IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මගේ ආදර අවනඩුව 55න් ඉවරයි

2016-10-30-ent-148

වෙළඳ දැන්වීම් නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් වන සුපුන් රත්නායක විටෙක ගී පද රචකයෙක්. තවත් විටෙක ලේඛකයෙක්.  දැන් ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටද පිවිසිලා. ඒ  ඔහුම  ලියූ  ‘මගේ ආදර අවනඩුව’ නවකතාව පුංචි තිරයට රුගෙන ඇවිත්. මේ දිනවල  සතියේ දිනවල රාත්‍රී 9.00 ට  ස්වර්ණවාහිනීය ඔස්සේ  ‘මගේ ආදර අවනඩුව’ ප්‍රේක්ෂක ඔබට බලන්න පුළුවන්. මේ සුපුන් ‘මගේ ආදර අවනඩුව’ ගැන හදසර සමඟ කළ කතාව.

 

මගේ ආදර අවනඩුව මොකක්ද මේ?

2016-10-30-ent-145මේ මම ලියපු දෙවන නවකතාව වගේම මගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය.

 

මොකක්ද මේකේ අන්තර්ගත කතාව?

මුලික වෙන්නේ තාරැණ්‍යය. ආදරය තාරැණ්‍යය ජවය එක්‌වුණු කතාවක්.

 

ඇයි ඔබ මේ නවකතාව පුංචි තිරයට ගෙනාෙව්?

මෙහෙමයි, මට ඕනවෙලා තිබ්බේ අසීමාන්තික නිදහසකින් මේ කතාව සිනමාවට නගන්න. නමුත් ඒක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් මම හිතුවා මුලින් ටෙලි නාට්‍යයක් කරන්න. ඒ ඔස්සේ තමා මගේ ආදර අවනඩුව පුංචි තිරයට අාෙව.

 

නවකතාවේ වෙනස්කම් සිදු කළාද ටෙලි පිටපත ලියද්දි?

ඔව්. ටෙලිනාට්‍යයක් කරද්දී ලංකාවේ තියෙන විවිධ රාමුවලට මටත් කොටුවෙන්න වුණා. ඒ නිසා නවකතාවේ අර්ථයට හානි නොවන්න ටෙලි පිටපතේ පොඩි පොඩි වෙනස්කම් කළා.

 

මෙහි ප්‍රධාන චරිත ගැන කතා කළොත්?

මම මේ නවකතාව ලියන කාලේ ඉඳන් මගේ ඔළුවේ මැවුණු චරිත තමා මම සම්බන්ධ කරගත්තේ. මුලිකවම දසුන් පතිරණ, ධනංජය සිරිවර්ධන, ශලනි තාරකා සහ රිතූ ආකර්ෂා. ඒ වගේම තමා මම ඒ අයට මේ සඳහා කතා කළාම ඉතාම කැමති වුණා.

 

සෙසු රංගන ශිල්පීන් ගැනත් මතක් කරමු....

ගයත්‍රී ඩයස්, උමයංගනා වික්‍රමසිංහ, ගීතිකා රාජපක්ෂ, අනුරාධා එදිරිසිංහ, මනුරංග විජේසේකර, මිලින්ද මඩුගල්ල, දමයන්ති ෆොන්සේකා, කුසුම් රේණු, ඩබ්ලිව්. ජයසිරි, චාමර ප්‍රියදර්ශන, ජනක කුඹුකගේ, හෂිනිකා කරලියද්ද, චාමර කුමාර වගේ බොහෝ දෙනා ආදරය කරන පිරිසක් තමා ඉන්නේ.

 

ඔක්කොම ජනප්‍රිය ප්‍රවීණ පිරිසක් නේද යොදාගෙන තියෙන්නේ?

ඔව්. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක්  තමා මම හිතන්නේ මම හිතින් මවාගෙන ලියූ චරිත ජීවමාන කරන්න පුළුවන් පිරිස තමා මම තෝරා ගත්තේ. මේ නාට්‍ය තාරැණ්‍යය මූලික වුණු නාට්‍යයක් නිසා ඒ චරිත හරියටම ගැළපුණා. තව දෙයක් කියනවා නම් මේ අය අත්දැකීම් ඇති අය නිසා මට වැඩ කරන්න පහසුවක් වුණා. ඒ වගේම මේ චරිත හරහා නාට්‍යයටත් අලුත් හැඩයක් ආවා.

 

කොටස් කීයක් තියෙනවද?

කොටස් 55යි.

 

නිෂ්පාදනය ගැනත් කතා කරමු?

මට නාට්‍යයක් කරන්න වුවමනාවක් තියෙනවා කියලා මම කිව්වා මගේ මිතුරන් දෙදෙනෙක් වන කසුන් ලියනගේට සහ ගයා කාංචනට. ඒ හරහා තමා මට අනුර ලියනආරච්චි හමුවුණේ.

 

ඔබේ පළමු නිර්මාණය ජාතික රෑපවාහිනිය විකාශය කරන්න කැමති වෙද්දී ඇයි ස්වර්ණවාහිනීයට දුන්නේ?

ඇත්තටම  සිද්ධවුණේ මෙහෙම දෙයක්. මම මේ නාට්‍යයේ මුල් කොටස් 15 කරලා ජාතික රෑපවාහිනිය, ස්වාධීන රෑපවාහිනිය සහ ස්වර්ණවාහිනීය කියන ආයතන තුනටම භාර දුන්නා. නමුත් ස්වාධින රෑපවාහිනිය මුල් කොටස් 30ක් අවශ්‍ය බව කිව්ව නිසා මම එතනින් ඉවත් වුණා. ඊටපස්සේ මගේ නාට්‍යයට ජාතික රෑපවාහිනියේ නාට්‍ය අනුමණ්ඩලයෙන් ලකුණු 66ක් ලැබිලා මට කිව්වා සැප්තැම්බර් 26 වැනිදා සිට රාත්‍රී 7.30ට විකාශය කරන්න කියලා. ඒ වනවිට ස්වර්ණවාහිනියත් කැමතිවෙලා තිබ්බේ. හේතු කාරණා දෙකක් මත අවසානයේ නාට්‍ය ස්වර්ණවාහිනියට දෙන්න තීරණය කළා.

 

මොනවද ඒ හේතු කාරණා?

එකක් නාට්‍යයට සම්බන්ධ වුණු ප්‍රධාන චරිත කිහිපයක් විදෙස් ගතවෙලා හිටියේ. ඉතින් දෙවන රෑගත කිරීම් කරන්න ටික කාලයක් අවශ්‍ය වුණා. අනිත් දේ තමා මම කොහෙත්ම විශ්වාස කරන්නේ නෑ නිෂ්පාදකයා කලාකරැවෙක් කියලා. ඉතින් ඔහු කැමති වැඩි ආදායමක් ලබන්න. මේ සියල්ල මත තමා අවසානයේ ස්වර්ණවාහිනියේ විකාශ කරන්න හේතු වුණේ.

 

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පොතට ආදරය කළා වගේම බොහෝ දෙනෙක් නාට්‍යයට කැමැතියි. තාම විකාශය වෙන්න අරන් සති දෙකයි. මම හිතනවා ඉදිරියට මීට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා.

 

කොහොමද අත්දැකීම?

අත්දැකීම කියන්නේ මට පිටපත් රචනය අධ්‍යක්ෂණය අසීරැ වුණේ නැහැ. නමුත් නාට්‍යය පෙන්වන්න අනුමැතිය ලැබිලා විකාශය කරන දින තෙක් කාලය තමා මට දැනුණු අසීරැම කාලය. ඒක මෙහෙමයි කියන්නත් මට අමාරැයි. මම හිතන්නේ මේ හැඟීම හැම අධ්‍යක්ෂවරයෙක්ටම ඇති.

 

තව නිර්මාණ කරන්න අදහසක් තියෙනවද?

ටෙලිනාට්‍යයක් විදියට මේ නාට්‍යය විතරක් ඇති කියලා මම හිතනවා. මගේ බලාපොරොත්තුව සිනමා නිර්මාණයක් කරන්න. ඒ සඳහා මම මේක අත්දැකීමක් කරගන්නවා. සිනමාව සහ ටෙලිනාට්‍ය කියන්නේ අහස පොෙළාව වගේ. ඒ වගේම අධ්‍යක්ෂණ භූමිකාව ගත්තත් එකිනෙකට වෙනස්. නමුත් මගේ බලාපොරොත්තුව තියෙන්නේ සිනමාව තුළ.

 

අවසාන වශයෙන් කියන්න යමක් ඇති?

ඔව්. මගේ මේ පළමු නිර්මාණය සාර්ථක කරගන්න උදව් කළ  දසුන්, ධනංජය, ශලනි, රීතු සහ උමයංගනා ඇතුළු දායක වුණු සියලුම රංගන ශිල්පීන්ටත්  ඒ වගේම මේ නාට්‍යයට දායක වුණු  තිරය හරහා නොපෙනුණු මුහුණු ගොඩක් තියෙනවා. ඒ හැමෝටම ස්තූතිවන්ත කරන්න හදසර අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ මගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. විකාශය කරන්න  ජාතික රෑපවාහිනියත් කැමති වුණා. ඒකටත් නිර්මාණවේදියෙක් විදියට මම ස්තූතිවන්ත වෙනවා.

 

අනූ

 

2016-10-30-ent-150
2016-10-30-ent-149
2016-10-30-ent-147
2016-10-30-ent-146
2016-10-30-ent-144
2016-10-30-ent-143
2016-10-30-ent-142
2016-10-30-ent-141
2016-10-30-ent-140
 



අදහස් (0)

මගේ ආදර අවනඩුව 55න් ඉවරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 551 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1107 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 715 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 247 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1181 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 805 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39780 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site