IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මං රන්ජන් එක්ක ගහගත්තා - මම හිස බූ ගෑවේ හතරවැනි වතාවටයි


 

 මුලින්ම අපට කියන්න, රන්ජන් එක්ක ගහගත්තා කියන කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද?

සුදේෂ් වසන්ත පීරිස් සහ සුනිල් ටී. ප‍්‍රනාන්දු නිෂ්පාදනයක් වන රන්ජා චිත‍්‍රපටයෙ රූගත කිරීම්වලට ගියාමයි මේ සිදුවීමට මුහුණ දුන්නෙ.
 

 

 ගහගත්තාය කියන කතාවේ ඇත්ත මොකක්ද?
මෙහෙමයි, එහි මම රඟපාන චරිතය සටන් ජවනිකා සහිත එකක්. වසන්ත කුමාරවිල අයියා අපට සටන් පුරුදු කළා. මගේ චරිතය හැටියට රන්ජන් අයියා එක්ක ගහගන්න සිද්ධවුණා. අපි හරි හරියට ගහගත්තා.  ඕක තමයි ඇත්ත කතාව.
 


 හරි, මොකක්ද මේ බල්ලන්ට කැමතියි අලියෙක් හදන්න ආසයි කියන කතාව?
මම ගෙදර සුරතලයට බල්ලන් ඇති කරනවා. බල්ලන්ට හරිම කරුණාවයි. හැබැයි ඉතින් මගේ ජීවිතේ ප‍්‍රියතම සතා අලියා. අලියෙක් ඇති කරන්න මට වත්කමක් නැහැ. වත්කමක් තිබුණා නම් අලියෙක් ඇති කරනවා. අලියෙක් ඇති කරන්න බැරි නිසයි බල්ලො ඇති කරන්නෙ. සමහර මිනිසුන් ළඟ නැති හොඳ ගුණ බල්ලන් ළඟ තියෙනවා.
 

 

 ඇයි ඔබ එහෙම කියන්නෙ.
මිනිස්සුන්ට සැලකුවාම සමහර වෙලාවට කිසිම ගුණයක් නැහැ. ඒත් බල්ලො එහෙම නැහැ. මම ගොඩක් අයට උදව් කරලා තියෙනවා. අනුකම්පා කරලා තියෙනවා. ඒත් එයාලා උදව් අරගෙන මුල අමතක කළාම, දෙයියනේ මම මෙයාලට රැවටුණා නේද කියලා හිතෙනවා.

 කොහොම වුණත් බල්ලන් වෙනුවෙන් සෑහෙන වියදමකුත් දරනවාලූ නේද?
ඔබ්, එයාලට කතා කරන්න බැහැ, බඩගින්න, වේදනාව ගැන ප‍්‍රකාශ කරන්න බැහැ. අසරණ සත්තු. අනෙක සතෙකු හදන්නන් වාලේ හදලා ඇති වැඩක් නැහැ. හරියට ඒ දේ කරන්න  ඕනෑ. මම ඒ සත්තු හදන්නෙ විලාසිතාවට නොවෙයි.


 ඒ බල්ලන් ගොඩක් සැරයි ද?
මම සිටින වෙලාවට නැහැ. හැබැයි ඉතිං මම නැති වෙලාවට වග කියන්න බැහැ.
 


 අලියෙක් හදන්න මෙච්චර ආස ඇයි?
ඒකට හේතුව මම දන්නෙ නැහැ. මගේ ජීවිතයේ මුල්තැන හිමිවන්නෙ සත්ව කරුණාවටයි. අලින්ට පුදුම විදියට ආදරෙයි. උඩවලව, පින්නවල, කිරිවෙහෙර පවා යනවා. එහෙම ගිහින් අලින්ට කොමඩු එහෙම අරන් දීලා එන එක මගේ පුරුද්දක්. ගංගාරාමයේ හිටපු ඇතා එක්ක මම ගොඩක් මිත‍්‍ර වුණා. එයාගෙ වියෝව දරාගන්න බැරි දුකක් වුණා. ගංගාරාමයේ දැන් සිටින අලි පැටවා බලන්නත් නිතර නිතර යනවා.


 

 අලි ගැන ගොඩක් විස්තරත් ඔබ දන්නවලූ නේද?
අලින්ට තියෙන ආසාව නිසාම අලි ගැන විස්තර දැන ගන්න ආසයි. අලි ගැන වැඩසටහන් පවා නරඹනවා. අලින්ට උඩ පනින්න බැහැ කිව්වට, උන්ට උඩ පනින්න පුළුවනි. එය මම උඩවලවේ දී දැකලා තියෙනවා. අලියෙකුට දවසකට ටොන් හත්සියයක විතර කෑම දෙන්න  ඕනෑ ලූ. ලොකු පරිසරයක් ජීවත් වීමට තියෙන්නත්  ඕනෑලූ. ඒ නිසා අලියකු ඇති කිරීම ලෙහෙසි දෙයක් නෙවෙයි. කොහොම වුණත් මට සැබෑ කරගන්න බැරි වුණු එකම සිහිනය එයයි.

 

 සැබෑ කර ගත්ත අනෙක් සිහින මොනවද?
ලස්සන ගෙයක්, ලස්සන වාහනයක් වගේම ඉතා ගුණවත් දෙමාපිය යුවළක් සහ මහා බල සම්පන්න කුළුණු වගේ සහෝදරයින් තුන්දෙනෙක් මාව ආරක්‍ෂා කරනවා. මේ සියල්ල නිසා ජීවිතය සුන්දරයි. ඒවා සැබෑ වූ සිහින ලෙසයි මා දකින්නෙ. මම ප‍්‍රාර්ථනා කළ බොහෝ දේවල් අඩු වයසින්ම මට ලැබුණා. ඒ නිසා අද ජීවිතේ ගෙවන්නෙ හරිම සතුටින්. 
 


 අද පියුමිට-පියුමි ගැන හිතෙන්නෙ කොහොමද?
අද ගොඩක් සතුටින් ජීවිතය ගෙවන කෙනෙක්. ඉතා හොඳ හිතක් තියෙන කෙනෙක්. නරකකට තියෙන්නෙ ඉක්මනට ටිකක් කේන්ති යන එකයි.
 


 අලින් ගැන අහන්න  ඕනෙ නම් පියුමිගෙන් අහන්න කිව්වොත් හරිද?
හරි ෂෝක්. විශ්වාස කරන්න මගේ ගෙදර තියෙන රූප සහ විසිතුරු භාණ්ඩ බොහොමයක් අලින්ගෙ රූපයි. අලියා හොඳ සත්වයෙක්.
 


 

(හැඩගැන්වීම්:- ගයනි බැට්ස්)

 

 


 මේ දිනවල ඔබ කාර්යබහුලද?
පසුගිය දිනවල රන්ජා චිත‍්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරුණ නිසා කාර්ය බහුල වෙලා හිටියේ.
 


 මේ චිත‍්‍රපටයෙ රඟපාන චරිතය නිසා කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපාදාන්න සිද්ධවුණා නේද?
ඒ අවස්ථාවට මම මුහුණ දුන්නෙ පළවැනි වතාවට නෙවෙයි. උදයකාන්තගෙ සාගරය පරදා ටෙලි නාට්‍යයේ සහ එයාගෙම යකඩ පිහාටු චිත‍්‍රපටයෙත් හිස බූ ගාන්න සිද්ධ වුණා. ඊට පස්සෙ මගේ වන්ෂොට් වන් වෙනුවෙන් හිස බූ ගෑවා. දැන් මේ හතරවැනි වතාවට තමයි මෙහෙම කළේ.
 


 මේ පෙනුම සාමාන්‍ය ජීවිතයේ කටයුතුවලට ප‍්‍රශ්නයක් නෙවෙයිද? ඔබ නළුවකු වගේම මන්ත‍්‍රීවරයෙක්?
ඒක ඇත්ත. ඒත් තමුන්ගෙ නමින්ම චිත‍්‍රපටයක් නිර්මාණය වෙනවා නම්, එය ලොකු වාසනාවක්. ඊටත් වඩා ඉතා විශාල පිරිවැයක් දරලා කරන චිත‍්‍රපටයක් මෙය. සුදේශ් වසන්ත සහ සුනිල් ටී එකතුව කරන ඒ දැවැන්ත නිර්මාණයට මාව තෝරාගැනීම භාග්‍යයක්. ඔවුන්ගේ ඉල්ලීම අනුව මට මේ චරිතය වෙනුවෙන් හිසබූ ගාන එක කරන්නම වුණා.
 


 ඔබ ලස්සන ගැන, සුන්දරත්වය ගැන සුබවාදීව හිතන කෙනෙක්. ඉතින් හිතට දුකක් දැනුණෙ නැද්ද?
මම රඟපාන චරිතය වෙනුවෙන් උපරිම දායකත්වය දෙන්න උත්සාහ ගන්න කෙනෙක්. එතැනදී මාව අමතක කරලා චරිතයට උපරිමය ලබාදීමට උත්සාහ ගන්නවා. ඇඟෙන් කෑල්ලක් ගියත් ඒ නිසා දුක්වන්නෙ නැහැ.
 


 අද කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මුහුණ බලන කොට, මේ පෙනුම ලස්සනයි, කඩවසම් කියලා හිතෙනවද?
ම්ම්....ම්...හ්... දැන් ඉතින් කොණ්ඩය වැවෙනකල් විග් එකක්වත් දාන්න  ඕනෑ කියලා හිතෙනවා.


 මේ චිත‍්‍රපටයේ රඟපෑමට විශාල මුදලකුත් අයකරන්න ඇති නේද?
ඇත්තම කිව්වොත් ”මැදපෙරදිග අරමුදල” වෙනුවෙන් මුදලූත්  ඕනෑ තමයි. ඒ වෙනුවෙන් මෙවැනි නිෂ්පාදකවරු මට උදව් කරනවා. කොහොම වුනත් මේ චිත‍්‍රපටයෙ චරිතය තමයි මෑතකදී මම වඩාත් මහන්සිවෙච්ච චරිතය.
 


 අද කොහොමද ඉතින් ජීවිතේ?
ඉතාම සතුටින් ගෙවනවා. මොකද මගේ ජීවිතයට බැඳීම් නැහැනෙ. තනිකඩ තමයි. වෙලාවකට ඒ නිසා පාළුවකුත් දැනිලා තියෙනවා. හැබැයි මැදපෙරදිග ප‍්‍රශ්නය නිසා ලක්ෂ සංඛ්‍යාත දුක් විඳින මිනිසුන් වෙනුවෙන් සමාජ මෙහෙවරක නියැලෙන්න ලැබීම නිසා ඒ පාළුව මට දැනෙන්නෙ නැහැ.
 


 රන්ජා චිත‍්‍රපටයෙ රඟපෑමට පෙර ඔබ චිත‍්‍රපට කීපයක් ප‍්‍රතික්ෂේප කළා කියලත් ආරංචියි?
චිත‍්‍රපට පහකින් විතර ඒ විදියට අයින් වෙන්න සිද්ධවුණා. එක්කෝ ඒ කතාව අල්ලලා ගියෙ නැහැ. මේ චිත‍්‍රපටය දුවන්නෙ නැහැ කියන ආකල්පය යටි හිතට දැනුනොත් අධ්‍යක්ෂවරයා අමාරුවෙ නොදමා ඉන් ඉවත්වීම මගේ සිරිතක්.
 


 රන්ජා චිත‍්‍රපටයේ කතාව ඔබට හිතට දැනුණද? ඇයි ඒ?
ලොකු දේශපාලන කතාවක්. ගමේ පීඩිත පංතියේ තරුණයකු වටා ගෙතුණු කතාවක්. ඔහු කොළඹ ඇවිත් සිටින විට මුහුණ දෙන ප‍්‍රශ්න අපට සැබෑ ලෙස දැනෙන ප‍්‍රශ්නවලට සමානයි.


මෙහි අසීරුම අවස්ථා වුණේ මොනවද?
එක්තරා අවස්ථාවක පෙර ශිල්පිනියන් ඉවත් කොට පසුව වෙනත් ශිල්පීන් දෙදෙනෙක් ගත්තා. මේ නිසා සියයට පනහක් විතර රූගත කිරීම් කර තිබූ චිත‍්‍රපටයේ නැවත රූගත කිරීම්වලට සහභාගි වෙන්න ටෙනිසන්ට සහ මට සිද්ධ වුණා. එය හරි අසීරු දෙයක් වුණා. ඒ වගේම මෙහි බිහිසුණු සටන් ජවනිකා සහිත අවස්ථා රැසකට මුහුණ දෙන්න සිදුවුණා. සටන් අධ්‍යක්ෂ වසන්ත කුමාරවිල ඒ වෙනුවෙන් විශාල සහයෝගයක් ලබාදුන්නා. තරමක් දුරට ආත්මාරක්ෂක ක‍්‍රම ප‍්‍රගුණ කර තිබීම නිසාත්, තව දුරටත් පුහුණු වන නිසාත් ඒ අවස්ථාවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණා.
 


 සමහරු කියන්නෙ ඔබ අද තවත් කඩවසම් වෙලා කියලයි. ඒකට විශේෂ හේතුව?
ඉතාම සතුටින් ජීවිතය ගෙවීම. මානසික ආතතිය නැතිව ජීවත්වීම. හැබැයි මේ බාහිර ඔක්කෝටම වඩා පපුව ඒ කියන්නේ අදහස් පිරිසිදු වෙන්න  ඕනෑ. ඒ වගේම ව්‍යායාම් කරන්න  ඕනෑ. හොඳට වතුර බොන්නත්  ඕනෑ. කෘති‍්‍රම ජීවිතයකට වඩා සරලව ජීවත්වෙන්න  ඕනෑ.
 

 

 



අදහස් (0)

මං රන්ජන් එක්ක ගහගත්තා - මම හිස බූ ගෑවේ හතරවැනි වතාවටයි

තරිදු Wednesday, 22 May 2013 03:13 PM

වැඩක්ම නැහැ අන්තිමයි.(නදී)

:       0       0

ජීවන් Saturday, 11 May 2013 07:39 PM

මේගොල්ලෝ නළුවෝ නෙමේ නළු බට්ටෝ. අරයා අලි ගැන ගොඩක් දන්නවා වගෙයි මොන ලෝකේ අලියද දවසට ටොන් 700 ක් කන්නේ? හා හා හා (නදී)

:       0       0

දිස්නා Monday, 13 May 2013 01:34 PM

ඇත්තටම පියුමි අක්කගේ කොණ්ඩ මෝස්තරය එයාට ගැලපෙන්නේ නෑ.(ස)

:       0       0

සංජීව Tuesday, 14 May 2013 01:48 PM

රන්ජන්ගේ පින්තුර වලට මම නම් කිසිම කැමැත්තක් නැහැ. හරිම අතාත්විකයි. නංගිට මම අකමැති නැති හේතුව මටත් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

අමිල Friday, 17 May 2013 09:25 PM

කොහොමද දැන් පච්ච ඇගේ ගහගෙන පාර්ලිමේන්තුවට යන්නේ? (නි)

:       0       0

හිරා Monday, 13 May 2013 07:35 PM

පියුමි, ඔයා හරිම ලස්සනයි. දැක්කම ඇග හිරිවැටෙනවා (නි)

:       0       0

මංජු Thursday, 16 May 2013 03:39 PM

මගෙ දෙයියනේ! (නි)

:       0       0

ජයනි Friday, 17 May 2013 03:33 PM

නියම වැඩසටහනක්

:       0       0

කුරුවිට Monday, 13 May 2013 01:27 AM

මේ වගේ අය අනන්තවත් මම දැකලා තියෙනවා (නි)

:       0       0

සහන් Saturday, 11 May 2013 11:18 AM

ටොන් 700 ක් කියන්නේ කිලෝ 700000, ටොන් 700 නෙවෙයි හරි ගාන කිලෝ 700.(නදී)

:       0       0

ඊසාම් Wednesday, 15 May 2013 12:09 PM

මේ ඔක්කොම එකම මනුස්සයට ගරහනවා... ජීවිතේටවත් ෆිල්ම් එකක් නොබලපු අයද මන්දා? (නි)

:       0       0

නයනී සාගරිකා Monday, 13 May 2013 07:39 AM

හරිම අජූවයි! මෙවගේ හැඩ තියෙන මිනිස්සු මෙක්සිකොවෙ නරකයි කියනන ප්‍රදේශවලවත් දකින්න නැ.(නදී)

:       0       0

තේජා Friday, 24 May 2013 02:49 AM

බයිල එපා. අපි කැමති නැහැ (නි)

:       0       0

මොහාන් Saturday, 11 May 2013 11:45 AM

බොරු කියන්න එපා රන්ජන් මහත්තයෝ. ඔයා බොරු කොණ්ඩයක් දාලා හිටියා කියල අපි දන්නවා මේවා තමයි පර්ලිමෙන්ට් ජෝකෙස් කියන්නේ.(නදී)

:       0       0

සාදි Tuesday, 14 May 2013 02:33 PM

රන්ජන් රාමනායක මහතා මැදපෙරදිග අසරණ වුනු අපේ අය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරනවා. එයට හදපත්ලෙන්ම තුති. හැබැයි තිරයේ පෙන්වන වීරත්වය සැබෑ ජීවිතේ නොමැති බව රත්නපුරේ වේවල්වත්තේදී ගල් පාරවල් දෙක තුනක් එනකොට දිව්ව හැටි සියසින්ම දැක්කම මට පුදුම හිතුනා. එදා පොලිසියත් දිව්වා. දුනේෂ් ගන්කන්ද මන්ත්‍රී තුමා විතරයි නොදිව්වේ.(නදී)

:       0       0

ප්‍රදීප් Sunday, 12 May 2013 03:20 PM

රට කන අය.(නදී)

:       0       0

දිසානායක Tuesday, 14 May 2013 02:39 PM

රන්ජන් අයියා එක්ක ගහගත්තට කමක් නැහැ. වෙන මොනවත් ගන්න එපා. (ස)

:       0       0

මොහමඩ් Sunday, 19 May 2013 01:59 AM

රංජන් තමයි ලංකා‍වේ සුපර් ස්ටාර්... (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 12 May 2013 03:31 PM

බටහිටර සංස්කෘතිය වෙනුවෙන් කඩේ යන හා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන මෙවැනි බොළද නළුවන්ගෙන් රටට කෙරෙන දෙයක් නැත.(නදී)

:       0       0

අමීෂා Saturday, 11 May 2013 12:50 PM

පියුමිගේ නියපොතු ලස්සනයි.(නදී)

:       0       0

රිස්වාන් Tuesday, 21 May 2013 01:58 PM

පියුමි, මට අලි දෙන්නෙක් ඉන්නවා. කැමති නම් එන්න නුවරට. අලි පැටියෙකුත් ඉන්නවා (නි)

:       0       0

සනත් අබුධාබි Sunday, 12 May 2013 04:16 PM

සිංහල සිනමාවේ අවසාන වීරයා ඔබයි. හැබැයි රන්ජන් ඔබට සීනමාවේත් දේශපාලනයේත් තවම හරියට නටන්න බැහැ. ඔබ කොතනත් වීරයා.(නදී)

:       0       0

අමල් Tuesday, 14 May 2013 11:07 AM

රන්ජන් තම ඉස්පිරිතාලෙලු මෙයාගෙන් ගුටි කාල. (ස)

:       0       0

ප්‍රේමකුමාර Tuesday, 14 May 2013 11:07 AM

පියුමි රන්ජන් එක්ක ගහගෙන ඇවිද ගන්නත් බැරුව හිටිය කියන්නේ ඇත්තද?(ස)

:       0       0

හේමන්ත Tuesday, 14 May 2013 11:07 AM

ඔය කොන්ඩෙ තියෙන්නේ. (ස)

:       0       0

දොන් ජෙරාඩ් Saturday, 18 May 2013 02:31 PM

අනේ අපේ අයගේ අදහස් බැලුවම ලංකාවේ මිනිසුන්ගේ මට්ටම මොනවට පැහැදිලි වෙනවා (නි)

:       0       0

සදරුවන් Sunday, 12 May 2013 04:58 PM

ඔයාගේ කොන්ඩෙ බොම්බයි මොටයි වගේ.(නදී)

:       0       0

අමිල Sunday, 12 May 2013 12:29 AM

මේ වගේ බොළඳ චිත්‍රපට තවමත් ලංකාවේ ගහන එකට මම නම් විරුද්ධයි (නි)

:       0       0

සමන්ත Sunday, 12 May 2013 12:32 AM

රන්ජන්, ඔයා සමාජ සේවය කරන්න. දේශපාලනය කරලා නාස්තිවෙන්න එපා (නි)

:       0       0

බර්නාර්ඩ් Monday, 27 May 2013 06:21 PM

ගැහැණු ගැහැණු ගහ ගන්නවා අපි ඕන තරම් දැකලා තියෙනවා.(නදී)

:       0       0

සීතා Tuesday, 14 May 2013 11:14 AM

මෙයා බොරු කියන්නේ රන්ජන් අල්ලලා තට්ටේ ගාලා. (ස)

:       0       0

නීල් Wednesday, 15 May 2013 01:26 PM

රන්ජන්ට තියෙන්නේ හරිම අමුතු පෙනුමක් (නි)

:       0       0

සම්පත් Saturday, 01 June 2013 06:56 PM

අනේ පිටරට ෆිල්ම් වලට කඩේ යන්න එපා. අපේ දේවල් අගය කරන්න. ඒවා වැඩිදියුණු කරන්න හෙල්ප් එක දෙන්න. (නි)

:       0       0

අනුර Saturday, 11 May 2013 02:36 PM

පිස්සු රන්ජන්. පියුමි ඔයා පව් නේද?(නදී)

:       0       0

ඇම්ඩා Monday, 03 June 2013 09:47 AM

පියුමි දැක්කත් බඩ පිරෙනවා (නි)

:       0       0

තමරා Thursday, 16 May 2013 05:11 PM

රන්ජන් විග් එකක් දාගෙන නෙමෙයිද හිටියේ? (නි)

:       0       0

ලින්ටන් Sunday, 12 May 2013 05:57 AM

රන්ජන්ගේ අවුලක් නැහැ.නමුත් මට කොණ්ඩේ කතාව නම් අවුලක්. (නි)

:       0       0

කුමාරිහාමි Saturday, 18 May 2013 06:08 AM

දිස්නා, ඔයා කියන්නේ පියුමිට ගැලපෙන කොණ්ඩ මොස්තරේ මොකක් කියලද? මම නම් හවරියක් තියලා ගෙඩියක් බැඳලා නෙට් එක දාලා කොණ්ඩ කුරක් ගහනවා ඔසරියට ගැලපෙන්න. පියුමිගේ ඇඳුමට එහෙම හොඳයිද? එයා ඇඳුමට ගැලපෙන්න කොන්ඩේ සකසලා තියෙනවා. (නි)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරය Saturday, 11 May 2013 03:01 PM

රන්ජන් සමහර නළුවෝ මෙන් දේශපාලකයන්ට කඩේ යන නළුවෙක් නොවේ. රන්ජන් රාමනායක සමහර දේශපාලකයන්ව කඩේ යවන්න තරම් දක්ෂ දේශපාලඥයෙක්.(නදී)

:       0       0

ෆාතිමා Tuesday, 14 May 2013 08:58 PM

මොනවද මේ කියන ටොන්? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

දිසානායක Wednesday, 15 May 2013 02:43 PM

ඉෂාම් කොල්ලත් රන්ජන් කොල්ලත්එක්ක ගහගෙන තියනවද? (නදී)

:       0       0

ජගත් Friday, 17 May 2013 08:35 AM

රන්ජන් රාමනායක මහතා මැදපෙරදිග අසරණ වුනු අපේ අය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරනවා. එයට හදපත්ලෙන්ම තුති. හැබැයි තිරයේ පෙන්වන වීරත්වය සැබෑ ජීවිතේ තිබේද යන්න මට ගැටළුවක් (නි)

:       0       0

සරත් Thursday, 16 May 2013 07:36 AM

රන්ජන් කසාද බැන්ඳා නම් ඉවරයිනේ... (නි)

:       0       0

නිතේෂ් Sunday, 19 May 2013 11:01 PM

ඔයාල පියුමිගේ ටැටෝ එක දැක්කද?(නදී)

:       0       0

ගයාන් Wednesday, 29 May 2013 12:56 PM

උස තිබුනට කෝ වැඩ. (ස)

:       0       0

සදුනි Wednesday, 15 May 2013 07:16 PM

රන්ජන් කියන්නේ කලාකරුවෙක්. එයාලා මැරයෝ නෙමෙයි. අහිංසකයි සදි. ඉතින් නොදුවා මොනවා කරන්නද ?(නදී)

:       0       0

ජෙප් Thursday, 23 May 2013 10:55 AM

දමාගෙන ඉන්න විග් එක ගලවලද බු ගෑවේ? (නදී)

:       0       0

දිසානායක Wednesday, 15 May 2013 10:43 AM

පියුම් කෙල්ලේ ඒ දවස්වල අනර්කලී කෙල්ලත් ඔය රංජන් කොල්ලත් එක්ක හරි හරියට ගහගත්තා. ඔන්න දැන් ඒකිටත් එපා වෙලා ඔය ඉන්නේ.(නදී)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 31 May 2013 10:24 PM

අම්මපා මේ ලංකාවේ මිනිස්සු කෙනෙකුගේ හොදක් දකින්නෙම නැති හැටි? තමුන්ගේ දහසක් අඩු පාඩු තියාගෙන අනිකට හිනා වෙනවා වැරදි කියනවා. හිත්වල කුණු පිරිලා, හරියට ඉස්සෝ වගේ තමා (නි)

:       0       0

ජෙෆ් Thursday, 23 May 2013 11:10 AM

ඇයි මැදපෙරදිග අසරණ වුණ පිරිමින් වනුවෙන් කතාකරන්නේ නැත්තේ ? එයා කතාකරන්නේ ගැහැණු පක්ෂය වෙනුවෙන්මනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1455 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 258 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4338 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 472 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 617 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2150 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38255 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25199 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site