IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා

(ආරියරත්න  රණබාහු)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත්  එවැනි  නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක්  යැයි  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  අමාත්‍ය විජිත හේරත් මහතා අද (6) පැවසීය.

ඒ පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකටපිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේද කීය.

මගේ කාලය අපරාදෙ ඒ නිසා එතුමාට තනියම ඕන දෙයක්  කියා ගන්න කියන්න. එතුමා කියලා තිබුණා එතුමා සිංහයෙක් කියලාඑතුමා සිංහයෙක්ද නැද්ද කියලා රටේ ජනතාව දන්නවා. මීට ඉස්සෙල්ලා කළු ඇඳගෙන කඩුවකුත් අරන් ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා කියල සිංහයෙක් වගේ ආව ඒවා නිකම් විහිළු වෙලා තියෙන්නේ .

මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා, නරියෝ හිනාවෙනවා, සිංහයෝ බලා සිටිනවා මේක මම කියූ දෙයක් නෙවෙයි 90 දශකයේදී රිචඩ් ද සොයිසා මාධ්‍ය වෙිදියා කිවිව ප්‍රසිද්ධ කියමනක් එදා කී  ඒ ප්‍රකාශය අදට වඩාත් හොඳට ගැලපෙනවා ඇති.



අදහස් (14)

මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා

Upul Thursday, 07 November 2024 12:07 PM

ඔබ හරි... මේ රටට පුළුවන් විදිහට වැඩකළ සිංහයෝ බලා සිටිනවා... බලුනරි නාඩගම්...

:       1       1

Chaminda Thursday, 07 November 2024 12:29 PM

මේ කාලය මම දකින්නේ මහජනයා දුරදිග නොබලා ඒ ඒ වේලාවට ලැබෙන ලාභය ගැන ලොකුවට සිතා වැඩකරන නිසා මහජනයා දුකසේ උපයන ධනයෙන් මැති ඇමැති සහ නිලධාරි සැප විඳීමට පටන්ගනී. හොරාට, තක්කඩියාට, බොරුකාරයාට මැරයාට මිනීමරුවාට, සූදුකාරයාට අල්ලසට තනතුරු ලැබෙන කාලයක් වේ. සිව්පාවුන් මැරි මැරී මනුෂ්‍යයෝ වෙලා උපදින නිසා මනුෂ්‍යයා අතර තිරිසන් ගති වැඩිවේ. මේ තත්වය වත්මන් රජය යටතේ වත් වෙනසක් වේවි කියලා හිතෙනවා...

:       1       0

පිටරටවැසියා Thursday, 07 November 2024 02:49 PM

බල්ලෝ අනිනවා, මී හරක් බුරනවා, නරියෝ හිනාවෙනවා, බත්කන හරක් රට වනසපු තක්කඩින්ට රෙදි නැතුව කඩේ යනවා. සිංහයෝ බලා සිටිනවා.

:       63       44

Kirthi Thursday, 07 November 2024 04:05 PM

එතකොට බොරු කියන්නේ කවුද?

:       0       1

විපක්ශේ ඉද්දි සිංහයා ආන්ඩුවේදී ... Thursday, 07 November 2024 04:11 PM

අප්පට සිරි, දැන් මෙයාද සිංහයා? අපි දැක්කා සිංහ නාද බලු කෙඳිරිලි තෙල් වල බදු අඩු කරන්නන් කියපුවා කෙල වෙනකොට, බදු අඩු කරනවා කියපුවා කර ගන්න බැරි වුණාම, හාල්, පොල්, බිත්තර මිල පාලනේ කර ගන්න බැරි වුණාම...

:       21       54

කයිවාරු Thursday, 07 November 2024 04:16 PM

තවත් බත්කන හරක් කොටසක් කයිවාරු කාරයින්ට රෙදි නැතුව කඩේ යනවා...!

:       45       23

Don perea Thursday, 07 November 2024 05:00 PM

නරියෝ රට පාලනය කරනකොට මෙහෙම වෙනවා.

:       33       49

Nandasena Thursday, 07 November 2024 05:27 PM

මට නම් මතක් වෙන්නේ අසූචි ගිලදමා ඇඟපතේ අසූචි ගාගෙන ඌරෙක් සිංහයාට ගහගන්න අභියෝග කලාලු... ඒ වෙලාවේ සිංහයා පසුබැස ඉවතට ගියාලු. රටේ දැන් සිදුවෙලා තියෙන්නේ ඒක නොවෙයිද?

:       7       43

Nandana Thursday, 07 November 2024 05:33 PM

මේකෙන් ඔයා අයිති කොයි වර්ගයටද?

:       1       28

චන්දිම Thursday, 07 November 2024 07:21 PM

බත්කන මීහරක් කොන්දේසි විරහිතව රස්තියාදුකාරයින්ට කඩේ යනවා. ඒ අතරම මීහරක් බුරද්දී, බල්ලෝ අනිද්දී සිංහ වෙස් ගත්තු නරි ඒ අයගේ ගැලරිය චූන් කරන්න බේගල් ඇදබානවා. විසිල් විතරයි බල්ටි නැහැ. බරපතල ලෙස ආණ්ඩුවට ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ...!

:       11       30

Lelwala Thursday, 07 November 2024 08:20 PM

ජෙප්පෝ කවද්ද සිංහයෝ වුනේ. බල්ලොම තමයි.

:       1       2

Eranga Thursday, 07 November 2024 10:53 PM

තුන්දෙනෙක් කරගෙන යන අපූරුව..

:       0       2

Perera Friday, 08 November 2024 12:05 AM

බල්ලෝ කොපමණ බිරුවත් තවලම ඉදිරියට ඇදෙනවා.

:       2       1

Janith Friday, 08 November 2024 02:30 PM

තුන්දෙනෙක් නියමෙට කරනවා දැන්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 149 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1091 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3792 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1005 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1468 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1143 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2038 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site