මේ විදියට අදහස් ප‍්‍රකාශ කරන නදීෂා හේමමාලී වේදිකාවට ගොඩවෙන්නයි මේ සූදානම. මෙදා සැරේ ඇය වේදිකාවට එන්නෙ ඇයි දන්නවද? ඇයගෙන්ම ඒ ගැන අහමු.
නදීෂා මේ දිනවල වැඩිය පෙනෙන්න දකින්න නැහැ. මොනවද මේ දිනවල කරන්නෙ?
මම නිතරම පෙනෙන්න සිටින කෙනෙක්. නමුත් කලා ක්‍ෂේත‍්‍රයේදී මම අනුගමනය කරන විදියක් තියෙනවා. තෝරා බේරාගෙන චරිත රඟපාන්නෙ. ඒ නිසා රංගන ක්ෂේත‍්‍රයේදී නිතර මගේ මුහුණ දක්නට ලැබෙන එකක් නැහැ. අවුරුද්දකට නිර්මාණ දෙකකට හෝ තුනකට තමයි වැඩිම වුණොත් සම්බන්ධ වන්නෙ. ඒක තමයි ඒකට හේතුව.
මේ දිනවල ඔබ ගැන මොන වගේ හේතු මුල්කරගෙනද කතා කරන්න තියෙන්නෙ.?
මං ගැන කතා කරන්න ගොඩක් දේ තියෙනවා. ජීවිතය කියන්නෙ පුදුමාකාර දෙයක්. හැමදාම අලූත් දේවල් ජීවිතයේ සිද්ධ වෙනවා.
මොනවද වෙච්ච අලූත් දේ?
මේ දිනවල මම සම්පත් ශ්‍රී රෝෂණගේ අලූත්ම චිත‍්‍රපටයෙ රංගනයට සූදානම් වෙනවා. ඒ වගේම වේදිකා නාට්‍යයක රංගනයට සූදානම් වෙනවා. ඒ වගේම සමාජ සේවා කටයුතුවලත් යෙදෙනවා. මේ දේවල් එක්ක මම කාර්ය බහුලයි.
ඇයි වේදිකාවට එන්න හිතුණේ?
ඇත්තටම වේදිකාවේ ප‍්‍රධාන චරිතයක් සමඟ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වන පළමු අවස්ථාව මෙයයි. මෙච්චර කාලයක් මම ටෙලි නාට්‍ය හා චිත‍්‍රපටවලට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මගේ කලා ජීවිතය පටන් ගත්තෙ පාසල් වේදිකාවෙන්. ප‍්‍රසිද්ධ වේදිකාවේ නාට්‍යයක චරිතයකට එක්වීම ඇත්තටම සතුටට කරුණක්.
කාර්ය බහුල බොහෝ රංගන ශිල්පිනියන් වේදිකාවට එනවා අඩුයි. ඒත් ඔබ?
මම දායක වන්නේ නිර්මාණවලට. ඒ හැර කරන්නන් වාලේ, රඟපාන්නන් වාලේ රඟපාන්නේ නැහැ. නිර්මාණයකට දායක වීමේ අනිවාර්යය කැපවීම මට තියෙනවා. ෆොටෝ ෂූට් එකකට පෙනී සිටියත් මම සංකල්පයක් ලෙස, යම්කිසි අදහසක් ඇති ව ඊට පෙනී සිටීම කරනවා. මොකද මම වෘත්තීය රංගන ශිල්පිනියක්. ඒ දේ හරියට කරන්න ඕනෑ. මගේ පේ‍්‍රක්‍ෂයින්, රසිකයින් බලා සිටින්නේ අපි මොනවද කරන්නෙ කියලයි.
ෆොටෝ ෂූට් එකකදී, නැතිනම් ඡුායාරූප ගැනීමේ අවස්ථාවක් වෙනුවෙන් බොහෝ නිළියන්ට - ගායිකාවන්ට තියෙන්නෙ අද බැහැ හෙට ලෙඬේ. එක්කෝ නිර්මාණාත්මක යමක් කිරීමේ උනන්දුව නැහැ. ඒත් ඇයි ඔබ ඡුායාරූපකරණයට පෙනී සිටීමේදී වඩා උනන්දු වෙන්නෙ?
නිර්මාණශීලි පිරිසක් එකතු වුණාම නිර්මාණශීලි දෙයක් කරන්න පුළුවනි. එවිට නරඹන්නන්ට එය රස වින්දනය කරන්න පුළුවනි. මෙන්න මේ වගේ දේ නිසා තමයි මම නිතරම පෙනී සිටින්නෙ නැත්තෙත්. හැමෝම නිර්මාණශීලි නැහැනෙ. නිර්මාණශීලි අය එක්ක එකතු වෙලා අලූත් දෙයක් කළාම මගේ පේ‍්‍රක්‍ෂකයින් එයින් සතුටක් ලබන්නෙ.
මොකක්ද මේ වේදිකා නාට්‍යය? මොන වගේ තේමාවක් රැගත් නාට්‍යයක්ද?
හාස්‍ය තේමාවක් රැගත් වේදිකා නාට්‍යයක්. මූලිකව හාස්‍ය තේමා කර ගෙන සමාජයට පණිවුඩයක් ගෙන දෙන නිර්මාණයක්.
දේශපාලන වේදිකාවේ ඔබගේ භූමිකාව අද මොන වගේද?
සමාජයේ ඕනෑම පුරවැසියෙක් සෘජුව හෝ වක‍්‍රව දේශපාලනයට සම්බන්ධයි. මමත් ක‍්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටින කෙනෙක්. දැනටත් මම එජාපයේ ගාලූ දිස්ත‍්‍රික් සංවිධායිකාව. ජාතික යොවුන් පෙරමුණේ තරුණ හා කලා කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක. ඉතින් ඒ හරහා මගෙන් ඉටු විය යුතු සේවාවන් තියෙනවා. මගෙන් ජනතාවට සේවාව නිහඬව කරනවා.
වතාවක් ඔබ ඡුන්දයෙන් පැරදුණා. ඒ වෙලාවේ ඇති වූ හැඟීම මොන වගේද? අද ඒ අවස්ථාව දකින්නෙ කොහොමද?
මම හරි සන්තෝෂ වුණා. ජීවිතයේ වෙච්ච හැම දෙයක්ම අත්දැකීම් කර ගත්තා. ඉදිරියටත් එහෙමයි. ජය පරාජය ජීවිතයේ කාටත් පොදු දෙයක්. ඉතින් ඒ සියල්ල වෙතින් ජීවිතයේ ඉදිරියට ඒවා පන්නරයක් වෙනවා. එදාට වඩා අද පරිනත වෙලා.
කලාව වෙතින් හෝ රූපවාහිනී වැඩසටහන්වලට දායකවීමෙන් ඔබ කරන කියන ප‍්‍රකාශ කොයි තරම් දුරට ඔබගේ දේශපාලනයට වැදගත්ද? මිනිස්සු හිතන දේ ගැන ඔබ විශ්වාස කරනවාද? ඒවා වැදගත්ද?
මට වැදගත් වෙන්නෙ මිනිස්සු හිතන දේ නෙවෙයි. මොකද මගේ හෘද සාක්‍ෂියට එකඟව ජීවත් වන කෙනෙක් මම. අදහන ධර්මයත්, සංකල්පයත් තියෙනවා. ඒවාට අනුකූලව තමයි වැඩ කරන්නෙ. කියන දේ කරන කෙනෙක්, කරන දේ කියන කෙනෙක් නදීෂා හේමමාලී එහෙමයි. මං කරන හැම ක‍්‍රියාවකටම අර්ථයක් තියෙනවා. බොරු ෂෝ නැහැ.
විලාසිතා - (තමාර සමරක්කොඩි)
The attire Boutique
හැඩගැන්වීම් - Nuwan
පසුතලය - Hayles Cafe pixel
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මගේ බොරු ෂෝ නෑ
කපිල Thursday, 28 May 2015 07:54 AM
තමා ගැන ගොඩක් කියවන්නේ ඇත්තටම එහෙම නැති උදවිය (ම)
බමුණු Sunday, 31 May 2015 06:08 AM
මගේ බොරු ෂෝ නෑ ලොකු ෂෝ විතරයි. නිකන් යන්න හොලිවුඩ් නිළියන්ගේ කොටසක් තරම්වත් වටින්නේ නෑ (බ)
නිෂ් Tuesday, 26 May 2015 09:22 AM
ඕනවට වඩා තමන් ගැන වර්ණනා කරන්නේ තමන්ගේ කුණු වහගන්න. අනේ මෙයාව කවුද නොදන්නේ. (බ)
සුපුන් Tuesday, 26 May 2015 11:00 AM
ඔය ලංකාවේ ඉන්න ඉන්ජෙක්සන් ගහගත්ත බොරු සෝබන නිලියෝන්ට වඩා මෙයානම් හොදයි. කෙලින් කතාව. රගපාන්නත් පුළුවන්. සල්ලි පස්සේ දුවන්නේ නෑ. (ර)
ආරියරත්න Monday, 25 May 2015 12:28 PM
මොනවා වුණත් කෙළින් කතාකරලා නම් තිබෙනවා (නි)
පුබුදු Tuesday, 26 May 2015 04:04 AM
ඔයා නම් කෙලින්ම තමයි ආයේ දෙකක් නැහැ. හොඳ නිර්මාණ වලට විතරක් යොමුවෙන්න. සුබපැතුම්. (නදී)
තාරක Friday, 29 May 2015 04:35 AM
ඔයා මුලින්ම ආව දවස්වලනම් ඇත්තටම ලස්සනයි අහින්සකයි . ඒ වගේම හොදට රග පෑවා . නමුත් දැන් නම් අන්තිමයි . රගපෑමත් එහෙමයි රූපෙත් එහෙමයි. ගන්න දෙයක් නෑ . (බ)
ශාන් සෞදි Monday, 25 May 2015 02:58 PM
එ්ක කොහොම වුනත් ඔයාගේ ගන්න දේකුත් නැ නේද (බ)
නිලාන් වසන්ත Tuesday, 26 May 2015 06:30 AM
වැඩ නැහැ (බ)
සාරිකා Monday, 25 May 2015 04:28 PM
හොදටම රගපාන්න පුළුවන්.(නදී)
සන්දු Monday, 08 June 2015 10:04 AM
මොනවා වුණත් ගිය ස්කොලෙටත් අගෞරවයක් (ම)