(යොහාන් භාසුර)
මක්කම වන්දනාව සඳහා නිකුත් කරන වීසා පසුගිය වසරවල මෙන් මුලදට විකිණීමට කිසිඳු ඉඩක් නොතබන බවත් කිසිවෙක් හෝ එවැනි අසාධාරණයන්ට ලක්වූවහොත් වහාම අමාත්‍යංශය දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටින බවත් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් උපරීම සාධාරණ ලෙස සේවා සැපයීම සඳහා කටයුතු සුදානම් කර ඇති බව කී අමාත්‍යවරයා මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් කාර්යාලයක් පමණක් විවෘත කිරීමෙන් සෑහීමකට පත්නොවී උපරීම සාධාරණ සේවාවක් සපයන බව ද සඳහන් කළේය.
ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් සේවා සැපයීම සඳහා පත්කළ හජ් කමිටුවේ නිලධාරී මඩුල්ලෙහි කටයුතු කිරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි ස්ථාපනය කළ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මක්කම වන්දනාව වීසා මුදලට විකිණීමට ඉඩ නෑ