ශ්රී ලංකාවේ දෙමළ ජනතාව යළි පදිංචි කිරීම හා පුනරුත්ථාපනය සම්බන්ධයෙන් ඉන්දියාව හැමවිටම ඉහළම හා වැදගත් ප්‍රමුඛත්වයකින් කටයුතු කරන බවත්, යුද ගැටුම් අවසන් වීමෙන් පසු එම ජනතාවගේ යහ පැවැත්ම හා සුබ සාධනය පිළිබඳව ඉන්දියා රජයේ අවධානය යෙමු වී ඇති බවත් ඉන්දියා අගමැති ආචාර්ය මංමෝහන් සිං පවසයි. දෙමළ ජනතාවගේ අයිතීන් ලබා දෙන්නැයි සඳහන් කළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ඉකුත් අගෝස්තු 20 වැනි දා ඉන්දියා ඩී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි විසින් ඉන්දියා අගමැතිට යවූ ලිපිය පිළිතුරු ලිපියක් යවමින් ඊයේ ආචාර්ය මංමෝහන් සිං මහතා මෙම කරුණු අවධාරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. බලය බෙදා හැරීම හා දෙමළ ජනතාවට සිය අයිතීන් ලබාදීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ රජයේ හා අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට ඉන්දියාව කටයුතු කරන බව ඉන්දියා අගමැතිවරයා හිටපු තමිල්නාඩ් මහා ඇමැතිවරයාට පෙන්වා දී තිබේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මොකටද අනේ
මන්නාරමට කිට්ටුව න්‍යෂ්ටික බලාගාරයක් ගහනවාලු. ඉතින් ඒක හානි උනොත් මුලින්ම මැරෙන්නේ ලංකාවෙ දෙමළ මිනිස්සු කෝ එකට කෑගහන එක දෙමළ දේශපාලකයෙක්වත් නැහැනෙ. සාමාන්‍ය දෙමළ මිනිස්සු තේරුම් ගන්න ඔන මේ දේශපාලකයො තමන්ගෙ බඩගෝස්තරය රැකගන්න තමයි කෑගහන්නේ.(ස)
ඇයි තමිල්නාඩු ධිවර වෙළෙන්දො මෙහේ මාළු ටික හුරගෙන යනවා. උතුරෙ දෙමළ මිනිහට නේද ඒකෙ පාඩුව. මෙකට කෑගහන්න එකම දෙමළ මිනිහෙක් ලංකාවේ වත් නැහැ. බොරුවට අඩන කොළඹ දෙමළ නායකයොවත් උඩරට දෙමළ නායකයොවත් උතුරෙ දෙමළ නායකයොවත් නැහැනෙ. දෙමළ මිනිස්සුන්ට මේ කිසිම දේශපාලකයෙක් ආදරේට නෙවෙයි කථා කරන්නේ. තමන්ගේ හොද්ද බොරකරගන්න. මේ ටික ලංකාවේ ඉන්න දෙමළ මිනිස්සු තේරුම් ගත්තොත් අපිට සාමයෙන් ඉන්න පුලුවන්(ස)
වැඩක් නැහැ වැඩක් නැහැ
ඔහොම බනින්න එපා අපි ගැන කොච්චර දුක් වෙනවාද එයා, අපේ මැති ඇමතිලාවත් අපි ගැන එච්චර හිතන්නේ නැනේ. එයාලාගේ රටේ කොච්චර ප්‍රශ්න තිබුනත් ලංකාව ගැනමනේ හිතන්නේ. මන් හිතන්නේ රෑට හීනෙනුත් පේනවා ඇති. ඉන්දියාවේ මිනිස්සු ඡන්දේ දීල පත් කර ගෙන තියෙන්නේ ලංකාවේ ප්‍රශ්න විසදන්න. හරි නම් අපිටත් දෙන්න ඕන ඉන්දියාවේ මැතිවරණ වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, නැද්ද මන් කියන්නේ?(ස)
මෙයාට කියා දීලා තියෙන්නේ අනුන්ට වෛර කරන හැටි විතරයි (ස)
මේ යුද්දෙන් පස්සේ දෙමළ අය වෛරකාරයෝ වෙලා (ස)
තමිල්නාඩුවේ අයට අපේ රටේ ඉන්න දෙමළ ජනතාවට ආදරෙන් සළකන්න බලාගෙන ඔක්කොම ටික එහාට අරගෙන යන්න. අපේ අකමැත්තක් නැහැ. (නි)
මොනවා වුණත් සීරුවට විසදාගත යුතු ප්‍රශ්නයක්. (නි)
මුලින්ම ඒ රටේ ප්‍රශ්න ටික විසදුවොත් නේද හොද මහත්තයෝ? (නි)
අපි අපේ ස්තාවෙරේ ඉම්මු
අපේ රට අපි රැක ගනිමු
අපේ වැඩ අපි බලා ගන්නම්. අන්න අර කොළුවන්ට ක්‍රිකට් ගහන හැටි කියලා දුන්නනම්. (නි)
මනමෝහන් සිං, තමන්ගේ රටේ සනීපාරක්ෂිත කටයුතු දියුණු කළොත් නේද හොද? අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව. (නි)
ලංකාවෙ ඉන්න දෙමළ අය ගැන මං මෝහන් සිංට මෙච්චර අමාරු මේ අය ඉන්දියානු අය නිසා වෙන්න ඇතිනෙ. බැරිද දන්නෙ නැහැ චීනෙන් ණයක් ගන්න. සල්ලි දීලා හරි මේ අයව ඉන්දියාවටම පටවන්න. එතකොට මං මෝහන්ගෙ ප්‍රශ්නයත් ඉවරයි, අපේ ප්‍රශ්නයත් ඉවරයි.
ඉන්දියාව මොකටද අපේ රටේ ඒවා හොයන්නේ? (නි)
ඉන්දියා අගමැති හරි සූරයා. (නි)
තමිල්නාඩුවේ ඉන්න දෙමල සරණාගතයින්ට සළකන්නේ නැති අය අපේ රටේ දෙමළ ජනතාවට සළකන හැටි ගැන කිඹුල් කඳුළු හෙළනවා. අපේ රජය මීට වඩා ඍජු විය යුතුයි. මෙහෙම ඉන්දියාවට නැමෙන්න ගියාම එයාලා අපිව බොරුවට බය කරන්න එනවා. අර ජේආර් එදා බය වුණේ රජිව්ට. එහෙම නොකර වඩමාරච්චියෙදීම ගේම ඉවර කළා නම් මේ කරදර නැහැ. ඒ කාලේ කොටි පිටිපසේ හිටියේ ඉන්දියාව විතරයි. බටහිර රටවල් එච්චර කරට අරන් හිටියේ නැහැ. (නි)
දෙපැත්තම බේරාගන්න එහෙම කියනවා ඇති. (නි)
ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල වැසිකිළි යාමෙන් පසු සෝදන්න ජලයවත් නැහැ. එයාලා අපේ ප්‍රශ්න ගැනයි ඒ වුණත් හොයන්නේ. (නි)