හෙදියන්ගේ වැඩ වර්ජනය නිසා බොහෝ රෝහල්හි අදත් ලෙඩුනට බෙහෙත් ගැනීමට මහත් දුෂ්කර ක්‍රියාවක් කිරීමට සිදු විය.
දින තුනක් තිස්සේ මේ වැඩ වර්ජනය පැවැත්වෙයි.
දඹුල්ල රෝහලට ආ පිරිසකගේ දුක ඔවුන්ගේ මූණුවල ලියැවී තිබිණි.
]
හෙදියන්ගේ වැඩ වර්ජනය නිසා බොහෝ රෝහල්හි අදත් ලෙඩුනට බෙහෙත් ගැනීමට මහත් දුෂ්කර ක්‍රියාවක් කිරීමට සිදු විය.
දින තුනක් තිස්සේ මේ වැඩ වර්ජනය පැවැත්වෙයි.
දඹුල්ල රෝහලට ආ පිරිසකගේ දුක ඔවුන්ගේ මූණුවල ලියැවී තිබිණි.
]
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වර්ජන කළ සියලු දෙනාගේ ඒ දිනවල වැටුප් කපා හැරිය යුතුයි. වැඩ නොකළ අයට පඩි ගෙවීම නීති විරෝධීයි. හොරකමක්! (දී)
අසාධාරණ වර්ජනයක්. මිසීල හොර පාරකින් උසස්වීම් ගන්න හදන්නේ. දුප්පත් ජනතාවට දෙවියන්ගේම පිහිටයි. (ස)
උණුවෙන්න හම්බ වෙනවා මේගොල්ලන්ට ප්‍රේමදාස මහත්තයා හිටියා නම්. එතකොට ඔය වැඩ වර්ජන මුකුත් නැහැ. ඕනෑවට වඩා නිදහස දීලා තියෙන එක තමා වෙලා තිබෙන වැරැද්ද. (නි)
උණුවෙන්න මෙයාලට හදවතක් තියෙන්න එපැයි (දී)
පාලකයන්ට මේවා විසඳන්න බැරිද? (නි)
මේ වර්ජනය සාධාරණයි කියලා පාරම් බාන අයත් ඉන්නවා. (නි)
වර්ජනය කළ සියල්ලම ගෙදෙර යවන්න තියෙන්නේ. වෙන රටක මෙහෙම කළා නම් ඒක තමා කරන්නේ. මේ වර්ජනය කළ අයගේ දෙමව්පියන්, පවුලේ උදවිය ලෙඩ වෙන්නේ නැතුවා ඇති. දරුවන් ලැබෙන්න ගිහින් අපහසුතාවයට පත්ව මැරුණ අම්මලාත් හිටියානේ. මේ හෙදියන්ට දරුවෝ නැතුවා ඇති. මෙහෙමත් රටක්! (නි)
ඇයි මානව හිමිකම් කොමිසමට මේ වර්ජනයෙන් අසරණ රෝගීන්ගේ මානව හිමිකම් කඩවෙන බව පෙනෙන්නේ නැතිද? මිනිසුනේ ඔබ කීපදෙනෙක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න.(දිල්)
ඉතාම අසාධාරණ වර්ජනයක් මේක. (ස)
හෙදියන්ට මොන පුහුණුව දුන්නත් වැඩක් නෑ. මනුස්සකම ගැන හොඳට කියල දෙනතුරු. (ස)
ලෙඩ්ඩුන්ට උපස්ථාන කිරීම බුදුන්ට උපස්ථාන කළ හා සමානයි නේද? (ස)
වගකිව යුත්තෝ මේවා දැකල මොනවා හිතනවද කියල මට නම් හිතා ගන්න අමාරුයි. කැසිනෝ ගෙන්න, සංචාරකයෝ පිනවන්න, ඇවිදින පාක් හදන්න කලින් ජිවත් වෙලා ඉන්න සීමිත මිනිස්සු ටික රැකගන්න හිතෙන්නේ නැද්ද?තමන්ගේ බඩ කට පුරෝ ගන්න විතරක්. මේ මිනිස්සු ගැනත් හිතන්න. (ස)
තවම හදවත් උණු වෙලා නැහැ මම හිතන්නේ ඉල්ලීම් දෙනතුරු උණු වෙන්නේ නැහැ (දී)
පව් අසරණ මිනිස්සු. ලෙඩ හැදුනම හැමෝම අසරණ වෙනවා නේද ? ඒ වෙලාවට පිහිට වෙන්න ඕනේම අය මේ වෙලාවේ පොඩ්ඩක් කරන වැඩේ හොඳ මදි නේද ? (ස)
සුනෙත් සහ සජිත්, ලොව වඩාත් ගෝලීයකරණය වූ කාලයක,එකල කල කි දෑ දැන් කළ නොහැක. (දී)
මම නම් දකින්නේ මහා නින්දිත ක්‍රියාවක් ලෙසයි මේ වර්ජනය (දී)
දුක හිතෙනවා මිනිස්සු දැක්කම.ඒත් මේ වර්ජනයෙන් නොපෙනෙන පැති කීපයක් තියනවා .හෙදියන්ට මෙම පුහුණුව නොදුන් විට වෛද්‍යවරයාට වාසියක් වෙන බව පේනවා. එහෙම වුණොත් ගර්භනී වූ අවස්ථාවේ සිට වෛද්‍යවරයාව අනිවාර්යයෙන් හමුවිය යුත වෙනවා .එවිට දුප්පත් මිනිස්සුන්ට විශාල මුදලක් වෛද්‍යවරයට ගෙවන්න වෙනවා. මා හිතන අයුරින් මෙහි යටි අරමුණ එය විය හැකියි. (ස)
තමන්ගෙ ඉල්ලීම් දිනාගන්න අසරණ රෝගීන් ඇපයට ගන්න එක නරකයි නේද? (ස)
අපේ හාමුදුරුවනේ, මේ වෙසක් මාසයේ හෙදියෝ ටික කරන වැඩේ නරකයි නේද?(නදී)
මෙම හෙදියන් තමන්ගේ කාර්යය වත් නිසි ලෙස සිදු නොකරමින්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේත් කාර්යය කිරීමට සැරසෙන්නේ ගැබිණි මව් වරුන්ට තිබෙන ආදරයටද? පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගෙයින් ගෙට ගොස් කරන උදාර මෙහෙවර අප හොඳින් දන්නවා. ඔවුන්ගේ කාරුණික සුහද සේවය අප අගය කලයුතුයි. රජයේ රෝහල් වල හෙදියන් අප හොඳින් නිරීක්ෂණය කර තිබෙනවා. පුහු මාන්නයෙන් හිස උදුම්මවා ගත් ස්වරුපයෙන් තමයි රෝහල් තුල අසරණ රෝගීන් සමග කටයුතු කරන්නේ. සමහරුන් හැසිරෙන්නේ වෛද්‍ය වරුන්වත් අභිබවා යන ආකාරයෙන්. මේ විදිහට ගියොත් ඉදිරියේදී මේ අය ශල්‍ය වෛද්‍ය පුහුණුව ඉල්ලලා වැඩ වර්ජනය කරන්නත් බැරි නැහැ.(නදී)
අහිංසකයන්ගේ මරණවලින් වර්ජනයේ සාර්ථකත්වය මනින මිනිස්සු (දී)
සුනෙත්, ප්‍රේමදාස ශ්‍රී මතාණන් ජීවත්වන කාලය පුරාවට දොස් කියන්න කොතරම් අය හිටියද ? නමුත් දැන් ඔබලාට අගේ දැනෙන විට ප්‍රමාද වැඩියි. (ස)
අනේ අසරණ මිනිස්සු. කවුද මේවට වගකියන්නේ. (ස)
ප්‍රේමදාස මහත්තය ළඟ විතරයි මේවට විසදුම් තිබ්බේ.. (ස)
මේවට ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. එක් කෙනෙක්ට ඕන විදියට නීති හදන්න ගිහාම දුක් විදින්නේ ඔහුන්ට වැටුප් ගෙවන මේ වගේ අහිංසක මිනිස්සු. හැමෝම එකතුවෙලා පොදු ප්‍රතිපත්තියක් හදාගන්න. බැරිම අසාධාරණයකට හැරෙන්න මේ වගේ මිනිස්සුන්ගේ මුලික අයිතීන් එක්ක සෙල්ලම් කරන එක වටින්නේ නෑ. (ස)