IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මේ වසරේ උද්ධමනය සියයට 5ක තබා ගන්නවා

(අංජුල මහික වීරරත්න)

උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම  ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.   

2023 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11.2%ක්ව පවතින බවත් එය 2026 වසරේ දී 15%ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.    

2022 වසරේ උද්ධමනය 70%ක මට්ටමේ පැවතුන අතර එය 2024 වසරේ 5% මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවිම ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල ආරම්භ කරන බව කී සේමසිංහ මහතා ලක්ෂ 20කට ප්‍රතිලාභ දීම ඉලක්කය වන අතර 2023 වසරේ පැවැති යම් යම් අඩුපාඩු මගහරවා ගනිමින් ප්‍රතිලාභ හිමි විය යුතු ම කණ්ඩායම සොයා ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීමට රජය කටයුතු කරන බව සඳහන් කළේය.



අදහස් (9)

මේ වසරේ උද්ධමනය සියයට 5ක තබා ගන්නවා

අරවින්ද මොනරවිල Monday, 01 January 2024 10:09 PM

උබලා උද්ධමනය 5% ක් නොවෙයි එකක් කෙරුවත් වැඩක් නැහැ මිනිස්සුන්ට තුන්වේල කාලා ජීවවෙන්න බැරි නම්, බොරු කයිවාරු ගහන හොර රැල පන්නලා දානවා ඇරෙන්න වෙන විසදුමක් රටට නැහැ.

:       0       11

Don perea Tuesday, 02 January 2024 02:18 AM

වැට් වැඩිකර උද්දමනය පාලනය කරන එකම රට...!

:       0       0

චන්දන Tuesday, 02 January 2024 08:01 AM

මේ එක බක පණ්ඩිතයෙක්... මුන් මේ කතා කරන්නෙ ඇමරිකාවට වෙන්නැති...

:       0       8

Pradeep Kumara Tuesday, 02 January 2024 08:29 AM

මාධ්‍යයට විහිළු සපයන්නේ නැතුව ඉන්නවද මහත්තයෝ. පහුගිය වසර ගණනාවක ඉදන් දේශපාලකයන් ගේ විහිළු කතා අහලා දැන් අපිට විහිළු එපා වෙලා තියෙන්නේ.

:       0       0

Kazi Shajahan Tuesday, 02 January 2024 08:52 AM

ෂෙහාන් කියන දේවල විශ්වාස කරන්නේ ගොන් හරක් .මොකද මේ යකාම තමයි කිව්වේ රනිල් බැංකු හොරා කියලා .දැන් කොහොමද රනිල් ගේ බලු කුක්කෙක් වෙලා ඉන්නේ

:       0       6

Nimal Tuesday, 02 January 2024 09:43 AM

මූත් වැඩි දවසක් යන්න කලින් කාගෙන් හරි කනව හොඳ කෑමක්.

:       0       9

Rohana Tuesday, 02 January 2024 10:53 AM

බඩුමිල නහුතෙට නගිද්දි උද්ධමනය අඩුවෙන් තියාගන්නෙ කොහොමද කියන ආඒථික න්‍යාය පැහැදිලිකර දෙන්න.රැවුලයි කැදයි දෙකෙන් එකක් මිසක් දෙකම බැරිබව නොදන්න ආණඩුවේ ආර්ථික ඔස්තාර්ලා ගේ ප්‍රකාශ පිලිගන්න අමාරුයි.

:       0       7

Chamila Fernando Tuesday, 02 January 2024 01:37 PM

ඔය උද්දමනය ගනන් හදන විදිය පොඩ්ඩක් කිව්ව නම් හොඩයි මහත්තයො. ගොන් කතා කියන්න එපා...ළොකු නුවනක් ඔනෙ නැහැ රටෙ උද්දමනය ගැන තෙරුම් ගන්න...

:       0       0

Amal Tuesday, 02 January 2024 04:41 PM

මූට ආර්ථික විද්‍යාව ඉගැන්නුවේ බන්දුලයද කොහෙද ? රටේ ගව සම්පත .....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1345 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 264 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2236 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1236 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 664 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 446 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site