IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මගේ ගමන මම හෙමින් යන්නේ

2016-08-23-ent-82

රංගන ශිල්පිනියක ලෙස කුඩා කාලයේ සිටම දස්කම් දැක්වූ  හංචි කෞශල්‍යා සමගින් අද "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. රංගන ශිල්පිනියක මෙන්ම නිවේදිකාවක් ලෙසද කටයුතු කරන හංචි ඉදිරියේදී අලුත්ම රූපවාහිනි නාළිකාවක නිවේදිකාවක් ලෙසද කටයුතු කරන්නට සූදානමින් සිටියි.

 

හංචි ක්ෂේත්‍රයට එන්නේ?

2016-08-23-ent-802009 අවුරුද්දේ සිරස නාළිකාවේ විකාශය වුණ "සඳ මැදියම" කියන ටෙලි නාට්‍යය හරහා. එහි මා "කුමුදුමලී" කියන චරිතයට දායක වුණා. මගේ වයස එතකොට අවුරුදු 14යි. කුඩා කාලයේ ඉඳලා රංගනය පැත්තට ලොකු කැමැත්තක් මගේ තිබුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මම රංගනය පැත්තට යොමු වුණේ.

 

දැනට කොපමණ ටෙලි නිර්මාණවලට දායක වෙලා තියෙනවාද?

"සඳ මැදියම" ටෙලි නාට්‍යයත් එක්ක ටෙලි නාට්‍ය 13ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. "අළු පාට හීන", "මේ වසන්ත කාලය", "සිත්තරාවි", "සුදු උස", "දිය මත ලියමි", "තාත්තේ අපි ආවා", "අහස් ගව්ව", "අමා" ඒ ටෙලි නාට්‍ය අතරින් කිහිපයක්.

 

දැන් ටෙලි නිර්මාණවල ඔබ දකිනවා අඩුයි?

අධ්‍යාපන කටයුතු නිසා තරමක් දුරට රංගන කටයුතුවලින් ඈත්වෙලා ඉන්නවා. නමුත්, ඉඩක් ලැබෙන හැම වෙලාවෙම රංගනය පැත්තට යොමුවෙන්න සුදානමින් ඉන්නවා. අන්තිමට මම රංගන කටයුත්තකට දායක වුණේ හිරු රූපවාහිනි නාළිකාවට කළ %මැටි බිත්ති^ කෙටි චිත්‍රපටයට. ඔය අතරේ මට ඉන්දීය දමිළ සිනමාවටත් දායක වෙන්න අවස්ථාවක් ලැබුණා.

 

නිවේදිකාවක් විදිහට දැන් වැඩ කරන්නේ නැද්ද?

ඉදිරියේදී ආරම්භ වන අලුත්ම "HOPE" රූපවාහිනි නාළිකාවෙ නිවේදිකාවක් විදිහට කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. එය රූපවාහිනි නරඹන ඔබට අලුත්ම අත්දැකීමක් දෙන වෙනස්ම විදිහේ රූපවාහිනි නාළිකාවක්.

 

පාසල් වේදිකාවෙත් ඔබ කැපී පෙනුණ චරිතයක්?

ඔව්. පාසලේ නාට්‍ය අංශයට මම නැතිවම බැරි කෙනෙක්. සමස්ත ලංකා මට්ටමින් පැවති වේදිකා නාට්‍ය තරගවලදී මා විසින්ම රචනා කිරීමෙන් පසුව මා විසින්ම රඟපා ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා. ජයග්‍රහණය ලද ඒ වේදිකා නාට්‍යවල ගීත පවා පද රචනා කළේ මම. ඉතින් ඒවැනි දක්ෂතාවක් මට තිබුණ නිසාම පාසලේ කොයි කවුරුත් මට ආදරය කළා. පාසලේදී මම රංගන ශිල්පිනියක ලෙස මගේ දක්ෂතා පිළිබිඹු කරන්න මට අවස්ථාව සළසලා දුන්නේ නිසංසලා ගුරුතුමිය.

 

ගෙවුණු කාලය දෙස හැරිලා බැලුවොත්?

පසුගිය ජූලි මාසයට මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 8ක කාලයක් වෙනවා. මම මේ ගමන හෙමින් ආවේ. හෙමින් යන ගමන සාර්ථකයි කියලා මට හිතෙනවා. හැම වැඩක්ම භාරගෙන ඉක්මන් ගමනකින් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා එක රැයකින් ජනප්‍රිය වුණ කෙනෙක් නොමෙයි මම. ඉතින් මේ හෙමින් යන ගමනේ කෙළවරකටම යන්න මම උත්සාහ කරනවා. කවදාක්වත් මට දැන් ඇතියි කියලා මේ ක්ෂේත්‍රයෙන් මම නවතින්නේ නැහැ. මොකද කලාවට මම හුඟක් ආදරය කරන කෙනෙක්.

 

ඉදිරි ඉලක්ක?

නිතීඥවරියක් වෙන්න තමයි මගේ ලොකුම ඉලක්කය. ඊට අමතරව දමිළ සිනමාවට එකතු වෙන්න අවස්ථාව ලැබිලා තියෙන නිසා ඒ දේටත් යොමු වෙන්න සූදානමක් තියෙනවා. ලංකාවේ සිනමාවටත් එකතු වෙන්න කැමැත්තක් තියෙනවා. නමුත්, වාණිජ චිත්‍රපටයකට නෙමෙයි කලාත්මක චිත්‍රපටයකට. ඒ වගේම මට තිර පිටපත් රචනයත් පුළුවන්. කවදහරි මගේ තිර පිටපතකට ටෙලියක් හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

 

බුද්ධික සේනාධීර

 

2016-08-23-ent-84
2016-08-23-ent-83
2016-08-23-ent-81



අදහස් (0)

මගේ ගමන මම හෙමින් යන්නේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 383 0

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 314 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 603 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1206 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 540 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 974 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site