuesday, 13 May 2014 11:46 PM

සරත් බණ්ඩාරගේ කතාව මසුරන් වටිනවා . (දී)

:       0       0

සුනිල් ගම්පහ Tuesday, 13 May 2014 11:48 PM

ලබන ආත්මයේ උපදින්නේ නැති හෙදියනුත් ඇති ඔතන . මොකද සමහරු කරන සේවයට මේ අත්මෙදීම නිවන් සුව ලබනවා (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 18 May 2014 03:45 AM

ආඩපාලි කියා කියා ඉන්න නැතුව නරකද යුරෝපයේ දියුණු රටවල ක්‍රමයට අධිකරණයේ අවසරයක් නැතුව අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන අයට වැඩ වර්ජන කරන්න බැරි විධියට පාර්ලිමේන්තුව හරහා පනතක් සම්මත කර ගතහොත්.(නදී)

:       0       0

ගීතා Tuesday, 13 May 2014 11:49 PM

ඇමති තුමෝ අනුන්ට බණ කියන්ට කලින් තමුන් බණ පිලිපදින්නකෝ.ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙනෙල්ල ලෙඩ්ඩුන්ට දෙනකොට මොකා වෙලාද ඉපදෙන්නේ.(දී)

:       0       0

චුලාන් Tuesday, 13 May 2014 11:55 PM

එතකොට බාල බෙහෙත් සපයන මුදලාලි ලට මොකද වෙන්නේ (දී)

:       0       0

පිටිගල Wednesday, 14 May 2014 02:39 PM

මේක අත්‍යාවශ්‍ය සේවාවක්. කුමන හේතුවක් මත හෝ වර්ජන කිරීම තහනම් කියලා කන්ඩිෂන් එකක් දාල කැමති නම් විතරක් රස්සාව දෙන්න. එහෙම නොකර වර්ජන කලාම බොරු නං දෙඩවිලි වලින් වැඩක් නැහැ. මේ මට හිතෙන හැටි. වර්ජන කිරීම මිනිස් අයිතිවාසිකමක් කියන අය මා එක්ක විරුද්ධ වේවි. වර්ජන කාලේ වර්ජනය හේතුවෙන් මිය ගිය අය සහ ඔවුන්ගේ පවුල් වල අය වින්ද මානසික වේදනාව මම දන්නා නිසා මෙහෙම අදහසක් දැම්මේ.(නදී)

:       0       0

පද්මිණී Wednesday, 14 May 2014 12:16 AM

බාල බෙහෙත්, බාල එන්නත්, හොර දොස්තරලා, හොර පාමසි, අරක් ගෙන ඉන්න අමාත්‍යංශයක ඇමති වෙන්ට ඔබතුමා ගිය ආත්මේ ලොකු පවක් කරන්ට ඇති නේද? (ස)

:       0       0

සැම්සන් රියාද් Wednesday, 14 May 2014 12:22 AM

බාල වර්ගයේ බෙහෙත් ගෙනත් විකුණන සහ ඔවුන්ට උදව් කරනා අයට ලබන ආත්මයේ බාල ගිරි දෝෂය වැළඳීමෙන් දුක් විඳින්න වෙනවා (ස)

:       0       0

චමිලා Wednesday, 14 May 2014 12:52 AM

එහම කියලවත් එයාලව බයකරන්න ඕන . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1519 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1332 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2075 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2395 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 565 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35895 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site