IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මගේ දෙමවුපියන් මම මොඩලින් කරනවට කැමැත්තක් තිබුණේ නෑ

2016-08-01-ent-10

නිරූපණ ක්ෂේත‍්‍රය තම විනෝදාංශය කරගනිමින් ඉතා කෙටි කලක් තුළ එම ක්ෂේත‍්‍රයට පිවිසෙන ඇය නවමිණී චන්දිමා ද සිල්වා වෙයි. නවමිණී අපිත් සමගින් එකතු වූයේ ඇයගේ ජීවිතාන්දරය "සාරවිට" තරු කතා බහ හා බෙදා හදා ගැනීමටයි. මේ ඇය අප සමගින් දැක්වූ අදහසයි....

 

ඉතින් නවමිණී මේ දිනවල මොකද කරන්නේ ?

2016-08-01-ent-16‘මේ දවස්වල නම් ටිකක් විතර කාර්ය බහුලයි. නිරූපණ ක්ෂේත‍්‍රයේ වැඩත් එක්ක සුපුරුදු පරිදි ජීවිතය ගෙවෙනවා.

 

ඔබ ගැන හා පවුලේ විස්තර ගැන කතා කළොත් ?

මම නවමිණී චන්දිමා ද සිල්වා. මගේ වයස 26යි. මම දැනට පදිංචි වෙලා ඉන්නේ මාකොළ ප‍්‍රදේශයේ. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි

 

මේ ක්ෂේත‍්‍රයට පිවිසීම ගැන කතා කළොත් ?

ඒක අහම්බෙන් වුණ දෙයක්. මොඩලින් කරන්න මගේ ආශාවක් තිබුණේ නෑ. මගේ එකම හීනය වෙලා තිබුණේ රජයේ හොඳ රැකියාවක් කිරීමයි. යාළුවෙකුගේ මාර්ගයෙන් තමයි මට මොඩලින් කරන්න අවස්ථාව ලැබුණේ.

 

නිරූපණ ක්ෂේත‍්‍රයේ දැනට කොපමණ කාලයක සිටද වැඩ කටයුතු කරගෙන යන්නේ ?

දැනට මාස 7ක් 8ක් විතර වෙනවා. ඒ මාස කිහිපය තුළ මගේ දියුණුවක් තියනවා කියලා මට හිතෙනවා. මම දැනට අයි.ටී. එන් නාළිකාවේ තිරගතවීමට නියමිත ‘‘සිකුරු භවන’’ ටෙලි නාට්‍යයට හා මේ වන විට එම නාළිකාවේම විකාශය වන ‘‘කෝපි කඩේ’’ ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව මම ටී.වී කොමර්ෂල්වල, මියුසික් වීඩියෝවලට හා ෆොටෝ ෂූට් වලට සම්බන්ධ වෙලා තියනවා.

 

ගෙදරින් ලැබුණු සහාය ගැන කතා කළොත් ?

ගෙදරින් නම් පොඩි පොඩි ප‍්‍රශ්න මුලින් තිබුණා. මගේ දෙමවුපියන් මම මොඩලින් කරනවට කැමැත්තක් තිබුණේ නෑ. නමුත් දැන් මම මේ යන ගමනට ඔවුන්ගේ සහායත් නිසැකවම ලැබෙනවා. මගේ අම්මත්, තාත්තත් මගේ පස්සෙන්ම ඉඳගෙන මං ගැන හොයලා බලනවා.

 

ඔබේ අදහස මේ ක්ෂේත‍්‍රයෙන්ම ඉදිරියට යෑමද ?

ඔව් මගේ එකම ආසාව මේ ක්ෂේත‍්‍රයේ හොඳ නමක් ලබාගැනීමයි. ඒ සඳහා මම මගේ උපරිමයෙන් කටයුතු කරනවා.

 

ඕනෑම ක්ෂේත‍්‍රයක් ගත්තොත් ඉදිරියට යන්න ලොකු කැපකිරීමක් කරන්න ඕනෙ නේද ?

ඔව් මම මේ ක්ෂේත‍්‍රයට ගොඩක් ආදරෙයි. ඒක මම අවංකව කරගෙන යනවා. ඒකට කැපිලි කෙටිලි තියනවා තමයි. ඒවත් මම බිඳගෙන මගේ ගමන මම යනවා. හැබැයි තාම නම් මට මේ ක්ෂේත‍්‍රයේ කාගෙන්වත් කැපිලි කෙටිලි හම්බෙලා නම් නෑ. හැමෝම මාත් එක්ක හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ ගැනත් මම සතුටු වෙනවා.

 

ස්තුති කරන්න පිරිසකුත් ඇති නේද ?

අනිවාර්යයෙන්ම, මුලින්ම මං මගේ දෙමවුපියන් දෙන්නට ගොඩක් ස්තුති කරන්න ඕනේ. ඒ දෙන්නා නැත්තම් අද මම මෙතැන නෑ. ඊට අමතරව ඩිලාන්ට මාව හැමදාව රූපලාවණ්‍ය පැත්තෙන් හැඩ කරන මධුෂානිවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. තව මගේ යාළුවන්ටත් නෑදෑ හිතමිතුරන්ටත් මගේ ස්තුතිය පුද කරනවා.

 

සටහන සහ ඡායාරූප - චමත් වින්දුල

 

2016-08-01-ent-17
2016-08-01-ent-15
2016-08-01-ent-14
2016-08-01-ent-13
2016-08-01-ent-12
2016-08-01-ent-11
2016-08-01-ent-09
2016-08-01-ent-08
2016-08-01-ent-07
2016-08-01-ent-06
 



අදහස් (0)

මගේ දෙමවුපියන් මම මොඩලින් කරනවට කැමැත්තක් තිබුණේ නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 2 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 170 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 202 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 316 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 123 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1132 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site