IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මේ වැනි දිසාපාමොක්ලා කොහි වෙයිද?

පෝලිම් පමණි තෙල් නැත ගැනුමට                 ඇවිද

යාමට පාසලට මගකුත් නැති                           වුවද

වෙහෙසෙන දරු පැටවුනගෙ සිප් සත ගැන       නිබඳ

මේ වැනි දිසාපාමොක්ලා කොහි                    වෙයිද?

පද : ආරියසේන හඳුවල

(පියදාස සමරවීර)

උග්‍ර පෙට්‍ල් හිඟය නිසා පාසල් යාමට ප්‍රවාහන පහසුකම් නොමැති සිසු දරුවන් සමග කිලෝමීටර 15 - 16 අත්ට්‍රැක්ටරය පදවාගෙන පාසල් යන ගුරුවරයකු  පදවිය මෛත්‍රිපුරින් අපට 20 දා අනාවරණය විය.

පදවිය ඩී 10 මෛත්‍රීපුර පදිංචිව කිලෝමීටර 16 ක් දුරින් පිහිටි අලිවංගුව අභයරාජ ප්‍රාථමික විදුහලේ සේවය කරන උපුල් ඒකනායක මහතා මෙම කාර්යයේ නියුතු සිටියි.

ඩී 10 ගමේ අලිවංගුව අභයරාජ ප්‍රාථමිකයේ හා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 20-25 ක් පමණ අත් ට්‍රැක්ටරයේ නංවාගෙන පාසල බලා පිටත් වෙයි.

"ඇත්තටම මම වෙනදා පාසල් ගියේ යතුරූපැදියෙන්. නමුත්  කාලයක් තිස්සෙම පදවියේ පෙට්‍ල් නෑ. ඉතින් පාසල් යන්න ක්‍රමයක් නෑ.අපේ ගමේ දරුවන් 25 ක් විතර අලිවංගුව පාසල් දෙකට යනවා. ප්‍රාථමික වගේම ඉහල පංතිවල ළමයි ඉන්නවා.

අත් ට්‍රැක්ටරයේ එන්ජිම එක්කෙනකුගෙන් හා ට්‍රේලරය තවත් අයකුගෙන් ඉල්ලා ගත්තා.මොකද ඩීසල් ටිකක් තිබුණා.ඉතින් මාපියන්ගේ කැමැත්ත ඇතිව දරුවන් රැගෙන, මමත් උගන්වන්න යන්නේ අත් ටැක්ටරයේ.මොන බාධක මැද හරි අපි අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යූතුය යැයි ද උපුල් ඒකනායක මහතා පැවසීය.

 



අදහස් (11)

මේ වැනි දිසාපාමොක්ලා කොහි වෙයිද?

කිරි පුතා Tuesday, 21 June 2022 12:49 PM

හැමදේටම වැඩ වරා දරුවන් ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරන වෘත්තිය සමිති නැමති මඩ වලේ එරී සිටින ගුරු රැකියාව කරන්නන් අතර මෙවැනි වන්දනීය ගුරු පියවරුන් සිටීම ගැන සතුටුයි.

:       1       20

මැක්ස් Tuesday, 21 June 2022 12:58 PM

මෙන්න නියම ගුරුපියෙක්. මැතිතුමනි, මේ පුංචි පැටවුන්ගෙන් ඔබතුමාට මල්මාලා වැටේවි. නමුත් ස්ටාලින්ගෙන් සහ ඒ මගයන ගුරු මුදලාලිලාගෙන් ගල් මුගුරු ඒවි... එසේ වුවත්, දුෂ්කර ගමන් මාර්ගයේ තවත් ඉදිරියට යාමට ඔබතුමාට තවතවත් ධෛර්යය, ශක්තිය ලැබේවා!

:       4       15

Nuwan Tuesday, 21 June 2022 01:01 PM

ඔබ වැනි පරාර්ථකාමී ආදරණීය මිනිස්සුන්ට සසර වසන තුරු කිසි කරදරයක් වෙන්න එපා. ඔබේ දරුවන්ටත් ආශිර්වාදයක්ම වේවා.

:       0       16

Senarath Tuesday, 21 June 2022 01:10 PM

ඒ වුණාට උසස්වීම්, වරප්‍රසාද ලැබෙන්නේ හෙංචයියලනේ... මොන ආණ්ඩුව තිබුණත්. මේ වගේ උදවියට ඉතින් කවදා හරි දවසක, ඉගෙන ගත්තු හිතහොඳ දරුවෙකුගෙන් ත්‍යාගයක් ලැබුණොත් තමයි.

:       0       24

Real Tuesday, 21 June 2022 01:30 PM

ඉන්නවා. කාලයක් මාත් ඡන්දය දුන්නේ ජවිපයට...

:       5       8

BinuraTuesday, 21 June 2022 03:53 PM

ජවිපෙ කරේ ඉගෙන ගන්න ළමයි උද්ඝෝෂණ වලට, මැරකම්වලට දක්කලා රටක් කාලා දරුවොත් කාලා ආපු එක විතරයි...!

:       4       17

Kulendra de vass Tuesday, 21 June 2022 01:32 PM

මේ වැනි උතුමන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

:       0       17

pakeer Tuesday, 21 June 2022 01:33 PM

මම ගුරුවරයෙක් සමග මේ ගැන කතා කළාම ඔහු කිව්වේ, හැම දෙයක්ම නැතිවෙලා යන අපිට අධ්‍යාපනය විතරක් බේරගන්න බැහැ කියලා තමයි. ඔහු මේ තත්වය සාධාරණීකරණය කළේ. ඔහු කොලඹ ඉතිම උසස් පාසලක ඉගෙන ගත් අයෙකි.

:       1       8

Narangala G. R Tuesday, 21 June 2022 04:33 PM

අද රටේ බොහෝ “ගුරුවරු” පුද්ගලික පංති මෙහෙයවමින්, වර්ජනවල නිරතවෙමින් ගුරු වෘත්තිය කෙලෙසමින් ඇති වකවානුවක මෙවැනි ගුරු පියවරුන් අප ඉතාමත් ඉහළින් ගෞරවයට පාත්‍රකළ යුතු නමුත් අවාසනාවකට එය එසේ නොවේ. මෙය ඉතාමත් අවාසනාවන්න කරුණකි. මෙවැනි ගුරු පියවරුන් අප සැවොව මල් කලඹක් පුදකර අගය කළ යුතුය.

:       2       11

මාලා අමරසිංහ Wednesday, 22 June 2022 07:01 AM

ඔබ වැනි මිනිසුන් විරලයි. ඔබ තුමාට හිස නමා ආචාර කරමි. ඔබටත් පාසැල හා ඒ දරුවන්ටත් සුබ පතමි.

:       0       3

sharm warn Wednesday, 22 June 2022 10:05 AM

මේ ගුරුපියාණන් ඉතාමත් පූජනීයයි. හැබැයි කරුණු හරිහැටි තේරුම් නොගෙන වැඩ වර්ජනය කළ ගුරුතුමන්ලාට මෝඩ කතා කියලා බනින්න කළින් මේ රටේ අද ඇතිවී ඇති තත්වයට ඔබ කොතරම් දුරට දායක වුණාද කියා කල්පනා කරලා බලන්න. අනුන්ගේ වැරැදි දෙසන්න කළින් තමුන් නිවැරැදි තැන ඉන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලුන් පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 23 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 147 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 129 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1868 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 3268 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site